හිස්බඩ නොකල යුතු දේවල් 9 ක්

health tips

ප්‍රධාන ආහාර වේල නොලබා සිටියදී ඔබ විසින් සිදුකරන ඇතැම් ක්‍රියාකාරකම් නිසා ඔබේ සෞඛ්‍යයට යම් යම් බලපෑම් ඇතිවිය හැකි බව ඔබ දන්නවාද ? සරලවම, කියනවානම් ඔබ හිස්බඩ සිටින විටදී නොකල යුතු දේවල් කිහිපයක්ම තිබෙනවා. අවසානයට ඔබ ලබාගත් ආහාර වේලට පසු පැය 2 කට වඩා ඉක්මවා ඇත්නම් බොහෝ විට ඔබේ බඩ හිස්ව පවතියි. 

හිස්බඩින් සිටින විට ඔබේ සෞඛ්‍යයට හානිකර බලපෑම් ඇතිකළ හැකි මෙවැනි පුරුදු වලින් හැකිතාක් වැළකී සිටින්න උත්සහ කරන්න.

  1. ප්‍රති-ප්‍රදාහක ඖෂධ ලබානොගත යුතුයි

හිස්බඩ සිටින විට ඇස්ප්‍රින්, පැරසිටමෝල් සහා අනෙකුත් ස්ටෙරොයිඩ නොවන ප්‍රති-ප්‍රදාහක ඖෂධ (NSAIDs) ලබා නොගත යුතුයි.එසේ ඖෂධ වල කාර්යක්ෂම ප්‍රතිඵල අවම කරනවා පමණක් නොව වෙනත් අසාධ්‍ය රෝග පීඩා (ගැස්ට්‍රයිටීස් නිසා හටගන්නා තුවාල වලින් ලේ වහනය වීම වැනි) සෞඛ්‍යය ගැටලු ඇති වීමට ඉඩ තිබේ. උණ ,හිසරදය,ආතරයිටීස් වේදනා සඳහා ලබාගන්නා නැප්‍රොක්සින් සහා ඉබුප්‍රොෆේන් වැනි ඖෂධ ද හිස්බඩ පානය නොකල යුතුය.

NSAID වර්ගයේ ඖෂධ වලින් ඇති විය හැකි සෘණාත්මක බලපෑම් අවම කිරීමට කිරි පානය කිරීම සිදුකරන්න. නිවසේ කිරි නොමැති විටකදී, ඒ වෙනුවට ජලය වැඩි පුර පානය කරන්න.

  1. කෝපි පානය නොකරන්න

 කැෆේන් ඉවත් කල කෝපි  (decaffeinated coffee) පවා හිස්බඩ පානය කිරීම ඉතා නුසුදුසුය. කෝපි මඟින් සිරුරේ අම්ල ශ්‍රාවයන් නිෂ්පාදනය උත්තේජනය කිරීම නොනවත්වා සිදුවේ. එසේ අම්ල නිපදවීම නිසා පපුවේ දැවිල්ල සහා ජීර්ණ මාර්ගයේ ගැටලු හටගැනීමට බොහෝ ඉඩකඩ ඇත. කෝපි පානය කිරීමෙන් පසුව උදෑසන ආහාර වේල මගහැරීම හේතුවෙන් සිරුරේ සෙරටොනින් ඌනතාවයක් ඇති විය හැක. ඒ හේතුවෙන් ඔබට දවස පුරා මලානික බවක් සහා නිදිමත ගතියක් දැනීම සිදුවිය හැක.

උදෑසන අවදි වූ පසුව කෝපි පානය කිරීම ඔබේ දෛනික හා අත්හැරිය නොහැකි පුරුද්දක් බවට පත්වී ඇත්නම්, කෝපි සමඟ කිරි හෝ ක්‍රීම් මිශ්‍ර කරමින් පානය කරන්න. කිරි වල අඩංගු මේදය මඟින් කෝපි වලින් ඇති විය හැකි සෘණාත්මක බලපෑම් අවම කරනු ලබයි. එමෙන්ම කෝපි ‍තෝරාගැනීමේදි  අධික ශීතකල- වියළි කෝපි වර්ග වලට වඩා ස්වභාවික ඒවා ‍තෝරාගන්න.

