ඕනෑම සෙම් ගෙඩියක් දවස් 5න් සුව කරන සත්කාර 2 ක්

health tips

මේ දිනවල බොහෝ දෙනෙක් පීඩා විඳිනවා උගුරේ සෙම පපුවේ සෙම සහ සෙම් ගෙඩි ආදී රෝගවලින්. ලොකු කුඩා භේදයක් නැතිව ඇතිවන මේ රෝග අපි හැමෝම පීඩාවට පත් කරනවා. මේ වගේ වෙලාවකට බොහෝ දෙනෙක් කරන්නේ ලොකු මුදලක් වැය කරලා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට වෛද්‍යවරයෙකු සොයා යන එක. බොහෝ දෙනෙක් දන්නෙ නේ නැහැ මේ සෙම් ගෙඩි ඉතාම පහසුවෙන් නිවසේදී සුවපත් කරගන්නට හැකියාවක් තියෙන පිළියම් ගැන.  මුදල් ඉතිරි කර ගන්නට වගේම සකසා ගැනීමේ පහසුවත් අතුරු ආබාධ නොමැති වීමත් නිසා මේ වගේ පිලියම් භාවිතා කිරීමේ කිසිම වැරැද්දක් නැහැ.

සෙම් ගෙඩි නමින් හඳුන්වන්නේ මුඛ කුහරයේ පිටුපස වන්නට උගුරේ පිහිටා ඇති වසා ගැටිති. මුඛයෙන් ශරීරයට ඇතුළු වන විශබීජ පෙරණයක් විදියට ක්‍රියා කරන මේ ග්‍රන්ථීන් ආසාදනයට ලක්වීමෙන් ඉදිමීමකට ලක්වෙනවා.එවිට උගුරේ වේදනාව, ගිලීමේ අපහසුතා, උණ, බෙල්ල දෙපස රතුවීම ආදී ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්.මේ සෙම්ගෙඩි ප්‍රදාහය සෙම නිසා හෝ වෙනත් රෝගයක් නිසා හෝ විශබීජයක් නිසා ඇතිවෙන්නට පුළුවන්. සෙම්ගෙඩි ඉදිමීම් තත්ත්වයන් නිතර ඇතිවීම නිසා ඒ විෂබීජය සන්ධි වෙත ගමන් කිරීමෙන් සන්ධි ඉදීමීම් තත්ත්වයන් නිසා රුමටොයිඩ් උණ වගේම සැරව ගෙඩි  ඇතිවීම, හෘදයේ කපාට දුර්වල වීම ආදී නොයෙක් තත්ත්වයන් ඇති වෙන්නට බලපානවා. 

සාමාන්‍යයෙන් සෙංගෙඩි ඇතිවෙන්නට දවසකට පමණ කලින් උගුරේ වේදනාව සහ ගිලීමේ අපහසුතාව ඇති වෙනවා. මේ අවස්ථාවේදී  මෙන්න මේ අපි කියන ප්‍රතිකාරය කළොත් නම් ඉතාම පහසුවෙන් ඔයාට සෙම් ගෙඩි පපුවේ සෙම ආදී ගැටළු සියල්ලම නිරාකරණය කරගන්න පුළුවන් ඉතාම පහසුවෙන්.

මේ ප්‍රතිකාරය සෙම් ගෙඩි සඳහා විතරක් නෙවෙයි තවත් ප්‍රතිලාභත්  අපේ දේහයට ලබාදෙනවා. 

  • උගුරේ සහ පපුවේ සෙම ඉවත්වීම
  • ආමාශගත විෂ ඉවත් කිරීම
  • අජීර්ණ තත්ත්ව සමනය
  • ශරීරයේ කැසීම්, උෂ්න බිබිලි, ශරීරයේ කූඹින් දුවන්නාක්  මෙන් දැනෙන අපහසුතා මගහැරීම
  • වකුගඩු පිරිසිදු වීම 
  • ආහාර රුචිය වර්ධනය වීම

මේ පිළියමෙන් අපිට ලබා ගන්නට පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉදුණු දෙහි ගෙඩි 6-9

ආහාර රසවත් කිරීමට මුළුතැන්ගෙට නැතුවම බැරි දෙහි විශේෂයෙන්ම තෙල්, බෙහෙත්, කල්ක, පත්තුවලටත් අනුපානවලටත් හෙළ වෙදකමේදී නිතරම භාවිතයට ගන්නවා. විශිශේෂයෙන්ම මේ දෙහි විශබීජ නාශකයක් විදිහට ක්‍රියා කරනවා. දෙහිවල අධික වශයෙන් විටමින් සී අඩංගු වෙනවා. ඒ හැරුනහම පොස්පරස්, කැල්සියම් පවා මේ දෙහිවල අඩංගු වෙනවා.

දෙහි ඇඹුල් රසයි. කටුක සහ උෂ්ණයි. ගුල්ම  සහ ආමවාතය නැති කරනවා ඒ වගේම ඇස්වලට හිතකරයි. , වමනය නසාලයි. කැස්ස සෙම කැපීම සඳහා දෙහි කියන්නේ සුවිශේෂී ඖෂධයක්.ඒ වගේම පිළිකා සෛල විනාශ කිරීම, සන්ධි ආශ්‍රිත රෝග නැති කිරීමටත් අනවශ්‍ය මේදය දහනයටත්, පරපෝෂිතයන් විනාශ කිරීමටත් , ආහාරය ජීර්ණය පහසු කිරීමටත්, දියවැඩියාව පාලනයට්ත්, අධි රුධිර පීඩනය පාලනයටත්, ප්‍රතිශක්තිකරණය වර්ධනයටත් ආදී මෙකී නොකී වාසි දෙහි භාවිතයෙන් අපට ලබාගන්න පුළුවන්. ඉතින් සෙම ඇතුළු සෙම් රෝගවලදී දෙහි නස්නාරං ඇඹුල් දොඩම් වගේ පැගිරි කුලයේ පලතුරු නොතැතින්ම  සිහි වෙනවා.

