ලෝකයේ බොහෝ සතුන් ප්‍රමාණයක් වඳවී යාමට මිනිසුන්ගේ ඇතැම් නොහොබිනා ක්‍රියාකාරකම් හේතු වි තිබෙනවා. වනසතුන් දඩයම් කිරීම, ගස් කපමින් සිදුකරන වන විනාශය, සත්ව වාසස්ථාන අහිමි වන ලෙසින් ගොඩනැගිලි ඉදිකිරීම , පරිසර දූෂණය වැනි මිනිස් ක්‍රියාකාරකම් ඒ අතරින් ප්‍රධානයි. සත්ව ලෝකයේ ඇති විවිධත්වය සොබා දහමේ අපූරු නිර්මාණශීලීත්වය විදහා දක්වනවා. නමුත්, සොබා දහමේම නිර්මාණයක් වන මිනිසා අදූරදර්ශීව කටයුතු කරමින් සිටින නිසා ලෝකයේ සත්ව ප්‍රජාව මුහුණ දී සිටින්නේ දැඩි අවදානමකටයි. සත්ව හිංසනය සහා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බොහෝ සංවිධාන පවා වර්තමානයේ බිහි වී තිබෙනවා. ලොව වඳ වීමේ තර්ජනයට ලක් වි සිටින එවැනි සත්ව විශේෂ කිහිපයක් ගැනයි අද ඔබට පැවසීමට යන්නේ.
- බටහිර පහත්බිම් ආශ්රිත ගෝරිල්ලන් විශේෂය (Western Lowland Gorilla)

බාර්සිලෝනා සත්වෝද්‍යානයේ සිටින මෙවැනි ගෝරිල්ලෙක් වසර 36 ක පමණ කාලයක් තිස්සේ කාන්තා සත්වයින් තිදෙනෙකු සමඟ පැටවුන් බිහි කරමින් ජීවත් වන ආකාරය දැකිය හැකියි. මේ ගෝරිල්ලන් විශේෂය ජීවත් වන ලොව ස්වභාවික වාසස්ථාන කැලෑ එලිකිරීම, වගා සඳහා බිම් සකස්කිරීම, සත්ව අලෙවිය වැනි හේතුන් නිසා ඔවුන් වඳවී යාමේ තර්ජනයකට ලක් ව සිටින සත්ව විශේෂයක් බව හඳුනාගෙන ඇත.
- ‘සන්ෆිෂ්’ මාලු විශේෂය (Sunfish)

මුහුදු සත්වයෙක් වන මේ සත්වයා ‘මොලා’ යන නමින්ද හඳුන්වයි. විශාල පෙන බින්දුවක හැඩයක් ගන්නා මෙම සත්ව විශේෂය ලොව සිටින විශාලතම අස්ථි සහිත මාලු වර්ගයයි. ඔවුන් උපදින විට කලු පැහැති වරලක් දැකිය හැකි වුවද ඒවා කිසිදා සම්පූර්ණයෙන් වර්ධනය වන්නේ නැත.
- ‘ටොන්කින්’ නම් වඳුරු විශේෂය (Tonkin Snub-Nosed Monkey)

මොවුන්ගේ නාසය කෙටිව පැතලිව පිහිටයි. ‘ටොන්කින්’ නම් වඳුරු විශේෂය ලොව සීග්‍රයෙන් වඳව යන සත්ව වර්ගයක් ලෙස හඳුනාගෙන ඇත. පෙනුමින් මොවුන් තරමක් ආඩම්බරකාරය.
- ‘බ්ලැඩර්නෝස්ඩ්’ සීල් මත්ස්‍ය වර්ගය (Bladder Nosed Seal)

මෙම සත්ව වර්ගයේ නාසය ඉලාස්ටික් මෙන් ඇදෙන සුලු නාස පටලයකින් සැකසී ඇත. එය හිස මත වැස්මක් සේ ඈතට දිස් වේ. එම කොටසට රුධිරය ලැබීමෙදි ඉහළට පිම්බීම සිදුවේ. ඒ ආකාරයෙන් මේ කොටසට රුධිරය ගමන් කරන්නේ මේ සත්වයාගේ කාන්තා සත්වයා අසලට වෙනත් පිරිමි සත්වයෙක් ලංවීමට උත්සාහ කරන ආකාරය දකින විටදියි. කාන්තා සත්වයා වෙනත් පිරිමි සතෙකුට ලඟාවිය නොහැකි ලෙස ආරක්ෂා කිරීම මේ සත්වයාගේ ලක්ෂණයකි.
- ‘කෝලැකන්ත්’ සත්ව විශේෂය (Coelacanth)

