හෘද රෝග ඇති වීම වළකන හිසකෙස් වර්ධනය කරන තල තෙල් සතු ගුණ 10 ක්

health tips

ඖෂධීය ගුණයෙන් අනූන තෙල් වර්ග අතර ප්‍රචලිත තෙල් වර්ගයක් ලෙස තල තෙල් හඳුනාගත හැකිය. එනම් තල ඇට මගින් නිශ්පාදනය කරන තල තෙල් ආයුර්වේදයේ නොයෙක් රෝග සමනය කිරීමට බහුලව භාවිතා කරයි. එනම් තල තෙල් මිලදී ගන්නා විට අමු ඇට මගින් නිශ්පාදනය කළ තෙල් ලබා ගැනීම වඩාත් ගුණදායකය. එනම් අමු තල මගින් නිශ්පාදනය කරන තල තෙල් ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු වන අතර වියළි තල මගින් නිශ්පාදනය කරන තල තෙල් එතරම් ගුණයෙන් ඉහළ නොවේ. තල තෙල් ආහාරයට ගැනීම මගින් හා ඖෂධ ලෙස භාවිතා කිරීම මගින් බොහෝ ප්‍රතිඵල ලබාගත හැකිය. එනම් තල තෙල් වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. එනම් 

විටමින් A,B,C,E,පැල්මටික් අම්ලය,ඇමයිනෝ අම්ල,  ලිනෝලෙයික් අම්ලය,ඔලෙයික් අම්ලය, ස්ටියරික් අම්ලය, ඇරචිනික් අම්ලය, මිසිටික් අම්ලය, එක්සැඩසීන්,  සහ ඔමේගා 3,6,9 යන සංඝටක යන පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගුවේ. 

තල තෙල්වල ඖෂධීය භාවිතය 

ඔසප් වේදනාව අඩු කරයි.බොහෝ කාන්තාවන්ට පීඩා ගෙන දෙන ආර්තව වේදනා සමනය කිරීමට තල තෙල් ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ආහාර සඳහා තල තෙල් එකතු කර ගැනීමෙන් එම වේදනාවන් සමනය කරගත හැකිය. 

සම පැහැපත් කරයි.තල තෙල් වල අඩංගු විටමින් ඒ, බී, සී පෝෂ්‍ය පදාර්ථ සමෙහි පවතින මැරුණු සෛල ඉවත් කර සම පැහැපත් කරයි. එමෙන්ම සම මත ඇතිවන කුරුලෑ ,ලප කැලැල් සමනය කර සමෙහි තෙතමනය රඳවා තබා ගැනීමට ද උපකාරීවේ. මේ සඳහා තල තෙල් ආහාරයට ගැනීම මෙන්ම තල තෙල් භාහිරව ආලේපනයක් ලෙස යොදා ගැනීම ගුණදායකය. 

හිසකෙස් වර්ධනය කරයි. බොහෝ කාන්තාවන්ට පවතින හිසකෙස් සම්බන්ධ ගැටලු සමනය කර ගැනීමට හිසෙහි ආලේප කළ හැකි ඖෂධීය තෙල් වර්ගයක් ලෙස තල තෙල් හැඳින්විය හැකිය. එනම් තල තෙල් වල අඩංගු මේද අම්ල මෙන්ම පෝෂ්‍ය පදාර්ථ හිසකෙස් වර්ධනය කර හිසකෙස් ගැලවී යාම, කැඩීයාම නවතා දමා හිසකෙස් වර්ධනය කිරීම සිදුකරයි. එනම් මේ සඳහා ස්නානය කිරීමට පෙර තල තෙල් හිසෙහි ගල්වා සම්බාහනය කර සෝදා හැරීම ගුණදායකය. 

පිළිකා සෛල මර්දනය කරයි.වර්තමානය වන විට වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට පවතින මාරාන්තික රෝග තත්ත්වයක් ලෙස පිළිකා රෝගය හඳුනා ගත හැකිය.  එනම් පිළිකා ඇතිවීම වලක්වා ගැනීමට තල තෙල් ආහාරයට ගැනීම ගුණදායකය. තල තෙල් ආහාරයට ගැනීමෙන් පිළිකා ඇතිවීම වළක්වාගත හැකිය. එනම් තල තෙල් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල මර්දනය කිරීම සිදුකර පිළිකා ඇති වීම වළක්වනු ලබයි. එමෙන්ම තල තෙල් වල අඩංගු ලිග්නන් නැමැති රසායනිකය ශරීරයේ ඇතිවන පිලිකා සෛල  සමග සටන් කරනු ලැබේ. මේ නිසා තල තෙල් වැඩි වශයෙන් භාවිතා කරන්නේ නම් පිළිකා සෛල ඇතිවීම වළක්වාගත හැකිය. 

