ආයුර්වේදයට අනුව කොලෙස්ටරෝල් සුව කරගන්න පිළියම් 18 ක්

health tips

කොලෙස්ටරෝල් යනු අක්මාවේ නිපදවෙන ඉටි වැනි ද්‍රව්‍යයක් වන අතර මේවා අපේ සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට ඉතා වැදගත් වේ.හෝර්මෝන නිපදවීම හා ස්නායු පටක ආරක්ෂා කිරීම සමඟ සෛල හා පටක අතර සහසම්බන්ධය නියාමනය කිරීමේ වැදගත් කාරයභාරයක් ඉ‍ටුකරයි.සිරුරේ නිපදවෙන කොලෙස්ටරෝල් වලට අමතරව බිත්තර කහමද, චීස්, මස් වගේ සත්ව ආහාර නිෂ්පාදන වලින් ද අපේ සිරුරට ඒවා එකතුවේ.

කොලෙස්ටරෝල් තවදුරටත් හිතකර කොලෙස්ටරෝල් (අධි ඝනත්ව ලයිපොප්‍රෝරීන්-HDL) ලෙසත් අහිතකර කොලෙස්ටරෝල් (අඩු ඝනත්ව ලයිපොප්‍රෝටීන්-LDL) ලෙසත් වර්ග කෙරේ.මේ අතරින් HDL සිරුරේ අතිරික්ත කොලෙස්ටරෝල් බැහැර කරවීමේ ක්‍රියාවලියට දායක වන අතර LDL ධමනි බිත්ති වල මේදමය ද්‍රව්‍ය තැන්පත්වීමට තුඬු දිය හැකියි.

අධි කොලෙස්ටරෝල් මට්ටම් හෘත්ධමනි රෝග,ආඝාතය,කිරීටක ධමනි රෝග,පර්යන්ත ධමනි රෝග වැනි රෝග ගණනාවක් හා බලපෑම් පෙන්නුම් කරයි.ක්‍රියාශීලී නොමැති ඒකාකාරී ජීවන රටාව,දුම්බීම,ක්ෂණික හා කෘතිම ආහාර, ගැඹුරු තෙලේ බදින ලද ආහාර, සැකසූ ආහාර පාන පරිභෝජනය වැනි අහිතකර ජීවන පුරුදු හේතුවෙන් සිරුරේ පටක ආශ්‍රිත මේද තැන්පත්වීමට පටන්ගනියි.ඇතැම් පුද්ගලයින්ගේ සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ යාම සිදුවන්නේ ජානමය බලපෑම් නිසා ද විය හැකියි.

නීරෝගී ජීවන රටාවක් අනුගමනය කිරීමට අමතරව ආයුර්වේදයේ අධි කොලෙස්ටරෝල් තත්වයට ප්‍රතිකාර කළ හැකි ක්‍රම පෙන්වාදී ඇත. නෙල්ලි,සුදුලූනු,කහ,තල,බාර්ලි,පිටසුදුසාරණ වැනි ඖෂධ වර්ග මෙන්ම ‘කෛෂෝරා’ හා ‘ත්‍රිඵලා’ වැනි ගුගුල් වර්ග රුධිරයේ අධි කොලෙස්ටරෝල් මට්ටමට ප්‍රතිකාර කිරීමට හා හෝර්මෝන අසමතුලිතා දු‍රැලීමට උපකාරී වේ.

සිරුරේ මේද හා විෂ ද්‍රව්‍ය එකතුවීම වැඩිවීම කොලෙස්ටරෝල් රුධිරද්‍රව ඉහළ මට්ටමක් දක්වා වැඩිවීමට බලපායි.සිරුරේ අසාමාන්‍ය ලෙස මේද සංසරණය වීමට පටන්ගැනීම වසා වාහිනි තුළ ඒවා තැන්පත් වී අවහිර වීමට හේතුවේ.ක්‍රමයෙන් මෙය සිරුරේ දෝෂ හා ධාතු කිපීමට බලපාන තර කොලෙස්ටරෝල් වැඩිවෙයි.සෙම දෝෂ හා සම්බන්ධතා පෙන්නුම් කරන පරිවෘත්තියේ මන්දගාමි බව ද අධි කොලෙස්ටරෝල් මට්ටම ඇතිවීමට බලපාන එක් හේතුවකි.අධි කොලෙස්ටරෝල් තත්වය ‘ධමනි ප්‍රටිචය’ හෙවත් ධමනි ඝනවීමට හේතුවේ.මේ හේතුවෙන් බොහෝ ලෙඩ රෝග සිරුරේ වර්ධනය විය හැකියි.

