බහුවාර්ෂික ශාකයක් වන රත් මල් පඳුරක් ලෙස වැඩෙන කුඩා ශාකයකි. පත්‍ර සරල සම්මුඛ පත්‍ර වන අතර මල් පෙති හතරක් සහිත පොකුරු ලෙස හට ගනී. අලංකාරවත් එම මල් ගෙවතු අලංකරණය සඳහා වර්තමානය වන විට බහුලව වගා කරනු ලැබේ. මෙහි අමු ඵලය කොළ පැහැති වන අතර ඉදුණු පසු කළු පැහැයට හුරු තද රතු පැහැයක් ගනී. බොහෝ දෙනෙකු මෙම ගෙඩි පලතුරක් ලෙසද ආහාරයට ගන්නා අතර රත්මල් ප්‍රභේද ගණනාවක් හඳුනාගත හැකිය. නමුත් ඖෂධ සඳහා භාවිතා කරන්නේ Rubiaceae උද්භිද කුලයට අයත් රත්මල් ශාකයයි.
රත්මල් ශාකයේ කොළ, පොතු,මල් ආයුර්වේදය තුල නොයෙක් රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී.
එම ඖෂධ අතුරින් රත් මල් පානය බොහෝ රෝග සමනය කිරීමට උපකාරීවේ.

මේ සඳහා රත් මල් පොකුරු කීපයක් ගෙන මද පවනේ වේළා කුඩුකර ගෙන ඉන් ස්වල්පයක් උණුසුම් වතුර වීදුරුවකට දමා වසා තබා තැම්බෙන්නට හැර රත් මල් පානය සකස් කරගත හැකිය.
රත්මල් ශාකයේ ඖෂධීය ගුණ
මදසරුභාවය වළක්වයි.
ළදරුවන්ගේ රතගාය සමනය කරයි.
ආර්තව අක්‍රමිකතා සමනය කරයි.
උගුරේ සෙම් රෝග සමනය කරයි.
සමේ ඇතිවන ආසාදන සමනය කරයි
පිළිකා ඇතිවීම වළක්වයි.
කැස්ස සමනය කරයි.
ශරීර ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි.
ආහාර අරුචිය සමනය කරයි.
අක්ෂි රෝග සමනය කරයි.
විෂබීජ නාශනය කරයි
මෙවැනි රෝග ගණනාවක් සුව කිරීමට රත්මල් ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.
රත්මල් පානය භාවිතා කිරීමෙන්

රුධිරගත විෂ ඉවත් කිරීම සඳහා
මදසරුභාවය දුරු කිරීම සඳහා
ගර්භාෂ රෝග සමනය කිරීම සඳහා
රත්මල් පානය භාවිතා කිරීම යෝග්‍ය වේ.
රත්මල් වඩාත් ප්‍රචලිත වන්නේ කුඩා දරුවන් නෑවීමට යොදා ගන්නා ඖෂධයක් ලෙසය. බොහෝ විට රත් මල් යොදා දරුවන් නෑවීමෙන් දරුවන්ගේ සමෙහි ඇති වන දද ,කුෂ්ඨ, දහඩිය බිබිලි ආදී වූ සම මත ඇතිවන අසාත්මික තාවයන් සමනය කරගත හැකිය. එමෙන්ම එවැනි රෝග නැවත ඇතිවීම වලක්වා ගැනීමට ද රත්මල් ගුණදායක ඖෂධයකි. මේ සඳහා රත් මල් ඇතුළුව ඖෂධ සංයෝගයක් යොදාගනු ලැබේ.
රත්මල්, වෙනිවැල්ගැට,අමුකහ වතුරට දමා තම්බා පසුව අමු කහ කැබැල්ල ගෙන නැවත තලා වතුරට දමා නිවෙන්නට හැර බිලිදා නෑවීමෙන් දරුවාගේ රක්ත දෝෂ සමනය කර ගත හැකිය. එමෙන්ම බිළිදු සමෙහි ඇතිවිය
රෝග වලින් ද ආරක්ෂාව සලසා ගත හැකිය.
රත කුෂ්ඨ සඳහා
ඈත අතීතයේ සිටම රත කුෂ්ඨ රෝගය සුව කිරීමට රත් මල් අඹරා ආලේප කිරීම සිදුකර තිබේ. ඒ හැරුණුකොට අබ කොළ, රත් මල් අඹරා තල තෙල් මිශ්‍ර කර ආලේප කිරීම වඩාත් යෝග්‍ය ප්‍රතිකාරයක් වේ.
මෙම ප්‍රතිකාර වලට අමතරව උදුපියලිය, රත්මල් කොළ, කැකුළු හාල් ස්වල්පයක් යන සියල්ල ජලයෙන් අඹරා රත කුෂ්ඨයේ ආලේප කිරීම වඩාත් යෝග්‍ය වේ.
අක්ෂිරෝග සුව කරයි.
නිතර ඇතිවන අක්ෂි රෝග එනම්
ඇස් කැසීම, රතුවීම ආදී අක්ෂි රෝග සුවපත් කිරීමට රත් මල් වතුරට දමා ටික වේලාවක් තබා පසු රත් මල් වතුරෙන් මුහුණ හා ඇස් සේදීම යෝග්‍ය වේ.
රතගාය සමනය කරයි.
රත් මල් කොළ සහ පොතු තම්බා ගත් වතුරට සීනි දමා පානය කිරීමට දීම, රත් මල් පොතු කෂාය කර දීම ,වදමල්, රත්මල්, රත්හඳුන්,වැල්මී තම්බාගත් වතුර සීනි හෝ
මීපැණි දමා පානය කිරීම. මගින් රතගාය සුව වේ.
චර්ම රෝග සමනය කරයි.
දද ,කුෂ්ට, වණ සමනය කිරීම සඳහා රත් මල් පානය හා රත්මල් ආලේපය යෝග්‍ය වේ.
මුඛ පිළිකා ඇතිවීම වළක්වයි.
මුඛ පිළිකා ඇතිවීම වළක්වා ගැනීමට
බුලත්විට කනවිට රත් මල් පොහොට්ටුවක් ඊට එකතු කරගෙන තිබේ. එනම් ඉන් මුඛ පිළිකා ඇතිවීම වළක්වාගත හැකි බව බොහෝ දෙනාගේ මතයයි..
මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස රත්මල් භාවිතා කළ හැකිය.