තේ වෙනුවට භාවිතා කළ හැකි තවත් එක් ඖෂධීය පානයක් ලෙස රණවරා හැඳින්විය හැකිය. එනම් ඈත අතීතයේ සිටම ආයුර්වේදය තුළ මෙන්න දේශීය වෛද්‍ය විද්‍යාව තුළ ද රෝග රැසක් පාලනය කර ගැනීමට ඖෂධයක් ලෙස රණවරා පානය , රණවරා මැල්ලුම ආහාරයට ගෙන තිබේ. එනම් ශ්‍රි ලංකාවේ වියළි කලාපය තුළ රණවරා හොඳින් වැඩෙන අතර එහි ප්‍රභේද දෙකක් හඳුනාගත හැකිය.
- නියම රණවරා
- අනියම් රණවරා යනුවෙන් එම ප්‍රභේද වර්ග දෙක හඳුනාගත හැකිය.
මෙම ප්‍රභේද වල එකිනෙකට වෙනස් ලක්ෂණ හඳුනාගත හැකි අතර නියම රණවරා වල කන්පෙත්තක හැඩයෙන් යුත් කුඩා පත්‍ර දෙකක් දක්නට ලැබේ. එමෙන්ම හටගනු ලබන මල්, කොළ තරමක් කුඩාවේ. එමෙන්ම අනියම් රණවරා වල කන්පෙත්තක හැඩයෙන් යුත් පත්‍ර දක්නට නොමැති අතර නියම රණවරා වල මල්, කොළ විශාලවේ.එනම් ආයුර්වේදයේ රණවරා කොළ, මල්, පොතු, ඇට යන පංචාංගයම ඖෂධ ලෙස යොදා ගනී. රණවරා මල් ,ඇට, පොතු යන සියල්ල පානය කිරීම සඳහා යොදා ගත හැකිය. නමුත් බොහෝ දෙනෙකු රණවරා මල් පානය භාවිතා කරයි.
රණවරා වල ඖෂධීය ගුණ

- මලබද්ධය සඳහා
- රුධිරය පිරිසුදු කිරීම සඳහා
- අක්ෂි රෝග සඳහා
- අර්ශස් සඳහා
- අතීසාරය සඳහා
- විසබීජ නාශනය සඳහා
- සම පැහැපත් කිරීම සඳහා
- දියවැඩියාව සඳහා
- ශුක්‍ර වර්ධනය සඳහා
- උදර වේදනාව සඳහා
- මුඛ රෝග සඳහා
- ප්‍රජනන පද්ධතියේ රෝග සඳහා
- මුත්‍රා රෝග සඳහා
- ඇදුම සඳහා
- චර්ම රෝග සඳහා
- මෙවැනි රෝග ගණනාවකට රණවරා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.
- මලබද්ධය,අර්ශස් රෝග සමනය කිරීම සඳහා යෝග්‍ය වේ.
පීඩාකාරී මලබද්ධය හා මලබද්ධය උග්‍ර වීමෙන් ඇතිවන අර්ශස් සමනය කිරීමට රණවරා මල් තම්බා පානය කිරීම මෙන්ම රණවරා කොළ මලවා ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ.

සම පැහැපත් කිරීමට හේතුවේ.වර්තමානය වන විට සම පැහැපත් කර ගැනීමට බොහෝ කාන්තාවන් රණවරා තේ වෙනුවට පානය කරයි. එනම් දිනපතා රණවරා මල් පානයක් ලෙස භාවිතා කරන්නේ නම් ඉන් සමේ ලප කැළැල් සමනය වී සම පැහැපත් කර ගත හැකිය.
මුඛ රෝග සඳහා ඖෂධයක් වේ.බොහෝ දෙනෙකු මුඛය ආශ්‍රිතව ඇතිවන රෝග නිසා පීඩාවට පත්ව තිබේ. එනම් මුඛය ආශ්‍රිත හටගැනෙන තුවාල වලට, කට ගඳ ගැසීමට, උගුරේ ආබාධ ඇති විටෙක රණවරා කොළ තැම්බූ වතුරින් කට සේදීම මෙන්ම රණවරා අමු කොළ කිහිපයක් සැපීම යෝග්‍ය වේ.
ආහාර ජීර්ණය පහසු කිරීමට දායකවේ. ආහාර ජීර්ණය නොවීම නිසා දියවැඩියාව, අම්ලපිත්තය වැනි රෝග තත්ත්වයන් ඇති වී තිබේ. මෙවැනි අවස්ථාවක එම රෝග සමනය කරගෙන හොඳින් ආහාර ජීර්ණය කර ගැනීමට රණවරා මල් පානය මෙන්ම කොළ මැල්ලුම හෝ කොළ යුෂ මිශ්‍ර කර සකස් කර ගත හැකි කැඳ පානය කිරීම යෝග්‍ය වේ.
මුත්‍රා රෝග සුව කර ගැනීමට උපකාරීවේ.මුත්‍ර මාර්ගය ආශ්‍රිතව ඇතිවන නොයෙක් රෝගාබාධ සඳහා එනම් මුත්‍රා දැවිල්ල ,වරින්වර මුත්‍රා පිට කිරීමට සිදුවීම, මුත්‍රා පිට කිරීමේ අපහසුතාවන් ආදී සියලු මුත්‍ර රෝග සමනය කිරීමට රණවරා මල් තම්බා පානය කිරීම ගුණදායකය.
ශුක්‍රාණු වර්ධනය කරන ඖෂධයක් වේ.මෙවැනි ගැටලු පවතින පුද්ගලයින්ට රණවරා මල් තම්බා පානය කිරීම සුදුසුවේ.
ඔසප් වේදනාවට සහනය ගෙනදේ.ණවරා මල් තම්බා පානය කිරීම මගින් කාන්තාවන්ගේ ආර්තවයේ දී ඇති වන නොයෙක් වේදනාවන් සමනය කර ගත හැකිය.

චර්ම රෝග සුවයට දායකවේ.දද කුෂ්ඨ ආදී චර්ම රෝග හෙවත් සම මත ඇතිවන රෝග සුව කර ගැනීම සඳහා රණවරා කොළ කොටා ලබා ගත් යුෂ ආලේප කිරීම යෝග්‍යය වේ. ඊට අමතරව රණවරා මල් තම්බා පානය කිරීම ද ගුණදායකය.
දියවැඩියා රෝගය පාලනය සඳහා ඖෂධයක්වේ.පීඩාකාරී රෝගයක් වන දියවැඩියාව ඇතිවීම පාලනය කර ගැනීම සඳහා රණවරා මල් තම්බා පානය කිරීම යෝග්‍ය වේ. නමුත් දියවැඩියාව සඳහා ඖෂධ ලබා ගන්නේ නම් රණවරා භාවිතා. නොකළ යුතුය.
තැලුම්, උලුක්කු සුව කරනු ලැබේ.ඈත අතීතයේ සිටම තැලුම්, උලුක්කු සුවකර ගැනීමට රණවරා කොළ, සියඹලා කොළ කොටා හෝ අඹරා එම ස්ථානවල ආලේප කිරීම හෙවත් පත්තු බැඳීම සිදුකර තිබේ.
මේ ආදී රෝග සුව කර ගැනීමට රණවරා ශාකයේ කොළ, පොතු, මල්,ඇට, ඖෂධ ලෙස භාවිතා කළ හැකිය. නමුත් දියවැඩියාව වැනි නිදන්ගත රෝග පවතින්නේ නම් රණවරා භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුවේ.