පිළිකාවක් කියන්නේ ජීවිත්වීමෙ ආසාව නැතිවෙන මානසිකවත් ශාරීරිකවත් විශාල වශයෙන් කඩා වැටීමකට ලක්වෙන රෝගයක්. පිළිකා බොහොමයක් සුවකරන්නට නොහැකි වීම නිසා වගේම ඉතා ඉක්මනින් මරණයට පත් කරවන්නට තරම් සමත් රෝගයක් නිසා අපි හැමෝම මේ රෝගයට ගොඩක් බයයි. පිළිකා කල්තියා හඳුනා ගත්තොත් සුව කිරීමේ වැඩි හැකියාවක් තියෙන නිසා අපි අද ඔයාට කියන්නට යන්නේ තවත් පිළිකාවක් ගැන තොරතුරු ටිකක්. ඒ තමයි ගුද මාර්ගයේ පිළිකාවක් කල්තියා හඳුනා ගන්නේ කොහොමද කියන කරුණු ගැන.
මේ ගුද මාර්ගයේ පිළිකා ලැජජාව නිසා බොහෝ අය එතරම් නොසලකා හරින කතා නොකරන රෝගයක්. නමුත් පිළිකා හේතුවෙන් සිදුවන මරණවලින් ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්වය සුලබයි.
අපේ ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන කොටස වෙන ගුදය ජිර්ණය කරගෙන ඉතිරි වන ආහාරවල කොටස් මළපහ විදියට ශරීරයෙන් බැහැර කරනු ලබනවා. බඩවැල අවසානයේ හමුවන ගුදය සාමාන්‍යයෙන් අගලකින් හෝ අගල් එක හමාරක දිගකින් යුක්ත වෙනවා.පිළිකාමය තත්ත්වයන් මුලින්ම වර්ධනය වන්නේ ගුදයේ අභ්‍යන්තර බිත්ති මත පිහිටා තියෙන mucosa යන නමින් හඳුන්වන සෛලවල. ගුද මාර්ගය ආශ්‍රිත මෙවැනි පිළිකා තත්ත්වයන් ආහාර මාර්ගයේ මහා අන්ත්‍රයේ වුණත් ඇතිවෙන්නට පුළුවන්. වයස අවුරුදු 50 ඉක්මවූ අය අතර මේ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා බහුලයි.

ගුද මාර්ගයේ පිළිකා ඇතිවෙන්නට බලපාන හේතු
- ජානමය හේතු
- ආහාර රටාවේ දෝෂ
රතු මස්,සත්ත්ව මේද බහුල ආහාර,තන්තු සහිත ආහාර අඩුවෙන් ගැනීම, අධික උෂ්ණත්වයෙන් පිසින ලද Deep Frying Grilling වගේ ආහාර බහුලව පරිභෝජනය මේ පිළිකා ඇති වෙන්නට බලපානු ලබනවා. ඒ වගේම මස් වල කටු සපාකෑම් යම් යම් ඇට වර්ග ආදිය නිසා ගුද මාර්ගය ආශ්‍රිත ප්‍රදේශ තුවාල වී පිළිකාමය තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්.
- අධික තරබාරුව
- අධික මත්පැන් පානය
- අලසව ගත කරන ජීවන රටාව
- බඩවැල ආශ්‍රිත රෝග
- දෙවන වර්ගයේ දියවැඩියාව
ගුද පිළිකාවක් හඳුනා ගත හැකි ලක්ෂණ
- මලබද්ධය හෝ මළපහ බුරුලෙන් පිටවීම
- දිනපතාම ගුදය අවට කැසීම නිතර ගුදය අවට කැසීම ගුද පිළිකා ඇති කරන සෛල විකෘතිවීමක් නිසා ඇතිවන පූර්ව ලක්ෂණයක් විය හැකියි.
- අක්‍රමවත් ලෙස මලපහ පිටවීම වැසිකිලි යාමෙන් පසුව නැවතත් උදරයේ මලපහ තිබෙන බව දැනීම මලපහවල හැඩය පටු ස්වභාවයක් ගැනීම ඇතිවෙන්නට පුළුවන්. මෙය නිතරම අත්දකින්නට ලැබෙනවා නම් සැලකිලිමත් වෙන්න.
- ගුදයෙන් රුධිරය පිටවීම
- වේදනාවක් සහිතව හෝ රහිතව ගුද මාර්ගය ඉදිමීම
- බඩ පුරවා දැමීම
- වමනය
- කොන්දේ වේදනාව
- කෑම අරුචිය
- අධික නිදිමත
- කල් පවතින බඩේ කැක්කුම
- කෙටි කාලයක් තුළ බර අඩුවීම
- රක්තහීනතාවය
- ක්ලාන්ත ගතිය

මේ රෝග ලක්ෂණවලින් කිහිපයක් ඇති වූ වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරවා ගත යුතු වෙනවා. ගොඩක් අය ගුද මාර්ගයේ පිළිකා තත්ත්වයන් අර්ශස් රෝගය සමඟ පටලවා ගන්නවා . ඒ නිසා වන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි . මේ සඳහා ස්කෑන් පරීක්ෂන, බාහිර පරීක්ෂාව වගේම ජෛව පටක පරීක්ෂාවත් සිදු කරනු ලබනවා.
මේ පිළිකාවලින් වැළකී ඉන්නට නම් නිරෝගී ජීවිතයක් ගත කරන්නට නම් ක්‍රියාශීලි දිවි පැවත්මක් ගත කිරීම , ස්වාභාවික එළවලු සහ පලතුරු වැඩිපුර ආහාරයට ගැනීම, සත්ත්ව මේද අඩංගු ආහාර අඩුවෙන් ගැනීම, උසට සරිලන බරක් පවත්වා ගෙන යාම, කෘතීම ආහාර, වැඩි වශයෙන් පිරිසිදු කරන ලද ආහාර අඩුවෙන් පරිභෝජනය සහ දුම්පානය සහ මත්පැන් භාවිතයෙන් වැළකීමත් යහපත් .