  • කුඩා අමු ඉගුරු කැබැල්ලක්

 ඉඟුරු කියන්නෙත් වටිනා කියන කුළු බඩුවක්. ඒ වගේම වටිනා කියන ඖෂධයක්. විවිධ වූ රෝග සඳහා සැකසෙන අත් බෙහෙත් සඳහා නිරන්තරයෙන්ම අත්‍යවශ්‍ය වන අමුද්‍රව්‍යයක් තමයි ඉඟුරු. ඒ නිසාම එදා සෑම නිවසකම වගේ ඉඟුරු පැලයක් දකින්නට ලැබුණා. සෙම් රෝග සමනය සඳහා ඉඟුරු සුලභවම භාවිතයට ගැනෙනවා. ඒ හැරුනහම පිළිකා මැඩලීම, ඉරුවාරදයට ගුණදායක වීම, ඔසප් ගැටලු සමනය, අධික කොලෙස්ටරෝල් මට්ටම පාලනය, හදවතට හිතකර වීම, මාංශ පේශිවල විඩාව සංසිඳවීම, අංශභාගය වැළඳීමේ අවදානම නැති කිරීම, ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීම, දියවැඩියා රෝගයට හිතකර වීමත් ඉඟුරුවල සුවිශේෂී ගුණාංග අතරට ගැනෙනවා.

ඒ විතරක්ම නෙවෙයි ආතරයිටිස් රෝගයට සහනය සැලසීම, ශරීරයේ විෂහරණය, රුධිර සංසරණය ක්‍රමවත් කිරීම, රුධිරය පිරිසිදු කිරීම ඇතුළු මෙකී නොකී වාසි බොහොමයක් ඉඟුරු භාවිතයෙන් අපිට ලබාගන්න පුළුවන්. සවසන පද්ධතිය ආශ්‍රිතව වූ විවිධ රෝග තත්ත්වයන් පාලනයට හැකියාව ඇති ඉඟුරු එළකිරිවල ඇති සෙම් කාරක ගුණය මැඩලීමටත් භාවිතා වෙනවා. ඒ නිසා එකල එළකිරි උණු කිරීමේදී ඉඟුරු කැබැල්ලක් කිරිවලට එකතු කරන්නට ගැමියන් කටයුතු කළා.

 සාදාගන්නා ආකාරය

  • මුලින්ම දෙහි ගෙඩියක් ගෙන හොඳින් පොඩි කර එය මෙලෙක් කරගන්න.
  • ඉන්පසු එය හතරට පලා ඇට ඉවත් කර නැවත කුඩා කැබලිවලටට කපා කේතලයට දමන්න. 
  • ඉන්පසු කුඩා ඉඟුරු කැබැල්ලක් හොඳින් තලා එයටම දමා වතුර අඬු කෝප්ප තුනක් දමා ලිප තබන්න. 
  • වතුර අඬු කෝප්ප 3 එක අඬු කෝප්පයක් දක්වාම සිදුවා ගන්න.
  • අඩු කෝප්පයක ප්‍රමාණයට ඇති දෙහි වතුර පෙරාගෙන ඊට සීනි මේස හැන්දක් හෝ හැඳි බාගයක් එකතු කර දිය කරගන්න.
  •  මේ දෙහි තැම්බූ වතුර අඬු කෝප්පය මද උණුසුම්ව තිබියදී උදෑසන ආහාරයට පෙර පානයට ගන්න.

 මේ ආකාරයට දහවල් ආහාරයට පෙරත් දෙහි ගෙඩියක් භාවිතයෙන් මේ පානය සකසා ගන්න ගෙන පානය කරන්න. නැවත සවස තේ පානය කරන වෙලාවට තේ වෙනුවට තවත් දෙහි ගෙඩියක් තම්බා පානයට ගන්න. මේ දෙවැනි හෝ තුන්වැනි දෙහි පානයේ දී බඩ විරේක වීම සිදු වෙන්න පුළුවන්. එහිදී සිදු වෙන්නේ ආමාශය සහ ශරීරයේ ලේවල තියෙන අජීර්ණ විෂ ,උගුර හා පපු ප්‍රදේශය සෙම ඉවත් වීමේ ක්‍රියාවලිය ආරම්භ වීමයි.

 මේ ප්‍රතිකාරය දින තුනක් සිදු කිරීමෙන් සෙම් ගෙඩි ඇතුළු උගුරේ සහ පපුවේ සෙම් ආදී අපහසුතා සමනය  වෙනවා. ඉහත සඳහන්  කළ අමතර ප්‍රතිලාභත්  නොඅඩුව එයින් අපිට ලැබෙනවා.මෙය නිසි පරිදි සිදු කරන්නට නම් ඔබ විවේකීව සිටින දවස් යොදා ගන්න. 

මේ ප්‍රතිකාරය සිදුකරන අතරේ හුමාලය ඇල්ලීම මද උණුසුම් ජලයෙන් බෙල්ල තැවීම සීතල ආහාර පානවලින් වැළකී සිටීමත්  රෝගය ඉතා ඉක්මනින් සුවපත් කර ගන්නට උපකාරී වෙනවා.