  1. මද්‍යසාර පානය නොකරන්න

ආහාර ලබානොගෙන සිටියදී මද්‍යසාර පානය කිරීම මඟින් සිරුරේ මද්‍යසාර උරාගැනීමේ වේගය දෙගුණයකින් ඉහළ යාම සිදුවේ. එය බොහෝ දුරට නහර වලට එන්නත් කරගැනීමේදී මෙන් ප්‍රබල බවින් වැඩි වේ. ලබාගත් මද්‍යසාර වල සැර බාල කිරීමට පානය කරන නිෂ්පාදන නිසා තවදුරටත් ක්‍රියාවලිය මන්දගාමී වී මත් ගතිය නිසා ඇති වන අසනීප ස්වභාවය වැඩිවීමට ඉඩ ඇත. හිස්බඩ මද්‍යසාර වර්ග පානය කිරීමේ ඇති හානිකර බව නිසාම ඔබේ අක්මාවට, හෘදයට සහා වකුගඩු වලට ශීඝ්‍රයෙන් බලපෑම් ඇතිකරනු ලබයි.

එවැනි අවස්ථාවලදී සිසිල් කල කාබනේට් අඩංගු නොවන පාන වර්ග (cooled noncarbonated drinks) ‍තෝරාගන්න. ඒවා සිරුරට උරාගන්නේ ඉතා මන්දගාමීවයි. බටර් හෝ වෙනත් දෙයක් සමඟ සැන්ඩ්විච් එකක් හෝ හැකි තරම් ඉක්මනින් ආහාරයට ගැනීම වඩාත් උචිත ය.

  1. චුයින්ගම් අනුභව නොකරන්න.

ඔබ චුයින්ගම් එකක් මුව තුල දමා හපන විට ඔබේ ආමාශය ආහාරයක් අපේක්ෂාවෙන් ආමාශයික අම්ල යුෂ ශ්‍රාවය කිරීම සිදුකරයි. නමුත්, සිරුරට ආහාරයක් නොලැබෙන නිසා එම අම්ල මඟින් ආමාශයේ ස්ථර විනාශ වී යාම සිදුවේ. හිස්බඩ චුයින්ගම් ආහාරයට ගැනීමේදී මේ තත්වය වඩාත් බරපතල විය හැකියි. ඔබ අධිකව චුයින්ගම් ආහාරයට ගැනීමට ඇබ්බැහි වී ඇත්නම් ඔබට ගැස්ට්‍රයිටීස් වැනි රෝග හට ගැනීමට ඇති අවදානම ඉහළයි. විද්‍යාත්මක අධ්‍යනයකින් තහවුරු වී ඇත්තේ චුයින්ගම් බහුලව ආහාරයට ගන්නා පුද්ගලයින් එලවළු සහා පලතුරු වලට වඩා ක්ෂණික ආහාර වලට වැඩි ප්‍රියතාවක් දක්වන බවයි. එය ශරීර සෞඛ්‍යයට එතරම් හිතකර තත්වයක් නොවේ.

 ‘xylitol’ හා ‘sorbitol’ වැනි ස්වභාවික රසකාරක අඩංගු චුයින්ගම් වර්ග සීනී, ‘cyclamate’ හෝ ‘aspartame’ වැනි රසකාරක යෙදූ චුයින්ගම් වලට වඩා හානිකර බවින් අඩුය. බඩ පිරී ඇති අවස්ථාවකදී පවා චුයින්ගම් එකක් මිනිත්තු 10 කට වඩා සැපීම නොකල යුතු බව මතක තබාගන්න!

  1. හිස් බඩින් නින්දට යාම නොකල යුතුයි

රාත්‍රී ආහාර නොගෙන නින්දට යාම කිසිසේත් උචිත නොවේ.බඩගින්න සහා සිරුරේ අඩු ග්ලූකෝස් මට්ටමක් ඇති වී තිබීම නිසා අපගේ නින්දට දැඩි බාධාවන් මතු කරමින් නින්ද කැඩී යාම හා ඉතා වේලාසනින් අවදි කරවීම සිදුවේ. එසේ හොඳ නින්දක් නොලැබෙන විට සිරුරේ බඩගින්න හා සම්බන්ධ හෝමෝන මට්ටම ඉහළ යාම සිදුවේ. ඒ හේතුවෙන් පසුදා අවදි වූ පසු රාත්‍රියේ මග හැරුණු ආහාර වේලටත් ප්‍රමාණවත් ලෙස වැඩියෙන් ආහාර ගැනීමට පෙලඹීම සිදුවිය හැක.

අධික ලෙස ආහාර වලින් බඩ පුරවාගනිමින් නින්දට යාම ඉතා අහිතකරය. කැල්සියම් සහා මැග්නීසියම් අඩංගු බැවින් කිරි ආශ්‍රිත නිෂ්පාදන අනුභව කිරීම වඩාත් හොඳ විසඳුමකි. එම පෝෂක සංඝටක මඟින් සිරුරට පෝෂණය ලබාදෙමින් ඔබට සුව නින්දක් ලබා දේ.

