ලොකු කුඩා සියල්ලන්ගේම ලෙඩ රෝග රැසකට ගුණ දෙන දිවමය ඖෂධයක් වූ රෝස තේ පානය

health tips

ආදරයේ  සංකේතය විදියට සැලකෙන රෝස මල අපි හැමෝම වඩාත් ප්‍රිය කරන මල් වර්ගයක්.  රෝස මලක් වගේ  ලස්සනට ඉන්නත්  නිරෝගීව ඉන්නත් රෝස මල් අපිට උදව් කරන බව ඇතැම් විට ඔයා නොදන්නවත් ඇති. හැමෝම කැමති රෝස මල්  ලස්සනට වුණත්  අලංකාරයට එහා ගිය හරි අපූරු ඖෂධීය ගුණ බොහොමයක් ඒ තුළ අන්තර්ගත වෙනවා. ඉතින් ඔයාගේ  ගෙවත්තෙත් අනිවාර්යෙන්ම  රෝස ගසක් දෙකක් හෝ වගා කරල ඇති. ඉතින් ස්වභාවික රෝස මල්වලින් ඔයාට වියදමක් නැතුවම ලස්සනට ඉන්නත් පුළුවන්. නිරෝගීව ඉන්නත් පුළුවන්. විෂ කටු ඇති රෝස ගසේ ලස්සන රෝස මල් කඩලා කන්නට දුක වුණාට බලන්නකො රෝස අපිට කොතරම් ප්‍රතිලාභ ලබා දෙනවද කියලා.

බොහෝ මල් වර්ග අතරින් රෝස මල ලෝකයේ තියෙන පැරණිම සහ ඉතාම ආකර්ෂණීය මල් වර්ගයක්. මේ ශාකයත්  බොහෝ කාලයක් පවතින නිසා ගෙවතු වගාවේදී බොහෝ දෙනා වැඩි කැමැත්තකින් වගා  කරන්නට පෙළඹෙන ශාකයක්. මිනිසුන්ගේ භාවිතය සඳහා මේ ඕනෑම පැහැයක රෝස වර්ගයක් භාවිතා කිරීමේ හැකියාව අපිට තියෙනවා. ආයුර්වේදයේ සඳහන් වෙන විදියට නම් අනෙකුත් වර්ණවල රෝසවලට වඩා සුදු රෝස ඖෂධීය ගුණයෙන් ඉතා ඉහළයි. ඒ වගේම වඩාත් හොඳ ප්‍රතිඵල රෝස මල් පොහොට්ටුවෙන් ලබා ගන්නත් පුළුවන්ලු. එහෙමයි කියලා සම්පූර්ණයෙන් පිපුණු රෝස මල් පරවුණු රෝස මල් විසි කරන්න ඕන නැහැ. ඒවා මද පවනේ වියළා ගෙන තේ මෙන් පානය කරන්න අපිට පුළුවන්.

 මේ රෝස භාවිතයෙන් විවිධ වූ නිෂ්පාදන සිදුකෙරෙනවා. ඒ අතරේ සුවඳ විලවුන් වර්ග, ආලේපන වර්ග, තෙල් වර්ග ආදියත්  විවිධ රසකැවිලි නිෂ්පාදනය සඳහාත්  ලෝකය පුරාම මේ රෝස මල් භාවිතා කෙරෙනවා. 

රෝස මල් අපේ ශරීරයේ විවිධ ලෙඩ රෝග සුවපත් කරගන්නට විශාල වශයෙන් උදව් කරනවා. රෝස මල් ආහාරයට ගන්නට විධි කිහිපයක්ම තියෙනවා. රෝස වතුර, රෝස පැණි සහ රෝස තේ ඒ අතරින් කිහිපයක්. අපි දැන් ඔයාට කියන්නේ රෝස තේ එකක් පහසුවෙන් සකසා ගන්න ආකාරය පිළිබඳව.

