මාසෙට අගල් පහකට වඩා හිසකෙස් දිගු කරන සහල් වතුර භාවිතයෙන් සකසන ස්වභාවික සත්කාර 3 ක්

health tips

සහල් වතුර වල ඇත්තේ පිෂ්ටයයි.මෙම පිෂ්ටය සහිත වතුර හිසකෙස් වල නීරෝගී බව වඩවමින් ඊට දීප්තියක් හා පිරිපුන් බවක් ලබාදෙන සත්කාරයක් ලෙස යොදාගත හැකිබව බොහෝ අය දන්නේ නැහැ.හරි ක්‍රමයට භාවිත කිරීමෙන් ඔබේ කෙස්කලඹට හොඳම ප්‍රතිලාභ ලබාගන්න පුළුවන්  සත්කාරයක් ගැනයි අද අප ඔබට කියාදෙන්නට යන්නේ.

සහල් වතුර ආකාර 3කට සකස්කරගන්නට පුළුවන්.

  • පළමු ක්‍රමය- සහල් ප්‍රමාණයක් ගෙන වතුර පිරවු බඳුනකට දමා පැය බාගයක් පමණ පෙ‍ඟෙන්නට හැර එම වතුර පෙරාගැනීම.
  • දෙවන ක්‍රමය-බත් පිසින විට වතුර වැඩියෙන් දමා කැඳ ලෙස පෙරාගැනීම.
  • තෙවන ක්‍රමය-පිසූ බත් වතුර බඳුනකට දමා දින 2ක් පමණ පියනකින් වසා තබා පසුව එහි වතුර පෙරාගැනීම.

ඉහත ඕනෑම ආකාරයකින් සූදානම් කරගත් සහල් වතුර මේ සත්කාර සඳහා භාවිත කළ හැකියි.

මේ සත්කාරය සිදුකරන්නේ කොහොමද?

  • සාමාන්‍ය පරිදි වෙනදා මෙන් හිසකෙස් ෂැම්පු යොදා හොඳින් පිරිසිදු කරගන්න.
  • කෙස්කලඹේ වතුර මිරිකා හැර, මෙම සහල් වතුර හිස්කබලේ සිට හිසකෙස් අග දක්වාම හොඳින් ආලේප කරන්න.
  • මිනිත්තු 2-3ක් පමණ හොඳින් හිස්කබල සම්බාහනය කරන්න. හිසකෙස් මුල සිට අග දක්වා පිරිමදින්න.
  • මිනිත්තු 20-30ක් පමණ තිබෙන්නට හැර නැවත හිස වතුරෙන් සෝදන්න.
  • මෙය නිතිපතා කිරීමෙන් ඔබේ කෙස්කලඹේ පැහැදිලි වර්ධනීය වෙනස්කම් ‍රැසක් දැකගැනීමට ඔබට හැකිවේවි.

සහල් වතුර වලින් කෙස්කලඹ ශක්තිමත් හා නීරෝගී වෙන්නේ කොහොමද?

  1. සහල් වතුර වල ඇමයිනෝ අම්ල බහුලයි.මෙම අම්ල හිස්කෙස් ප්‍රතිවර්ධනය වීමට සහය වේ.විටමින් B,C හා E ද අන්තර්ගත නිසා හිසකෙස් පෝෂණය කරයි.
  2. නිසි තෙතමනය ලබාදෙන නිසා කෙස්කලඹට හිතකරයි.අධික තෙතමනය කෙස්කලඹට හානිකර විය හැකි බව මතක තබාගත යුතුයි.සහල් වතුරේ ඇති ප්‍රෝටීන් ගුණය මඟින් කෙස්ගස් වල තෙතමනය මනාව සමතුලිත කරවයි.
  3. සහල් වතුර හිසකෙස් මතුපිට ඝර්ෂණය අඩුකරයි.එමෙන්ම කෙස්ගස් වල පළුදු වීමේ ස්වභාව දුරුකර නම්‍යශීලි බව වැඩිකරයි.
  4. සහල් වතුර වල ඇති ඉනොසිටෝල් මඟින් හිසකෙස් වල ශක්තිමත් බව වැඩිකරවයි.සහල් වතුර වල ඇති පිෂ්ටමය ස්වභාවය කෙස්කලඹට මනා දීප්තියක් ලබාදෙයි.එමෙන්ම කෙස්ගස් වල මෘදු සිනිදු බව වැඩිකරයි.හිසකෙස් ගැට ගැසී අවුල් වීම බොහෝ හොඳින් අඩුකරයි.

සැ.යු: සවිවරතාව අඩු (low porosity) හිසකෙස් සහිත අය සහල් වතුර භාවිතය සීමා කළ යුතුයි.ප්‍රෝටීන් හිසකෙස් වලට උරාගැනීම සිදුවෙනවා වෙනුවට හිසකෙස් වල බැඳීම (‍රැඳීම) ඊට හේතුවයි.එවිට කෙස්කලඹේ අකීකරුබව වැඩිවිය හැකියි (වතුර වීදුරුවකට කෙස්ගසක් දැමූ විට එය පාවේ නම් ඔබේ හිසකෙස් වල සවිවරතාව අඩු බව පෙනීයයි.එනම් කෙස්ගස් වල සිදුරු සහිත බව අඩුකමයි.මෙවැනි කෙස්කලඹකට තෙතමනය පහසුවෙන් උරාගැනීමක් සිදුවන්නේ නැහැ)