සමන්පිච්ච මල් යනු මල් අතර සුවඳම මල් වර්ගයයි. ගෙවතු ආශ්‍රිතව බහුලව වගා කරන බහුවාර්ශික කාෂ්ඨිය වැල් විශේෂයක් ලෙස සමන් පිච්ච හඳුනාගත හැකිය. සමන්පිච්ච පත්‍ර සහ අතු තද කොළ පැහැයක් ගනු ලබන අතර පක්ෂවත් පත්‍ර සම්මුකව පිහිටා තිබේ. මල්වල පැහැය අනුව පිච්ච වර්ග කිහිපයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ සෞම්‍ය කලාපවල සුලබව දැකිය හැකි වුවද වියළි ප්‍රදේශවල එතරම් සරුවට නොවැඩේ. ආයුර්වේද ප්‍රතිකාර සඳහා බහුලව සමන්පිච්ච මල්, කොළ ,මුල් භාවිතා කරනු ලබයි.එමෙන්ම ගෙවතු අලංකරණයට මෙන්ම නිවසට සශ්‍රිකත්වය පිච්චි මල් මගින් ලබාගත හැකිය.
සමන්පිච්ච වැලෙහි ඖෂධීය භාවිතයට

- දන්ත රෝග සමනයට
- මුඛ රෝග සමනයට
- චර්ම රෝග වන දද කුෂ්ට වණ වලට මුත්‍රා අඩස්සියට
- සෙම් රෝග වලට
- ඉරුවාරදයට
- කන් කැක්කුමට
- ආර්ථවයේදී ඇතිවන සංකූලතා සමනයට
- දියවැඩියා රෝග සමනයට
- අක්ෂි රෝගවලට
- මතක ශක්තිය වර්ධනයට
- විසබීජ නාශනයට
- රූපලාවන්‍ය සත්කාර වලට
- මද සරුභාවයට
- ආදී රෝග සඳහා ප්‍රතිකාර වශයෙන් සමන්පිච්ච බහුලව යොදාගනු ලබයි.
සමන් පිච්ච වැලෙහි ඖෂධීය භාවිතය
මුඛ රෝග වලට සමන්පිච්ච කොළ තම්බා එම වතුරෙන් මුඛය සේදීම
දත් පිරිසිදු කිරීමට සමන්පිච්ච කොළ වේලා කුඩු කර දත් මැදීම
තුවාල සමනයට සමන්පිච්ච කොළ හා මුල් තම්බා එම වතුරෙන් සේදීම. මෙමගින් තුවාලවල විසබීජ ඉවත් වී තුවාල පිරිසිදු වී කැසීම් සමනයවේ.
හිසරදයට සමන්පිච්ච මල් ඇල්දියෙන් අඹරා ආලේප කිරීම.
දද කුෂ්ඨ වලට සමන්පිච්ච කොළ තම්බා සේදීම

දත් මුල් දියවීමට සමන් පිච්ච මල් හෝ කොළ තම්බා එම වතුරෙන් කට සේදීම.
ශරීර ශක්තිය හා මතක ශක්තිය වර්ධනයට පිච්ච මල් මද පවනේ වේලා සූකිරි මිශ්‍රකර කුඩු කර තේ හැඳි එකක් පමණ උණුසුම් වතුරට දමා රාත්‍රියේදී පානය කිරීම.
ආර්තව ගැටලු සමනයට හා වේදනාවන් සමනයට පිච්ච වැලේ මුල් කෂාය කර පානය කිරීම.
අක්ෂි රෝග වලට ඇස්දැවිල්ලට,ඇස් රතුවීමට,කඳුළු ගැලීම ,ආදී අක්ෂි රෝගවලට සමන්පිච්ච මල් වතුරට දමා රැයක් තබා පසුදින උදෑසන ඇස් සේදීම.
ශරීරය දුගද නැති කිරීමට සමන්පිච්ච මල් වතුරට දමා රැයක් තබා පසුදා උදෑසන එම වතුරෙන් ඇඟ සේදීම.වියළාගත් සමන්පිච්ච මල් වලින් කොට්ටයක් සාදා භාවිතා කළ හැකි නම් එමඟින් සුව නින්දක් ලබා ගැනීමටද හැකියාව ලැබේ.
සමන්පිච්ච ටෝනර් එකක් සකස් කර ගන්නා ආකාරය.සමන්පිච්ච මල් වතුරට පිපිඤ්ඤා යුෂ බිංදු කිහිපයක් හා මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර ටෝනර් එකක් සාදා ගත හැකිය.සමන් පිච්ච මල් වලින් ස්ක්‍රබ් එකක් සකස් කර ගන්නා ආකාරය සමන්පිච්ච මල් දමා තැබූ වතුරට සුදු හඳුන් කුඩු ,කස්තුරි කහ ,වෙනිවැල් කුඩු මී පැණි මිශ්‍ර කර මුහුණ මත ගල්වන්න. විනාඩි පහළොවක් පමණ තබා සෝදා හරින්න. මෙමගින් මැරුණු සෛල ඉවත්කර සම පිරිසුදු කර ගත හැකිය ශරීර දැවිල්ලට අර්ශස් රෝගවලට මුත්‍රා දැවිල්ලට සමන්පිච්ච මල් පානය ගුණදායකවේ.
සමන්පිච්ච තේ සකස් කරගන්නා ආකාරය.සමන්පිච්ච මල් හොඳින් සෝදා මද පවනේ වේලා ගන්න. පසු උණු වතුරට දමා ඊට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර පානය කරන්න.මෙය ඉහත සදහන් කළ බොහෝ රෝග වලට ගුණදායීවේ.