ආමාශගත ඕනෑම විෂක් සතියෙන් ඉවත් කර හැකි කවුපි සතු ගුණ 21 ක්

health tips

ප්‍රෝටීන්,විටමින් B,මැග්නීසියම්,කාබෝහයිඩ්‍රේට් කැලරි,කෙඳි වැනි පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු කවුපි යනු  රෝග රැසක් සමනය කිරීම සඳහා භාවිතා කළ හැකි ධාන්‍ය වර්ගයකි. ඈත අතීතයේ සිටම කවුපි තම්බා පොල් සමඟ හෝ ව්‍යාංජනයක් ලෙස පිළියෙල කර ආහාරයට ගෙන තිබේ ලොකු කුඩා සෑම දෙනාටම පාහේ ගුණදායක කවුපි දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වලද විදේශීය වශයෙන් ලතින් අමෙරිකාව,දකුණු අපි‍්‍රකාව,දකුණු ඉන්දියාව වැනි ආදී රටවලද වගා කරනු ලැබේ. 

Vigna unguicuiculata නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කව්පි තම්බා හෝ සුප් පානයක්, ව්‍යංජනයක් ලෙස සකස් කර සතියට දෙවතාවක් පමණ ආහාරයට ගන්නේ නම් ඉන් බොහෝ රෝග සමනය කර ගත හැකිය.

මලබද්ධය සමනය කරයි.බඩ වේලීම හෙවත් මල පිටකිරීමට අපහසු වීම වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට පවතින රෝග තත්ත්වයක් ලෙස හදුනාගත හැකිය. එනම් මෙම රෝගය  සමනය  කර ගැනීම සඳහා කවුපි තම්බා ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් කව්පි වල අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර මළ පහ පිට කිරීම පහසු කරනු ලැබේ. එනම් මේ සඳහා කවුපි ව්‍යංජනයක් ලෙස හෝ තම්බා ආහාරයට එක්කර ගත හැකිය. 

ආමාශ රෝග සමනය කරයි.ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන විවිධ රෝග තත්ත්වයන් සමනය කරගෙන ආහාර හොඳින් ජීර්ණය කිරීමට හා අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරගැනීමට කවුපි තම්බා හෝ ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම යෝග්‍ය වේ.

ආර්තව වේදනාවන් සමනය කරයි.කවුපි ව්‍යාංජනය ක් ලෙස හෝ තම්බා ආහාරයට ගැනීමෙන් ආර්තවය නිසා ඇතිවන අධි රුධිර වහනය වීම මෙන්ම වෙනත් ශාරීරික සංකූලතා සමනය කර ගත හැකිය. එමෙන්ම හීන වූ රුධිරය වර්ධනය කිරීමට ද කවුපි වල අඩංගු යකඩ පෝෂ්‍ය පදාර්ථය උපකාරී වේ. 

රක්තහීනතාවය සමනය කරයි.රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීම හෙවත් රක්තහීනතාවය සමනය කර ගැනීම සඳහා කවුපි තම්බා ආහාරයට ගැනීම යෝග්‍ය වේ එනම් කව්පි වල අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහීනතාවය සමනය කිරීම සිදු කරනු ලැබේ.

චර්ම රෝග සුව කරයි.බොහෝ දෙනකු තම මත ඇතිවන දද කුෂ්ට රෝග හේතුවෙන් පීඩා විඳින අතර මෙම රෝග සමනය කිරීම සඳහා කව්පි ආහාරයට ගැනීම යෝග්‍ය වේ එනම් කව්පි ආහාරයට ගැනීමෙන් සමෙහි ඇතිවන දද කුෂ්ට තුවාල සුව කරගත හැකිය.

ශරීර ශක්තිය වර්ධනය කරයි.විවිධ රෝග තත්ත්වයන් නිසා එනම් විශේෂ කොට අපස්මාරය වැනි රෝග නිසා හීන වී ගිය ශරීර ශක්තිය වර්ධනය කර ගැනීම  සඳහා කවුපි ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් කව්පි වල අඩංගු විටමින් ,ප්‍රෝටීන, ඛනිජ ලවණ හීන වී ගිය ශරීර ශක්තිය වර්ධනය කරයි. මේ සඳහා කවුපි තම්බා ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ ඊට අමතරව සුප් පානයක් ලෙස ද සකස් කර භාවිතා කළ හැකිය මීට අමතරව 

  • ඉරුවාරදයට 
  • ශරීරයේ විෂ ඉවත් කිරීමට 
  • සන්ධි ඉදමුම් සමනය කිරීමට 
  • ශරීර ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීමට 
  • මුත්‍ර රෝග සමනය කිරීමට 
  • ස්වේත ප්‍රදරය සමනය කිරීමට 
  • ආහාර මාර්ගය පිරිසිදු කිරීමට 
  • අක්මා රෝග සමනයට 
  • ගැස්ට්‍රයිටිස් රෝගය සමනය කිරීමට 
  • ප්ලිහාවේ රෝගයන්ට 
  • අක්ෂි රෝගයන්ට 
  • ඇදුම රෝගයට 
  • හෘද රෝග ඇතිවීම වැළැක්වීමට 
  • රුධිරය පිරිසිදු කිරීමට 

මේ ආදී වූ රෝග ගණනාවක් සමනය කිරීම සඳහා කවුපි තම්බා හෝ වෑංජනයක් සුප් පානයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම යෝග්‍ය වේ. 

කව්පිවල අහිතකර ගුණ 

  • බඩ පිපුම 
  • උදරගත අජීර්ණ 
  • අධික තරබාරු පුද්ගලයන් 
  • කව්පි ආහාරයට නොගන්නේ නම් එය වඩාත් සුදුසු වේ.