කාන්තාව යනු විශ්වය තුළ අපූර්ව නිමැවුමක් වේ. මිනිස් වර්ගයාගේ පැවැත්ම තහවුරු වන්නේ ඇය මතය. දරුවකු වර්ධනය කර මෙලොවට බිහි කළ හැක්කේ කාන්තාවට පමණි. කාන්තාවකගේ ගර්භාෂය තුළ හැරෙන්නට දරුවකුට බිහිවන්නට වෙනත් කිසිදු තැනක් නැත. එනිසා ගර්භාෂය යනු කාන්තාවන්ට පමණක් පිහිටන ඉතා සුවිශේෂී වූවක් වේ. විවිධ හේතූ නිසා ඔවුන්ට ගර්භාෂය ඉවත් කිරීමට සිදුවන අවස්ථාද පවතී. කාන්තාවකට කිසියම් ගැටලුකාරී තත්වයක් නිසා ගර්භාෂය ඉවත් කිරීමට සිදුවුවහොත් එමගින් ඇගේ ස්ත්‍රී ලාලිත්‍යට, සුන්දරත්වයට කිසිදු ප්‍රශ්නයක් වන්නේ නැත. ඊට හේතුව ස්ත්‍රීත්වය සදහා ඩිම්භකෝෂ ගර්භාෂය ට වඩා වැදගත් වීමයි. ස්ත්‍රී හොර්මෝන නිපදවීම, පියයුරු වර්ධනය ඇතුළු ස්ත්‍රී ලාලිත්‍ය සුරකින දෑ සිදුවන්නේ ඩිම්භකෝෂ තුළිනි. එනිසා ගර්භාෂය නැති වීම ස්ත්‍රී ලාලිත්‍ය නැති වීමට හේතූ වන්නේ නැත. එය සමාජය තුළ පවතින මිත්‍යා මතයක් වේ. ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන විවිධ රෝගී තත්වයන් නිසා ගර්භාෂය සැත්කමකින් ඉවත් කිරීමට සිදුවේ. බෝහෝ විට මෙම පියවර කිරීම සඳහා වෛද්‍යවරයකු තීරණය කරන්නේ වෙනත් කිසිදු ප්‍රතිකර්මයක් සිදු කල නොහැකි වූ විට කළ යුතු අවසන් ප්‍රතිකර්මය ලෙසය.
කාන්තාවන්ගේ ගර්භාෂය ඉවත් කිරීමට සිදු වන හේතු

- දරුවන් බිහිකරන වයසේ සිටින කාන්තාවන්ට ඇතිවන විවිධ ගැටලුකාරි තත්වයන් නිසා.මෙම අවධියේ සිටින ඇතැම් කාන්තාවන්ගේ ගර්භාෂය සැත්කමකින් ඉවත් කිරීමට සිදුවන අවස්ථා පවතී. දරු ප්‍රශූතියෙන් පසු අධික ලෙස රුධිරය වහනය වීම මේ සදහා බලපාන ප්‍රධානම හේතුවක් වේ. ඖෂධ හා වෙනත් ක්‍රමෝපායන් අනුගමනය කිරීමෙන් රුධිර වහනය වැළැක්වීමට නොහැකි වුවහොත් පිට වී යන රුධිරය කැටි ගැසීමට පෙර ගර්භාෂය ඉවත් කළ යුතුය. පශ්චාත් ප්‍රසව රක්තපාතය ඇති වීම සදහා බලපාන හේතුවක් වන්නේ දරුවා බිහි වීමේදී ගර්භාෂය පුපුරා යාමයි. දරුවන් බිහිකරන වයසේ සිටින කාන්තාවන්ගේ ගර්භාෂය තුළ ගෙඩි පිළිකා ආදිය හටගෙන ඇති අවස්ථාවන්හි රෝගියා බේරා ගැනීමට ගර්භාෂය ඉවත් කිරීමට සිදු වේ.
- ගැබ්ගෙල සහ ගර්භාෂය ආශ්‍රිත පිළිකාවක් හටගත් අවස්ථාවන්හි ගර්භාෂය සැත්කමකින් ඉවත් කිරීමට සිදු වේ. රෝගී කාන්තාවගේ ජීවිතය බේරා ගැනීම සදහා ගත හැකි එකම ක්‍රියාමාර්ගය එයවේ.
- ඔසප් වීමේදී අධික ලෙස ලෙස රුධිරය වහනය වන විට. සාමාන්‍යයෙන් කාන්තාවන්ට ඔසප් වීමේන් දින කිහිපයකට පසු ස්වාභාවිකවම රුධිර වහනය වීම නවතී. නමුත් ඔසප් චක්‍රය නතර වී නොමැති කාන්තාවන්ට ඔසප් වීමේදී අධික ලෙස රුධිර වහනය සිදුවන අවස්ථා නිසා කාන්තාවන් බොහෝ පීඩා විදී. මෙම තත්වය වැළැක්වීම සදහා වෛද්‍යවරු ඖෂධ ලබා දෙයි. ඖෂධ මගින් ද රුධිර වහනය නොනවතී නම් ගර්භාෂය ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදු වේ.
