ලොකු කුඩා හැමෝම ඉතාම අසාවෙන් ආහාරයට ගන්නා රසවත් පලතුරක් තමයි රට ඉදි. රටඉඳිවල ඉතා ඉහළ පෝෂණ ගුණයක් අන්තර්ගත වෙන නිසා දිනපතා රටඉදි ගෙඩි තුනක් ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් එය ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙලා නිරෝගී ජීවිතයක් ගත කරන්නට විශාල උදව්වක් වෙනවා.
දියවෙඩියා රෝගීන් වගේ සීනි අඩුවෙන් ගන්නා අය සීනි වෙනුවට ආදේශකයක් විදිහටත් රට ඉදි ආහාරයට එකතු කරගන්නවා. ඒ විතරක් නෙවෙයි රටඉදි ශරීරය මහත් කර ගන්නට සකස් කරන විවිධ ඖෂධ සඳහාත් නිතරම භාවිතයට ගැනෙන පලතුරක්. පලතුරු සලාද, කේක්, පුඩින් වර්ග ඇතුළු දිව පිනවන කෑම වර්ග රසගන්වා ගන්නටත් මේ රටඉදි බහුලව භාවිතා වෙනවා. ඉතින් මේ රසවත් රට ඉදි ගස් අපේරටේ හැදුණේ නැති වුණාට ලාංකීය ජනතාව ඉතා බහුලවම රටඉදි ආහාරයට එකතු කර ගන්නා නිසා විශාල වශයෙන් ආනයනය කරන පළතුරක්. අපි අද කතා කරමු රට ඉදිවල සැඟවිලා තියෙන විශේෂ ගුණ ගැන.

මුලින්ම රටඉඳිවල විශේෂතා දැන ගනිමු.
රට ඉඳි ප්‍රමාණයෙන් පුංචි වුණාට ඉතා ඉක්මනින් බඩ පුරවන සුළු ආහාරයක්. මේ නිසාම මුස්ලිම් ජනතාව රාමසාන් උපවාසය අවසන් කළ පසුව ඊළඟට ආහාර ගැනීම ආරම්භ කරන්නේ රට ඉඳි ගෙඩියක් කාලා වතුර පානය කිරීමෙන් පස්සේ. මේකට හේතු කිහිපයක්ම තියනවා. එකක් ආහාර පාලනය කිරීම. අනික් කාරණය වේල් කිහිපයක් බඩගින්නේ ඉඳලා ආහාර ගත්තහම ඒක ශරීර සෞඛ්‍යයට අහිතකරයි. දරා ගන්නටත් අපහසුයි. ඒ වාතාවරණය නැති කරන්නත් මේ රට ඉදිවලට විශේෂ හැකියාවක් තියෙනවා.
ශරීරයට ශක්තිය ලබාදෙනවා.
අඛණ්ඩව වෙහෙස මහන්සි වෙන පුද්ගලයන්ට කෘතිම නිෂ්පාදන ලබා දෙනවා වෙනුවට ක්ෂණිකව ශක්තිය ලබා දෙන්නට හැකි පලතුරක් තමයි රට ඉදි.
කුඩා දරුවන්ට සහ දරු ප්‍රසූතියට සූදානම් වන ගැබිනි මව්වරුන්ටත් ගුණදායකයි
දරු ප්‍රසූතියට සූදානම් වන ගැබිනි මවුවරුන්ගේ ගර්භාෂයේ මාංශ පේශි ශක්තිමත් කිරීමට දිනපතා රට ඉඳි ආහාරයට ගන්නා එක හරිම වැදගත්.

ඖෂධීය වටිනාකමකින් සමන්විතයි.
තන්තු බහුල ආහාරයක්. ඒ වගේම මේ රටඉඳිවල ඉතාම දුර්ලභ ගණයේ පෝෂක රාශියක්ම අන්තර්ගත වෙනවා. කැලරි බහුල රටඉඳිවල කාබෝහබෝහයිඩ්‍රේට්වලින් කැලරි විශාල වශයෙන් ද ඉතිරි සුළු ප්‍රමාණය පෝටීනවලිනුත් ලබා දෙනවා. මේ කැලරි හැරුණාම විටමින් වර්ගත්, කැල්සියම්, යකඩ, පොටෑසියම්, පොස්පරස් ආදී ඛනිජත් මේවායේ අඩංගු වෙනවා.
රට ඉදි ආහාරයට එකතු කර ගැනීමෙන් ලැබෙන වාසි
ශරීරයට ශක්තිය ලබා දෙනවා.
ශරීරයේ වෙහෙස විඩාව දුරු කරනවා.
මලබද්ධය නැති කරනවා.
ඇස් ආශ්‍රිත ආබාධ ඇතිවීමේ අවදානම අඩු කරනවා.
මතකය වැඩි දියුණු කරනවා.
ආතතිය අඩු කරනවා.
ඇල්ෂයිමර් රෝගය ඇතිවීම වළක්වනවා
දරු ප්‍රසූතිය පහසු කරනවා.
අස්ථි සෞඛ්‍යයට හිතකරයි.
රක්තහීනතාවෙන් පෙළෙන අයට ගුණදායකයි.
ආහාර ජීර්ණය පහසු කරනවා.
මවුවරුන්ගේ කිරි වර්ධනය කරනවා.
මුත්‍රා පිට නොවීම සහ මුත්‍රා දැවිල්ල ආදී ආසාදන සුව කරනවා.
ඔසප් වේදනාව දුරු කරනවා.
ආමාශගත පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා.
දේහ බර වැඩිකර ගන්නට උදව් වෙනවා.
වැලඳුණු හෘදයාබාධ සුව කරනවා. හෘදයාබාධ වැළඳීමේ අවදානම අඩු කරනවා.
ශරීරයේ ඇති විෂහරණයට උදව් වෙනවා.
මද්‍යසාර භාවිතය නිසා අක්මාවට වන හානිය අවම කරනවා.
මානසික විකෘතිතා ඇතිවීම වළක්වනවා.
සම පැහැපත් කර සම නිරෝගී කරනවා.
හිසේ කැක්කුම් නැති කරනවා.
ආහාර අරුචිය සහ වමනය දුරු කරනවා.
විජලනයට ගුණදායකයි.
වකුගඩු ගල් දිය කරනවා.
රට ඉදි භාවිතයෙන් ඖෂධ
ශරීර බර වැඩි කරගන්නට
දිනකට රට ඉඳි මදුළු හතක් ආහාරයට ගැනීම මේ සඳහා ඉතා හොඳයි. ඒ වගේම ඇට ඉවත් කරගත් රට ඉඳි මදුළු හතක් පමණ එළකිරි සමඟ දිනපතා ආහාරයට ගන්න. එය ශරීර බර වැඩි කර ගන්නට උදව් වෙනවා.
මල බද්ධයට
රට ඉදි සාමාන්‍ය ලෙස ආහාරයට ගන්නවාට වඩා රටඉඳිවල ඇට ඉවත් කර රැයක් ඇල් දියේ පොඟවා උදෑසන ආහාරයට ගැනීමෙන් මලබද්ධය සුව කරගන්නට පුළුවන්.
අධික ලෙස මත් වුණු අයගේ මත් බව නැති කරන්නට
ඇට ඉවත් කරන ලද රට ඉඳි, නෙළුම් ඇට, මුද්දරප්පලම්, රට ගොරකා මද, නෙල්ලි, සියඹලා, පුපුරැස්ස ආදිය සම ප්‍රමාණවලින් ගෙන ඊට වඩා හතර ගුණයක් ජලය දමා බ්ලෙන්ඩර් කරගෙන අධික මත් බවින් ඉන්න අයට පානයට ලබා දෙන්න. එමගින් ඉක්මනින් වෙරි මත අඩු වෙනවා වගේම මත්ද්‍රව්‍ය පානය නිසා අක්මාවේ ඇති විෂ මගහරවා ගන්නටත් මෙය ඉතා ගුණදායක පානයක්.
හිසේ කැක්කුම සමග ඇතිවන වමනය නතර කිරීමට
රට ඉඳි මදුළු කිහිපයක් ගෙන එහි ඇට ඉවත් කර ගෙන මුට්ටියකට දමා එයට වතුර කෝප්ප හතරක් මිශ්‍ර කර පත එකට සිඳුවා ගන්න. ඉන්පසු පෙරා පානයට දෙන්න. බඩ බුරුලෙන් යාමත් නතර කරගන්න උදව් වෙන පානයක් මෙය.
තද අව්වේ ගමන් ගිය පසු ඇතිවන තද හිසරදයට
උළුහාල් ස්වල්පයකට වතුර පත හතරක් දමා පත එකක් වන සේ සිඳගෙන එයට රට ඉඳි මදුළු කිහිපයක් තළා හොඳින් මිශ්‍ර කර පානයට ගන්න.
මුත්‍රා පිට නොවීම සහ මුත්‍ර දැවිල්ලට
හොඳින් උණුකර ගත් වතුර වීදුරුවකට රටඉදි අටක් පමණ තළා දමා පානය කරන්න. මෙය වකුගඩු ගල් සහ මුත්‍රා ගල් දිය වීමටත් ඉතා ගුණදායකයි.
රට ඉදි ඇට භාවිතා කරන හැටි
අපි රට ඉඳිවල මදුල පමණක් ආහාරයට අරගෙන එහි ඇට කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැතිව විසි කරලා දානවා. නමුත් රටෛදි ඇටවල අපේ ශරීරයට අවශ්‍ය කරන බොහොමයක් පෝෂක අන්තර්ගත වෙනවා.

රට ඉඳි ඇට හොඳින් කුඩු කර දෂ්ටනයට ලක් වුණු ස්ථානවල ආලේප කිරීමෙන් දෙබර බඹර මී මැසි ආදි සත්ත්ව විෂ නැති කරගන්නට පුළුවන්. ඒ වගේම රට ඉදි ඇට වියලා කබලේ බැඳ හොඳින් කුඩු කර දිනපතා උදේ සවස කෝපි මෙන් පානය කරන්න. බෝහෝ රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නට සන්ධි ආශ්‍රිත වේදනා දුරු කර ගන්නටත් මෙය ඉතාම හොඳ පානයක්.
ඉතින් මේ රට ඉඳි ගුණයෙන් ඉතාම ඉහළ නමුත් දියවැඩියාවෙන් පෙළෙන අයෙක් නම් එය සීමාසහිතව ගැනීමට වගබලා ගන්න. ඒ වගේම අධිකව වරකට විශාල ප්‍රමාණයකින් ආහාරයට ගැනීමෙන් වළකින්න. ඒ වගේම ඔබ කිසි විටෙක රටඉදි ඖෂධයක් වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කිරීමෙන් වැළකිය යුතු බවත් මතකයේ තබා ගන්න