නිදා ගන්න කොට්ටේ යට සුදුළූණු බික්කක් තබා ගැනීමෙන් සිදුවෙන දේවල් 4 ක්

health tips

සුදුලූණු කියන්නේ අපේ ඉතා ඉහළ මට්ටමේ සෞඛ්‍යය ප්‍රතිලාභ ලබාදෙන පෝෂණ ගුණ වලින් අනූන එළවළුවක්. පිළිකා සෛල වලට එරෙහිව සටන්කිරීම, සිරුරේ විෂ අපද්‍රව්‍ය බැහැර කිරීම,සිරුරේ මේදය අඩු කිරීම ආදී බොහෝ වැදගත් සෞඛ්‍යය හිතකර වාසි ප්‍රයෝජන ‍රැසක් සුදුලූණු ආහාරයට ගැනීමෙන් අත්කරගත හැකියි. සුදුලූණු යම් දුර්ගන්ධයකින් යුක්ත වුවත් ඒ හේතුව නිසාම ඒවා සම්පූර්ණයෙන්ම පරිභෝජනයෙන් බැහැර කිරීම නුවණට හුරු ක්‍රියාවක් නොවේ නේද? 

සුදුලූණු ඔබේ සිරුරට ප්‍රතිලාභ ලබාදෙන තවත් ක්‍රමයක් පිලිබඳවයි අද දවසේ අපි ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ. සුදුලූණු බික්කක් රාත්‍රී කාලයේදී ඔබ නිදන කොට්ටයට යටින් තබාගෙන නින්දට යෑමෙන් මේ ප්‍රතිලාභ ඔබේ සිරුරට හිමිවෙන බව පැවසෙනවා. මෙය තරමක් අමුතු උපක්‍රමයක් කියා ඔබට හිතෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ ක්‍රමය ප්‍රයෝජනවත් ද කියලා ඔබත් උත්සහ කරලා බලන්න!

කරදරකාර කෘමී සතුන් පලවා හරියි මදුරුවන්,මකුළුවන්, මකුණන් ආදි කෘමීන්ගේ කරදරයෙන් ආරක්ෂාව ලබාදෙමින් සුදුලූණු හොඳ කෘමී විකර්ෂකයක් ලෙස ක්‍රියාකරයි. මේ උපක්‍රමය මදුරු කරදරය දුරුකරගන්න ගොඩක් ප්‍රයෝජනවත් බවයි කියන්නේ.සුදුලූනු කියන්නේ ලූනු කුලයට අයත් ශාකයක්.කෘමින්ට විෂ වන ද්‍රව්‍ය ‍මේවායේ අඩංගු වෙනවා.සුදුලූනු වල අඩංගු ප්‍රබල සංඝටකයක් වන ඇලිසින් මදුරුවන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. සුදුලූනු බික්කක් කැබලි වලට කපා කොට්ටයට යටින් තබාගන්න.

ඔබට හොඳ නින්දක් ලැබීමට උදවුවෙයි දිනකට පැය 7-8ක හොඳ නින්දක් ලබාගැනීම ඉතා වැදගත්. සුදුලූනු වල සිරුර සන්සුන් කරවන ගුණ අඩංගුයි. විටමින් B1 ගුණය මෙහිදි ඉතා විශේෂයි.සුදුලූණු වල විටමින් B1 බහුලයි. මෙම පදාර්ථ මඟින් නින්ද ආශ්‍රිත ගැටලු හා පීඩා වලට එරෙහිව ක්‍රියාකරයි. සිරුරේ තෙහෙට්‍ටුව දුරුකරයි. එමෙන්ම සුදුලූණු වල විටමින් B6 ද යහමින් අන්තර්ගත වේ. ඒවා මඟින් සිරුරේ මෙලටොනින් (රාත්‍රියේදි මොළයේ ස්‍රාවය වන නින්ද ඇතිකරවන හෝර්මෝනයකි) ස්‍රාවය වීම පැහැදිලි ලෙස වැඩිදියුණු කරයි. 

