කුකුල් බිත්තර සේම වටු බිත්තර ද වර්තමානය වන විට ජනප්‍රිය ආහාරයක් බවට පත්ව තිබේ. එනම් වටු බිත්තර වලද වැඩි පෝෂණීය ගුණයක් අඩංගුවේ. එනම් කුකුල් බිත්තරවලට වඩා ප්‍රමාණයෙන් කුඩා වටු බිත්තර වල කළු පැහැති පුල්ලි දැකගත හැකිය. වටු බිත්තර ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට බොහෝ ප්‍රතිලාභ අත්කර ගත හැකිය. එනම් වටු බිත්තරයක එක කුකුළු බිත්තරයක අඩංගු පෝෂ්‍ය පදාර්ථ මෙන් හතර ගුණයක පෝෂ්‍ය පදාර්ථ පවතින බව නවතම පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.
- විටමින් A,E,B1, B2,
- ප්‍රෝටීන්
- සින්ක්
- මැග්නීසියම්
- පොටෑසියම්
- පොස්පරස්
- යකඩ
- කැල්සියම්
- සෝඩියම්
- වැනි පෝෂ්‍ය පදාර්ථ ඒ අතර ප්‍රධාන වේ.
මේ නිසා බාල,මහළු සෑම දෙනාටම වටු බිත්තර ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. වටු බිත්තර ඔම්ලට්, කේක් වර්ග සකස් කරන විට යොදා ගැනීම, එළවළු සමඟ තෙම්පරාදු කිරීම,තැම්බීම යන ආදී වශයෙන් කුමන හෝ ආකාරයකට ආහාරයට එක් කර ගත හැකිය.
වටු බිත්තරවල ඖෂධීය භාවිතය

ඇස් පෙනීමේ දුර්වලතා සමනය කරගත හැකිය.බොහෝ දෙනෙකුට වයස්ගත වීමත් සමඟ හෝ විටමින් ඌනතා මත ඇතිවන ඇස් පෙනීමේ දුර්වලතාවයන් සුව කරගෙන ඇස් පෙනීම වැඩි දියුණු කරගැනීමට වටු බිත්තර ආහාරයට එක්කර ගැනීම වඩාත් සුදුසු වේ. එනම් වටු බිත්තර වල අඩංගු විටමින් ඒ ඇස් පෙනීමේ දුර්වලතා සමනය කර ඇස් පෙනීම වැඩි දියුණු කිරීමට දායක වේ.
අස්ථි ශක්තිමත් කරගත හැකිය.වයස්ගතවීමත් සමඟ හෝ විටමින් ඌනතා මත ඇතිවන අස්ථි දුරුවලතා සමනය කරගැනීමට වටු බිත්තර ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් වටු බිත්තර වල අඩංගු කැල්සියම්, ඇමයිනෝ අම්ල, විටමින්, ප්‍රෝටීන් වැනි පෝෂ්‍ය පදාර්ථ අස්ථි දුර්වල වීම වළක්වා අස්ථි ශක්තිමත් කර අස්ථි රෝග ඇතිවීම වලක්වනු ලබයි.
හෘද රෝගය ඇතිවීම වළක්වා ගත හැකිය.හෘද රෝග ඇති වීම වළක්වා ගැනීමට වටු බිත්තර ආහාරයට එක්කර ගැනීම ගුණදායකය. එනම් වටු බිත්තර වල අඩංගු පොටෑසියම් ක්‍රමවත්ව රුධිරය හෘදය වෙතට ගෙන යාමට දායක වේ. මේ නිසා හෘද රෝගීන් වටු බිත්තර ආහාරයට ගන්නේ නම් ඉන් හෘද රෝග ඇති වීම වළක්වා ගත හැකිය.
අධි රුධිර පීඩනය පාලනය කරගත හැකිය.වර්තමානය වන විට මැදි වයසේ පසුවන බොහෝ පුද්ගලයින් අධි රුධිර පීඩනයට ගොදුරු වී තිබේ. එනම් එම තත්ත්වය ඇතිවීම පාලනය කර ගැනීමට වටු බිත්තර ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් වටු බිත්තර ආහාරයට ගැනීමෙන් වටු බිත්තර වල අඩංගු පොටෑසියම් අධි රුධිර පීඩනය ඇතිවීමට හේතු වන රුධිර නාල ඝන වීම වළක්වා රුධිර නාල විස්තාරණය කර ක්‍රමවත්ව රුධිරය පරිවහනය කිරීම සිදු කරයි. එනම් මේ නිසා අධි රුධිර පීඩනය ඇති වීම පාලනය වේ.