මතක ශක්තිය වැඩි කරයි. වයස් ගත වීමත් සමග හෝ වෙනත් විටමින් ඌනතා මත මතකය ගිලිහී යාම සිදුවේ. මෙම තත්ත්වය ඇතිවීම වැළැක්වීමට නිතර තල තෙල් ආහාරයට ගැනීම ගුණදායකය. එනම් තල තෙල් වල අඩංගු විටමින් ඊ, ලෙසිතින් හා පොස්ෆොලිපිඩ් යන රසායනික සංඝටක මතක ශක්තිය වැඩි කර ස්නායු සෛල ආරක්ෂා කර මතක ශක්තිය වැඩි දියුණු කිරීම සඳහා උපකාරීවේ. 

හෘද රෝග ඇති වීම වළක්වයි.වර්තමානය වන විට හෘද රෝග ඇතිවීම නිසා බොහෝ දෙනෙකු පීඩාවට පත්ව තිබේ. එනම් එවැනි රෝගීන්ට නැවත හෘද රෝග ඇතිවීම වලක්වා ගැනීමට තල තෙල් ආහාරයට ගැනීම ගුණදායකය. එනම් තල තෙල් වල අඩංගු සෙසමින් හා සෙසමොලින් රසායනිකයන් හදවත් රෝග ඇතිවීම වලක්වනු ලබයි. මේ නිසා තල තෙල් හෘද රෝගීන්ට ගුණදායකය. 

කොලොස්ට්‍රෝල් පාලනය කරයි.බොහෝ දෙනෙකුට රෝග ගණනාවක් ඇති කිරීමට හේතුවන කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ යාම පාලනය කර ගැනීමට ද තල තෙල් ආහාරයට එක් කර ගැනීම ගුණදායකය. එනම් කොලෙස්ටරෝල් වල අඩංගු රසායනික සංයෝග රුධිර සංසරණය ක්‍රමවත් කර අහිතකර මේද කොටස් රුධිරයට එකතු වීම වළක්වනු ලැබේ. මේ නිසා කොලෙස්ටරෝල් පාලනයවේ. 

ප්‍රජනන කාර්යයන් පහසු කරවයි. තල තෙල් ආහාරයට ගැනීමෙන් ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ගැටලු සමනය කර ගත හැකිය. එනම් තල තෙල් ආහාරයට ගැනීමෙන් පුරුෂයන්ගේ ශිශ්නය සෘජු වීම ,පුරස්ථි ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය, ශුක්‍රාණු නිෂ්පාදනය  වර්ධනය කර ගත හැකිය. එනම් තල තෙල් වල අඩංගු ස්කෝලන් නම් රසායනිකය මේ සඳහා ඉවහල්වේ. 

අස්ථි ශක්තිමත් කරයි.බොහෝ දෙනෙකු වේදනා විඳින අස්ථි දුර්වල වීමෙන් ඇතිවන ඔස්ටියෝපොරෝසිස් රෝගය හා ඒ හේතුවෙන් ඇතිවන දණහිස් වේදනා, අස්ථි දිරායාම තල තෙල් භාවිතා කිරීම මගින් සමනය කර ගත හැකිය.  එනම් තල තෙල් වල අඩංගු කැල්සියම් මගින් අස්ථි ශක්තිමත් කිරීම හා ඒ ආශ්‍රිත රෝග ඇතිවීම වලක්වනු ලැබේ. මේ නිසා තල තෙල් භාහිරව වේදනාව ඇති ස්ථානවල ආලේප කිරීම මෙන්ම ආහාරයට එකතු කර ගැනීම යෝග්‍යවේ. 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝග තත්ත්වයන් ඇති වනු ලැබේ. එවැනි රෝග සමනය කර ගැනීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගත හැකි ආහාර භාවිතා කළ යුතුය. එනම් තල තෙල් ආහාර පිසීමේදී භාවිතා කිරීම මගින් ද ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගත හැකිය. එනම් තල තෙල් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ඇති වූ රෝග තත්ත්වයන් ද සමනය කිරීම සිදු කරනු ලැබේ. 

  • ආහාර ජීර්ණය පද්ධතිය පිරිසිදු කිරීමට
  • දත් හා විදුරුමස් රෝග සමනය කිරීමට
  • බැක්ටීරියා හා දිලීර නාශනය කිරීමට 
  • අධි රුධිර පීඩනය සමනය කිරීමට 

මේ ආදී රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස තල තෙල් ආහාරයට ගැනීම මෙන්ම බාහිර ආලේපනයක් ලෙස භාවිතා කළ හැකිය. කෙසේ නමුදු තල තෙල් අධි මාත්‍රාවෙන් භාවිතා නොකළ යුතුය.