කාන්තා පාර්ශවය මෙන්ම පිරිමි පාර්ශවය ද වර්තමානය වන විට සම පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වනු ලබයි.
එනම් සමේ ඇතිවන ළප කැලැල් ,අඳුරු පැහැය ඉවත් කර ගැනීමට සම පැහැපත් කර ගැනීමට බොහෝ දෙනෙකු භාවිතා කරන්නේ කෘතිම ඖෂධ වර්ග හා ආලේපන වර්ගයි. නමුත් සම පැහැපත් කර ගැනීමට මෙන්ම සමෙහි නීරෝගී භාවය වර්ධනය කර ගැනීමට ස්භාවික ආහාරපාන භාවිතා කළ හැකිය.
එනම් ආහාර වර්ග පලතුරු වර්ග අතුරින් විටමින් C අඩංගු පලතුරු ,එලවළු පලා වර්ග සමෙහි පැහැපත් බව වැඩි කිරීමට උපකාරී වේ.
එනම් සමෙහි තෙතමනය රඳවා තබා ගැනීමට මෙන්ම සම පැහැපත් කිරීමට එලවළු වර්ග පලතුරු වර්ග පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. එනම් ඉන් ඒවායෙහි අඩංගු විටමින්, ඛනිජ ලවණ ඉක්මනින් ශරීරයට උරා ගැනීම පහසු කර ගත හැකිය.
එනම් එසේ සමෙහි පැහැය වර්ධනය කර ගැනීමට භාවිතා කළ හැකි පාන වර්ග බොහොමයක් පවතී. ඒ අතර
• තක්කාලියුෂ පානය
සමෙහි පැහැය වර්ධනය කර ගැනීමට උපකාරී වන පලතුරක් ලෙස තක්කාලි හඳුනාගත හැකිය එනම් තක්කාලි වල සමට හිතකර විටමින් C පෝෂ්‍ය පදාර්ථය වැඩි වශයෙන් අඩංගුවේ. එනම් තක්කාලි ආහාරයට ගැනීමට අමතරව තක්කාලි යුෂ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම මගින් සමෙහි අඳුරු පැහැය ,රැළි වැටීම් ඉවත් කර සම පැහැපත් කර ගත හැකිය.

එනම් මෙම පානය සති හතරක් පමණ එක දිගට භාවිතා කිරීම මගින් වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකිය. එමෙන්ම තක්කාලිවල අඩංගු අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ රෝග රැසකට ඖෂධයක් ලෙස ද යොදා ගත හැකිය.
• දෙළුම් යුෂ පානයපෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු ගුණදායක පලතුරක් ලෙස දෙළුම් හඳුනාගත හැකිය. එනම් දෙළුම් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක මුක්ත ඛණ්ඩ මගින් සමෙහි සෛල වලට සිදු කරන හානිය වළක්වා සම ආරක්ෂා කර සමෙහි තරුණ පෙනුම රැක දෙනු ලබයි. එනම් දෙළුම් යුෂ පානයක් ලෙස සකස් කර දිනපතා භාවිතා කරන්නේ නම් සම පැහැපත් කර ගත හැකිය.

නිවිති යුෂ පානයකොළ පැහැති පළා වර්ග අතර පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු පලා වර්ගයක් ලෙස නිවිති හඳුනාගත හැකිය. එනම් බොහෝ දෙනෙකු නිවිති ආහාර පිසින විට සුප් සකස් කරන විට බහුලව යොදා ගන්නා අතර නිවිති යුෂ පානයක් ලෙස සකස් කර භාවිතා කරන්නේ ඉතා සුළු පිරිසකි. නමුත් නිවිති යුෂ පානයක් ලෙස සකස් කර දිනපතා භාවිතා කරන්නේ නම් ඉන් සම පැහැපත් කර ගත හැකිය. එනම් නිවිති වල
අඩංගු විටමින් C පෝෂ්‍ය පදාර්ථය සමෙහි පැහැය වර්ධනය කර සම පැහැපත් කරයි.
එනම් නිවිති කොළ කීපයක් ගෙන හොඳින් වැඩ කර ඊට අවශ්‍ය පමණට ජලය මිශ්‍ර කර පානය කිරීමෙන් සම පැහැපත් කර ගත හැකිය එනම් වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට මෙම පානය දිනපතා භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ.
•පිපිඤ්ඤා යුෂ පානයසම පැහැපත් කර ගැනීම සඳහා භාවිතා කළ හැකි තවත් ස්වභාවික ඖෂධීය පානයක් ලෙස පිපිඤ්ඤා යුෂ පානය හැඳින්විය හැකිය. එනම් පිපිඤ්ඤා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මෙන්ම සිසිල් කාරක ගුණය ශරීරය සිසිල් කරයි. එමෙන්ම සමෙහි තෙතමනය රඳවා තබා ගැනීමට ද පිපිඤ්ඤා ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එමෙන්ම පිපිඤ්ඤා වල අඩංගු විටමින් C කැෆේන් අම්ලය සම පැහැපත් කරයි. එමෙන්ම සමෙහි අඳුරු පෙනුම ඉවත් කර තරුණ පෙනුම රැක ගැනීමට ද පිපිඤ්ඤා ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් පිපිඤ්ඤා යුෂ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම මේ සඳහා වඩාත් සුදුසුවේ.
• කැරට්යුෂ පානය
ඈත අතීතයේ සිටම කැරට් සමෙහි පැහැපත් බව වැඩි කර ගැනීම සඳහා ආහාරයට ගෙන තිබේ. එනම් කැරට් යුෂ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන් සමෙහි අඳුරු පෙනුම ලප කැළැල් ඉවත්කර සම පැහැපත් කර ගත හැකිය.
එනම් කැරට් වල අඩංගු විටමින් A,C ,බීටා කැරොටීන් සම පැහැපත් කර තරුණ පෙනුම රැක ගැනීමට උපකාරී වේ. එනම් දිනපතා කැරට් යුෂ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන් සම පැහැපත් කර ගත හැකිය.

බීට් රූට් යුෂ පානය
පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු බීට්රූට් යුෂ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම සමෙහි පෙනුම පවත්වා ගැනීමට බෙහෙවින්
උපකාරී වේ. එනම් බීට්රූට් වල සමට හිතකර පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වේ. එනම් බීට්රූට් වල අඩංගු විටමින් C සමෙහි කොලජන් නිෂ්පාදනය වැඩිකර සම පැහැපත් කරයි. එනම් දිනපතා බීට් රූට් යුෂ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන් සම පැහැපත් කර ගත හැකිය.
එනම් බීට් රූට් ගෙඩියක් ගෙන හොඳින් සෝදා පිරිසිදු කර කැබලි වලට කපා වතුර වීදුරුවකට දමා මද වේලාවක් තබා එම කැබලි ඉවත් කර වතුර පානය කිරීම යෝග්‍ය වේ. එනම් මෙමගින් සම පැහැපත් කර ගත හැකිය. එමෙන්ම වෙනත් රෝග ගණනාවක් සුව කර ගැනීමට ද මෙය ගුණදායක පානයකි.

මේ ආදී ස්වභාවික පාන වර්ග වලින් එකක් හෝ කිහිපයක් දිනපතා භාවිතා කිරීම මගින් සමෙහි පැහැය වර්ධනය කර ගත හැකිය.