වකුගඩු ඉදිමීම වකුගඩු පිළිකා පාලනය කරන රාබු ආහාරයට ගැනීමට හේතු 32 ක්

health tips

රාබු කියන්නේ වැඩි දෙනෙක් ආහාරයට ගන්නට අකමැති එළවලුවක්. මොකද ගොඩක් දෙනෙක් කියන්නේ “රාබු ගඳයි ” කියලා. ඒකට හේතුව තමයි රාබුවල ගෙන්දගම් අඩංගු වීම.කොහොමනමුත් රාබු රෝගාබාධ රාශියකටම මහත් ගුණදෙන එළවලුවක් බව බොහෝ අය දන්නේ නැහැ.නමුත් විස්මිත ඖෂධීය ගුණයන් රැසක් රාබු සතුයි. මේ ලිපිය සැකසෙන්නේ ඔබ ආහාරයට එකතු කර ගන්නට එතරම් රුචිකත්වයක් නොදක්වන රාබු සතු විස්මිත ගුණයන් පිළිබඳව සහ ඒවා ආරක්ෂාකාරීව පිසීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් පිළිබඳව කත කරන්නටයි. 

රාබු අලය වගේම කොළයත් අපිට ඉතාමත් රසවත්ව ආහාරයට එකතු කර ගන්නට පුළුවන්. රාබු සිහින්ව ලියාගෙන මිටිකිරි යොදා ව්‍යංජනයක් ලෙස පිස ආහාරයට ගන්නට පුළුවන්. මේ ව්‍යංජනයට ලපටි කොළත් එකතු කරන්නට පුළුවන්. රාබු කොළ මැල්ලුම, රාබු තෙම්පරාදුව වගේම රාබු සලාදයත් ඉතාම රසවත්ව ආහාරයට එකතු කරගන්නට පුළුවන්.ඒ හැරුණාම ආසියාතික රටවල් බොහොමයක රාබු පානයත් ඉතාම ජනප්‍රියයි. ඒ හැරුණාම රාබු බත් කියන්නේ ඉතාම රසවත්ව සකසාගෙන ආහාරයට ගන්නට පුළුවන් ආහාරයක්. 

රාබු බත් 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කීරි සම්බා කිලෝග්‍රෑම්  1 
  • රාබු අල ග්‍රෑම් 200 
  • බටර් මේස හැදි 2 
  • තලාගත් ඉඟුරු තේ හැදි ½ 
  • තලාගත් සුදු ළූණු තේ හැදි ½ 
  • රම්පේ කැබැල්ලක් 
  • කරපිංචා සහ ලුණු 

සාදන ආකාරය -බටර් ලිප තබා රත්වන විට තලාගත් ඉඟුරු, සුදු ළූණු එකතු කරන්න. එයට රම්පේ, කරපිංචා, ලුණු ආදිය එකතු කරන්න. පසුව එයටම සෝදාගත් සහල් එකතු කර තෙම්පරාදු කර ගන්න. පසුව අවශ්‍ය පමණට වතුර දමා බත ඉදීගෙන එද්දි කුඩා කොටු ලෙස කපාගත් රාබු දමා කලවම් කර ගන්න.

ඉතින් රාබු සතුව ඉතා ඉහළ පෝෂණ ගුණයක් පවතිනවා. වැඩි වශයෙන් කාබෝහයිඩ්රේට් අන්තර්ගත වෙන රාබු සතුව ප්‍රෝටීන්, මේදය, කැල්සියම්, පොස්පරස්, යකඩ, විටමින් සී, නියැසීන් ආදී පෝෂණ ගුණයන් ද ඇතුළත්.  ඇස්කොබික් අම්ල, ෆෝලික් අම්ල, විටමින් බී 6, රයිබොෆ්ලේවින්, මැග්නීසියම් ආදී මාංශජනක ධාතුවලින් ද පොහොසත්. ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ වගා කළ හැකි භෝගයක් නිසා අපේ ආහාර වේලට නිතර එකතු  ගන්නට හැකි එළවළුවක්. 

රාබු සතු විස්මිත ගුණ 

  • වා පිත් සෙම් ආදී තුන්දොස් සමනය කරයි.
  • ආහාර රුචිය වර්ධනය කරයි.
  • බඩ පිපීම නසයි.
  • මුත්‍රාශයේ ගල් ඇතිවීම වළකයි. මුත්‍රා අඩුවෙන් යාම, මුත්‍රා දැවිල්ල, මුත්‍රා  අඩිස්සිය ආදී අපහසුතා දුරු කරයි.
  • උණ්ඩුක පුච්ඡයේ ගල් ඇතිවීමේ රෝගයෙන් පෙලෙන අය අනිවාර්යෙන් ආහාරයට එකතු කර ගත යුතු ආහාරයක්.
  • වකුගඩු ඉදිමීම සඳහා ගුණදායකයි.
  • බැක්ටීරියා හා දිලීර විනාශ කරයි.
  • පිළිකා සෛල විනාශ කරයි. බඩවැල ආශ්‍රිත පිළිකා, වකුගඩු ආශ්‍රිත පිළිකාවලට හා මුඛ පිළිකාවලට ඉතාම ගුණදායකයි.
  • විවිධ ආසාදන නිසා ඇතිවන උණට රාබු යුෂවලට සහිද ලුණු මිශ්‍ර  කර දෙනු ලබයි.
  • සුදු කබර සඳහා රාබුවලින් සකසා ගන්නා චූර්ණය ඉතා වැදගත්.
  • සෙංගමාලයට ගුණදායකයි.
  • අක්මාව හා ආමාශය ඉදිමීම සුව කරයි.
  • දුම් බීමට ඇබ්බැහිවූවන්ට එයින් මිදීමට උපකාරී වෙයි.ඒ සඳහා රාබු යුෂ තේ හැදි 3 ක් මී පැණි තේ හැන්දක් සමඟ දිනකට දෙවරක් පානය කිරීම සුදුසුයි.
  • අධි රුධිර පීඩනය අවම කරයි.
  • ශරීරයේ විස නසා රුධිරය පිරිසිදු කරයි.
  • හතිය, පීනස, කැස්ස, ඇතුළු ස්වසන ගැටළු වළක්වයි.
  • දියවැඩියාවට ගුණදායකයි.
  • රාබු අල හා කොළ සිහින්ව ලියා ලුණු මිටක් දමා තම්බා මද රස්නයෙන් සේදීම අර්ශස් ගෙඩි සුව කරයි.
  • රාබු අල බදුනකට දමා ඒ බදුනට මුං ඇට ස්වල්පයක් එකතු කර තම්බා වතුර පෙරා තලපයක් සේ සකසා ආහාරයට ගැනීම අර්ශස් රෝගයට ඉතාම ගුණදායකයි.
  • රාබු කොළ, අමුකහ, දිය ලුණු දමා කොටා මදගින්නේ මලවා බැදීමෙන් සන්ධි ඉදිමුමට සුව ගෙනදෙයි.
  • මී මැසි හා දෙබර විස නසන්නට රාබු කෑල්ලක් තලා පැලැස්තර දැමීම සුවදායකයි.
  • මල බද්ධය දුරලයි.
  • ඇස් රෝග නසයි.
  • පණු රෝග නසයි. 
  • අමිල පිත්ත රෝගයට ගුණදායකයි.
  • දුහුවිල්ලට ඇතිවන අසාත්මිකතා දුරලයි.
  • ආහාර ජීර්ණ පද්ධතියට සහ පරිවෘත්තීය ක්‍රියාවලියට හිතකරයි.
  • තරබාරුකම මට්ටුකරයි.
  • රාබු යුෂ හිසකෙස්වල ආලේප කිරීමෙන් හිසකෙස් ගැලවී යාම හා හිස්සොරි වළකයි.
  • මෙහි අඩංගු විටමින් බී සහ සින්ක් සමේ දද කුෂ්ට සුවකර සම වියළි බව දුරු කර සමේ තෙතමනය ආරක්ෂා කරයි.  යටි පතුල් පැලීම වළකයි. මේ සඳහා ළපටි රාබු ගෙන තළා යෝගට් හා මිශ්‍රකර තලපයක් සාදා මුහුණේ හා යටි පතුල්වල ආලේප කළ යුතුයි.සමේ කුරුලෑ ඇතිවීම වළකයි.
  • සම පැහැපත් කර වයසට යාම පාලනය කරයි.
  • ඔසප් ගැටළුවලට ගුණදෙයි.
  • ශරීරයේ බර අඩු කරයි.
  • ප්‍රතිශක්තිකරණ සෛල නිෂ්පාදනය වැඩි කරයි.

සැලකිය යුතුයි.රාබු අමුවෙන් ආහාරයට ගැනීම මුත්‍රා ගල් ඇති අයට හිතකර වුණත් සෙම් රෝග ඇති විට අමු රාබු හිතකර නොවෙයි.   

රාබු ආහාරයට ගැනීමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක පිළිවෙත් 

ඕනෑම එළවලුවක් පලතුරක් ආහාරයට එකතු කර ගැනීමට පෙර සෞඛ්‍යාරක්ෂිතව සකසා ගැනීම ඉතා වැදගත්. විශේෂයෙන්ම රාබු කියන්නේ භූගත එළවලුවක් නිසා ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන්ම රාබු ගර්භනී මවකට මහත් ගුණදායක එළවලුවක්. ඒ නිසා පිසීමට පෙර මේ ක්‍රම අනුගමනය කිරීම ඉතා වැදගත්.

  • රාබු අල වගේම කොළත් මඩ ඉවත් වන තුරු හොඳින් සෝදන්න. 
  • ගර්භනී මවක් නම් රාබු අමුවෙන් ආහාරයට ගැනීමෙන් වළකින්න.පිසීමෙන් තොරව ආහාරයට ගැනීමෙන්  එහි ඇති හානිකර රෝගකාරක විෂබීජ විනාශ වී නොයන නිසා එය මවට වගේම දරුවාටත් අහිතකර තත්ත්වයන් ඇති කිරීමේ ඉඩකඩ වැඩියි.
  • රාබු කැපූ පසුව වෙනත් එළවලු කපන්නට භාවිතා කිරීමට පෙර කැපුම් පුවරුව වතුරෙන් හොඳින් සෝදන්න.
  • රාබු, අර්තාපල්, කැරට් ආදී භූගත එළවලු පිරිසිදු කර පිළියෙල කරන්නට පෙර සෑමවිටම දෑත් සෝදන්න.

රාබු බාල මහලු කා හටත් ඉතා ගුණදායක රෝග රැසක වළකන එළවලුවක් බව දැනගෙන ආහාරයට ගන්නට ඔබට මේ ලිපිය ප්‍රයෝජනවත් වේවි. ඒ විතරක් නෙවෙයි රාබුවල ගන්ධය නිසා එතෙක් කල් රාබු ප්‍රතික්ශේප කළ අයටත් රාබු ආහාරයට ගන්නට නිසැකයෙන්ම මේ ලිපිය උදව්වක් වේවි.