වසර 5000 ක් පමණ ඈත අතීතයට දිවයන තල Sesamum indicum නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි. එනම් තල ඖෂධීය ගුණ රැසක් අඩංගු ධාන්‍ය වර්ගයකි. එනම් තල ශ්‍රී ලංකාවේ මෙන්ම ජපානය සහ ඉන්දියාව වැනි රටවල ද ඉතා ජනප්‍රිය ධාන්‍ය වර්ගයක් ලෙස හඳුනාගත හැකිය. තලවල ප්‍රභේද කිහිපයකි.
- කලු තල
- සුදු තල
- දුඹුරු තල
- රතු තල ආදී වර්ග ඒ අතර ප්‍රධානවේ.
බොහෝ විට තල ආහාරයට එක් කර ගන්නේ රසකැවිලි ආදීය සකස් කරන විටය. ඊට අමතරව ඖෂධ ලෙස තල තෙල්, තල ඇට භාවිතා කරනු ලබයි. එනම් තල මෙසේ ආහාරයට ගැනීමෙන් සෞඛ්ය ප්‍රතිලාභ රාශියක් අත්කර ගත හැකිය. එනම් තල වල මේදය, විටමින් ඒ, ඊ, සින්ක්, මැංගනීස්,කාබෝහයිඩ්‍රේට්, කැල්සියම්,රයිබොප්ලේවින්,පොලේට්,තන්තු, ලියැසින්,පොලේට්, සෝඩියම්, පොස්පරස්… ආදී වූ ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. මේ නිසා ම තල ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට නොයෙක් සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය.
තල ආහාරයට එක් කර ගැනීමෙන් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ

ශරීරය පෘෂ්ටිමත් කර ගත හැකිය.ශරීරය පෘෂ්ටිමත් කර ගැනීම සඳහා තල ආහාරයට ගැනීම යෝග්‍යය වේ. එනම් ආයුර්වේදයේ ශරීරය පෘෂ්ටිමත් කර ගැනීම සඳහා නිපදවන ඖෂධ අතර තල ද එක් ඖෂධයක් වේ. එනම් කිතුල් හකුරු සමග තල මිශ්‍ර කර ආහාරයට ගැනීමෙන් ශරීරය පෘෂ්ටිමත් කරගත හැකිය.
රක්තහීනතාවය සමනය කරගත හැකිය.තල වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ රක්තහීනතාවය සමනය කිරීම සඳහා ඉවහල් වේ. එනම් රක්තහිනතාවය යනු රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීම හේතුවෙන් ඇතිවන රෝග තත්ත්වයකි. මෙම රෝගය ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ ශරීරයේ යකඩ ඌනතාවයන් පැවතීමයි. මේ නිසා යකඩ අඩංගු තල ආහාරයට ගැනීමෙන් රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩි කර රක්තහීනතාවය සමනය කරගත හැකිය.
සමෙහි ඇතිවන දද, කුෂ්ඨ සමනය කර ගත හැකිය.දද , කුෂ්ඨ සුව කිරීම සඳහා තල භාවිතය යෝග්‍ය වේ. එනම් රතු ලූනු ගෙඩි කිහිපයක් ගෙන හොඳින් කොටා එම යුෂ අව්වේ කකාරා ඊට සමානව තල තෙල් ගෙන මිශ්‍රකර දද, කුෂ්ඨ, තුවාල මත ආලේප කිරීම මගින් එම රෝග සුව කර ගත හැකිය.
වැඩි වියට පත් වීම ප්‍රමාද ගැහැණු ළමුන්ට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.මෙම ඖෂධය ඈත අතීතයේ සිටම භාවිතා කර තිබේ. එනම් මේ සඳහා තල දඬු කොළ ගෙන වතුර පත අටක් දමා පත එකට සිඳුවා උදේ සවස පානය කිරීම සුදුසුවේ.
හෘද රෝග ඇතිවීම වලක්වා ගත හැකිය.වර්තමානය වන විට හෘද රෝග නිසා පීඩා විඳින රෝගීන් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ. හෘද රෝග ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු අතර ආහාර රටාව හා ජීවන රටාව ප්‍රධානවේ. එනම් හෘද රෝග ඇති වීම පාලනය කර ගැනීමට ආහාර රටාව වැඩි වශයෙන් බලපානු ලබයි. එම නිසා හෘද රෝගීන්ට සුදුසු ආහාර පාන නිතර භාවිතා කළ යුතුය. හෘද රෝගීන්ට සුදුසු තවත් එක් ආහාරයක් මෙන්ම ඖෂධයක් ලෙස තල හැඳින්විය හැකිය. එනම් තල ආහාරයට එක්කර ගැනීමෙන් තල වල අඩංගු පොටෑසියම් රුධිර නාළ හැකිළීම වළක්වා රුධිර නාල විස්තාරණය කර හෘදයට රුධිරය ක්‍රමවත්ව සැපයීම සිදු කරනු ලබයි. මේ නිසා අධි රුධිර පීඩන තත්වයන් මෙන්ම හෘද රෝග ඇති වීම පාලනය වේ.
ඉරුවාරදය සුව කර ගත හැකිය.වේදනා ගෙනදෙන ඉරුවාරදය නැමැති රෝග තත්ත්වය සුව කර ගැනීම සඳහා තල ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.එනම් ඉරුවාරදය ඇති විටක තල ඇට ස්වල්පයක් ගෙන එළකිරි වලින් අඹරා නළලෙහි පැලැස්තරයක් මෙන් ආලේප කිරීමෙන් ඉරුවාරදය සුව කරගත හැකිය.

මුත්‍ර ගල් ඉවත් කර ගත හැකිය.මුත්‍රා ගල් යනු පීඩා ගෙන දෙන රෝග අතර තවත් එක් පීඩාකාරී රෝග තත්වයකි. එනම් මුත්‍රා ගල් දියකර හැරීම සඳහා තල ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් තල දඬු තම්බා එම වතුර පානය කිරීම මගින් මුත්‍රා ගල් දියකර හැරිය හැකිය. එනම් මෙය දේශීය වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රකට ඖෂධයකි.
පීනස සමනය කර ගත හැකිය.පීනස නැමැති රෝග තත්ත්වය නිසා පීඩා විඳින රෝගීන්ට ඖෂධයක් ලෙස තල භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා තල තෙල්, මී තෙල්, ගිතෙල් කාල බැගින් ගෙන භාජනයකට දමා එයට රතු ලූනු යුෂ කාලක් සහ මී පැණි කාලක් මිශ්‍ර කර ලිප තබා හොඳින් කකාරවාඑයට ඇටඹ යුෂ බෝතලයක් සහ එරබදු පොතු යුෂ බෝතලයක් දමා මිශ්‍ර කර ඉන්පසුව කොට්ටං, වැල්මි සහ දුරු යන සියල්ල ගෙන හොඳින් අඹරා ඉහත මිශ්‍රණයට එකතු කර යහමින් කලවම් කර තෙල් සිදවා පීනස ඇති රෝගීන්ගේ හිසෙහි ආලේප කිරීම මගින් පීනස සමනය කර ගත හැකිය.මීට අමතරව
- ආර්තව වේදනාව සමනය කිරීම සඳහා
- ඇස් පෙනීම වැඩි කර ගැනීම සඳහා
- සන්ධි ඉදිමුම් වේදනා සුව කර ගැනීම සඳහා
- හිසකෙස් වර්ධනය කර ගැනීම සඳහා
- පිළිකා ඇතිවීම වළක්වා ගැනීම සඳහා
- කොලෙස්ට්‍රොල් පාලනය කිරීම සඳහා
- අධි රුධිර පීඩනය සමනය කර ගැනීම සඳහා
- ශරීරගත විෂ ඉවත් කිරීම සඳහා
- ස්නායු රෝග ඇතිවීම වළක්වා ගැනීම සඳහාමේ ආදී වශයෙන් බොහෝ රෝග සුව කර ගැනීමට තල ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
නමුත් උදරගත රෝග ඇති විටක හෝ හුස්ම ගැනීමට අපහසු විටක, ඔක්කාරය ,වමනය පවතින අවස්ථාවක තල ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතුය