රාබු ආහාරයට ගැනීමෙන් රෝග ගණනාවක් සුව කර ගත හැකිය. එනම් රාබු යනු බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු එලවළුකි. නමුත් වැඩි දෙනෙකු රාබු ආහාරයට ගැනීමට කැමැත්තක් දක්වන්නේ නැත. එනම් රාබු අමිහිරි සුගන්ඳයකින් යුතු වීම ඊට හේතුවයි. රාබුවල ගෙන්දගම් හා පොස්පරස් සංයෝග අඩංගු වීම හේතුවෙන් රාබු වල දුර්ගන්ධය ඇතිවනු ලැබේ.
නමුත් ජපානය වැනි රටවල රාබු යොදා ගෙන විවිධ ආහාර සකස් කරනු ලැබේ. එමෙන්ම රාබු කොළ, අල දෙවර්ගයම ව්‍යංජනයක් ලෙස ආහාරයට ගත හැකිය. දේශීයව ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ද විදේශීය වශයෙන් ජපානය, ඉන්දියාව වැනි රටවලද රාබු වැඩි වශයෙන් වගා කරනු ලැබේ. රාබු හස්ති දන්තක, රුචිරන්, මූලංගී, මහා කන්දක, දීර්ඝ පත්‍රක, දීර්ඝ මූලක ආදී වශයෙන් විවිධ අන්වර්ථ නම් වලින් හඳුන්වනු ලබන අතර රාබු ප්‍රභේද දෙකක් හඳුනාගත හැකිය.
- බෝල රාබු
- බීරලු රාබු
යනුවෙන් වර්ග දෙකකි. රාබු බීජ වලින් රාබු පහසුවෙන් වගා කර ගත හැකිය. එමෙන්ම
රාබු ආහාරයට ගැනීමෙන් ශරීර ගත බොහෝ රෝග සුව කර ගත හැකිය. එනම් ඊට හේතුව රාබු වල පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වීමයි.
යකඩ,මැග්නීසියම්,කැල්සියම්,පොටෑසියම්, ෆෝලික් අම්ලය, කාබෝහයිඩ්‍රේට්, කැලරි, විටමින් B6, කොපර්, රයිබොප්ලෙවින්, පොස්පරස්,ඇස්කොබික් අම්ලය, මාංශ ජනක ධාතු සහ කැරොටීන් රාබු වල අඩංගු වේ.මේ නිසා රාබු ආහාරයට ගැනීම මිනිස් සිරුරට වඩාත් සුදුසුවේ.
රාබූ ආහාරයට එක්කර ගැනීමෙන් අත් කර ගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ

මුත්‍රා රෝග සඳහා ඖෂධයක් වේ.බොහෝ දෙනෙකුට නිතර ඇතිවන මුත්‍රා අඩස්සිය මුත්‍රා දැවිල්ල මුත්‍රා ගල් සහ වකුගඩු ආශ්‍රිතව ඇතිවන ගල් දිය කර හැරීම සඳහා මෙන්ම අනෙකුත් මූත්‍ර රෝග සුවකර ගැනීම සදහා රාබු ඖෂධයක් ලෙස යොදා ගත හැකිය.
එනම් මේ සඳහා රාබූ තැම්බූ වතුර පානය කිරීම මෙන්ම රාබු යුෂ වලට අවශ්‍ය පමණට ජලය එක්කර පානය කිරීම යෝග්‍ය වේ.
සම පෝෂණය කිරීම සඳහා යෝග්‍ය වේ.එනම් සම විජලනයට පත් වූ පුද්ගලයින් රාබු ආහාරයට ගන්නේ නම් සම වියළීම හේතුවෙන් ඇතිවන අසාත්මිකතා සමනය කරගත හැකිය. ඊට අමතරව සම පැහැපත්කර ගැනීමට මෙන්ම සම පෝෂණය කර ගැනීමටද රාබු නිතර ආහාරයට එක්කර ගැනීම වඩාත් සුදුසුවේ. බාහිර ආලේපනයක් ලෙස නොමේරූ රාබු අල සිහින්ව අඹරා ඊට යෝගට් මිශ්‍රකර සම මතුපිට ආලේප කර මද වේලාවකින් සෝදා හැරීමෙන් සමෙහි තෙතමනය පවත්වා ගැනීමට මෙන්ම සමෙහි ඇතිවූ අඳුරු පැහැය ඉවත් කර ගත හැකිය.
