අවුහුරු පිටින් ගැලවී යන හිසකෙස් මාස දෙකෙන් නතර කරගත හැකි ස්වභාවික ක්‍රම 8 ක්

health tips

කෙස්කලඹේ නීරෝගිබව ‍රැකගන්න බොහෝ නිෂ්පාදන උත්සහ කළත් තාමත් හොඳ ප්‍රතිඵලයක් නැතිද? ඔබේ කෙස්කලඹේ නීරෝගිකම ගැන වදවෙන ඔබට හිසකෙස් හැලීයාම, හිසකෙස් වර්ධනය නොවීම වගේ හිස්කබල ආශ්‍රිතව ගැටලු දුරුකරගැනීමට ප්‍රයෝජනවත් වන උපක්‍රම කිහිපයක් ගැනයි මේ කියන්න සූදානම.

හිස්කබල සම්බාහනය කරන්න හිස්කබල සම්බාහනය කිරීම හරහා කෙස්ගසේ මුල (රෝම කූප) වෙත ඇති රුධිර සංසරණය උත්තේජනය වීම සිදුවෙනවා.ඒ හරහා කේශනාළිකා වල ඔක්සිජන් බහුල රුධිරය ගෙනයා හැකි ධාරිතාවය ද ඉහළ යාම සිදුවෙනවා. මේ හරහා කෙස්ගසේ මූලයට හොඳින් පෝෂක හා ඔක්සිජන් ලැබීමට පටන්ගන්නවා.මෙය හිසකෙස් වර්ධනය වීම උත්තේජනය කරවයි.මුළින්ම කෙස්කලඹ පීරා ගැට ඉවත්කරගන්න.ඇඟිලි තුඬු රවුමට කරකවමින් හිස්කබලේ මැද දෙසට මිනිත්තු 2-3ක් පමණ සියුම්ව සම්බාහනය කරන්න.ගැඹුරින් පිහිටි පටක වෙත සම්බාහනය ලබාදීමට ඇඟිලි පුරුක් වලින් හිස සම්බාහනය කරන්න.

හිස සම්බාහනය සඳහා ම සැකසූ සම්බාහන උපකරණ ද වෙළඳපොලේ තිබෙනවා.ඔබට තනිවම හිස සම්බාහනය කරගන්න බැහැ කියා හිතෙනවා නම් මෙවැනි උපකරණයක සහය ලබාගන්න ඔබට පුළුවන්. සම්බාහනය අවසන් කිරීමට මිනිත්තුවක් පමණ හිසකෙස් අග කොටස් සියුම්ව ඉවතට අදින්න. සම්බාහනය මඟින් සිරුරට හොඳ සැහැල්ලුවක් දැනීම,මනෝභාවය (mood) යහපත් වීම, මානසික ඒකාග්‍රතාව වැඩිදියුණු වීම වගේ ප්‍රතිලාභ ද ඔබට ලැබෙනවා.හිස සම්බාහනය කිරීම ඝනකම් හා ශක්තිමත් හිසකෙස් වර්ධනය වීම ප්‍රවර්ධනය කරන බව ආයුර්වේද හා ඉපැරණි පෙරදිග වෛද්‍ය ක්‍රම වල පවා තහවුරු කර තිබෙනවා.

සුවඳ තෙල් වර්ග (essential oils) භාවිතය මේවා සකසා ඇත්තේ ශාක සහ පැළෑටි වල ස්වභාවික සුවඳ හා සාරය කැටි කිරීමෙනි.කොළ, ඇට, මල්, පොතු  වලින් අවශ්‍ය සංඝටම නිස්සාරණය කරමින් මෙම තෙල් සකසයි. ලැවෙන්ඩර්, ටී ට්‍රී, ලෙමන්ග්‍රාස් (සේර) සහ දොඩම් තෙල් වගේ තෙල් වර්ග ඊට උදාහරණයි.මෙම තෙල් ගල්වමින් හිස සම්බාහනය කිරීම හරහා හිසකෙස් වලට හොඳ පෝෂණ සත්කාරයක් හිමිවෙනවා.හිසකෙස් හැලීයාම අවම වීමට ද ප්‍රතිලාභ දෙනවා.හිස සේදීමට හෝ ස්නානය කිරීමට පෙර මෙම තෙල් වර්ග භාවිත කරන්න. මේවා සෘජුව ගැල්වීම නොකළ යුතු බව මතක තබාගන්න (තනුක කර භාවිත කරන්න). හොඳ ප්‍රතිඵල සඳහා ගැල්වූ පසු ‍රැයක් පුරා හිසේ තෙල් සත්කාරය තිබෙන්නට හරින්න.නමුත් ඔබේ සමේ කුරුලෑ හා බිබිලි මතුවීම වැඩියි නම් දිගු වෙලාවක් පුරා තෙල් සමේ ‍රැඳී තිබෙන්නට හරින්න එපා.

හිස්කබල සීතල වතුරෙන් සෝදන්න හිසකෙස් වියළී යාම සහ පලුදු වී කැඩීයාම නිසා කෙස්කලඹේ ඝනත්වය අඩුවී යයි. මේ තත්වය නිසා දරුණු ලෙස හිසකෙස් හැලීයාමට පටන්ගත හැකියි.ඔබේ කෙස්කලඹේ ස්වභාවික දීප්තිය ‍රැකගැනීම සඳහා උපකාරී වන අපූරු උපක්‍රමයක් තමයි මේ.මිනිත්තු 1-2ක් පමණ සීතල වතුරෙන් හිස සෝදන්න. මෙමඟින් හිස්කබලේ රුධිර සංසරණය ඉහළ යාම සිදුවෙයි.ඇලෝපීසියා නම් හිස මුඩුවීමේ රෝග ලක්ෂණ අවම වීමටත් මේ ප්‍රතිකාරය උපකාරී වෙන බව සඳහන් වෙනවා.සතියකට වාර 2-3ක් පමණ මෙය සිදුකරන්න.මෙය අපහසුයි නම් වරින් වර වතුරේ උෂ්ණත්වය මාරුකරමින්  මිනිත්තු කිහිපයක් හිස සෝදන්න.

ලිහිල් කොණ්ඩා මෝස්තර අනුගමනය කරන්න බොහෝ කාන්තාවන් අනුගමනය  කරන බහුලම කොණ්ඩා විලාසිතා දෙකක් තමයි පෝනි ටේල් දැමීම සහ ගෙඩියක් ලෙස ගැටගසාගැනීම.නමුත් මේ විලාසිතා නිසා නිතරම ඔබේ කෙස්කලඹට එල්ල වී තිබෙන්නේ දැඩි පීඩනයක්.දිගු වෙලාවක් මෙසේ හිසකෙස් ඇදී තිබීම නිසා කෙස්ගසේ මුල දුර්වල වී ක්‍රමයෙන් කැඩීයාමට පටන්ගන්නවා.නිදාගන්න විට කොණ්ඩය කඩාදමා නිදාගැනීමෙන් එය ගැටගැසී යාමේ ඉඩකඩ වැඩිවෙයි.ලිහිල් ලෙස කොණ්ඩය ගොතාගෙන නින්දට යන්න.සැටින් හෝ සිල්ක් රෙදි වලින් මැසූ බූල් භාවිතය වඩාත් හිතකරයි.හිසකෙස් තද නොවී පවතින සැහැල්ලු විලාසිතා ක්‍රම අනුගමනය කරන්න උත්සහ කරන්න.

හිසකෙස් පීරන්න කෙස්කලඹේ ස්වභාවික දීප්තිය ඇතිවීමට මෙය ඉතා වැදගත්.ප්ලාස්ටික් ඒවාට වඩා ලී පනාවක් හෝ අග කුඩා බෝල සහිත බුරුසුවක් භාවිත කිරීම වඩාත් සුදුසුයි.ඒවායින් පීරන විට හිසට හොඳ සම්බාහනයක් ද ලැබෙයි.කෙස්කලඹේ පහළ කොටස් මුලින්ම ගැට ඉවත් කර පීරාගන්න. මේ ආකාරයෙන් ක්‍රම ක්‍රමයෙන් ඉහළට කොටසින් කොටස පීරාගන්න.ඉහළ සිට පහළට පීරීමෙන් හිසකෙස් වැඩි ප්‍රමාණයක් ගැලවී යාමට ඉඩ තිබෙයි. ස්නානය කළ පසු හිස පීරීමේදී පළල් තත් සහිත පනාවක් හෝ බුරුසුවක් භාවිත කරන්න. තෙත් කොණ්ඩය දුර්වල නිසා කැඩීයාමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. ඕනෑවට වඩා නිතර නිතර හිස පීරන්න එපා. සතිපතා පනාව හෝ බුරුසුව පිරිසිදු කරන්න.

අමු ලූනු යුෂ ආලේප කරන්න.අමු ලූනු වල තිබෙන්නේ ප්‍රබල සුවඳක් වුණත් මේ සත්කාරයෙන් ඔබේ හිසකෙස් වලට බොහෝ හොඳ ප්‍රතිලාභ ලබාගන්නට පුළුවන්. ලූනු වල ප්‍රතිඔක්සිකාරක ගුණ බහුලයි.ඒ හරහා හිස්කබලේ රුධිර සංසරණය ඉහළ දමමින් හිසකෙස් හැලීයාම පාලනය කිරීමට, නීරෝගි හිසකෙස් වර්ධනයට ද උපකාරී වෙයි.ලොකු රතු ලූනු ගෙඩියක් කුඩා කැබලි වලට කපා බ්ලෙන්ඩර් කරගන්න.රෙදිකඩකින් යුෂ වෙන්කරගන්න.හිසකෙස් මුලට මෙම යුෂ ගල්වන්න.ලූනු වල අඩංගු සල්ෆර් සංයෝග හිසකෙස් ඝනකම්ව වැඩිවීමට සහය දෙයි.මිනිත්තු 30ක් පමණ මෙම සත්කාරය හිසේ ‍රැ‍ඳෙන්නට හරින්න.වරින් වර ඇඟිලි තුඬු වලින් හිස්කබල රවුමට සම්බාහනය කරන්න.සුවඳැති ෂැම්පු වර්ගයක් ගල්වා  සීතල වතුරෙන් හිස සෝදා හරින්න.දිනපතා මාස දෙකක් පමණ මෙම සත්කාරය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා.

බෙල්ල ඉලක්ක කෙරෙන මෙම චලන අභ්‍යාස උත්සහ කරන්න හිස හා බෙල්ල සඳහා ව්‍යායාම ලබාදීම එම ප්‍රදේශ වලට සැපයෙන රුධිර ප්‍රවාහය ඉහළ දමයි.ඔබේ හිස දෙපැත්තට නවමින් කනෙන් උරහිස් ස්පර්ෂ කිරීමට උත්සහ කිරීම ,දක්ෂිනාවර්තව හා වාමාවර්තව හිස රවුමට කරකැවීම ,බෙල්ල ඉදිරියට නවමින් නිකට පපුවේ ස්පර්ෂ කිරීමට උත්සහ කිරීම,බෙල්ල පි‍ටුපසට නවමින් අහස දෙස බැලීම වගේ ක්‍රම අනුගමනය කරන්න. නාග ඉරියව්ව, හිස පහළට යොමාගෙන සුනඛ ඉරියව්වෙන් නැමීම  වැනි යෝගා ක්‍රම ද වඩාත් සුදුසුයි. සූර්ය නමස්කාරය මඟින් ද ඔබේ බෙල්ල හා හිසට හොඳින් ව්‍යායාම ලැබෙයි.

ඔලුවෙන් සිටගැනීම වේගවත්ව හිසකෙස් වර්ධනය කරගැනීමට මේ උපක්‍රමය උදවු වෙන බව විශ්වාස කරනවා.හිස පහළට එල්ලී ඇති සේ උඩ එල්ලී සිටීමට උත්සහ කරන්න.මෙහිදී ඔබේ හිස හදවතට වඩා පහළින් පිහිටන නිසා හිස්කබල දෙසට ඇති රුධිර ගමනාගමනය ප්‍රකෘතිමත් වීම සිදුවෙනවා.මිනිත්තු කිහිපයක් මෙසේ සිටිමින් මෘදුව හිස්කබල සම්බාහනය කරන්න.වැඩි වෙලාවක් මෙසේ සිටින්න එපා. සෙමින් ඔබේ හිස ඔසවමින් කෙළින් සිටගැනීමට උත්සහ කරන්න.කරකැවිල්ල ගතියක් ඇතිවෙනවා නම් මේ ක්‍රමය අනුගමනය කරන්න එපා.

මේ ක්‍රමය හරහා මසකට අඟල් 1-2ක් පමණ වේගයෙන් හිසකෙස් වර්ධනය කරගත හැකි බව ඇතැම් අධ්‍යයන වල දැක්වෙනවා. ඇඳේ සිට වුවත් ඔබට මෙය කළ හැකියි.අධි රුධිර පීඩනය, හෘද රෝග, කන් ආසාදන, කොන්දේ කැක්කුම් වැනි සෞඛ්‍ය ගැටලු ඇති අය හා ගැබිණි මවුවරු මේ ක්‍රමය අනුගමනය නොකළ යුතුයි.

හිසකෙස් වල නීරෝගිබව වැඩිකරවන ආහාර පාන පරිභෝජනය කරන්න. පෝෂණ ඌනතා හිසකෙස් හැලීයාම වැනි ගැටලු ඇතිවීමට බලපානවා.සිරුරට ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන්,කාබෝහයිඩ්‍රේට් සහ හිතකර මේද පෝෂණය ඇතුළු අනෙකුත් ක්ෂුද්‍රපෝෂක වර්ග නොලැබෙන විට හිසකෙස් දුර්වල වීමට පටන්ගන්නවා.නීරෝගී කෙස්කලඹකට ඔබේ එදිනෙදා ආහාර වේලට මේද අඩු ප්‍රෝටීන් බහුල මස් වර්ග, මේද මාලු,ධාන්‍ය,කොළ එළවළු, බිත්තර, පලතුරු, ඇට වර්ග, නට් වර්ග, කිරි වගේ දේවල් එක්කරගන්න.තෙල්, සීනි ,ලුණු බහුල පෝෂණ ගුණයක් නැති කෘතිම හා ක්ෂණික ආහාර වලින් හැකිතාක් වළකින්න.පෝෂණ උපදෙස් සඳහා ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

එදිනෙදා ජීවිතය ක්‍රියාශීලීව ගත කරන්න. ව්‍යායාම කිරීම, පිහිනීම,ස්කිපිං,බර ඉසිලීම,පාපැදි ධාවනය වැනි ක්‍රීඩා, සුම්බා, යෝගා වගේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න.සතියකට දින 5ක් දිනකට අවම මිනිත්තු 30ක් කැප කරමින් මෙවැනි ක්‍රියාකාරකමක නිරතවීමට උත්සහ කරන්න.සරල නම්‍යතා (ස්ට්‍රෙචිං) ව්‍යායාම ද වඩාත් සුදුසුයි. ව්‍යායාම හරහා සිරුරේ හිසේ සිට පාදය දක්වාම රුධිර සංසරණය වැඩිවීම සිදුවෙනවා

දිනකට හොඳින් වතුර බොන්න දිනකට වතුර වීදුරු 8ක් වත් බොන්න පුරුදු වෙන්න.සිරුරේ සජලතාව පවත්වාගැනීම සිරුරේ පෝෂණයට ඉතාම වැදගත්.පානය කරන වතුර ප්‍රමාණය වැඩි වන තරමට රුධිරයේ ධාරිතාවය ද ඉහළ යනවා.සිරුර විජලනය වී ඇති විට පටක සහ සෛල වෙත රුධිරය ගමන් කිරීම ඉතා අඩාල වී යයි.මිලි ලීටර් 250ක් පමණ වතුර වීදුරු 8ක් වත් දිනපතා පානය කරන්න.නිකම්ම වතුර බොන්න අකමැති නම් ඊට ලෙමන්, මින්ට් හෝ පිපිඤ්ඤා වගේ දෙයක් මුසු කර එහි රසය වැඩි කරගැනීමට ඔබට පුළුවන්. සෝඩා, තේ, කෝපි වගේ සීනි අඩංගු කළ පාන වර්ග හැකිතාක් අවම කරන්න.මත්පැන් හා දුම්කොළ ද ඔබේ සිරුරේ රුධිර සංසරණයට හානිකර බලපෑම් ඇතිකරනවා.