කාන්තා පිරිමි භේදයකින් තොරව හැමෝම තමන්ගේ සමේ පැහැය පිළිබඳව සැලකිලිමත් වෙනවා. ජන්මයෙන් උරුම වෙන සමේ පැහැය තවදුරටත් වර්ධනය කර ගැනීමට ඇතැමෙක් උත්සාහ ගනිද්දි තවත් අය ජන්මයෙන් ලැබුණු වර්ණය වෙනස් කර ගන්නට උත්සාහ කරනවා.මේ සඳහා වෙළඳපොලේ විවිධ මිල ගණන් යටතේ ආලේපන වර්ග ඕනෑ තරම්.නමුත් සෞඛ්‍ය සම්පන්නව සම පැහැපත් කර ගන්නට එවැනි නිෂ්පාදන භාවිතා කරන එක එතරම් සුදුසු නැහැ.
නමුත් අපි හැමෝම තේරුම් ගත යුතු කාරණාව තමයි සමේ වර්ණයට වඩා සමේ පැහැපත් සහ පැහැදිලි බව පුද්ගලයකුගේ ආකර්ෂණය වර්ධනය කරන බව. ඒ නිසා පැහැපත් සමක් වගේම නිරෝගී සමක් උරුම කර ගන්නට තමයි අපි උත්සාහ ගත යුත්තේ. මේ සඳහා පිළියම් ඕනෑතරම්. මේ ස්වභාවික පාන වර්ග ඔබට කොතරම් සාර්ථක ප්‍රතිඵල ලබාදේවිද කියලා ඔබම බලන්නකෝ.
- ගස්ලබු පිපිඤ්ඤා පානය
රසවත් පලතුරක් වෙන ගස්ලබු සම පැහැපත් වීම සඳහා බාහිර ආලේපනයක් විදිහටත් යොදා ගන්නවා. නම් එහි අඩංගු වෙන එන්සයිම සම පැහැපත් කිරීමට විශාල දායකත්වයක් ලබාදෙනවා. ගස්ලබුවල විටමින් A,C, සහ E එ අඩංගු වෙනවා. ගස්ලබුවල අඩංගු පැපේන් එන්සයිමය අපේ සමේ ඇදෙන සුළු බව වැඩි කරමින් සමට පෝෂණය ලබාදී සම පැහැපත් කරන්නට දායක වෙනවා.

පිපිඤ්ඤා සතු කැෆෙයික් අම්ලය ඇතුළු අනෙකුත් පෝෂක සංඝටකයන් අපේ සමේ තෙතමනය ආරක්ෂා කර සමේ දීප්තිය ඇති කරන්නට ඉතා විශාල මෙහෙයක් සිදු කරනු ලබනවා. ඉතින් ගස්ලබු සහ පිපිඤ්ඤා සමඟ විටමින් C බහුල ලෙමන් එකතු කර සාදා ගත් පානය අපේ සමට කොතරම් ප්‍රතිඵලදායක වෙයිද. මේ පානය දිනපතාම ඇනීමෙන් ඔබට ඉතා කෙටි කාලයක් තුළ දිදුලන සමක්. ලබා ගන්නට හැකියාව ලැබෙනවා.
කොළ ඇපල් සහ දෙළුම් යුෂ
දෙළුම් සහ කොළ ඇපල් කියන පෝෂණය අතින් ඉතා ඉහළ පලතුරු වර්ග දෙක එකතු කර සාදා ගතහැකි පානය මගින් ඔබට ලබා ගන්නට හැකි ප්‍රතිලාභ අතිමහත්. ඒවායේ අඩංගු විටමින් සී ඇතුළු එන්සයිම සහ අනෙකුත් ප්‍රතිඔක්සිකාරක මගින් සම පැහැපත් කරනවා. ඒ විතරක් නෙවෙයි සමේ උෂ්ණය අඩු කරමින් කුරුලෑ සහ අඳුරු ලප ඇතිවීමත් ඒ මගින් පාලනය කරනු ලබනවා. මෙම පානය දිනපතාම ගැනීමෙන් ඔබේ සමෙ ඉතා පැහැදිලි වෙනසක් ඔබට දැක ගන්නට පුළුවන්.

අලිගැට පේර සහ නිවිති
සම පැහැපත් වීමට සහ සමේ නීරෝගී බව සඳහා අලිගැට පේර ආහාරයට ගැනීම කොතරම් හොඳ ප්‍රතිපල අත්කර දෙනවද කියලා ඔබ දන්නවා. ඉතින් අලිගැට පේරවලට වගේම සම ඉතා ඉක්මනින් පැහැපත් කරන්නට හැකියාව තියෙනවා නිවිතිවලටත්. ඒ නිසා මේ පානය නිවිති එකතු කර සාදාගෙන භාවිතා කළොත් වඩාත් සාර්ථක ප්‍රතිඵල ඉතා ඉක්මනින්ම ලබාගන්නට පුළුවන්. මේ සඳහා අලිගැටපේර ගෙඩියක් සහ නිවිති කොළ 5 ක් අවශ්‍ය වෙනවා. මේ සියල්ල ජලය ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කර දෙහි බෑයක යුෂ එකතු කර උදෑසන ආහාරයට පෙර පානය කරන්න.

කැරට් බීට් රූට් සහ වට්ටක්කා පානය
කැරට් වට්ටක්කා වගේම බීට් රූට් කියන්නේ අපේ සම පැහැපත් කර ගන්නට සහ නිරෝගී සමක් ලබා ගන්නට උදවු වෙන ආහාරයන් . එළවළු වශයෙන් ආහාරයට එකතු කර ගන්නවාට වඩා පානයක් විදිහට සකසා භාවිතා කිරීමෙන් වඩාත් ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. කැරට් අලයක් වට්ටක්කා කැබැල්ලක් සහ බීට් රූට් අලයක් කැබලිවලට කපා වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කර එයට දොඩම් බෑයක යුෂ එකතු කර උදෑසන ආහාරයට පෙර පානය කරන්න. ඔබට අ වශ්‍ය නම් සීනි සහ ලුණු එකතු කරන්න.

ගස්ලබු සහ නිවිති
ගස්ලබු වගේම සම පැහැපත් කරගන්නට සහ සම නිරෝගී කරගන්නට නිවිතිවලට විශේෂ හැකියාවක් තියෙනවා. නිවිති පිසීමෙන් ආහාරයට එකතු කර ගන්නවාට වඩා අමුවෙන් ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් එයින් අපේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ බොහොමයි. ගස්ලබු කෑල්ලක් සහ නිවිති කොළ පහක් දොඩම් ගෙඩියක යුෂයෙන් හොඳින් බ්ලෙන්ඩර් කර සකසා ගත හැකි මේ පානය උදෑසන ආහාරයට පෙර ලබා ගන්න. අවශ්‍ය නම් පමණක් සීනි සහ ලුණු ස්වල්පයක් එකතු කරන්න.
කුරුලෑවලින් ලප කැළැල්වලින් තොර පැහැපත් දීප්තිමත් සමක් ලබා ගන්නට අධික ලෙස මිල මුදල් වැය කර හෝ කෘතීම දේවල්ම භාවිතා කරන්නට අවශ්‍ය නැහැ. වැඩි වියදමක් නැතිව අතුරු ආබාධ නැතිව නිවසේදීම ඉතා පහසුවෙන්ම සකසා ගත හැකි මේ පානයන්ගේ ප්‍රතිඵල ඔබව විස්මයට පත් කරාවි නිසැකයෙන්ම..