සන්ධි ආශ්‍රීත ගෙවී ගිය කාටිලේජ නැවත වර්ධනය කරන ක්‍රම 15 ක්

health tips

 සන්ධි චලනය වීමේදී යන  ටකස්  යන ශබ්දය ඇසීම  හෝ වේදනාවන් හිරිවැටීම කියන කාරණා බොහෝ වෙලාවට කාන්තා පුරුෂ භේදයකින් තොරව හැමෝටම වගේ අත්විදින්නට සිදුවන කාරණාවන්. විශේෂයෙන්ම වයස් ගත වීමත් එක්ක මේ තත්ත්වය බහුලවම අපිට අසන්නට දකින්නට ලැබෙනවා. මේ සඳහා මූලික හේතුවක්  තමයි සන්ධි ආශ්‍රිතව කාටිලේජ ගෙවීයාම. කාටිලේජ කියන්නේ සෞඛ්‍ය සම්පන්න සන්ධිවල වැදගත් අංගයක්. 85% ක් වතුර ලෙස පවතින කාටිලේජ මෘදු ඝන සහ නම්‍යශීලී බවින් යුක්තයි. මේ කාට්ලේජ මගින් අස්ථි එකිනෙක  ගැටීම වළක්වනවා.  

අනතුරු, අස්ථි ආශ්‍රිත පිළිකා, වැරදි ඉරියව් ආදී විවිධ සාධක හේතුවෙන් කාටිලේජ ගෙවීයාමත් වයසට යාමත් සමඟ නැවත කාටිලේජ වර්ධනය නොවීමත් නිසා සන්ධි ආශ්‍රිතව විවිධ රෝගී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. දණහිස්, වැලමිට, මැණික්කටු, ගෙල කශේරුකාව, ඇඟිලි පුරුක් අතර කාටිලේජ ආදිය ක්ෂය වීමත් සමග ඒ  ප්‍රදේශවල චලනය කිරීමේ අපහසුතා ඇති වෙනවා.

 වයස්ගත වීම හැරුණු විට ඔස්ටියෝපොරෝසිස් සහ ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්වයන් නිසා සාමාන්‍යයෙන් කාටිලේජ ගෙවී යන වේගයට වඩා වැඩි වේගයකින් කාටිලේජ විනාශයට පත්ව වෙනවා. අස්ථිවල කාටිලේජ ගෙවී යාම නිසා ඇතිවන අපහසුතා සැලකිල්ලට බඳුන් නොකර සිටීමෙන් කාලයක් ගත වෙද්දී අස්ථි  දැඩි ලෙස හානියට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා කාටිලේජ වර්ධනය කර ගැනීම සඳහා නිවසේ දී ඔබට සිදු කළ හැකි පිළියම් ගැන ඔබ දැනුවත් විය යුතුයි. අද අපි ඔබ සමග කතා කරන්නට සූදානම් වෙන්නේ නිවසේ දී කාටිලේජ වර්ධනය කරගැනීම සඳහා සිදුකළ හැකි ප්‍රතිකර්ම කිහිපයක් පිළිබඳව.

එළඟි තෙල් සහ ඔලිව් තෙල් කාටිලේජ වර්ධනය කර ගැනීමේ කාර්යයේදී ඔබට පහසුවෙන්ම ඔබ පරිභෝජනයට ගන්නා පොල්තෙල්  සහ එළවළු තෙල් ආදිය වෙනුවට ආහාර  පිසීම සඳහා එළඟිතෙල් සහ ඔලිව් තෙල් භාවිතා කරන්න පුළුවන්. නමුත් ඔලිව් තෙල් රත් කිරීම එතරම් සුදුසු වෙන්නේ නැති නිසා සලාද වගේ දේවල්වලට ඔලිව් තෙල් තේ හැන්දක් පමණ ප්‍රමාණයක් එකතු කර ආහාරයට ගන්නට පුළුවන්. ඒ වගේම පොල් තෙල් වෙනුවට ආහාර පිසීමේ දී එළගිතෙල් ද  භාවිතා කරන්නට පුලුවන්. 

ඒ වගේම  වේදනාවන් ඇති ස්ථාන උණුවතුරෙන් හෝ වාෂ්පයෙන් උණුසුම් කර මදක් රත් කර ගත්  එලගි තෙල් ඒ ස්ථානයේ ආලේප  කර හොඳින් සම්බාහනය කරන්න. මෙය උදේ කාලයේදී සහ නින්දට පෙර දිනකට දෙවරක්  සිදුකිරීමෙන් ගෙවී ගිය කාටිලේජ ඉක්මනින් වර්ධනය කර ගන්නට ඔබට පුළුවන්. එළඟිතෙල් සතුව කාටිලේජ වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂක බොහොමයක්ම අන්තර්ගත වෙන නිසා බාහිර ආලේපයටත් වඩා ඒවා ආහාරයට එකතු කරගැනීමයි  වඩා සුදුසු වෙන්නේ. 

