මුඛ දුර්ගන්ධය නැත්නම් කට ගඳ ගැසීම අද බොහෝ දෙනෙක්ට පවතින බොහෝදෙනෙක් කතා කරන්නට අකමැති ගැටළුවක්. මුඛ දුර්ගන්ධය නිසා ඔබ වැඩ කටයුතු කරන කාර්යාලය තුළ වගේම මිතුරන් ඇසුරේදීත් ඉතාමත් අපහසුතාවයට පත්වෙන්නට පුළුවන් . මෙහිදී තමන්ගේ මුඛයේ දුර්ගන්ධයක් ඒ අදාල පුද්ගලයාට තේරුම් ගැනීමට අපහසුවීම නිසා වඩාත් ගැටළුකාරී තත්ත්වයක් ඇතිවෙනවා. ඉතින් මුඛ දුර්ගන්ධය මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඇතිවන විවිධ ගැටළු නිසා හෝ මුඛය නිසිලෙස පිරිසිදු නොකිරීම හෝ ලබා ගන්නා යම් යම් ඖෂධ යන කාරණා නිසා ඇති වෙන්නට පුළුවන්. නමුත් මුඛ දුර්ගන්ධය ඇතැම් විට පිළිකා , අක්මාව ආශ්‍රිත රෝග තත්ත්වයක් නිසා ඇති වෙන්නටත් පුළුවන්. හේතුව කුමක් වුණත් පිරිස අතරින් කොන් වෙන්නට හේතු වෙන මේ මුඛ දුර්ගන්ධය දුරු කරගත යුතු වෙනවා.ඉතින් මේ සඳහා සිදු කළ යුතු පිළියම් දිනපතාම සිදු කරන්නට අපිට සිදු වෙනවා. මොකද මේ ගැටළුවට ස්ථිර විසඳුමක් නැති නිසා.

නිතර ජලය පානය කරන්න මුඛයේ දුර්ගන්ධය ඇති කරන්නට ප්‍රධාන වශයෙන් හේතුවෙන්නේ මුඛයේ වියළි බව. බොහෝවේලාවක් ජලය පානය කරන්නට අවස්ථාව නැතිවුණාම මුඛයේ ඛේටය නිෂ්පාදනය අඩුවෙලා මුඛය වියළි බවට පත්වෙනවා.මුඛය වියළි වුණාම දිවේ සෛල මියයාම බැක්ටීරියා මගින් සිදු කිරීම නිසා දුගඳ හැමීම ඇති කරනවා. ඒ නිසා බැක්ටීරියා ක්‍රියාකාරිත්වය අවම කරන්නට මුඛය තෙත්ව පවත්වා ගන්නට නිතර ජලය පානය කරන්නට අවශ්‍ය වෙනවා. එය මුඛ දුර්ගන්ධය නැති කරගන්නට සිදු කරන්නට හැකි සරල පිළියමක්.
දිව පිරිසිදුව තබා ගැනීම මුඛයේ දුර්ගන්ධය ඇති කරන්නට බලපාන තවත් කාරණයක් තමයි දිවේ පිරිසිදු බව. ඒ නිසා මුඛ දුර්ගන්ධය වළක්වා ගන්නට දත් මදින විට දිව හොඳින් මැද පිරිසිදු කර ගැනීම වැදගත්. රෝස පැහැ පැහැදිලි දිවක් කියන්නේ පිරිසිදු බවේ සහ නීරෝගීභාවයේ ලක්ෂණයක්.
මවුත් වොෂ් භාවිතා කිරීම කාර්යාලයකදී වෙනත් ස්ථානයකදී දත් මැදීම කළ නොහැකි විට මුඛ දුර්ගන්ධය වළක්වා ගන්නට මෙවැනි සේදුම් දියරයක් භාවිතා කරන්නට පුළුවන්. මෙය භාවිතයෙන් මුඛය සෝදා විනාඩි 30 ක් ගතවනතුරු ආහාර නොගෙන සිටීමෙන් මුඛයේ නැවුම් බව බොහෝවේලාවක් තබා ගන්නට ඔබට පුළුවන්. නමුත් මෙහි අඩංගු දේවල් නිසා දත් දිරායාම හා පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කල හැකි බැවින් නිතර නිතර මවුත් වොෂ් භාවිතා කිරීම සුදුසු නැති බවත් මතකයේ තබා ගන්න.
මුඛ නැවුම්කාරක ද්‍රව්‍යක් අනුභව කිරීම මුඛයේ අප්‍රසන්නතාවය දුගඳ නැති කර ගන්නට මින්ට් වර්ග, එනසාල් ඇට, සූදුරු , මාදුරු , කුරුඳු, කරාබු ඇට, අසමෝදගම් ඇට ආදිය හපන්නට ඔබට පුළුවන්. එය ඔබටත් ඔබේ සමීපතමයන්ටත් ප්‍රියතාවයක් ඇති කරන්නට හේතුවෙනවා.
