ලෝකයේ ඉතාමත් ජනප්‍රිය ඒ වගේම ඉතාමත් රසවත් පානයක් තමයි කෝපි කියන්නේ. කෝපි රූපලාවන්‍ය ක්ෂේත්‍රයේදීත් බහුලව භාවිතා වන දෙයකි. බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන වලට කෝපි වල අඩංගු කැෆේන් නම් මෙම ඇල්කලොයිඩ සංඝටකය බහුලව භාවිතා කෙරේ. කැෆේන් මඟින් සම උත්තේජනය කිරිම, සම ප්‍රාණවත් කිරීම, සම පිරිසිදු කිරීම ආදී බොහෝ සමට හිතකර සෞඛ්‍යය ප්‍රතිලාභ ලබාදේ.
අද දවසේදී අප ඔබට කියාදෙන්නේ ඔබේ ස්වභාවික සුන්දරත්වය ඔප්නංවමින් ඔබේ පෙනුම ආකර්ෂණීය කරවන ආකාරයේ ප්‍රතිඵල ලබාදෙන, නිවසේදීම සිදුකරගත හැකි සත්කාර ක්‍රම 5 ක් ගැනයි.
- මැරුණු සම ඉවත්කරවන මාස්ක් එකක්

සමේ මැරුණු සෛල හොඳින් ඉවත්කරන ස්වභාවික සත්කාරයක් ලෙස කෝපි හැඳින්විය හැකියි. ඒවා මඟින් සමට අවශ්‍ය කොලැජන් නිෂ්පාදන ක්‍රියාවලිය උත්තේජනය කරයි. ප්‍රති-ප්‍රදාහක සත්කාරයක් ලෙස මත මත ක්‍රියා කරයි. මුහුණට සහ බෙල්ල ප්‍රදේශයට මෙම සත්කාරය සිදුකරගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කෝපි කුඩු ග්‍රෑම් 150
- දුඹුරු සීනි ග්‍රෑම් 200
- ඔලිව් තෙල් මේස හැඳි 3
- මී පැණි මේස හැඳි 2
ක්‍රමය:
සියල්ල බඳුනකට දමා වඩාත් ඝනකම් නොවන මිශ්‍රණයක් සාදාගන්න. මිශ්‍රණය ස්වභාවයෙන් සැහැල්ලු හා පහසුවෙන් තැවරෙන තත්වයේ තිබිය යුතුයි. මුහුණේ සහ බෙල්ලේ ස්තරයක් ලෙස මාස්ක් එක ආලේප කරගන්න. සම මෘදුව සම්බාහනය කරන්න. වියළෙන තුරු සම මත තිබෙන්නට හැර උණුසුම් වතුරෙන් මුහුණ සෝදාගන්න. මිශ්‍රණය වසා තැබිය හැකි බඳුනකට දමා ශීතකරණයේ තබා සතියකට එක් වාරයක් බැගින් භාවිත කරන්න.
- තොල් වලට ස්ක්‍රබ් සත්කාරයක්
තොල් වල වියළි සම ඉවත් කර නිරෝගි පෙනුමක් ඇතිකරවයි.

අවශ්‍ය ද්‍රව්‍ය:
- කෝපි කුඩු මේස හැඳි 1
- ඔලිව් තෙල් මේස හැඳි 2 (ඔබ කැමති වෙනත් තෙල් වර්ගයක් භාවිතා කල හැකිය)
ක්‍රමය:
සියල්ල බඳුනකට දමා මිශ්‍රකරගන්න. තොල් මත ස්ක්‍රබ් එක ගල්වා ඇඟිලි තුඬු වලින් කවාකාරව සම්බාහනය කරන්න. සතියකට වාර 3 ක් පමණ මෙම සත්කාරය සිදුකරන්න. වතුරෙන් සෝදා ඉවත්කර තෙතමනය ලබදෙන ලිප් බාම් එකක් ගල්වන්න.
- ෂැම්පු සත්කාරයක්

