කකුල්වල නීරෝගී බව හා පෙනුම පවත්වාගැනීම කෙරෙහි ඔබ සැලකිලිමත් ද? කකුල්වල සනීපාරක්ෂාව කෙරෙහි අඩු අවධානය නිසාම පාද වල සම වියළී යාම, සම ඉරිතලා යෑම, කොරල මතුවීම වැනි ගැටලු වගේම කකුල් අවලස්සන කරවමින් යටි පතුල් පැළීයාම ද සිදුවිය හැකියි. ඔබත් මේ ගැටලුවෙන් පීඩා විඳින කෙනෙකු නම් පිරිසක් ඉදිරියේ පාවහන් ගැලවීමට සිදුවීමේදි ඔබට දැනෙන ලැජ්ජාව සහා අපහසුතාව ගැන ඔබ දන්නවා ඇති.
හැබැයි, අද පටන් අපි ඔබට කියන මේ සත්කාර ක්‍රම සිදුකිරීමට පටන්ගත්තොත් නම් තවදුරටත් පැළුණු දෙපතුල් ඔබට ගැටලුවක් වෙන එකක් නැහැ. රාත්‍රි නින්දට කලින් ඔබේ දෙපතුල් වලට මෙවැනි සත්කාරයක් ලබාදෙන්න.

දවස පුරාම ශරීරයේ බර දරාසිටින නිසා කකුල් වල මාංශ පේශී වඩාත් වෙහෙසට පත්වෙයි.ඉතින්, ඒ නිසාම කකුල් වල මාංශ පේශී යථා තත්වයට පත්වීම සඳහා ඊට හොඳින් සත්කාර කිරීම කළ යුතුයි. දවස අවසානයේ, එනම් රාත්‍රී කාලය ඊට වඩාත් සුදුසුයි. මේ සත්කාර ඔබේ කකුල් වල මාංශ පේශි ඉහිල් කරනවා පමණක් නොව ඔබේ රාත්‍රි නින්දේ ගුණාත්මක බව ද වැඩිකරවයි.
උණුසුම් වතුරේ කකුල් පොඟවන්න.උණුසුම් වතුරට එප්සම් හෙවත් සවිඳ ලුණු කෝප්පයක් පමණ එක්කර මිනිත්තු 10ක් පමණ කකුල් පොඟවන්න. මින් ඔබේ කකුල් වල වේදනා කැක්කුම් සමනය වී යයි. සිරුරට හොඳ සෑඑල්ලුවක් දැනෙයි.එප්සම් යනු මැග්නීසියම් හා සල්ෆේට් වල සුසංයෝගයකි.
මෙම සත්කාරය දෙපා වලට වඩාත් හොඳ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙයි.: දෙපා වල ආතතිය හා වේදනාව දුරලයි.කෙණ්ඩා ඇතුළු මාංශ පේශී පෙරළීමෙන් ඇතිවන කැක්කුම් සමනය කරයි, ස්නායු හා මාංශ පේශී ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කරයි,රක්තවාත වේදනා අඩුකරයි.
කකුල් සම්බාහනය කරන්න කකුල් සම්බාහනය කිරීමෙන් එහි රුධිර සංසරණය ක්‍රමවත් වීම, මාංශ පේශී උත්තේජනය වීම, මාංශ පේශී ඉහිල් කර වේදනා සමනය කිරීම වැනි ප්‍රතිලාභ හිමිවේ.පිරිසිදු පොල් තෙල් හෝ ඔලිව් තෙල් ස්වල්පයක් අත්ලට ගෙන කකුල් වල ආලේප කරන්න.විලුඹ ප්‍රදේශයේ සිට ඉදිරිපස ඇඟිලි දක්වා ද ආලේප කරන්න.කකුලේ ඇඟිලි කරු අතරින් ද මෘදුව සම සම්බාහනය කරන්න.විලුඹ ප්‍රදේශයෙන් මදක් තදින් අල්ලාගෙන කරකවමින් සම්බාහනය කරන්න.යටිපතුලේ මැද ප්‍රදේශය මද වෙලාවක් තෙරපාගෙන ඉන්න. යළිත් ඉහළ සිට පහළට සම පිරිමදින්න.මෙම තෙල් මඟින් සමට අවශ්‍ය තෙතමනය ද සලසන නිසා සමේ වියළි බව ද දුරුවී යයි. යටිපතුල් පැඛ්ළීම්, කොරල මතුවීම් වැනි ගැටලු ඇතිවීම වළකයි.සම මෘදු සුමුදු කරවයි.
යටිපතුල් වලට සත්කාර
කෝපි කුඩු+ සීනි+ පොල් තෙල් කෝපි කුඩු සහ මේස හැඳි 2ක් සහ දුඹුරු සීනි මේස හැඳි 1ක් පොල් තෙල් මේස හැඳි 1 1/2ක් සමඟ මිශ්‍ර කර මදක් රත්කරගන්න.මුළින්ම ඔබේ කකුල් උණුසුම් වතුර පිරවූ බේසමකට දමා මිනිත්තු 5-10ක් පමණ පෙඟෙන්නට හරින්න.කකුල් ඉවතට ගෙන මෙම සාදාගත් ස්ක්‍රබ් එක සම මත ආලේප කර ඇඟිලි තුඬු වලින් මෘදුව පිරිමදින්න.මිනිත්තු 15-20ක් පමණ තිබෙන්නට හැර වතුරෙන් සෝදාහරින්න.තෙත මාත්තුකරන්න.