- සෑම ආහාරවේලකින් පසුව හොඳින් කට සෝදාදැමීම
- දිනකට දෙවරක් දන්තාලේපයක් භාවිතයෙන් දත් මැදීම
මුඛයේ අපිරිසිදුකම අතිශයින්ම මුඛයේ දුර්ගන්ධයට හේතුවක් වන බැවින් නිසියාකාරයෙන් දත් මැදීම ඉතා වැදගත්. නිසි පරිදි දත් නොමැදීම නිසා මුඛයේ බැක්ටීරියා වර්ධනය කරනවා. බැක්ටීරියා මගින් නිකුත් වන සල්පර් සංයෝග මුඛයේ දුර්ගන්ධයට හේතු වෙනවා. ඒ වගේම දත් බුරුසුව මාස 2 ට වරක් මාරු කිරීමත් මුඛ දුර්ගන්ධය නැති කරගන්නට වැදගත් වන කාරණාවක්.
- දුම්බීම හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම
- මුඛ දුර්ගන්ධය ඇති කරවන ආහාරපාන භාවිතය අවම කිරීම
- ශරීරය සිසිල් කරන ආහාර ගැනීම
ශරීරයේ අධික උෂ්ණත්වය මුඛ දුර්ගන්ධය ඇති කරන්නට හේතු වන නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් විය යුතු වෙනවා.
- මින්ට් රස අඩංගු චුයින්ගම් හැපීම
- ග්‍රීන් ටී පානය
දිනකට දෙවරක් ආහාර ගැනීමෙන් පසුව ග්‍රීන් ටී පානය කිරීම මුඛ දුර්ගන්ධය වළක්වා ගන්නට උපකාරී වෙනවා.

ආහාර නිසි වේලාවට ලබා ගැනීම බොහෝවේලාවක් ආහාර නොගෙන කුසගින්නේ සිටීම නිසා ආමාශයේ අම්ල ගතිය වැඩිවී මුඛයෙන් දුර්ගන්ධය ඇති වෙනවා.
මාස 4-6 ට වරක් දන්ත වෛද්‍යවරයෙකු හමුවීම විදුරුමස් දියවීම, මුඛයේ ගෙඩි හෝ වනවීම් ආදිය ඇති අවස්ථාවලත් මුඛ දුර්ගන්ධයක් ඇතිවන නිසා දන්ත වෛද්‍යවරයෙකු හමුවී ඒවාට නිසි ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා.
- දත් මැදීමෙන් පසුව මද උණුසුම් ජලයට ලුණු ස්වල්පයක් දමා මුඛය සෝදන්න
- දත් මදින විට පොල් තෙල් ස්වල්පයක් හා ලුණු ස්වල්පයක් දමා දත් හොඳින් පිරිසිදු කර ගන්න.
- කුරුඳු පොතු, කොස් නටු, පුවක් මල් තම්බා ගත් ජලයෙන් කට නිතර සෝදන්න
- අරළු බුළු නෙල්ලි යන ඖෂධ පුළුස්සා ඒ අඟුරු කුඩු කර එයට ලුණු සහ ගම්මිරිස් කුඩු මිශ්‍රකර දන්තාලේපයක් සේ සකසා දත් මදින්න.
- කරාබු නැටි කිහිපයක් තලා රාත්‍රියේදී වතුර වීදුරුවකට දමා උදෑසන හිස්බඩ පානය කරන්න
- සමන් පිච්ච කොළ , බෙලි කොළ තම්බා මුඛය සෝදන්න
- උණු වතුර කෝප්පයකට බේකින් සෝඩා තේ හැදි 1 ක් හෝ 2 ක් එකතු කර හොඳින් මිශ්‍රකර එයින් ඔබේ මුඛය සෝදන්න. මෙය ආහාර ගැනීමෙන් පසුව දවසට කීප වරක් සිදු කිරීමෙන් මුඛ දුර්ගන්ධය වළකා ගන්නට පුළුවන්.
- උණු වතුර කෝප්පයකට දෙහි යුෂ මේස හැන්දක් එකතු කර දවසකට දෙපාරක් මුඛය සෝදන්න
මේ පිළියම් සිදු කිරීමෙන් ඔබ ලජ්ජාවට පත් කරන මුඛ දුර්ගන්ධයට තිත තියන්නට ඔබට පුළුවන්. නමුත් මේ පිළියම්වලින් යම් සහනයක් නොලැබෙන්නේ නම් එය සිරුරේ යම් රෝගයක් නිසාවෙන් ඇතිවන තත්ත්වයක් ද යන්න පරීක්ෂා කරවා ගත යුතු වෙනවා.