රෝස තේ සාදා ගන්නා ආකාරය 

මේ සඳහා ඔබට වියළා ගත් රෝස පෙති හෝ වියළා නොගත් රෝස පෙති යන දෙවර්ගයම භාවිතා කරන්නට පුළුවන්.

සෝදා පිරිසිදු කරගත් රෝස මල් කිහිපයක පෙති ලබා ගන්න.

ඉන්පසු නටන උණු වතුරට රෝස පෙති ටික එකතු කර විනාඩි 5-10 ක් පමණ වසා තබන්න.

ඉන්පසු මේ පානය හොඳින් පෙරා ගෙන එයට  දෙහි යුෂ සහ මී පැණි එකතු කර හොඳින් කලවම් කර පානය කරන්න.

ඔබ ශරීර දාහය, අමිල පිත්ත රෝගය ආදියෙන් පෙළෙන අයෙක් නම් මේ පානය හැරුණාම ඔබට රාත්‍රීයට රෝස මල් පෙති වතුර වීදුරුවකට දමා වසා තබා උදෑසන හිස්බඩ පෙරා සුදු හඳුන් ස්වල්පයක් එකතු කර පානය කරන්නත් පුළුවන්.

මේ රෝස තේ පානය පිළිබඳව  මේ වන විට ඔබ දන්නවා වෙන්නත් පුළුවන්. නොදන්නවා වෙන්නත් පුළුවන්. මේ රෝස තේ පානය විටමින්  c, විටමින් a, කැල්සියම් වගේම ප්‍රතිඔක්සිකාරක ගුණ බොහොමයකින්ම පොහොසත් පානයක්. සීනි සහ කැලරිවලින් තොර මේ පානයේ විටමින් E ත්  බහුලවම අන්තර්ගත වෙනවා. ඒ  නිසා මේ පානයෙන් අපිට වාසි බොහොමයක්ම ලබා දෙනවා.  

රෝස තේ පානය සතු අපූරු ගුණ 

ආහාර ජීර්ණය සම්බන්ධ ගැටලු නැති කරයි.

සුව නින්දක් ලබා ගැනීමට උපකාරී වෙයි.

ඔසප් වේදනාව අඩු කරයි.

ශරීරයේ දාහය නැති කරයි.

අමිල පිත්ත රෝගය සුවපත් කරයි.

මතක ශක්තිය වර්ධනය කරයි. 

මානසික ආතතිය සහ කාංසාව දුරුකරයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර විවිධ ආසාදනවලින් ආරක්ෂාව සලසයි.

දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරයි.

හදවත් රෝගවලින් ආරක්ෂාව සලසයි.

තරබාරුව නැති කරයි.

ආතරයිටීස් රෝග ලක්ෂණ දුරු කරයි.

මලබද්ධය වලක්වයි.

ආහාරවල  පෝෂක  අවශෝෂණය වැඩිදියුණු කරයි.

මානසික සෞඛ්‍යය යහපත් කරයි.

නිරෝගී පැහැපත් සමක් උරුම කරදෙයි.

කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ  ‍ප්‍රජනන සෞඛ්‍ය වර්ධනය කරයි.

වඳභාවය දුරු කරයි. 

අධි රුධිර පීඩනය දුරුකරයි.

මහළු පෙනුම  නැති කරයි. 

සැලකිය යුතුයි.

රෝස තේ අධිකව පානයට ගැනීමෙන් වළකින්න.එය වමනය , පාචනය, ඔක්කාරය, පපුවේ දැවිල්ල, හිසරදය ආදියට හේතු වෙන්නට පුළුවන්.

ඒ වගේම ඔබ විවිධ  රෝග සඳහා  ගනු ලබන් ඖෂධ සමඟ මේ රෝස තේ අන්තර් ක්‍රියා කළ හැකි නිසා ඒ වගේ අවස්ථාවක වෛද්‍ය උපදෙස් මත පමණක් මෙය පානයට ගන්න.

නිතර නිතර අධිකව මේ රෝස තේ පානයට ගැනීමෙන් වළකින්න