මව් කිරි පිරිසිදු කිරීම, සර්ප විස නැසීම ආදරේ දේවල් වලට වැදගත් වන රුකත්තන ශාකය 

health tips

මීටර් 40 ක් පමණ උසට වැඩෙන ඖෂධීය ගුණයෙන් අනූන ශාකයක් වන  රුක් අත්තන සෘජු කඳක් සහිත විශාල වෘක්ෂයකි. කඳෙහි මතුපිට පොත්ත සිනිදු අළු පැහැති වන අතර පත්‍ර සරල සිනිදු පත්‍ර වේ. එම පත්‍ර වලයාකාර ස්ථර වශයෙන් පිහිටයි. එක් ගොනුවක පත්‍ර 

5 -10 ත් අතර ප්‍රමාණයක් පවතින අතර පුෂ්ප මංජරිය බහු පක්ෂ පුෂ්ප මංජරියක් වේ. එය ඡත්‍රකාර හැඩති වේ. මල් කහ පැහැයට හුරු සුදු පැහැති වේ. ඵලය කරලක් වන අතර මෙය Apocynaceae උද්භිද කුලයට අයත් වේ. 

ඉංග්‍රීසි භාෂාවෙන් Devils tree  (යකාගේ ගස)  යන නමින් හඳුන්වන රුක් අත්තන ශාකය

ආයුර්වේදයේ බොහෝ රෝග සමනය කිරීමට  ඖෂධයක් ලෙස යොදා ගනු ලැබේ. මෙහි පොතු, කොළ, කිරි රෝග සදහා ඖෂධ ලෙස යොදා ගත හැකිය. 

රුක් අත්තන ශාකය  බහුලව යොදා ගෙන ඇත්තේ සරප් දෂ්ටන වලට ප්‍රතිකාර කිරීම සඳහාය.  සර්ප දෂ්ටනයෙන් සිහි නැති වු පුද්ගලයාගේ දේහය රුක්අත්තන ශාකයෙන් නිමවන ලද පෙට්ටියක දැමීම සිදුකරයි.

Close up of snake bite person leg need emergency medical help. Poisonous serpent snap outdoors. First aid and healthcare concept. Flat vector illustration.

මෙමගින් රෝගියාට ඉක්මනින් සිහිය එළඹ තිබේ. 

ඊට අමතරව බොහෝ දෙනෙකු මෙම ශාකයේ මල් වල සුවඳට වෘක්ෂ දෙවියන් වැඩ හිඳින බවත් තවත් සමහරුන් මෙම ශාකයේ භූතාත්ම අරක්ගෙන සිටින බවටත් විවිධ මත පළ කරයි.

රුක් අත්තන ශාකයේ ඖෂධීය ගුණ 

මව් කිරි පිරිසිදු  කිරීමට

හික්කාවට

චර්ම රෝගයන්ට 

අතීසාරයට 

සන්ධි ඉදමුමට

පණු රෝග වලට

කැස්සට

ඇදුමට

සර්ප විෂට

මැලේරියාවට

පාචනයට

සර්ප විෂට

දත් කැක්කුමට 

මෙවැනි රෝග සමනය කිරීමට රුක් අත්තන ඖෂධයක් ලෙස යොදා ගනු ලබයි. 

අත් බෙහෙත් 

ස්වසන රෝග වලට 

රුක්අත්තන පොතු ඉස්ම මී පැණියෙන් ලේහ කිරීම. මෙය ඉක්කාව සඳහා ද ඖෂධයක් වේ. 

තුවාල සුව කිරීම සඳහා

රුක්කත්තන කිරි ගෙන වියළා කුඩු කර තුවාල වල ආලේප කිරීම. 

කුෂ්ට රෝග සඳහා

රුක්අත්තන පොතු කෂාය පානය කිරීම හෝ රුක්අත්තන පොතු  තම්බා ස්නානය කිරීම හා එම වතුරින් කුෂ්ට සේදීම. 

මව්කිරි පිරිසිදු වීමට 

රුක්අත්තන පොතු කුඩු කර තිරිඟු පිටි හා සමව ගෙන උණු දියෙන් කලවම් කර ආලේප  කිරීම. 

හිසෙහි රෝග වලට රුක්කත්තන මල් ශිරෝ විවේචනය යෙදීම. මෙය කැස්ස ,ඇදුම වැනි රෝග සමනය කිරීම සඳහා යෝග්‍ය වේ. 

සාන්ද්‍ර මේහයට 

රුක්අත්තන පොතු කෂාය කර දීම. 

රුක්කත්තන මගින් නිපදවන ඖෂධ  වර්ග 

තෛල

ප්‍රලේප

ක්වාත

මේවා ආයුර්වේද අලෙවි සැල් වලින් මිලදී ගත හැකිය. 

රෝග සඳහා භාවිතා කිරීමට අමතරව වර්තමානය වන විට රුක් අත්තන ශාකය යොදා ගෙන සංගීත භාණ්ඩ, පැන්සල්, වෙස්මුහුණු ,  මිනී පෙට්ටි සකස් කිරීම සිදුකරයි. එමෙන්ම පරිසර දුෂණය වීම වැලැක්වීම සඳහා ද අද වන විට මෙම ශාකය වගා කරනු ලබයි.

කෙසේ නමුත් ඖෂධ සඳහා යොදා ගැනීමේ දී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