හාල් පිටි, මී පැණි සහා විනාකිරි සත්කාරය හාල් පිටි තේ හැඳි 3ක්, මී පැණි තේ හැඳි 1ක් සහා ඇපල් සයිඩර් විනාකිරි බිංදු 2-3ක් පමණ එක් කරමින් ඝන තලපයක් ලෙස ස්ක්‍රබ් එකක් සකස් කරගන්න.ඔබේ දෙපා ඇල් මැරුණු ජලයේ මිනිත්තු 10ක් පමණ පොඟවාගෙන සිටින්න. ඉන්පසුව, දෙපතුල් වල මැරුණු සම ඉවත් කරගැනීම සඳහා මෙම ස්ක්‍රබ් එක ආලේප කරමින් මෘදුව දෙපා ඇතිල්ලීම සිදුකරන්න.සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම සත්කාරය නැවත සිදුකරන්න.
හාල් පිටි මඟින් සමේ මැරුණු සෛල ඉවත්කිරිම සහා සම පිරිසිදු කිරීම සිදුකරයි. මී පැණි යනු ස්වභාවික විෂබීජනාශකයක් බැවින් ඒවා පැළුණු දෙපතුල් සුවකිරීම සිදුකරයි. විනාකිරි වල අඩංගු අම්ල ස්වභාවය මඟින් වියළි සහා මැරුණු සම මෘදු කර සමෙන් ඉවත්කිරීම පහසු කරවයි.

බේකිං සෝඩා වලින් සත්කාරයක් ඇල් මැරුණු ජලය සහිත බේසමකට බේකිං සෝඩා මේස හැඳි 3ක් එකතු කරගන්න. බේකිං සෝඩා දියවන තුරු හොඳින් කලවම් කරන්න.මෙම මිශ්‍රණයේ ඔබේ දෙපා මිනිත්තු 15ක් පමණ පොඟවාගෙන සිටින්න.ජලයෙන් පාද ඉවත්කරමින් පමිස් ගලක් භාවිතා කරමින් සම මෘදුව අතුල්ලා මැරුණු සම ඉවත් කරගන්න.පිරිසිදු ජලයෙන් කකුල් සෝදා වියළෙන සේ තුවායකින් තෙත මාත්තු කරගන්න.සතියකට දෙවරක් මෙම සත්කාරය සිදුකරන්න.
බේකිං සෝඩා වලින් සමේ මැරුණු සෛල ඉවත් කරනු ලබයි. ඒ වගේම ප්‍රති- ප්‍රදාහක ගුණයන් බහුලව අඩංගු වන නිසා සම සුවපත් කිරීම සිදුකරයි. කකුල් වල ඇති වන දහදිය දුර්ගන්ධය පාලනය කිරීම සඳහා ද මෙම සත්කාරය ඉතා ප්‍රයෝජනවත්.
විඩාපත් කකුල් වලට සුවය සලසන යෝගා ඉරියව්
‘තාලාසනය’කඳ සෘජුව තබාගෙන අත් දෙක ඉහළට විහිදුවමින් සිරුරේ බර දරා සිටින සේ කකුලේ ඇඟිලි තුඬු වලට බර වී සිටගන්න.තත්පර 30ක් පමණ සිටිමින් සැහැල්ලු වන්න. මෙසේ වාර 3-4ක් පමණ කරන්න.
‘උට්කඨාසනය’ මෙම අභ්‍යාසය තාලාසනය ඉරියව්වට සමානයි.ඇඟිලි තුඬු වලට බර වි සිටගත් පසු සිරුර ඉහළ පහළ කරවන්න.
තවත් අභ්‍යාසයක් ඇඟිලි තුඬු වලින් සිටගෙන පියවර 5ක් ඉදිරියට ඇවිදින්න.නැවත පියවර 5ක් පිටුපසට ගමන් කරන්න.මේ ආකාරයටම විලුඹෙන් සිටගෙන පියවර 5ක් ඉදිරියට ද පිටුපසට ද ගමන් කරන්න.මෙම ඉරියව්වේදී ඔබේ සිරුර හැකිතාක් සමබරව පවත්වාගැනීමට උත්සහ කළ යුතුයි.
තවද කකුලේ ලොකු ඇඟිල්ලට (කකුල් දෙකේම) පමණක් බර වී ඉදිරියට හා පිටුපසට පියවර 5ක් බැගින් ඇවිදින්න.මෙම අභ්‍යාස ඔබේ කකුල් වල මාංශ පේශී ශක්තිමත් කරමින් ඒවායේ නම්‍යශීලි බව වඩවයි. එමෙන්ම යටිපතුල් වල දැඩි බව අඩුකරයි. රුධිර සංසරණය ක්‍රමවත් කර හිටිවැටීම් වැනි තත්වයන් ඇතිවීම් අවම කරයි.
- දිනපතා බේබි ඔයිල් හෝ වෙනත් සමට සුදුසු තෙල් වර්ගයක් කකුල් වල ගල්වන්න. ඉන් සම වියළීම හා පැළීම වළක්වාගත හැකියි.
- දිනපතා ඇඟ සෝදන විට හෝ ස්නානය කරන විට පමිස් ගලකින් යටි පතුල් අතුල්ලා පිරිසිදු කරන්න. එවිට පැළුණු තැන් වල කුණු දුහුවිලි සිරවීම වළක්වාගත හැකියි.මැරුණු සෛල ද ඉවත් වී සමට පිරිසිදු බවක් ලැබේ.
- යටිපතුල් ආශ්‍රිත පීඩාකාරී ගැටලු දිගින් දිගටම ඇතිවේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.