සුව කරන්න බැරි ආතරයිටිස් පවා සුව කර හැකි නිදිකුම්බා සතු ගුණ 33ක්

health tips

 මේ මහ පොළොවේ සුලබවම දකින්නට ලැබෙන වටිනා ඖෂධීය ශාකයක් තමයි නිදිකුම්බා ශාකය.ස්පර්ශ කළ විටම නින්දට යන ශාක ලොවේ නිදි කුමාරි ඖෂධීය ගුණයෙන් ඉතාම ඉහළ ශාකයක්. නමුත් මේ ශාකයේ වටිනාකම නොදන්නාකම නිසා බොහෝ දෙනෙක් මෙය වල් පැලෑටියක් ලෙස සලකා විනාශ කරනවා. ඔබේ ගෙවත්තේ අවට වටපිටාවේ සුලබවම දකින්නට ලැබෙන මේ ශාකය අපිට නිරෝගීව ජීවත් වෙන්න කොතරම් දායක වෙනවාද කියන කාරණාව ගැන තමයි අද කතා කරන්නේ. 

මේ නිදිකුම්බා ශාකය පොළොවට සමාන්තරව වර්ධනය වෙන වැල් ශාකයක්. මෙහි ඵලය බූවක් සහිත කරලක්. කරලක් තුළ බීජ තුන හතරක සංඛ්‍යාවක් දකින්නට පුළුවන්. පුෂ්ප මංජරියක හට ගන්නා රෝස පැහැති මල් ඉතාම අලංකාරයි.පත්‍රයේ  වගේම කඳේ  තියුණු කටු දකින්නටත් පුළුවන්

 මේ ශාකයේ පත්‍ර ස්පර්ශයට ඉතාමත් සංවේදීයි. ස්පර්ශ කළ විට නිදියන නිදිකුම්බා වැහි බින්දුවලට එසේ ප්‍රතිචාර දක්වන්නේ නැහැ. පර්යේෂණවලින් අනාවරණය වී ඇති ආකාරයට නිදිකුම්බා වැහි බිදු තමන්ට අනතුරුදායක නොවන බව තේරුම් ගැනීම නිසා එසේ ප්‍රතිචාර දක්වන බව පැවසෙනවා. ඉතින් සියුම් ස්පර්ශයකදී පවා සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලියක් මගින් ක්ෂණිකව පත්‍ර හැකිළීම මේ පැලෑටියේ විශේෂ ලක්ෂණයක්.

මේ නිදුකුම්බා ශාකය හීන් නිදුකුම්බා හා ගස් නිදුකුම්බා යන නම්වලින් ද  හඳුන්වනු ලබනවා.ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වගේම දේශීය වෛද්‍ය ක්‍රමයේ දී වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්නා ශාක අතර නිදුකුම්බා පැලෑටිය ඉතා විශේෂයි. ඈත අතීතයේ සිටම විවිධ ඖෂධ සඳහා මේ ගස් නිදුකුම්බා හෙවත් හීං නිදිකුම්බා පැලෑටිය භාවිතා කර තියෙනවා. සාමාන්‍යයෙන් විවිධ රෝග සඳහා මේ ගස් නිදිකුම්බා සම්පූර්ණ පැලෑටියම ගනු ලබනවා.

භාවිතා කළ හැකි ආකාර 

නිදිකුම්බා තේ නිදිකුම්බා කොළ හොඳින් සෝදා වියලා කුඩු වශයෙන් සකස් කර කරගන්න. අවශ්‍ය වෙලාවට තේ හැඳි භාගයක් පමණ උණු වතුර සමඟ මිශ්‍රකර   තේ   මෙන් සකසා ගෙන පානය කරන්න.

එසේ නැත්නම් නිදිකුම්බා කුඩු තේ හැන්දක් හෝ භාගයක් කිරි සමඟ මිශ්‍රකර ආහාරයට ගන්න. ඒ වගේම නිදිකුම්බා පානය කිරීම වගේම ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගන්නත් පුළුවන්.

 නමුත් ආහාරයක් ලෙස හෝ පානයක් ලෙස නිදිකුම්බා භාවිතයට ගන්නට පෙර වෛද්‍ය උපදෙස් ලබා  ගන්නට කටයුතු කරන්න.

නිදිකුම්බා සතු ඖෂධීය ගුණයන් 

  • සමේ රෝග සඳහා ගුණදායකයි.
  • දියවැඩියාවට සහනය සලසයි.
  • ඇදුම රෝගය  සුව කරයි.
  • අතීසාරයට ගුණදායකයි.  
  • අධික ලෙස ලේ වහනය වන තුවාල සඳහා ගුණදායකයි.
  • අර්ශස් රෝගය සුවපත් කරයි.
  • මුත්‍රාශයේ ඇතිවන  ආසාදන දුරුකරයි.
  • මුත්‍රා ගල් දිය කිරීමේ හැකියාවෙන් සමන්විතයි.
  • හිසකෙස් ගැලවී යාම වළක්වය
  • ආතරයිටිස් රෝගයට ගුණදායකයි.
  • භගන්දරා රෝගය සඳහා සුවය සලසයි.
  • පැසවන ලද තුවාල සුව කරයි.
  • දත් කැක්කුම් නසාලයි.
  • ගොනොරියා සඳහා ගුණදායකයි. 
  • පීනසට ගුණදෙයි.
  • පැස වූ ලේ ගෙඩි පිපිරවීමට උපකාරී වෙයි. 
  • කැඩුම් බිදුම් සඳහා ගුණදායකයි. 
  • අධික රුධිර පීඩනයට ගුණදෙයි .
  • පොළොං විෂ නැසීමට උපකාරී වෙයි.
  • මානසික අවපීඩනය දුරු කරයි.
  • පිළිකාවලින් ආරක්ෂාව සලසයි.
  • සුදු කබර රෝගීන්ට ගුණදායකයි.
  • ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා සහනය සලසයි .
  • දත් දිරායාම, විදුරුමස් දියවීම ආදී මුඛාශ්‍රිත රෝග සුව කරයි 
  • මුත්‍රා දැවිල්ල සුව කරයි. 
  • ශරීරයේ ප්‍රදාහ තත්ත්වයන් නසාලයි.
  • තුවාල සුව කරයි. 

කල්ගත වූ තුවාල වගේම අලුත කැපුණු ලේ ගලන තුවාලවල මතුපිට නිදුකුම්බා ශාකය තලා ඒ යුෂ ආලේප කිරීමෙන් රුධිරය ගැලීම නතර වී ඉක්මනින් තුවාලය සුව කරයි.

චර්ම රෝගවලට ගුණදායකයි. සම්පූර්ණ නිදිකුම්බා ශාකයම ගෙන තම්බා ඒ ජලයෙන් සේදීමෙන් සමේ ඇතිවන සියලුම රෝග තත්ත්වයන් සමනය කරගත හැකියි.

සමේ ආසාදනවලට ගුණදායකයි. දද කුෂ්ට ආදියටත් සමේ විෂබීජ නිසා ඇතිවන කැසීම් තත්ත්වයන්ටත් නිදිකුම්බා කොළ හා මල් තැම්බූ වතුරෙන් සේදීම ගුණදායකයි.

හොරි දද කුෂ්ඨ ආදී සමේ රෝග සඳහා හීන් නිදිකුම්බා කොළ, පින්න කොල, ඇත්තෝර කොල, කොහොඹ කොල, අහු කොල, අමු කහ, වෙනිවැල්ගැට තම්බාගත් ජලයෙන් සෝදාහරින්න. 

දත් දිරාපත්වීම, දත් කැක්කුම, මුඛයේ ඇතිවන තුවාල සුවකරයි.මේ  ආසාදන සඳහා නිදිකුම්බා මුල් කෂායෙන් කට සේදීම ගුණදායකයි.

ලේ අතීසාරය සඳහා  ගුණදායකයි.මේ සඳහා නිදිකුම්බා ගසේ මුල් හොඳින් සෝදා වියළා කුඩු කර කුඩු තේ හැදි ½ ක් වතුර වීදුරුවකට දමා පානය කිරීම ගුණදායකයි.

ස්ත්‍රී  රෝග බොහොමයකට ගුණදායකයි. විශේෂයෙන්ම ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත සෑම රෝගයක් සඳහා නිදිකුම්බා ශාකය ඉතා ගුණදායකයි. මේ ශාකය තැම්බූ ජලයෙන් ඒ ප්‍රදේශ සේදීමෙන් එවැනි රෝග සමනය කරගන්නට පුළුවන්.

මෙතරම් ඖෂධීය වටිනාකමක් ඇති නිදිකුම්බා ශාකය ඔබ පීඩා විදින රෝග සුවපත් කර ගන්නටත් වෛද්‍ය උපදෙස් මත භාවිතයට ගන්න.