සුව නින්දක් නොලබන පුද්ගලයින් හෘද රෝග, දියවැඩියාව, ස්ථූලතාව හා ආඝාතය මෙන්ම මානසික රෝග වැනි ඉහළ  අවදානම් රෝග වලට ලක්වීමේ ඉඩකඩ වැඩියි. ඖෂධීය ගුණ අඩංගු සුදුලූණු මඟින් මිනිස් සිරුරේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරවයි. ක්‍රමක්‍රමයෙන් සිරුර සන්සුන් කරමින් මනස සැහැල්ලු බවට පත්කරවයි. සිරුර සහ මනස සමනය සන්සුන් වී වීමත් සමඟ ඔබට සුවබර නින්දක් ලැබෙනු ඇත. කොට්ටය යටින් කරාබු නැට්ටක් තැබීම ද මීට සමාන තවත් උපක්‍රමයක් බව සඳහන් වෙනවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රබෝධමත් කරවයි සුදුලූණු වල ඉහළ මට්ටමේ බැක්ටීරියානාශක ගුණාංග පවතින බැවින් ඕනෑම ආකාරයක සිරුරට අහිතකර බැක්ටීරියා විශේෂයක්ම විනාශ කර දැමීමේ හැකියාව ඊට ඇත . ඇලිසින් මඟින් මිනිස් සිරුරට හානිකර හා ආසාදක බැක්ටීරියා වර්ධනය වීමට ඉඩ ලබාදෙන එන්සයිම කාණ්ඩ 2 ක් අවහිර කරනු ලබයි. ඇතැම් දෙනා ප්‍රතිශක්තිය වර්ධනය වීම සඳහා සුදුලූනු සප්ලිමන්ට් වර්ග ද පරිභෝජනය කරනවා. 

සුදුලූනු මඟින් පීඩාකාරී ආසාදන තත්වයන් ඇතිවීම වළක්වනවා. ඒවගේම සිරුරේ අධි කොලෙස්ටරෝල් මට්ටම් වලට එරෙහිව ක්‍රියාකරමින් රුධිර පීඩනය අඩුකිරීමට ද දායකත්වය ලබාදෙනවා. දිනපතා සුදුලූණු බිකි කිහිපයක් කොට්ටය යටින් තබාගෙන නින්දට යෑම පුරුද්දක් කරගැනීමෙන් , උදෑසන අවදි වු පසු සිරුරට හොඳ ප්‍රබෝධමත් ගතියක් දැනීම සහ පෙර මෙන් නොව සිරුර රෝගි වීම  කලාතුරකින් සිදුවීම ආදී හිතකර ප්‍රතිඵල ඔබට අත්දැකීමට හැකිවේවි.

නාසයේ බර ගතිය දුරුකරගැනීමට උපකාර කරයි අප්‍රසන්න ගන්ධයක් වුවත් සුදුලූණු වල ගන්ධය ප්‍රයෝජනවත් වන අවස්ථා ද තිබෙනවා. නාසය බර වී ඇති අවස්ථාවක උණුසුම් වතුරෙන් ස්නානය කිරීම, හුමාලය ඇල්ලීම,හියුමිඩිෆයර් උපකරණයක් භාවිත කිරීම වගේ උපක්‍රම වලින් ඔබට හොඳ ප්‍රතිඵලයක් ලැබුණේ නැත්නම් නින්දට යාමට පෙර ඔබේ කොට්ටය යටින් සුදුලූනු බික්කක් තබමින් මෙම ක්‍රමය උත්සාහ කර බලන්න.  සුදුලූණු වල ඇති ගන්ධය තුලින් නාසයේ බර ගතිය සමනය වනු ඇත. ඊට හේතුව නම් එහි ඇලිසින් නමැති ප්‍රබල ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිජීවක අඩංගු වීම නිසයි. 

සුදුලූනු බික්ක තැලෙන විට ඒවා සුදුලූණු වලින් ඉතා සෙමින් වාෂ්ප වී ගොස් විෂබීජ සහ ආසාදන වලට එරෙහිව සටන්කිරීමට පටන්ගනියි. ඇලිසින් මඟින් ශ්වසන මාර්ගයේ බැඳි ඇති ශ්ලේෂ්මල පටල (සො‍ටු) බුරුල් කර හරියි. මෙම ක්‍රියාවලිය සිදුවන්නේ ක්‍රමක්‍රමයෙන් වුවද ඉන් ලැබෙන ප්‍රතිලාභය ඉහළය. ටික මොහොතකින් අනතුරුව ඔබේ නාසයේ අවහිරතාව දුරුවී ගොස් ඔබට පහසුවෙන් යලි හුස්ම ගැනීමට හැකියාව ලැබේවි.

සුදුලූනු වල ඇත්තේ ප්‍රබල ගන්ධයක් නිසා බිකි කිහිපයක් මෙසේ කොට්ටය යටින් තබාගැනීම අප්‍රසන්න අත්දැකීමක් වේවි.එම නිසා එක් සුදුලූණු බික්කක් පමණක් භාවිත කරන්න.