ගැඹුරු මුහුදේ ජීවත් වන සත්ව විශේෂයක් වන මෙම මාලු වර්ගය මීට වසර මිලියන 70 කට පමණ පෙර වඳ වී යන්නට ඇතැයි විද්‍යාඥයින් සිතා සිටියහ. නමුත්, 2001 වසරේදි මෙම සත්වයෙකුගේ ආදර්ශකයක් හමුවී ඇත. එය බරින් රාත්තල් 170 පමණ විය. වසර මිලියන ගණනාවක් තිස්සේ පරිණාමය වෙමින් පවතින මේ සත්ව විශේෂය වර්තමානය වන විට ප්‍රමාණයන් කුඩා වී තිබෙන බවයි ඔවුන්ගේ මතය වන්නේ. පුදුමාකාර පුවතක් වුණත් ඔවුන්ද ලෝකයෙන් වඳ වෙමිනුයි සිටින්නේ.
- සුමාත්‍රානු රයිනෝ විශේෂය (Sumatran Rhino)

කුඩාම සහා අධික ලොම් සහිත රයිනෝ වර්ගයයි. උසින් සෙන්ටිමීටර 100-150 ත් ප්‍රමාණයකින් වැඩේ. දිනකට මිනිත්තු 300 ක් පමණ ඔවුන් මඩ නෑමට ගතකරයි. ලොව මෙවැනි සත්වයින් ගණන 100 ක් වත් ඉතිරිව නොමැති බව කියවේ. පසුගිය වසර 20 ක කාලයේ දී මොවුන්ගේ ගහනය 70% කින් පමණ අඩු වී ඇත. ලොව සීග්රයෙන්ම් වඳ වී යන සත්ව වර්ගයකි.
- ’ටුආටරා’ සත්ව විශේෂය (Tuara/Sphenon)

මෙම සත්වයා කටුසු සහා ඩයිනෝසර් සත්ව වර්ග දෙකේම එකතුවකි. ලොව පළමු ඩයිනෝසර් පරම්පරාවෙන් පැවත එන එකම සත්ව විශේෂයද වේ. මොවුන්ගේ හිසේ ආලෝක සංවේදී ඉන්ද්‍රියයක් පිහිටා ඇති අතර එය ඔවුන්ගේ තෙවන ඇස ලෙස නම් කර තිබෙනවා. ඔවුන්ගේ පෙනුම වසර මිලියන 200 කට පෙර සිටි ඩයිනෝසර් විශේෂයට සමානය.
- ‘ඩෙස්මන්’ සත්ව වර්ගය (Desman/Muskrat)

අර්ධයක් මීයෙක්,අර්ධයක් අලියෙකුගේ මෙන් සහා අර්ධයක් ප්ලැටිපසයෙකුගේ මෙන් පෙනෙන මේ සත්වයා ලොව වඳ වී යන දුර්ලභ සත්ව විශේෂයකි. අමුතු ආකාරයේ පෙනුමක් ඇති මේ සත්වයාට ඇල්පෙනෙති හිසක් මෙන් කුඩා ඇස් පිහිටා ඇත. ඔවුන්ගේ නාසය කඳ කොටසක් මෙන් ත්රමක් ඉස්මතුව විශාලව පිහිටා ඇත. මේ සතුන්ට දත් 44 ක් පිහිටයි. අනෙක් සතුන්ගේ ලොම් වලට වඩා මේ සතුන්ගේ ලොම් හැඩය වෙනස් ය. මොවුන්ගේ ලොම් වල මුල සිහින් වන අතර ඉහල අග ඝනව පිහිටයි.
- ‘මාලා’ හෙවත් රියුෆස් වොලබි විශේෂය (Rufas Hare Wollaby)

ඕස්ට්‍රේලියාවේ වාසය කරන නිශාචර සත්ව වර්ගයක් වන මාලා සත්ව විශේෂය පැටවුන් බිහි කරන්නේ ප්‍රමාණවත් වර්ෂාවක් ලැබුනොත් පමණයි. වර්ෂාව නොමැති විට තණකොල නොවැවෙන නිසා කුඩා සතුන්ට ආහාර නොමැතිවීමෙන් ජීවත් විය නොහැකි නිසයි.
- ‘ටකහේ’ පක්ෂී විශේෂය (Takahe Bird)