බණ්ඩක්කා බණ්ඩක්කාවල ස්වභාවයෙන්ම අන්තර්ගත ලිහිසි ස්වභාවය කාටිලේජ වර්ධනය උත්තේජනය කරනවා මෙන්ම කාටිලේජ පෝෂණය කරන්නත් උදව් කරනවා. බණ්ඩක්කා ව්‍යංජනයක් ලෙස  ගැනීම ගැටලුවක් නොවුණත් කාටිලේජ වර්ධනය සඳහා බණ්ඩක්කා ව්‍යංජනයක් ලෙස  ආහාරයට ගැනීමට වඩා සුදුසු වන්නේ සම්පූර්ණ බණ්ඩක්කා කරලම වාෂ්පයෙන් තම්බා ගෙන ආහාරයට ගැනීමයි.  ඒ හැරුණාම තවත් එළවළු වර්ග සමග  බණ්ඩක්කා එකතු කරගත්තු සලාද ආහාරයට ගැනීමත්  කාටිලේජ වර්ධනය සඳහා හොඳ පිළියමක්. 

කාටිලේජ වර්ධනය කර කරගැනීම සඳහා බණ්ඩක්කා පහත සඳහන් ආකාරයටත් ඔබට භාවිතා කරන්නට පුළුවන්.

 බණ්ඩක්කා කරල් තුනක් හෝ හතරක් ගෙන දෙකෙලවර කපා  දිගු අතට කපා ගන්න. මේවා වතුර ලීටර භාගයකට දමා තම්බාගන්න. මුළු රැයක් තබා ගත් මෙය පසුදා උදෑසන ආහාරයට ගෙන මේ ජලයත් පානය කරන්න.සාම්ප්‍රදායික විදිහට බණ්ඩක්කා ආහාරයට ගන්නේ නැතිව කාටිලේජ වර්ධනය සඳහා වඩාත් සුදුසුම   මේ වගේ ක්‍රම ඔබත් අනුගමනය කරන්න. 

මෝස් ජෙලි මෝස් ජෙලිවල අඩංගු වෙන්නේ මුහුදු පැළෑටිවල අඩංගු වෙන  ජෙලි වර්ගයක්. මේවා ඕනෑම සුපිරි වෙළදසැලකින් ඔබට මිලදී ගන්නට පුළුවන්. අතුරුපසක් ලෙස ආහාරයට ගන්නට හැකියාව ඇති මේ ජෙලි හොඳින් සෝදා ගෙන රාත්‍රීයේදී වතුරට දමා රැයක් පෙඟෙන්නට තබා පසුදින එය තරමක් උතුරන තෙක් තැම්බෙන්නට  හැර පෙරාගෙන රස අනුව සීනි එකතු කර අවශ්‍ය නම් වර්ණ එකතු කර ශීතකරණයේ තබා ආහාරයට ගන්නට පුළුවන්. එයත් කාටිලේජ වර්ධනයට හොඳම ආහාර්යක්.

කෙසෙල් යුෂ පොට්ටනිය හොඳින් ඉදුණු ඇඹුල් කෙසෙල් පොතු සහ නටු ගෙන එයට වතුර එකතු කර පල්පයක් ආකාරයට වනතුරු කොටාගන්න. ඉන්පසු කපු රෙදි කැබැල්ලක පොට්ටනි ආකාරයට සකසාගෙන වේදනා සහිත ස්ථානයේ බඳින්න. යුෂ උරා ගත් පසුව පැය දෙකකින් පමණ පොට්ටනිය ඉවත් කර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙය දිනපතා සති 3-4ක් කිරීමෙන් ගෙවීගිය කාටිලේජ නැවත වර්ධනය කරමින් දණහිසේ වේදනාවන් ශබ්දයන් පවා නැති කරනවා.

මුං ඇට සත්කාරය වතුර මිලි ලීටර 250 ක් පමණ භාජනයකට දමා එයට මුං ඇට මේස හැදි 3 ක් දමා පැය 12 ක් පෙගෙන්නට තබන්න. පසුව මුං ඇටවල වතුර ඉවත් කර සුදු ළූණු බික් දෙකක් තලා කුඩාවට කැබලි කර එය මුං ඇට සමඟ මිශ්‍ර කර ගම්මිරිස් කුඩු කහ ලුණු කුඩු ස්වල්පයක් එයටම එකතු කර ආහාරයට ගන්න. 

මෙසේ දිනපතා මෙය ආහාරයට ගැනීමෙන් කාටිලේජ වර්ධනය උත්තේජනය කරමින් අස්ථි ආශ්‍රිත අපහසුතා වේදනාවන් මගහැරෙනවා.

  • දොඩම් ඇතුළු පැඟිරි කුලයේ පළතුරු
  • තද කොළ පැහැති පලා වර්ග
  • දෙළුම් 
  • රටකජු
  • අලිගැට පේර
  • දුඹුරු සහල් 
  • මේගා ත්‍රී මේද අම්ල බහුල ආහාර
  • කහ
  • රතුලූනු සහ සුදුලූනු
  • හරිත  කුලයේ ශාක 
  • හරිත තේ
  • බර කොකු 
  • මියන දලු

කාටිලේජ වර්ධනයට මේ ආහාර නිරන්තරයෙන් ඔබේ  ආහාරයට එකතු කරගන්න. ඒ වගේම ඔබේ ගෙවී ගිය කාටිලේජ නැවත වේගයෙන් වර්ධනයට ගත යුතු ආහාර ලැයිස්තුවේ මැග්නීසියම් බහුල ආහාර ගැනීම අනිවාර්ය බවත් සිහියේ තබා ගන්න.