  1. හිස්බඩ ව්‍යායාම් වල නිරත නොවිය යුතුයි

ඇතැම් අය විශ්වාස කරන්නේ හිස්බඩ ව්‍යායාම් සිදුකිරීමෙන් කැලරි වැඩි ප්‍රමාණයක් දහනය කරගත හැකි බවයි. නමුත්, එය මිත්‍යාවකි. මේද දහනය කිරීමට හිස්බඩ සිරුර වෙහෙසීමෙන් පලක් නැත. කෙසේ වෙතත් එමඟින් මාංශ පේශීන් අඩු කරගැනීමට හැකිය. හිස්බඩ ව්‍යායාම කිරීමේදී සිරුරේ ශක්තිය නොමැතිකම නිසාම ව්‍යායාම් වල තීව්‍රතාව අඩු වී සිරුරට ලැබෙන ප්‍රතිඵල ද අවම වී යයි.

Aerobic  ව්‍යායාම් හි නිරත වීම ආරම්භ කරන්න.ඔබට ආමාශය ආශ්‍රිත රෝග පීඩා ඇත්නම් ව්‍යායාම් වලට පෙර සුලු වශයෙන් හෝ ආහාරයක් ලබාගෙන සිටීම වැදගත් ය. ඊට හේතුව වන්නේ සිරුර වෙහෙසවීමේදී ගෑස්ට්‍රික් යුෂ නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ යාම සිදුවිමයි. එබැවින් හිස්බඩ ව්‍යායාම් සිදුකිරීම අහිතකර සෞඛ්‍යය ගැටලු මතුකිරීමට වැඩි ඉඩකඩක් ඇත.

  1. හිස්බඩ සිටින විට අනවශ්‍ය ලෙස ආහාර මිලදී ගැනීමට පෙලඹිය හැකියි.

බඩගින්නේ සිටින විට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර දේවල් මිලදී ගැනීමට අපට සිතේ, විශේෂයෙන්ම, online හරහා ආහාර ඇනවුම් කරමින් ක්ෂණික ආහාර වර්ග රසවිඳීමට වැඩි නැඹුරුතාවක් ඇත. අධ්‍යයනයක් මඟින් හෙලිකරගත් කරුණක් වී ඇත්තේ පුද්ගලයාගේ සිතේ ඇති වන ‘මට ආහාර අවශ්‍යයයි’ යන සිතුවිල්ල ‘මට අවශ්‍යයයි’ යන දැඩි සිතුවිල්ල සමඟ සම්බන්ධ වීම නිසා පුද්ගලයා ඊට ස්වභාවිකව අවනත වී ආහාර ද්‍රව්‍ය වැඩියෙන් මිලදී ගැනීමට පෙලඹෙන බවයි. 

ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ලැයිස්තුවක් සැකසීම මෙන්ම මුදල් නෝට්‍ටු වලින් බිල්පත් ගෙවීම හරහාද මුදල් ඉතිරි කරගත හැකියි. ඉහත අධ්‍යයනය මඟින් තවදුරටත් හෙලිකරන ලද කරුණක් වූයේ මිනිසුන් කාඩ්පත් භාවිතයෙන් මුදල් ගෙවන අවස්ථාවන්ට සාපේක්ෂව නෝට්‍ටු මඟින් මුදල් ගෙවීමේදී මුදල් අඩුවෙන් වැය කිරීමට කටයුතු කරන බවයි.

  1. පැඟිරි (සිට්‍රස්) අඩංගු පලතුරු යුෂ පානය නොකරන්න

පැඟිරි පලතුරු වර්ග වන දෙහි,දොඩම්,ලෙමන් ආදී පලතුරු වල ඇති ආම්ලිකතාව සහ ඝන කෙඳි ස්වභාවය හේතුවෙන් ඔබේ හිස් වී තිබෙන බඩේ දැවිල්ල ඇතිවිය හැකියි. එබැවින් පැඟිරි පලතුරු යුෂ හිස්බඩ පානය කිරීම ගෑස්ට්‍රයිටීස් රෝගීන් හට ඉතා අවදානම් විය හැකිය. එමෙන්ම ගැස්ට්‍රයිටිස් නොමැති පුද්ගලයින් හට එය වර්ධනය වීමට ඇති අවදානම වැඩි කිරීම ද මේ හරහා සිදුවිය හැක.

බඩේ ආම්ලිකතාවය අධික පුද්ගලයින් විසින් නැවුම් පැඟිරි පලතුරු යුෂ සමඟ ජලය 1:1 ක අනුපාතයකින් මිශ්‍ර කර පානය කිරීමත් එසේ නොමැති අනෙකුත් සෑම දෙනා පැඟිරි යුෂ සහා ජලය 2:1 ක අනුපාතයෙන් මිශ්‍ර කර පානය කිරීම සුදුසු බව දක්වා ඇත.