ශ්වසන පද්ධතියට හිතකර වේ.ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීම වලක්වා ගැනීම සදහා වටු බිත්තර නිතර ආහාරයට ගැනීම යෝග්‍යය වේ. එනම් වටු බිත්තර ආහාරයට ගැනීමෙන් එහි අඩංගු විටමින් සී, විටමින් ඒ වැනි පෝෂ්‍ය පදාර්ථ ස්වසන පද්ධතිය ආරක්ෂා කිරීම සිදු කරයි. මේ නිසා නිතර කැස්ස ඇදුම වැනි රෝග තත්ත්වයන් පවතින සෑම දෙනාටම පාහේ වටු බිත්තර ආහාරයට එකතු කර ගැනීම ගුණදායකය.

මොලයේ සංජානන ක්‍රියාකාරකම් වැඩි දියුණු කරයි.වටු බිත්තර ආහාරයට එක්කර ගැනීමෙන් මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කර ගත හැකිය. එනම් විශේෂයෙන්ම මොළයේ සංජානන ක්‍රියාකාරකම් වර්ධනය කර ගැනීමට වටු බිත්තර ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් වටු බිත්තර වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ,විටමින් ,ප්‍රෝටීන්, ඛනිජ ලවණ ස්නායු පද්ධතිය ආරක්ෂා කිරීම, රැඩිකලුන්ගෙන් ස්නායු පද්ධතියට වන හානි අවම කිරීම.ඇල්සයිමර්, පාකින්සන්, වැනි මොළයේ හටගන්නා රෝග ඇතිවීම වැළැක්වීම.ආදී වශයෙන් මොළය ආශ්‍රිත රෝග ඇතිවීම වළක්වනු ලබයි.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා ගත හැකිය.වටු බිත්තර වල අඩංගු විටමින් සී ප්‍රතිඔක්සිකාරකය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීම සඳහා දායක වේ. එනම් වටු බිත්තර ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ,වෛරස් රෝග, උණ වැනි රෝග තත්ත්වයන් ඇතිවීම වළක්වාගත හැකිය.
සම පෝෂණය කර ගත හැකිය.සමට හිතකර පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වටු බිත්තර ආහාරයට ගැනීමෙන් එහි අඩංගු විටමින් සී ,විටමින් ඒ වැනි පෝෂ්‍ය පදාර්ථ සම පෝෂණය කර සමෙහි ඇතිවන රැලි වැටීම් අවපැහැ ගැන්වීම් ඉවත් කර සම පැහැපත් කිරීම සිදුකරයි. එනම් වර්තමානය වන විට වටු බිත්තර භාහිර රූපලාවන්ය සත්කාරයක් ලෙස ද භාවිතා කරයි.
හිසකෙස් වැවීම වර්ධනය කර ගත හැකිය.හිස කෙස් කැඩීයාම, ගැලවී යාම ,වර්ධනය නොවීම වැනි හිසකෙස් සම්බන්ධ රෝග සමනය කිරීම සඳහා වටු බිත්තර ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් වටු බිත්තර ආහාරයට ගැනීම මෙන්ම වටු බිත්තර භාහිර සත්කාරයක් ලෙස හිසෙහි ගැල්වීම මගින් එහි අඩංගු විටමින් ඊ, ඇමයිනෝ අම්ල වැනි පෝෂ්‍ය පදාර්ථ හිසකෙස් පෝෂණය කර හිසකෙස් ගැලවී යාම නවතා හිසකෙස් වර්ධනය කිරීම සිදුකරයි.මීට අමතරව
- මුත්‍රාශයේ ගල් ඉවත් කර ගැනීම සඳහා
- මානසික ආතතිය වැනි මානසික රෝග සඳහා
- පිළිකා ඇතිවීම වළක්වා ගැනීම සඳහා දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා
- දත් ශක්තිමත් කර ගැනීම සඳහා
වැනි රෝග සමනය කිරීම සඳහා වටු බිත්තර ආහාරයට එක්කර ගැනීම ගුණදායකය. නමුදු කුඩා ළමුන්ට ප්‍රථම වරට වටු බිත්තර ලබා දෙන විට අසාත්මිකතා ඇති වේ දැයි විමසිලිමත් වන්න.