මිග්රේන් එහෙමත් නැතිනම් ඉරුවාරදය යනු තියුණු හිසකැක්කුම් මතුකරවන රෝග තත්වයකි. පුද්ගලයාගේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව අඩුවීමට මේ තත්වය බොහෝ සෙයින් හේතුවන බව වෛද්‍යවිද්‍යාත්මකව සොයාගෙන තිබෙනවා.මේ තත්වය ඇතිවීමට බලපාන හේතු මෙතෙක් ස්ථීරවම සොයාගෙන නැහැ. මෙම රෝගයේ ලක්ෂණ ලෙස හිස ඉදිරිපස නළල දෙපසේ දැඩි වේදනාව, නිදිමතගතිය, අප්‍රාණිකබව, වමනය-ඔක්කාරය ඇතිවිය හැකියි. අධික හිස කැක්කුම සහ තෙහෙට්ටු ගතිය නිසා කිසිඳු වැඩක යෙදීම අපහසු වී යයි.
මිග්රේන් තත්වය නිසා දැනෙන අධික පීඩාකාරි ස්වභාවය සමනය කරගැනීම බොහෝ ප්‍රතිකර්ම ක්‍රම උත්සාහ කල ද අසාර්ථක වි ගිය අත්දැකීම් ඔබටත් ඇති.කොපමණ ක්‍රම උත්සාහ කලත් ඔබට දැනෙන අපහසුව දුරු කරගන්න නොහැකි වුණ නම් අද අපි ඔබට කියන්න සූදානම් වන මේ රහස් කිහිපය ඔබට බොහෝ දුරට සහනයක් සලසාවි.
- 100% ස්වභාවික ස්මූති එකක්

මිග්රේන් තත්වය සුව කරගැනීම සඳහා මෙන්ම ඔබේ සිරුරට වෙනත් හිතකර ප්රතිලාභ මේ ඖෂධීය පානයෙන් ලබාගත හැකියි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- සැල්දිරි දඬු 5
- ලෙමන් ගෙඩි එකක යුෂ
- පිපිඤ්ඤා 1
- නිවිති කොළ කෝප්ප 3/4
- පාස්ලි කෝප්ප 1
- ඉඟුරු අල 1
- ඇපල් ගෙඩි 2
සාදන ක්‍රමය:
සියල්ල බ්ලෙන්ඩර් එකකට දමා මිශ්‍ර කර දිනකට වීදුරුවක් බැගින් පානය කරන්න.
- ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට මාරු කරන්න.

ඇතැම් කොට්ට-මෙට්ට-ඇඳ ඇතිරිලි නිෂ්පාදනය කර ඇත්තේ ඇක්‍රිලික් (acrylic) හෝ පොලියෙස්ටර් (polyester) වලින් වන අතර ඒවායින් හිසරදය වැනි ආසාත්මිකතා ඇතිකරවිය හැකි ගෑස් වර්ගයක් නිකුත්වීම සිදුවේ. උදෑසන අවදිවන විට ඔබට මෙසේ මිග්රේන් තත්වයක් ඇති වේනම්; ඇඳෙන් බැස යන තුරුම ඒ තත්වය පවතියි නම්, එය අහඹුවක් නොව ඔබ භාවිතා කරන මෙට්ට , ඇඳ ඇතිරිලි නිසා විය හැකියි.
- ජනෙල් විවෘත කරගෙන රිය පදවන්න

ඇතැම් මෝටර් රථ ඇතුලත කොටස් වලින් ක්සයිලීන් (xylene), බෙන්සීන් (benzene) සහ ඇසිටෝන් (acetone) වැනි ගෑස් නිකුත් වන අතර ඒවායේ බලපෑමින් හිසරදය,මිග්රේන්, ආතතිය සහ නිදිමත ගතිය වැනි තත්වයන් ඇතිවිය හැකියි. එවැනි වායු පිටවී නැවුම් වාතාශ්‍රය රථය තුලට ලැබෙන සේ ජනෙල් විවෘතව තබන්න.
- දත් අතර පැන්සලක්/පෑනක් තබාගන්න.

මිග්රේන් තත්වය ඇතිවූ විට පුද්ගලයින් හකු ප්‍රදේශය හකුළුවා ගන්නේ පිඩාව නිසාමයි. නමුත්, ඉන් පීඩාව තවත් වැඩිවිය හැකියි. මිග්රේන් ස්වභාවය හටගත් විට දත් අතර පැන්සලක්/පෑනක් තබාගන්න. ඉන් ඔබේ හකු ප්‍රදේශය වඩාත් ලිහිල්ව තබමින් මිග්රේන් වේදනාව සමනය වීමට උපකාර කරයි.
- කෙසෙල් පොත්තක් නළල මත තබාගෙන සිටින්න

පිරිසිදු කෙසෙල් පොත්තක් ගෙන එහි මද්‍යසාර ස්වල්පයක් ගල්වා නළල මත තබා ගෝස් පටියකින් ආවරණය කරගන්න. මෙය ඇඳක වැතිරී සිදුකරන්න. ප්‍රතිකාරය නළල මත පැය බාගයක් පමණ තිබෙන්නට හරින්න. මින් විෂ අවශෝෂණය කරගනිමින් මිග්රේන් තත්වය සමනය වන බව පැවසේ.
- ලුණු මිශ්‍ර ලෙමන් යුෂ වීදුරුවක් පානය කරන්න

සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වීමට මෙන්ම සිරුරේ ද්‍රව්‍ය සමතුලිතතාව පවත්වාගැනීම සඳහා ලුණු වල අඩංගු ගුණ බොහෝ සෙයින් දායක වේ. ලුණු තේ හැන්දක් ලෙමන් යුෂ විදුරු බාගයකට එක්කරමින් හොඳින් කලවම් කරන්න. මෙය පානය කරන්න. මේ සරල වට්ටෝරුව ඔබේ පීඩාකාරි හිසරදය සමනය කරමින් ඔබට සුවයක් ලබාදෙයි.
- මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල එකිනෙක සම්බන්ධ වන මේ ලක්ෂ්‍යය තෙරපන්න

නිල තෙරපුම් ක්‍රමයේදි අනුගමනය කරන මෙම ක්‍රමය මඟින් මිග්රේන් තත්වය සමනය කිරීමට උපකාර කරයි. මෙම ලක්ෂ්‍යය තරමක් තදින් තෙරපවාගෙන සිටින්න. හැකිනම් මිනිත්තු 2ක් පමණ සම්බාහනය කිරීම හෝ ඝර්ෂණය ඇතිවන සේ වේගයෙන් නැවත නැවත ස්පර්ෂ කිරීම සිදුකරන්න. මේ ක්‍රමය මඟින් ඔබේ සිරුර සැහැල්ලු කරවමින් රුධිර සංසරණය ක්‍රමවත්ව වැඩිදියුණු කිරීමට දායක වෙයි.
- යෝගා අභ්‍යාස වල නිරත වෙන්න

මෙම රෝගය සඳහා මානසිකමය වශයෙන් බලපාන හේතු සාධක වලට (ආතතිය වැනි) ප්‍රතිකර්ම කිරීමට ඇති හොඳම ක්‍රමය යෝගා අභ්‍යාසයි. ‘ඩවුන්වර්ඩ් ෆේසිං ඩෝග්’, සහ ‘චයිල්ඩ් පෝස්’ වැනි ඉරියව් භාවිතා කරමින් යෝගා ව්‍යායාම වල නිරතවීමෙන් මිග්රේන් රෝග ලක්ෂණ බොහෝදුරට සමනය කරගත හැකි වේවි.