සුව කරන්න බෑ කියපු බොහෝ දෙනාගේ පීනස රෝගය සුව කරපු ස්වභාවික සත්කාර 7ක්

health tips

ගොඩක් අය විදවන ඒ වගේම සැලකිලිමත් නොවන පීඩාකාරීම රෝගයක් නේ පීනස කියන්නේ . නමුත් එය ඉතා දරුණු බලපෑම්  ඇති කරන නිසා පීනස කියන රෝගී තත්ත්වය සුළුවට ගත යුතු නැහැ. මේ රෝගය ඇතිවෙන්නත්  සුව කර ගන්නටත් අපේ ආහාර පුරුදු සහ චර්යා රටාවන් ඉහළ බලපෑමක් සිදු කරනවා. ඒ නිසා පීනසෙන් පීඩා විදින ඔබ මෙහි බරපතල බව දැනුවත් නොවුණත් මෙහි ඇති පීඩාකාරී බව නිසාම සුවපත් බවක් අපේක්ෂා කරනවා ඇති. මේ පිළියම් ඒ සඳහා ඔබට අත්හදා බලන්නට පුළුවන් වෛද්‍ය උපදෙස් මත.

පීනස කියන්නේ අසාත්මිකතාවයක්. ශරීරයට ආගන්තුක යමක් ඇතුළු වුණොත් එයට විරුද්ධව සටන් කරන්නට සිරුරේ ප්‍රතිදේහ පුරුදු වී සිටිනවා. ඒ නිසා ශරීරයට ඇතුල් වෙන විෂබීජවලට විරුද්ධව සටන් කරන්නේ මේ ප්‍රතිදේහවලින්. ශරීරයේ හිස ප්‍රදේශයට සම්බන්ධ ගලනාලය, ශ්වාසනාලය ආදියේ ශ්ලේශ්මල පටල (සෙම) කියන තුනී පටක ආසාදනය මෙහිදී සිදුවෙනවා.

පීනස් වර්ග ගණනාවක්ම තියෙනවා.ඒවායින් ඇතැම් ඒවා වඩාත් බරපතල තත්ත්වයන් ඇති කරන්නට සමත් වෙනවා.කොහොමවුණත් මේ රෝගයට් වයස් භේදයක් නැති නිසා ලොකු පොඩි හැමෝම මෙයින් පීඩා විදිනවා.ඉතින් පීනස් රෝගයට විධිමත් පිළියමකට යොමු නොවුණොත් මේ වගේ ගැටළුවලට ඔයාට් මුහුණ දෙන්නට සිද්ධ වේවි.

පීනස් රෝගයට නිසි ප්‍රතිකාර ලබා නොගැනීමෙන් ඇතිවිය හැකි සංකූලතා

  • නාසයේ මස් දළු ඇතිවීම
  • ඇදුම හෙවත් හතිය ඇතිවීම
  • සමේ කුෂ්ඨ රෝග හා අස්ථි විකෘතිතා ඇතිවීම
  • නාසය සහ මුහුණ ඉදිමීම
  • නාස් කුහරය වැසීයාමෙන් මුඛයෙන් හුස්ම ගැනීමට සිදුවීම හා නාසය සහ කෝටර වෛරස හා බැක්ටීරියා ආසාදනවලට ලක්වීය හැකියි. එයින් දිගුකාලීනව පවතින කෝටරක ප්‍රදාහය වැනි රෝග තත්ත්ව ඇතිවිය හැකියි.
  • ශරීරයේ අප්‍රාණික බව
  • කාලයක් පවතින හිසරදයක් ඇතිවීම
  • උගුරේ ආසාදන ඇතිවීම
  • පෙනහලුවල ආසාදන ඇතිවීම
  • මුහුණ දුර්වර්ණවීම
  • මැදකන ආශ්‍රිත ආසාදන ඇතිවීම
  • කටහඩ වෙනස්වීම

පීනසට පිළියම් 

  • තිකුළු , සුදු ළූණු සිරිතේක්කු , වළග සහල්,කටුවැල්  බටු කළං  2 බැගින් ගෙන වෙන් වෙන්ව කබලේ බැද ගන්න. ඒවායේ බරට සීනි දමා මී පැණි සමඟ මිශ්‍ර කර නෙල්ලි ගෙඩි ප්‍රමාණයේ ගුලි සාදා සුළං නොවදින සේ අසුරා තබන්න. දිනකට දෙවරක් ඉඟුරු  කොත්තමල්ලි තම්බා ගත් වතුර සමඟ පානයට ගන්න.
  • කීකිරිදිය , මුගුණුවැන්න, අමු නෙල්ලි ඇල් ජලයෙන් අඹරා මිරිකා යුෂ ලබාගන්න .ඒ යුෂ කකාරා තල තෙල් සමඟ හිසේ ආලේප කරන්න . මෙය ලේ පීනසට ඉතා ගුණදායකයි . 
  • මැටි මුට්ටියක් ගෙන එයට ගොටුකොළ මුල් මිටක ප්‍රමාණයක්, රතු ළූණු ගෙඩි 8 ක් සහ තලා ගත් කරදමුංගු 3-4  ක් පමණ එකතු කර ඒ සියල්ල වැසෙන ප්‍රමාණයට ජලය එකතු කරන්න. ඉන්පසු මද ගින්නේ විනාඩි 30 ක් පමණ තම්බා උදේ  සවස පානය කිරීම ගුණදායකයි.
  • අරළු, බුළු, නෙල්ලි කොත්තමල්ලි, සුදු හදුන්, තිප්පිලි ආදි වර්ග පිටිකර වෙන වෙනම ගෙන එයින් තේ හැදි 2 බැගින් මුසුකර මී පැණිවලින් හොඳින් කලවම් කර සාදාගත් ගුලියක් පිරිසිදු වතුර වීදුරුවක් සමඟ පානයට ගන්න .
  • කරාබු නැටි, සාදික්කා, වසාවාසි, වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, සහිද ලුණු,  සමව ගෙන චූර්ණ කර උදේ දවල් සවස දුම් ඇල්ලීම හෝ නස්‍ය  කරන්න.
  • වියළි කහ, වියළි ඉඟුරු කුඩු, තැඹිලි ගෙඩියකට දමා රැයක් එළි වෙන්නට තබා හිස් බඩ පානය කරන්න.
  • ඉඟුරු පියලි, පිටවක්කා, තිප්පිලි, නෙළුම් අල ,සුදු ළූණු, ගම්මිරිස් කළං දෙක බැගින් ගෙන කසාය පිළියෙල කර පානයට් ගන්න.

මේවා  ප්‍රතිකාරයන් ලෙස භාවිතයට ගන්නට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට වග බලා ගන්න.