කෝපි වල අන්තර්ගත පෝෂක හිසකෙස් වලට සහ හිස්කබලේ නීරෝගි බව සඳහා ද සත්කාර ලබාදේ. රුධිර සංසරණ ක්‍රියාවලිය උත්තේජනය කිරීම, මැරුණු සෛල ඉවත්කිරීම, හිසකෙස් හැලීම වැළැක්වීම, හිසකෙස් ශක්තිමත් කිරීම, ස්වභාවික පැහැය වඩාත් තද කිරීම, කෙස්කලඹට ප්‍රසන්න සුවඳක් එක්කිරීම ආදි ප්‍රතිලාභ ලබාදේ. මෙම ෂැම්පු සත්කාරය මඟින් ඔබේ හිසකෙස් නීරෝගි කරමින් දිගුව වර්ධනය වීමට සහය ලබාදේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
- සාමාන්‍ය ෂැම්පු
- කෝපි කුඩු මේස හැඳි 5
- වතුර කෝප්ප 1
ක්‍රමය:
වතුර මදක් රත්කරගෙන සිසිල් වීමට තබා කොපි කුඩු මිශ්‍ර කරගන්න. පුනීලයකින් මිශ්‍රණය ෂැම්පු බෝතලයට මිශ්‍රණය පෙරාගන්න. මූඩිය වසා හොඳින් සොලවන්න. පැය 2 ක් පමණ තිබෙන්නට හැර භාවිතයට ගන්න.සාමාන්‍ය පරිදි හිස මත ෂැම්පු ගල්වා කවාකාරව හිස්කබල සම්බාහනය කරන්න. මිනිත්තු 5 ක් පමණ තිබෙන්නට හැර සෝදා ඉවත්කරගන්න. මෙය සතියකට වාර 2-3 ක් පමණ භාවිත කරන්න.
- අඳුරු ලප කැලැල් සඳහා

නින්ද නොමැතිකම, ආතතිය හෝ අසනීප තත්වයන් නිසා ඇස් යට අඳුරු බව සහ එල්ලාවැටුණු ස්වභාවය ඇතිවේ. ඔන් ඔබේ පෙනුමට තෙහෙට්‍ටු බවක් , වියපත් ස්වභාවයක් ඇතිවේ. මේ සඳහා අමුද්‍රව්‍ය දෙකකින් ඔබේ මුහුණට සත්කාරයක් ලබාදිය හැකියි. කෝපි මඟින් සමේ කොලැජන් නිෂ්පාදනය වැඩිකරවන අතර අර්තාපල් වල අඩංගු විටමින් B6 සහ විටමින් D පදාර්ථ පෝෂණය සමට ගුණ දේ. එමෙන්ම සමට නැවුම් පෙනුමක් ද ඇතිකරවයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- සීනි නොමැති සාන්ද්‍රිත කෝපි කෝප්ප 1/4
- අර්තාපල් පෙති 2
ක්‍රමය:
අල පෙති දෙක සීතල කෝපි වල මිනිත්තු 2 ක් පමණ පෙඟෙන්නට හැර ඉවත්කරගන්න.ඇස් මත ඒවා තබා මිනිත්තු 20 ක් පමණ ගත වනතුරු සිටින්න. නිතර මේ සත්කාරය කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල ලැබේවි.
- මුලු සිරුරටම ස්ක්‍රබ් සත්කාරයක්

කෝපි සෙලියුලයිට් හෙවත් සමේ ඇතිවන මේදකැටිවීම් (විශේෂයෙන්ම කාන්තාවන්ගේ කලවා , ඉණටිය ආශ්‍රිතව) දුරුකරගැනීමට ඉතා ඉහළ මට්ටමේ දායකත්වයක් ලබාදේ. කෝපි මඟින් රුධිර සංසරණය උත්තේජනය කිරීම නිසා සිරුරේ සම්බන්ධක පටක අතරේ තැන්පත්වීම සිදුවන අතිරික්ත තරල ඉවත් කිරීමට එය දායක වේ. මේ සඳහා යම් කාලයක් වැය වුණත් ඔබට හොඳ ප්‍රතිඵල ලැබේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කෝපි කුඩු කෝප්ප 1
- පොල් තෙල් හෝ ආමන්ඩ් තෙල් කෝප්ප ½
- පොලිතින් කවරයක්
ක්‍රමය:
ඝන මිශ්‍රණයක් ලැබෙන තුරු මේවා බඳුනකට දමා හොඳින් කලවම් කරගන්න. ඔබේ කලවා, අත්වල, තට්ටම් වල සහ උදරයේ මෙසේ මේදකැටිවීම් ඇතිවි ඇති තැන් වල මිශ්‍රණය ආලේප කරගන්න. පොලිතින් කවරයකින් එතැන මිනිත්තු 30 ක පමණ කාලයක් පුරාවට ආවරණය කරගෙන සිටින්න. පොලිතින් එක ඉවත්කර , මිනිත්තු 5 ක් පමණ සම කවාකාරව හොඳින් සම්බාහනය කරන්න. පසුව උණුසුම් වතුරින් සෝදා ඉවත්කරගන්න.සතියකට දෙවරක් පමණ මේ සත්කාරය සිදුකරන්න.