නවසීලන්තයේ වාසය කරන මෙම සත්වයා පක්ෂියෙකු වුවත් පියෑඹීමට හැකියාවක් නොමැති සතෙකි. ඊට හේතුව වන්නේ ඔවුන්ගේ පපු ප්‍රදේශයේ මාංශ පේෂීන් හොඳින් වර්ධනය වී මොමැති නිසාය. කාලයකට ඉහතදී මොවුන්ගේ ගහනය ඉතා අධික වී තිබී ඇත. නමුත්, ඔවුන්ගේ ආකර්ෂණීය පියාපත් වලින් සැකසූ ආභරණ ප්‍රචලිත වීමත් සමඟ මේ සතුන් වැඩි ප්‍රමණයක් මරණයට පත් වී ඇත. පියපත් සඳහා මොවුන්ව ඝාතනය වැඩි වී ඇත.
- ‘නුම්බත්’ සත්ව වර්ගය (Numbat)

කබල්ලෑවා හෙවත් ඈන්ට් ඊටර් සත්ව පරම්පරාවට නෑදෑකම් කියන මේ සත්වයින්ගේ ප්‍රධාන ආහාරය වන්නේ වේයන්ය. ඔවුන් දිනකට ආහාරයට ගන්නා වේයන් ප්‍රමාණය 20,000 ක් පමණ වේ. මොවුන්ගේ පැටවුන් තම මවගේ උදරයේ මාස 5 ක් පමණ එහි ඇති පුඩුවක එල්ලී ජීවත් වෙති.
- Omura’s Whale නම් තල්මස් විශේෂය

2013 වසරේ මැඩගස්කර් වෙරළ තීරයේදි මොවුන් හඳුනාගෙන ඇත. මෙම කුඩා තල්මසුන් විශේෂය සත්ව ලෝකයේ ප්‍රෙහේලිකාවකි. ඔවුන්ගෙ ශරීරයේ පැත්තක් අව පැහැයක් ගන්නා අතර පැත්තක් තද පැහැයක් ගනියි. ඔවුන් නිවර්තන ජල කලාප වඩාත් ප්‍රිය කරන මාලු වර්ගයක් වීම විශේෂයි. සාමාන්‍යය තල්මසුන්ට වඩා ඔවුන්ගේ ඇති වෙනස් කමක් වන්නේ ද මෙම වාසස්ථානවල වෙනසයි. මෙම ජලාශයන්හි ආහාර හිඟ නිසා මොවුන් ආහාර සපයා ගන්නේ කෙසේදැයි තවම නිශ්චිත අදහසක් නැත.
- ‘කැසෝවරි’ සත්ව විශේෂය (Cassowary)

පැස්බරා සහා එමු සත්වයින්ට පසු ලොව තෙවැනියට උසින් වැඩිම සහා දෙවැනියට බරින් වැඩිම පක්ෂියා වේ. දකුණු දිග කැසෝවරි සත්ව විශේෂය ලොව භයානකම පක්ෂි විශේෂ වලින් එකකි. ඔවුන්ගේ පාපහරක් මිනිසෙකුට මාරාන්තික විය හැකි බව පැවසේ.එසේනම් කුඩා සත්ව විශේෂ ඒවාට කෙසේ මුහුණ දෙනවා ඇතිද?
- ‘ෆොස්සා’ සත්ව වර්ගය (Fossa)

මෙම විද්‍යාත්මක සත්ව නාමයේ අර්ථය වන්නේ සැගවුණු ගුදය ලෙසයි(Hidden Anus). ඔවුන්ගේ තට්ටම් ප්‍රදේශය එක්තරා ගුද මල්ලක් වැනි වැස්මකින් ආවරණය වී ඇත. මැඩගස්කරයේ දූපත් වල වාසය කරන මොවුන් එහි සිටින විශාලතම මාංශභක්ෂක ක්ෂීරපායි සත්ව විශේෂයද වෙනවා. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය බවට පත්වි ඇත්තේ ‘ලීමර්’ නම් උණහපුළු විශේෂයයි.
- ‘Spectacled Bear’ නම් වලස් විශේෂය

ඉතා ලැජ්ජාශීලි,සාමකාමී සහා හුදකලාව වාසය කරන වලසුන් වර්ගයකි.ඔවුන් ඉතා හොඳ පෞරුෂයකින් සහා පෙනුමකින් යුක්තවේ. මුහුණේ ඇස් වටා ලා පැහැති ලෝම පිහිටීම කණ්නාඩි පැලඳ සිටින පෙනුමකට සමාන නිසා මෙම නම ඔවුන්ට ලැබී ඇත. ඔවුන්ට හොඳින් ගස් උඩ නැගිය හැකිවිමත් විශේෂත්වයකි. ඔවුන්ගේ ප්‍රියතම ආහාරය ‘බ්‍රොමීලියා’ නම් ශාක වර්ගයයි. ඒවා වැවෙන්නේ ඉතා උසකින් වීම නිසා මොවුන් හට අනෙක් වලසුන්ට වඩා ගස් වල නැගීමේ හැකියාව ලැබී ඇත.
- ලෙදර් සමක් සහිත ‘ලෙදර් බැක්’ මුහුදු කැස්බෑ විශේෂය (Letherback Sea Turtle)