- ගර්භාෂය තුළ ගෙඩි හටගැනීම නිසා. ගර්භාෂය ආශ්‍රිතව කාන්තාවන්ට විවිධ රෝගී තත්වයන් ඇති වේ. ඒ අතර ගර්භාෂය තුළ ගෙඩි හට ගැනීම නිසාද කාන්තාවන් බෝහෝමයක් පීඩා විදී. ගර්භාෂය තුළ ගෙඩි හට ගත් විට උදරය විශාල වේ. මේ නිසා මූත්‍රාශය , බඩවැල්, වකුගඩු යනාදී ඉන්ද්‍රීයයන් පවා තෙරපීමට ලක් වේ. එමගින් එම ඉන්ද්‍රීයයන්ට හානි සිදු වීමට ඇති ඉඩකඩ වැඩිය. එනිසා එවැනි තත්වයකදී සැත්කමක් මගින් ගර්භාෂය ඉවත් කිරීමට සිදු වේ.
- වියපත් කාන්තාවන්ගේ ගර්භාෂය පහත් වී යෝනී මාර්ගයෙන් පිටතට පැමිණිවිට.සමහර අවස්ථාවන්හි වියපත් කාන්තාවන්ගේ ගර්භාෂය යෝනී මාර්ගයෙන් පිටතට පැමිණෙන අවස්ථා පවතී. මෙය බහුලවම දැකිය හැකි තත්වයක් වේ. මෙවැනි අවස්ථාවන්හි කළහැකි එකම දෙය වන්නේ ගර්භාෂය සැත්කමකින් ඉවත් කිරීමයි.
- ආර්තවහරණයෙන් පසු සියයට අනූවකටත් වඩා කාන්තාවන් පිරිසකට ගර්භාෂය පහත් වීමේ රෝගී තත්වය ඇති වීමේ අවදානම පවති. ආර්තවහරණයෙන් පසු හොර්මෝනවල සිදුවන වෙනස්කම්, විශේෂයෙන් ඊස්ට්‍රජන් හොර්මෝනය ඉතා අඩු මට්ටමක පත් වීම, කාන්තාවන් වයසට යාමත් සමග මාංශපේශී දුර්වල වීම යනාදී හේතූ මේ සදහා බලපානු ලැබේ. ස්වාභාවික අන්දමට දරු ප්‍රශූතිය සිදු කළ මව්වරුන්ට හා දරුවන් කිහිප දෙනෙක් ප්‍රශූත කළ මව්වරුන්ට මෙම රෝග තත්වය ඇති වීමේ වැඩි අවදානමක් පවතී. දරු ප්‍රශූතියේදී විවිධ සංකූලතාවලට මුහුණ දුන් අයට එනම් බර වැඩි දරුවන් බිහි කළ අයට මෙන්ම ඇදුම කැස්ස වැනි රෝගී තත්වයන් පාලනය නොකළ අයට ද ගර්භාෂය පහත් වීමේ තත්වයන් ඇති විය හැකිය.

- කැස්ස දීර්ඝ කාලයක් පවතින විට උදරය තුළ පීඩනය වැඩි වී උදරයේ දුර්වල ස්ථානවලින් උදරයේ පවතින දෑ පිටතට පැමිණීමට උත්සාහ ගනී. මෙවැනි හේතූ නිසා ගර්භාෂය පහත් වී එහි උපරිම අවස්ථාවට පැමිණෙන තෙක් ප්‍රතිකාර නොකළහොත් ගර්භාෂය යෝනී මාර්ගය ඔස්සේ පිටතට පැමිණෙයි. මෙවැනි අවස්ථාවන්හි කළ එකම දෙය සැත්කමකින් ගර්භාෂය ඉවත් කිරීමයි. වියපත් කාන්තාවන්ට සැත්කමක් සිදු කිරීමේදී බොහෝ විට වයස ,සෞඛ්‍යය තත්වය බහුලව බලපානු ලබයි.
- වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන්ගේ ගර්භාෂය ඉවත් කිරීමට සිදුවන අවස්ථාවන්හි ඩිම්භකෝෂ සමග ගර්භාෂය ඉවත් කරයි. ඩිම්භකෝෂවල පිළිකා හට ගැනීමට ඇති ඉඩකඩ මේ නිසා ඇහිරී යයි. ඔසප් චක්‍රය ඇන හිටීමෙන් පසුව ඩිම්භකෝෂවල ක්‍රියාකාරිත්වය ද නැති වේ. ඩිම්භකෝෂ නීරෝගී මට්ටමක පවතී නම් ඉවත් කිරීම සිදු කරන්නේ නැත.
- මේ අනූව කාන්තාවන්ට ඇතිවන විවිධ රෝගී තත්වයන් අතුරින් ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන විවිධ රෝගාබාධ හා සංකූලතා නිසා ඔවුන් බොහොමයක් පිඩා විදි. මේ සදහා විවිධ ප්‍රතිකාර මගින් සුවය නොලද හොත් අවසාන ප්‍රතිකාරය ලෙස ගර්භාෂය ඉවත් කිරීම සිදු කරයි. එය කිසිවිට කාන්තාවන්ගේ ස්ත්‍රී ලාලිත්‍ය නැති කිරීමට හේතූ වන්නේ නැත. එය හුදෙක් සමාජයේ පවතින මිත්‍යා මතයක් වේ. රෝගී කාන්තාවන්ගේ ජීවිතය සුරකින්නට ගනු ලබන පියවරක් වේ.