  1. හිස්බඩ සිටිටදී  වාද කිරීම හෝ සාකච්ඡා කිරීම නොයාම වඩාත් උචිතයි

පර්යේෂකයින් විසින් තහවුරු කරන්නේ බඩගින්නේ සිටින විට අප මනසින් සූදානම් නොමැති බවයි. ඊට හේතුව වන්නේ ස්වයං-පාලනය සඳහා කායික ශක්තියද අවශ්‍යවීමයි.  ඔබ බඩගින්නේ සිටින විට ඔබේ ශරිරයේ ශක්තිය අල්ප වී යන නිසා ඔබේ මානසික සුවතාව හා සූදානම අවම වීම සිදුවේ.

යම් බරපතල යමක් පිලිබඳව සාකච්ඡා කිරීමට හෝ වාද කිරීමට ඇති අවස්ථාවකට පෙර ඔබට ආහාර ලබාගැනීමට නොහැකියි නම් යම් උණුසුම් පානයක් හෝ ලබාගැනීම ඉතා වැදගත්ය. විශේෂයෙන්ම අනෙක් පුද්ගලයාටත් ඉන් කෝප්පයක් පිලිගැන්වීම සිදුකරන්න. එය අර්ථවත් හා ඵලදායි සාකච්ඡාවකට බලපාන බව සඳහන් වේ.

හිස්බඩ සිටින විටදී සිදුකල හැකි දේවල් මොනවාද?

ඒ වගේ වෙලාවක සිදුකල හැකි හොඳම දේ ආහාර ලබාගැනීම බව ඔබේ පිලිතුර වේවි. නමුත්, හිස්බඩ සිටින විට දී ඔබ නොසිතන ආකාරයේ දේවල් දෙකක් සිදුකල හැකි බව පැවසේ. එනම්,

ගැටලු විසඳීම – ඔබ බඩගින්නේ සිටින විට ඔබේ මනසේ ඒකාග්‍රතාවය සහා අවධානය තියුණු වන බව පැවසේ. මෙම පර්යේෂකයින් පිරිස පවසන ආකාරයට එය පුරාණයේ මුතුන්මිත්තන්ගේ සිටම පැවතෙන දෙයක් බවයි. එනම් ඒ කාලයේදී ඔවුන් ගේ ප්‍රධානතම අරමුණ වූයේ ආහාර සෙවීම නිසා ඔවුන්ගේ අවධානය හා මුළු ශ්‍රමයම ඒ වෙනුවෙන් කැපකිරීමට කටයුතු කර තිබීම ඔවුන් උදාහරණයක් ලෙස දක්වා සිටිති. බඩගින්න ආශ්‍රිත හෝර්මෝනයක් වන ‘ග්‍රෙලින්’ නම් හෝර්මෝනය මඟින් විවිධ කාර්යන් සිදුකිරීමට උපකාර කරනවා මෙන්ම මොලයේ ක්‍රියාකාරීත්වය ද උත්තේජනය කරවන බව සොයාගෙන ඇත.

පහසුවෙන් ‍තෝරාගැනීම/තීරණ ගැනීම- ‘අවස්ථා දෙකක් අතරින් එකක් පහසුවෙන් ‍තෝරාගැනීමට අවශ්‍ය ද? උදාහරණයක් ලෙස ඇඳුම් මිලදී ගැනීමේදී ‍තෝරාගන්නේ රතු පැහැය ද කලු පැහැය ද යනුවෙන් ඔබ සිතීමට කාලය බොහෝ වැය කරනවා නම්, එවැනි අවස්ථා හිස්බඩ උත්සාහ කර බලන්න’ යනුවෙන් පර්යේෂකයින් පවසනවා. ඔවුන් පවසන ආකාරයට බඩගින්න මිනිසුන්ව සාර්ථක තීරණ වලට යොමුකරනු ලබයි. ඇතැම් විට වඩාත් ප්‍රබල තීරණ වලට පවා සාර්ථක ලෙස එලඹීමට බඩගින්න මූලික හේතුවක් වන අවස්ථා තිබෙන බව ඔවුන් පෙන්වා දේ. කෙසේ වෙතත් මුදල් ගනුදෙනු,සම්බන්ධතා සහා සෞඛ්‍යය සම්බන්ධයෙන් නම් මේ ක්‍රමය අනුගමනය නොකර සිටීම වඩාත් නුවණට හුරු ය.