අධි කොලෙස්ටරෝල් දුරුකිරීමට ආයුර්වේදයේ අනුගමනය කෙරෙන ප්‍රතිකාර ක්‍රම

‘විරේචන’- ඖෂධ හා කසාය ලබාදීමෙන් සිරුරේ විෂ හා පිත දොස් දුරුවීමට සලස්වයි.විරේචන ප්‍රතිකාරයට පෙර මේදමය ද්‍රව්‍ය,උණු දියර ,ඝන ආහාර හෝ මස් සුප් වර්ගයක් රෝගියාට ලබාදෙයි.පසුදා මලපහ සමඟ විෂ අපද්‍රව්‍ය ද බැහැර වී යයි.සිරුරේ වාත ,පිත හා සෙම දොස් දුරුවීමට භාවිත කරන ඵලදායි පිළියමකි.සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම් කැපී පෙනෙන ලෙස අඩුකරයි.හිතකර කොලෙස්ටරෝල් මට්ටම් වැඩිදියුණු කරයි.ආහාර ජීර්ණ පද්ධතියට හිතකරය.

‘භස්ති’-  බෙහෙත් තෙල් හෝ කසාය මඟින් වස්ති කරවීමයි.සියුම් සම්බාහනයකින් හෝ තැවීමකින් පසු සිදුකරයි.වස්ති කිරීම මඟින් බඩවැල් ක්‍රියාකාරීත්ය ප්‍රකෘතිමත් කිරීම හා අවයව හා පටක ප්‍රතිවර්ධනය කිරීම සිදුවේ.වාත රෝග හා අධි කොලෙස්ටරෝල් රෝගයට ඵලදායිය.

අධි කොලෙස්ටරෝල් දුරුකරවන ආයුර්වේදීය ඖෂධ වර්ග

නෙල්ලි-විටමින් සී පෝෂණය බහුලතම පලතුරක් වන නෙල්ලි වල ප්‍රතිඔක්සිකාරක ද ඉහළය.රුධිර සංසරණ ,ආහාර ජීර්ණ හා බහිස්‍රාවී පද්ධති වල රෝග වලට හොඳ ප්‍රතිකාරයක් ලෙස භාවිත කරයි.කසට ගුණය මෙන්ම විරේචක හා පෝෂණ ගුණයෙන් යුක්තයි.පිත සමතුලිත කරයි.කොලෙස්ටරෝල් රුධිරද්‍රව හා අක්මාවේ හා මහා ධමනිය ආශ්‍රිත කොලෙස්ටරෝල් අන්තර්ගතය අඩුකරයි.

කහ-බැක්ටීරියානාශක ගුණ බහුලය. රුධිර පවිත්‍රකාරකයක් මෙන්ම ආසාදන රෝග වැළැක්වීමේ ගුණය ද අඩංගුය.බොහෝ කසාය වර්ග වල ප්‍රධාන අමුද්‍රව්‍යයකි.සිරුරේ අධික කොලෙස්ටරෝල් මට්ටම් අඩුකරවන සක්‍රීය සංඝටක රාශියක් කහ වල අඩංගුය.

සුදුලූනු-ඖෂධීය ගුණයෙන් ඉහළ සුදුලූනු රුධිර සංසරණ පද්ධතිය, ප්‍රජනන, ස්නායු හා ආහාර ජීර්ණ යන පද්ධති ආශ්‍රිත ලෙඩ රෝග වලට හොඳ ප්‍රතිකාරයක් ලෙස භාවිත කෙරේ.රුධිර හා වසා වාහිනි පවිත්‍රකාරකයක් ලෙස ක්‍රියාකරන අතර අස්ථි හා ස්නායු යළි ප්‍රාණවත් කරයි.රුධිර කොලෙස්ටරෝල් බන්ධන බිඳ දමමින් ධමනි වල තැන්පත්ව ඇති මේදමය ද්‍රව්‍ය ඉවත්කරයි.අධි කොලෙස්ටරෝල්,ධමනි සිහින්වීමේ රෝගය (arteriosclerosis) හා අධි රුධිර පීඩනය අඩුකිරීමට ගුණදායකයි.දිනකට සුදුලූනු බිකි 2-3ක් පමණ අනුභව කිරීම පුරුද්දක් කරගන්න.

තල- මිශ්‍රණයක්,ආලේපයක්, ඖෂධීය තෛලයක් හෝ කසායක් ලෙස සකසා භාවිත කළ හැකියි.අතීසාරය,ඔසප්නොවීම (amenorrhea) හා බලබද්ධය වැනි රෝග ගණනාවකට හොඳ ප්‍රතිකාරයකි.තල ඇට සාරය කොලෙස්ටරෝල් මට්ටම් අඩුකිරීමේ ගුණය සහිතයි.ආධ්‍යාතතියට ද ප්‍රතිකාර කරයි.වණ, පිලිස්සුම් හා තුවාල වලට සහනය සලසයි.