ලොව සිටින විශාලතම මුහුදු කැස්බෑවන් 5 දෙනා අතරින් විශාලතම වර්ගයයි. ඔවුන් බරින් රාත්තල් 1300 ක් පමණ වේ. එක් කැස්බෑවෙකු රාත්තල් 2000 ක් පමණ වී තිබී ඇති අතර එම සත්වයාට ගිනස් ලෝක වාර්ථා පොතටත් ඇතුලු වීමට හැකි වී තිබෙනවා. ඔවුන්ගේ පිට පොත්ත ලෙදර් හමක ස්වභාවයකි ගනියි. ඒවා අනෙක් ඝන කැස්බෑ සම් වලට වඩා මෘදු බවින් වැඩිය.
- ‘සාඕලා’ සත්ව විශේෂය (Saola)

වියෙට්නාමය සහා ලාඕසයේ පමණක් දැකගත හැකි සත්ව වර්ගයකි. මෙම ආසියානු එක් අඟක් ඇති සත්වයා ලොව දුර්ලභම ක්ෂීරපායී සත්වයින් අතරින් එකෙකි. මොවුන්ගේ නාමයේ අරුත ‘පෙරලෙන රෝද හොට’ යන අරුත් දෙයි.
- ‘Vaquita’ සත්ව වර්ගය

ගල්ෆ් ඔෆ් කැලිෆෝනියා වරායේ මුහුදු ඌරු විශේෂයක් වන මොවුන් ඉතා හුරුබුහුටි සතුන් වර්ගයකි. ලොව ඉතිරිව සිටින සතුන් ගණන 12 ක් වැනි සුලු ප්රමාණයකි. ලොව වඩාත්ම වඳවී යාමේ තර්ජනයට පත්ව ඇති මුහුදු ක්ෂීරපායී සත්ව විශේෂ 129 අතරට මොවුන්ද අයත්ය. මොවුන් වැඩිවශයෙන් මියයන්නේ මාලුන් සඳහා යොදන දැල් වල පැටලී ඉන් මිදීමට නොහැකිව සිරවී යාමෙනි.
- ‘ඉලී පිකා’ සත්ව විශේෂය (Ili Pika)

‘මැජික් හාවා’ ලෙසින් අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම සත්වයින් ජීවත්වන්නේ චීනයේයි. ඔවුන් ඉතා දුර්ලභ සතුන් කොට්ඨාසයකි. මීටර් 2800-4100ක් පමණ උස්ව පිහිටන උස්බිම් වල ජීවත් විමට මොවුන් ප්‍රිය කරති.
- ‘වැන්කෝවර් අයිලන්ඩ් මාමොත්’ සත්ව වර්ගය (Vancouver Island Marmot)

කලක් වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින ලැයිස්තුවට අයත් වූ සත්වයෙකි. නමුත්, වාසනාවන්ත ලෙස කාන්තා සතුන් 30 ක් තවමත් ජීවතුන් අතර සිටිති. සත්වෝද්‍යාන හරහා ඇතැම් දුර්ලභ සත්ව විශේෂ වඳ වී යාමට නොදී සංරක්ෂණය කරන බව පෙන්වා දීමට මොවුන් කදිම උදාහරණයකි.
- ‘ස්පික්ස් බ්ලූ මැකෝ’ ගිරා විශේෂය (Spix Blue Macaw)

2011 වසරේ තිරගත වූ ‘Rio’ චිත්‍රපටිය හරහා මොවුන් ගැන ලෝකයේ බොහෝ දෙනෙකු දැනගනුලැබුවා. ඔවුන් වඳ වී යමින් සිටින් සත්ව වර්ගයක් බව චිත්‍රපටිය හරහා පෙන්වා දී තිබුණා.1819 වසරේ ජර්මන් ජාතික පරිසරවේදියෙකු වූ බැප්ටිස්ට් වොන් ස්පික්ස් නමැත්තා විසින් මුල් වරට මෙම පක්ෂියෙකු සොයාගැනීමෙන් පසුව මෙම නම් පක්ෂියාට ලබාදී තිබෙනවා. ඒ වනවිටත් මොවුන් ඉතා දුර්ලභ සත්ව වර්ගයක් වී තිබී ඇත.2018 වසරේදි ගණන කල විට මෙම සතුන් 158 ක් හඳුනාගැනීම පෙනුමින්ට හැකිව ඇත. ඔවුන්ගේ අභිජනනය සඳහා විවිධ වන සංරක්ෂණ ව්‍යාපෘති සිදුකරගෙන යමින් පවතියි.