විදුරුමස්වලින් ලේ ගැලීම සදහටම නතර කරන ස්වභාවික ප්‍රතිකාර ක්‍රම 7 ක්

health tips

වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට පවතින මුඛ සෞඛ්‍ය ගැටලුවක් ලෙස විදුරුමස් වලින් ලේ ගැලීමේ රෝගය හඳුනාගත හැකිය. විදුරුමස් අතර මැලියම් ඉවත් නොවීම නිසා මෙම රෝගය ඇති වේ. එනම් මැලියම් යනු ක්ෂුද්‍ර ජීවී විශේෂයක් වන අතර ඒවා නිසි පරිදි ඉවත් නොවීම හේතුවෙන් වැඩි වශයෙන් ඒ මත බැක්ටීරියා වර්ධනය වේ. එසේ ඇති වූ බැක්ටීරියා බුරුසුවකින් පමණක් ඉවත් කර ගත නොහැකිය. මෙමගින් විදුරුමස් ආසාදනය වී රුධිර සැපයුම ද  වේගවත්ව සිදුවේ.  මේ නිසා විදුරුමස් රතු පැහැති වන අතර ඉදිමී පසුව ලේ ගැලීම්  ඇතිවේ. 

විදුරුමස්වලින් ලේ ගැලීම සඳහා බලපාන හේතූන් 

  • විදුරුමස් රතු පැහැ ගැන්වීම හා ඉදිමීම. 
  • ඉතා වේගයෙන් දත් මැදීම. 
  • දැවිල්ල තත්වය. 
  • දත් මැදීමේ දී ඇති වන තුවාල වීම්. 
  • අපිලිවෙලට දත් පිහිටා තිබීම. 
  • කෘතිමව භාවිත කරන ලද දත් නිසි පරිදි පිරිසිදු නොකිරීම. 
  • ප්‍රතිශක්තිකරණය අඩු වීම 
  • ගර්භණී වීම. 
  • මානසික ආතතිය. 
  • යන ආදී එක් හේතුවක් හෝ හේතු කිහිපයක් මෙම තත්ත්වය ඇති වීම සඳහා මූලික  වේ. 
  • විදුරුමස් වලින් ලේ ගැලීමේ රෝගය ඇති විට 
  • දත් සෙලවීම
  • මුඛයෙන් දුර්ගන්ධයක් හැමීම
  • අධික වේදනාවක් ඇතිවීම යන ආදී රෝග සංකූලතා ඇති වනු ලැබේ.

මෙම රෝගය පවතින විටක වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුවේ. ඊට අමතරව මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ස්වභාවික සත්කාර සිදු කළ හැකිය.

ලුණු වතුරෙන් මුඛය සේදිය යුතුය. විදුරුමසින් ලේ ගලන තත්ත්වයක් ඇතිවූ විට  මඳ උණුසුම් ජලයට ලුණු ස්වල්පයක් මිශ්‍රකර එමගින් මුඛය සේදීම සිදු කළ යුතුය. එහිදී මුඛයේ වර්ධනය වන අහිතකර බැක්ටීරියා විනාශ වන අතරම විදුරුමස් ආසාදනය වූ තත්ත්වයන් වලට ඉක්මන් සුවයක් ලබා ගත හැකිය. 

ග්‍රීන් ටී පානය කිරීම.විදුරුමස් රෝග වලින් පෙළෙන පුද්ගලයන්ට ග්‍රීන් ටී පානය කිරීම යෝග්‍ය වේ. එනම්ග්‍රීන් ටී වල කැටෙචින් නම් සංඝටකය අඩංගු වන අතර එම සංඝටකය  මුඛයේ වර්ධනය වන බැක්ටීරියා මගින් ඇතිකරන දාහය දුරු කර විදුරුමස් රෝග ඇති වීම වලක්වනු ලැබේ.ඊට අමතරව මේ සඳහා ග්‍රීන් ටී වල පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය ද උපකාරී වේ. දන්ත සනීපාරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම. 

මෙම රෝගය බොහෝ විට ඇතිවනු ලබන්නේ විදුරුමස් හා දත් ආවරණය වී පවතින ක්ෂුද්‍ර ජීවීන් නිසි පරිදි ඉවත් නොකරීම හේතු කොටගෙනය. මේ නිසා නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුය.  දිනකට දෙවරක් දත් මැදීම, පැණි රස ආහාර ගැනීමෙන් අනතුරුව මුඛය සෝදා හැරීම, නිසි ප්‍රමිතියෙන් යුක්ත දන්තාලේප හා දත් බුරුසු  භාවිතා කිරීම මගින් මෙම තත්ත්වය ඇති වීම වලක්වා ගත හැකිය.