බාර්ලි-සිරුරේ ශක්තිය වඩවන හා ස්ථායිබව ඇතිකරන ගුණ අඩංගුයි.සිරුරේ මේද හා සෙම මෙන්ම විෂ අපද්‍රව්‍ය මට්ටම් අඩුකිරීමට සහය දෙයි.බඩවැල් තුළ කොලෙස්ටරෝල් අවශෝෂණය වීම වැළැක්වීම හරහා අක්මාවේ සමස්ත කොලෙස්ටරෝල් අන්තර්ගතය පහත දැකීමට කටයුතු කරයි.ආහාර තන්තු බහුල බැවින් රුධිර පීඩනය අඩුකිරීමට මෙන්ම අතිරික්ත කොලෙස්ටරෝල් ජීර්ණ මාර්ගය හරහා සිරුරෙන් බැහැර කිරීමට සලස්වයි.

පිටසුදුසාරණ-ප්‍රජනන, රුධිර සංසරණ, ආහාර ජීර්ණ හා ස්නායු යන පද්ධති ආශ්‍රිත ක්‍රියාවලින් වැඩිදියුණු කරවන ගුණ අඩංගුයි.යුෂ,තැම්බූ වතුර,කසාය, කුඩු හෝ මිශ්‍රණයක් (තලපයක්) ලෙස සකසා භාවිතයට ගත හැකියි.හෘද රෝග,අක්ෂි රෝග, මත්පැන් ඇබ්බැහිය, ඇදුම වැනි ගැටලු අපහසුතා වලට ප්‍රතිකාර කිරීමේදී විශේෂයෙන් භාවිත කරයි.කොලෙස්ටරෝල් රුධිරද්‍රව පහත දැමීම සඳහා සහය දෙයි.

‘කෛෂෝර ගුගුල්’- අරළු,බුළු,නෙල්ලි,රසකිඳ,ඉඟුරු හා ගුගුල් මුසු කරමින් සාදන ඖෂධයකි.මෙම සංයෝගය සිරුරේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් පැහැදිලි ලෙස අඩුකරයි.හිතකර කොලෙස්ටරෝල් මට්ටම් වැඩිකරයි.රුධිරනාළ සිහින් වීම වළකයි; එසේ ඇති වී ඇති තත්වයන්ට ප්‍රතිකාර කරයි.සිරුරේ විෂ අපද්‍රව්‍ය දුරලමින් පරිවෘත්තිය නීරෝගි කරයි.

‘ත්‍රිඵලා’- අරළු, බුළු හා නෙල්ලි සුසංයෝගය හඳුන්වන කෙටිනාමයයි.රුධිර පවිත්‍රකාරකයක් මෙන්ම ප්‍රතිඔක්සිකාරක ඖෂධ ලෙස ක්‍රියාකරයි.නිතිපතා පරිභෝජනය රුධිර සංසරණය වැඩිදියුණු කරන අතර රුධිර කොලෙස්ටරෝල් මට්ටම අඩුකිරීමට සහය දෙයි.මෙම ඖෂධ වර්ග භාවිතයට පෙර නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතා වැදගත් වේ.

ආයුර්වේදයට අනුව කොලෙස්ටරෝල් රෝගින් කළ යුතු හා නොකළ යුතු දේවල්

කළ යුතු:

  • එළකිරි ආශ්‍රිත කිරි නිෂ්පාදන පරිභෝජනය කරන්න.
  • පලතුරු හා එළවළු වර්ග වැඩිපුර ආහාරයට එක්කරගන්න. කොළ පලා වර්ග ද ආහාරයට ගන්න.
  • සෝයා හා සෝයා නිෂ්පාදන පරිභෝජනය කරන්න.
  • දිනකට හොඳින් වතුර බොන්න.

නොකළ යුතු:

  • අධිකව ආහාර ගැනීමෙන් වළකින්න. දිනකට ඔබ ලබාගන්නා කැලරි ප්‍රමාණය සීමා කරන්න. අයිස් ක්‍රීම් ,චොකලට් හා රතු මස් වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න.
  • නට් වර්ග වල තෙල් හා ගැඹුරු තෙලේ බදින ලද ආහාර වලින් වළකින්න.
  • ගවදෙනුන්ගෙන් ලබාගත් කිරි වලින් සැකසූ නිෂ්පාදන කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ දැමිය හැකි බව සඳහන් වේ.එබැවින් අධි කොලෙස්ටරෝල් රෝගීන්ට මේවා එතරම් හිතකර නැත.
  • දුම්බීමෙන් හා මත්පැන් බීමෙන් වළකින්න.