පැහැපත් සමක් ලබා ගන්නවා කියලා කියන්නේ සුදු පැහැති සමක් පමණක්ම නෙවෙයි. නමුත් අද වැඩි දෙනෙක් පැහැපත් සමක් යනුවෙන් අදහස් කරන්නේ සම සුදු පැහැ කරගන්න එක. ඉතින් මේ සඳහා ගොඩක් අය විවිධ වූ කෘතිම නිෂ්පාදන භාවිතා කරනවා. නමුත් කාලයක් ගත වෙද්දී සමේ පිළිකා ඇතුළු නොයෙක් සමේ ගැටළු ඇති වෙන්න පුළුවන්.
ඒ නිසා සැබැවින්ම පැහැපත් සමක් කියලා කියන්නේ විවිධ ආසාදන, ලප කැළැල්වලින් තොර පැහැදිලි සමක්. පැහැපත් වීම සඳහා ශරීරයට අවශ්‍ය විටමින් වර්ග, ප්‍රෝටීන්, මේදය, ඛනිජ ලවන, ප්‍රෝබයෝටික් ආදී පෝෂක ගුණාත්මක ආහාර මගින් අපේ ශරීරයට ලැබිය යුතුයි. ඒක තමයි පැහැපත් සහ නිරෝගී සමක් සඳහා පවතින වඩාත් ඵලදායීම ක්‍රමවේදය. අපි අද කියන්න යන්නේ ඒ වගේ සම පැහැපත්කර ගන්නට උනන්දුවක් තියෙන ඔයාට ගන්නට හැකියාව තියෙන ආහාර වර්ග කිහිපයක් ගැන.

කැරට්-සමේ පැහැපත් බවට කැරට් කොතරම් ගුණදායක ද කියන වග මේ වෙද්දි ඔයා දන්නවා ඇති. මොකද කැරට් විටමින් A සහ C බහුල ආහාරයක්.මේ අතරින් විටමින් සී කියන්නේ සම පැහැපත් කරන්නට දීප්තිමත් කරන්නට හේතුවන ප්‍රධානම විටමිනයක්.
එමගින් සමේ කොලැජන් නිෂ්පාදනය වැඩි කිරීම, සමේ ප්‍රත්‍යස්ථභාවය ඇති කිරීම,වයස්ගතවීම පාලනය ,සමේ රැළි වැටීම් වැළැක්වීම ඇතුළු ප්‍රතිලාභ රැසක්ම ලබාදෙනවා. කැරට්වල අඩංගු බීටා කැරොටීන් අපේ ශරීරයට ලබාදෙන විටමින් ඒ හිරු එළියෙන් සම ආරක්ෂා කරනවා. සමේ පටක අලුත්වැඩියා කරනවා. ඒ හැරුණාම කැරට්වල අඩංගු අනෙකුත් පෝෂක වල සහයෙන් සමේ තෙත්මනයත් ආරක්ෂා කරමින් සමේ පැහැපත් බව වැඩි කරනවා.
කෙසෙල් පොටෑසියම් විතරක් නෙවෙයි විටමින් ඒ , සී, බී 6 වගේම මැංගනීස්වල වඩාත් හොඳ ප්‍රභවයක් ලෙස සැලකෙන කෙසෙල් පැහැපත් සුසිනිදු සමක් ලබාගන්නට උදව් වෙනවා.පොටෑසියම් මගින් සමේ තෙතමනය ආරක්ෂා කරනවා.මැන්ගනීස් සමේ කොලැජන් නිෂ්පාදනය උත්තේජනය කරමින් ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව යමින් සම ආරක්ෂා කරනවා . කෙසෙල් අපේ සමේ තෙල් අධික වීම නිසා ඇතිවන කුරුලෑ ආදී ආසාදනවලින් පවා ආරක්ෂාව සලසනවා.
තක්කාලි සම සඳහා ඉතා ගුණදායක ආහාරයක් තමයි තක්කාලි . මෙහි බී කාණ්ඩයට අයත් බී 1,බී 3,බී 5,බී 6 සහ බී 9 ආදී විටමින් අන්තර්ගත නිසා එමගින් සමේ රැළි ඇතිවීම්, ලප කැළැල් ඇතිවීම්,වළක්වා මැරුණු සෛල ඉවත් කර සෛල අලුත්වැඩියා කරනවා. තක්කාලිවල ඇති ප්‍රතිඔක්සිකාරක වන ලයිකොපීන් සහ විටමින් සී ද සමේ ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් විශාල කාර්‍යබාරයක් ඉටු කරනවා .සම අධික ලෙස තෙල් සහිත වීම වැළැක්වීම වළක්වාලන්නත් මේ තක්කාලිවලට හැකි නිසා කුරුලෑ ආසාදනවලින් අඳුරු ලප කැළැල්වලින් මිදෙන්නත් සම නැවත දීප්තිමත් කරගන්නත් එය අපිට උදව් වෙනවා.
ගස්ලබු රසවත් පලතුරක් වෙන ගස්ලබු දීප්තිමත් පැහැපත් සමක් ලබාගන්නට විශාල දායක්ත්වයක් ලබාදෙනවා.ගස්ලබුවල අඩංගු වෙන පැපේන් සහ කයිමොපැපේන් කියන් එන්සයිම සමේ සිදුරු තුළ ඇති මැරුණු සෛල ඉවත් කර කුරුලෑ ආදී ආසාදන ඇතිවීම අවම කරනවා.සමේ තෙතමනය නිසිපරිදි පවත්වා ගනිමින් සමේ මෘදු බව සහ තරුණ පෙනුම ආරක්ෂා කරදෙනවා.
ආමන්ඩ් විටමින් E වලින් පොහොසත් සමේ විෂ ඉවත් කරනවා.සිගරැට් දුම, පරිසර දූෂණය ඇතුළු බාහිර සාධක නිසා සමට ඇතිවන බලපෑමෙන් සම සුරකින ආමන්ඩ් සම ඉතා හොඳින් පිරිසිදු කරනවා.ඒ වගේම මුහුණ අවලස්සන කරන කළු ලප සහ ඇස් වටා කළු වීම් පවා අවම කරනවා.නව සෛල වැඩි දියුණු කරනවා. සමේ වර්ණය සහ තෙතමනය පවත්වා ගනිමින් සුවිශාල කාර්‍යබාරයක් සමේ පැහැපත් බව සහ නිරෝගී බව වෙනුවෙන් සිදු කරනවා.

පොල් වතුර පොල් වතුරවල අඩංගු පෝෂක අතර විටමින් B2 සහ C සුවිශේෂී වෙනවා. ඒ විතරක්ම නෙවෙයි මෙහි අඩංගු මැග්නීසියම්, සෝඩියම්,කැල්සියම් වගේ සංඝටකත් සමේ පැහැපත් බව නිරෝගී බව වෙනුවෙන් දායක වෙනවා.සමේ ගැටළු රැසකට බලපාන සමේ වියළි බව දුරුකරගෙන සමේ තෙතමනය ආරක්ෂා කරගන්නට සම වයස්ගතවීම පාලනය කරමින් සම පෝෂණය කරන්නට පොල් වතුර උදව් වෙනවා.මේ ආහාර හැරුණාම
- කෝමාරිකා
- බිත්තර
- වට්ටක්කා ඇට
- අලිගැට පේර
- යෝගට්
- බතල
- කොමඩු
- ගොටුකොළ
- දොඩම්
- නිවිති
- මල් ගෝවා ඇතුළු ආහාරපානත් අපේ සමේ පැහැපත් බව සහ නිරෝගී බව උදෙසා අපිට ලබාගන්න පුළුවන්.