මුඛය  පිරිසිදුව තබා ගැනීම.මුඛය සේදීම සඳහා hydrogen peroxide භාවිතා කළ හැකිය. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් යනු විෂබීජ නාශකයක් වන අතර එමගින් මුඛය සේදීමෙන් මුඛය පිරිසිදුව තබාගත හැකිය. එමෙන්ම විදුරුමස්වලින් ලේ ගැලීම ද නවතා ගත හැකිය.

සීතල සම්පිණ්ඩනයක් සිදු කිරීම.විදුරුමස් වල පටක ඉරීමෙන් හෝ කම්පනයෙන් විදුරුමස්වලින් ලේ ගැලීම සිදුවේ. එවැනි අවස්ථාවක සීතල සම්පිණ්ඩනයක් යොදාගෙන විදුරුමස් තැවීම මගින් විදුරුමස්වලින් ලේ ගැලීම නවතා ගත හැකිය. විශේෂයෙන් මේ සඳහා අයිස් කැට පැකට්ටුවක් හෝ සීතල රෙදි කැබැල්ලක් යොදා ගැනීම සිදුවේ. 

විටමින් C සහ K සහිත ආහාර භාවිතා කිරීම.

  • විදුරුමස් රෝග ඇති වීම සඳහා විටමින් C සහ 
  • K ඌනතාවයන් ප්‍රබල වශයෙන් හේතු පාදක වේ.

මේ නිසා එවැනි රෝග පවතින විටෙක විටමින් C,K අඩංගු වන ආහාර පාන  ලබා ගත යුතුය. එනම් විටමින් C අඩංගු ආහාර භාවිතා කිරීමෙන් ඒවායෙහි අඩංගු ප්‍රතිඔක්සිකාරක ශරීර ප්‍රතිශක්තිකරණය වැඩි කර විදුරුමස් රෝග වලට එරෙහිව ක්‍රියාත්මක වී එම රෝග ඇති වීම වලක්වයි. එමෙන්ම විටමින් K  සහිත ආහාර පරිභෝජනය කිරීමෙන් රුධිර කැටි ගැසීම වේගවත් කරයි. එනම් ඉන් ඉතා ඉක්මනින් රුධිර වහනය වීම් වලක්වා ගත හැකිය. මේ නිසා විදුරුමස් රෝග පවතින පුද්ගලයින් විටමින් K සහ C අඩංගු ආහාර භාවිතා කිරීම වැදගත් වේ. 

ලබා ගන්නා කාබෝහයිඩ්ඩ්‍රේට් ප්‍රමාණය අවම කිරීම. කාබෝහයිඩ්‍රේට් වල සීනි හා ග්ලූකෝස් මට්ටම ඉහල වන අතර එය දත් හා විදුරුමස් මත බැක්ටීරියා වර්ධනය වීම වේගවත් කරයි. මෙමගින් විදුරුමස් ආසාදනය වීම සිදු වන අතර විදුරුමස්වලින් ලේ ගැලීම ද සිදුවේ. එබැවින් අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ලබා ගැනීම මෙන්ම එවැනි ආහාර වර්ග පරිභෝජනයෙන් පසු මුඛය සෝදා හැරීම හෝ දත් මැදීම සිදු කිරීම වැදගත් වේ. 

දුම් පානය නතර කිරීම.විදුරුමස් වලින් ලේ ගැලීම් ඇතිවීම සඳහා දුම්වැටි පානය කිරීම සෘජු දායකත්වයක් සපයනු ලැබේ. එනම් දුම්  පානය කරන පුද්ගලයින්ගේ ශරීර ප්‍රතිශක්තිකරණය අවම වන අතර ඉන්  ක්ෂුද්‍ර ජීවීන් සමග සටන් කිරීමට නොහැකි වී බැක්ටීරියා වර්ධනය වීම සිදුවේ. මේ නිසා ක්ෂුද්‍ර ජීවී ආසාදන ඇති වනු ලැබේ. 

  • මානසික ආතතියෙන් මිදීම.
  • මානසික ආතතිය පවතින පුද්ගලයින්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අවම වන අතර එය සෘජුවම මුඛ සෞඛ්‍ය කෙරෙහි බලපානු ලැබේ.

ඊට අමතරව  චිත්තවේගීය ආතතිය නිසාවෙන් මුඛ සෞඛ්‍ය පිළිබඳ නොසැලකිලිමත් වීම නිසා  විදුරුමස් රෝග ඇති වනු ලැබේ. මේ නිසා  මානසික ආතතියෙන් මිදීමට කටයුතු කළ යුතුය. මේ ආදී වූ ප්‍රතිකාර කළ පසු ද මෙම රෝගය සමනය නොවන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුවේ.