අත්ලේ හැඩයෙන් ඔබ ගැන කියවෙන අනාවැකි 4 ක්

health tips

“American Academy of Hand Analysis” නම් ආයතනයේ කේ පැකාර්ඩ් විසින් සඳහන් කරන්නේ අපේ අත්ල මඟින් අපි ගැන බොහෝ වැදගත් කරුණු අනාවරණය කරගත හැකියි කියායි. ඇකඩමියේ විශේෂඥයින්ගේ අදහස වන්නේ අපේ සෑම ඇඟිල්ලකටම ඊට ආවේණික වූ අර්ථයක් පවතින බවයි.

ඔවුන්ගේ පරියේෂණ ප්‍රතිඵල ඔබ ගැන කියන්නේ ඇත්තක් ද කියා මේ ලිපිය කියවා සිතාබලන්න?

  1. ඔබේ කුමන අත ද වඩාත් ශක්තිමත්?සරලයි: ඔබ දකුණත හෝ වමත හුරු අයෙක් විය හැකියි.ඔබට වඩාත් හුරු අතේ අල්ලෙන් සහා ඇඟිලි වලින් ඔබේ ව්‍යාපාරික සහා පෞද්ගලික ගති ගුණ ගැන හෙලිකරනු ලබනවා. ඒ අතරේ ඔබේ අනෙක් අතේ ඇඟිලි වලින් ඔබේ සමීපතමයින් කෙරෙහි ඔබේ ඇති ආකල්ප ගැන කියවෙනවා.
  1. ඔබේ ශක්තිමත් සහා දුර්වල ඇඟිලි නිශ්චය කරගන්න.

සෑම පුද්ගලයෙකුටම ශක්තිමත් සහා දුර්වල ලෙසින් ඇඟිලි පිහිටා තිබෙනවා. ශක්තිමත් ඒවා නිතරම භාවිතා වෙනවා. එසේ වැඩියෙන් ඔබ භාවිතා කරන ඇඟිලි වලින් ඔබේ චරිත ලක්ෂණ ගැන හෙලිකරනවා. ඔබේ ඇඟිල්ලක් නැවී ඇත්නම් හෝ තවත් ඇඟිල්ලක් මතට නැවී ඇත්නම් හෝ ඉදිරියට නැවී ඇත්නම්, එසේත් නැතිනම් එම ඇඟිල්ලෙන් කිසිම දෙයක් ඔබට සිදුකිරීමට නොහැකිනම් , එවැනි ඇඟිලි ඉතා දුර්වල ඒවා කියා හඳුනාගන්න පුලුවන්. ඇඟිලි දිගුව සහා සෘජුව පිහිටා ඇත්නම් ඒවා ශක්තිමත් බවින් වැඩියි කියා පවසන්න පුලුවන්.

  • ඔබට හුරු අතේ මහපට ඇඟිල්ල ශක්තිමත් නම්, ඉන් කියවෙන්නේ ඔබ ඔබේ වෘත්තියේ ඉදිරියටම ගමන් කිරීමට ඉතා විශාල පරිශ්‍රමයක් දරමින් සිටින බවයි.
  • ඔබේ දබ‍රැඟිල්ල ඉතා ශක්තිමත් නම්, ඉන් කියවෙන්නේ බලයට ඔබේ ඇති උනන්දුව, ශක්තිමත් චරිතයක් බව සහා ඔබ සතුව සූක්ෂම බුද්ධි මහිමයක් පවතින බවයි.
  • මැදැඟිල්ල මඟින් ඔබේ වගකීමක් සහිත බව, කාර්යක්ෂමබව,ආත්මවිශ්වාසයකින් යුක්ත බව, දියුණුව සහා බුද්ධිමත් බව යන කාරණා ගැන පිලිබිඹු කරනු ලබනවා.
  • ඔබේ වෙදැඟිල්ල මඟින් ඔබේ කලාකාමී හැකියාව සහා ආත්ම ප්‍රකාශනය යන ගුණයන් වල පැවැත්ම හෙලිකරනවා
  • සුලැඟිල්ල ශක්තිමත් නම්, ඉන් ඔබේ සන්නිවේදන කුසලතා ගැන කියාපානවා.

උදා: ඔබේ වම් අතේ ඇති මහපට ඇඟිල්ල සහා මැදැඟිල්ල ශක්තිමත් නම් ඔබ අනිවාර්යෙන්ම කාර්යක්ෂම,වගකීමකින් කටයුතු කරන සහා තමන් ගැන පමණක් නොව අන් අයගේ අභිවෘද්ධිය වෙනුවෙන් පවා කටයුතු කරන වෘත්තීය මට්ටමේ  පුද්ගලයෙක් බව හෙලිකරනු ලබනවා.

  1. නියතුඩු වල හැඩය ගැන පරීකෂා කරගන්න.
  • රවුම් හැඩයේ නියතුඩු – ඔබ අන් අය සමඟ නිදහසේ, සාමකාමීව ජීවත් වීමට බලාපොරොත්තු වෙන බවත් ප්‍රතික්ෂේප වේ යැයි හෝ පිළිගැනීමට පාත්‍ර නොවේ යැයි ඔබ තුල ඇති බියත් පිලිබිඹු කරනවා.
  • හත‍රැස් සහා සමතලා නියතුඩු – ඔබ කියන දේ කෙටියෙන් පැහැදිලිව කියන කෙනෙක් බවත් අවිනිශ්චිත දේ කෙරෙහි ඔබේ ඇති බලවත් අකමැත්තත් පිලිබිඹු කරනවා.
  • සවල් හැඩයේ නියතුඩු වලින්- ඔබේ මනා කෞෂල්‍යය සහා දුෂ්කර මාර්ග තුලින් ගමන් කිරීමට ඔබේ ඇති අකමැත්ත පෙන්නුම් කරනවා
  • තියුණු නැතිනම් උල් වු නියතුඩු- ඔබ අසාමාන්‍යය සහා ගුප්ත දේවල් කෙරෙහි විශ්වාසය තබමින් වඩාත් ප්‍රායෝගික සැබෑ දේ පවා පහසුවෙන් අත්හැරීම සිදුකරන බව හෙලිකරනවා.කෙටියෙන් කියනවානම්,ගුප්ත දෙවල් කෙරෙහි ඔබේ අධික විශ්වාසය පවතිනවා කියලයි ඉන් කියවෙන්නේ.
  1. ඇඟිලි අතර ඇති පරතර දෙස හොඳින් බලන්න
  • ඔබේ අත් පැතලි මතුපිටක හෝ ඔබ ඉදිරියෙන් හෝ පහසුවෙන් තබාගන්න.
  • ඔබේ ඇඟිලි එකිනෙකින් බොහෝ දුරස්ව පිහිටයි නම්, ඉන් ඔබ ඔබ බොහෝ ස්වාධීන කෙනෙක් බවත් විවිධ දේ ගැන පර්යේෂණ සිදුකර බැලීමට වඩාත් කැමති පුද්ගලයෙකු බව පෙන්නුම් කරනවා.
  • ඔබේ ඇඟිලි ඉතා ලඟින් පිහිටයි නම්, ඔබ වඩාත් විචක්ෂණශීලී බවත්, සුපරීක්ෂාකාරී බවත් සහා ස්වයං-සම්පූර්ණ පුද්ගලයෙකු බවත් කියාපානවා.
  • ඔබේ අතේ වෙදැඟිල්ල සහා මැදැඟිල්ල එකිනෙක දුරස්ව පිහිටයි නම්,  කෙනෙකුට ඔබව පහසුවෙන් බලපෑමට ලක්කිරීමට නොහැකි  බවට කියවෙනවා. ඒවා සමීපව පිහිටා ඇත්නම්, ඔබ සැම විටම සමාජයේ අපේක්ෂාවන් අනුව  ඔබේ ජීවිතය ගත කිරීමට උත්සාහ කරන බවත්, නීති අනුගමනය කිරීමට වඩාත් පෙලඹෙන බවත් පෙන්නුම් වේ.
  • ඔබේ වෙදඟිල්ල සහා සුලැඟිල්ල අතර පරතරය දෙස බලන්න. පරතරය වැඩියි නම් , ඉන් කියවෙන්නේ ඔබේ කටයුතු සහා පවුලේ සබඳතා කෙරෙහි පවා බලපෑමක් ඇති කරවන ආකාරයේ වැදගත් කතාබහා සහා තීරණ ආදිය මඟ හැරීමට ඔබ තුල වඩාත් ප්‍රවණතාවක් ඇති බවයි.  එම ඇඟිලි අතර පරතරය සාමාන්‍යයයි නම් (යහලුවෙක් සමඟ සසඳා බලන්න), ඉන් අදහස් කරන්නේ “ඔබ ඔබ තුලින් ඔබවම ගවේෂණය කරන ඉතා ස්වාධීන චින්තකයෙකු වන බවයි”.