අර්ශස් රෝගීන්ට ඖෂධයක්වේ.වර්තමානය වන විට ලොකු කුඩා සෑම දෙනාම පාහේ අර්ශස් රෝගයට ගොදුරු වී සිටී. එනම් මෙම රෝගයෙන් අත්මිදී මට රාබු කොළ සහ අල ව්‍යංජනයක් හෝ සලාදයක් ලෙස සකස් කර දිනපතා ආහාරයට ගැනීම ගුණදායක වේ. එනම් මේවායෙහි අඩංගු තන්තු සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ මෙවැනි රෝග තත්ත්වයන් ඇතිවීම වළක්වා හොඳින් මලපහ පිට කිරීම
සිදු කරනු ලැබේ.
මීට අමතරව රාබු අල හා කොල සිහින්ව ලියා ඊට ලුණු දෙමිටක් එක්කර හොදින් තම්බා මද රස්නය හීන වනතුරු අර්ශස් ගෙඩි සේදීම මෙහිදී යෝග්‍යවේ. මීට අමතරව රාබු අලයක් කැබලි වලට කපා වතුර බදුනකට දමා එයටම මුං ඇට ස්වල්පයක් එක්කර හොදින් තම්බා පොඩිකර ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
හිසකෙස් පෝෂණය කිරීම සඳහා යෝග්‍ය වේ.බොහෝ දෙනෙකුට පවතින හිසකෙස් සම්බන්ධ ගැටලු සමනය කරගැනීමට රාබු යුෂ හිසෙහි ගැල්වීම යෝග්‍ය වේ. එනම් රාබු යුෂ ගෙන හිසෙහි ගල්වා තබා ස්නානය කිරීමෙන් හිසකෙස් කැඩීයාම, ගැලවී යාම නවතා හිසකෙස් වර්ධනය කරගත හැකිය.

දියවැඩියාව පාලනය කිරීමට උපකාරීවේ.වර්තමානය වන විට නිදන්ගත රෝග අතර බොහෝ දෙනෙකුට පවතින දියවැඩියාව පාලනය කර ගැනීම සඳහා රාබු ආහාරයට ගැනීම යෝග්‍යය වේ. එනම් දියවැඩියා රෝගීන්ට රාබු සලාදය ආහාරයට ගැනීම වඩාත් උචිත වේ.
මලබද්ධය සමනය කිරීම සඳහා ඖෂධයක් වේ.බඩ වේලීම හෙවත් මලපහ පිට කිරීමට අපහසු වීමේ රෝගය මලබද්ධය ලෙස කෙටියෙන් හැඳින්විය හැකිය. එනම් එම රෝගය ඉතා පීඩාකාරී රෝගයක් වන අතර එය ඇතිවීම වලක්වාගැනීමට ඖෂධයක් ලෙස රාබු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් රාබු වල අඩංගු තන්තු මලබද්ධය ඇතිවීම වළක්වා මල පිටකිරීම පහසු කරවනු ලැබේ.
පිළිකා ඇතිවීම වළක්වා ගැනීමට හේතුවේ.මාරාන්තික රෝගයක් වන පිළිකාව ඇති වීම වළක්වා ගැනීම සඳහා රාබු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් රාබු වල පවතින ප්‍රතිඔක්සිකාරක ශරීරයේ ඇති විෂ ඉවත් කර රුධිරය පිරිසිදු කිරීම සිදුකරයි. එනම් ඉන් පිළිකා සෛල ඉවත්වී යයි. විශේෂයෙන්ම මුඛ පිළිකා, වකුගඩු පිළිකා, බඩවැල්වල පිළිකා වැනි පිළිකා ඇතිවීම වලක්වා ගත හැකිය. එනම් මේ සදහා රාබු යුෂ පානය කිරීම ගුණදායකය.මීට අමතරව
- කන් කැක්කුම සඳහා
- තුන් දොස සමනය කිරීම සඳහා
- අම්ල පිත්ත රෝගය සඳහා
- ඉදිමුම් වේදනාවන් සඳහා
- කල්ගත කැස්ස සුව කර ගැනීම සඳහා
- ඇස් රෝග සඳහා
- ශරීරයේ ඇතිවන විශ නාශනය කිරීම සඳහා
මේ ආදී වූ රෝග සමනය කිරීම සඳහා රාබු සලාද, රාබු යුෂ ,රාබු ව්‍යංජනය ආහාරයට ගැනීම යෝග්‍ය වේ. නමුත් දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන් නිතර රාබු ආහාරයට ගැනීමේදී රෝගය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.