ආහාර ජීර්ණ ක්‍රියාවලියට සහය වන වැදගත් අවයවයක් ලෙස අග්න්‍යාශය හඳුන්වයි.අග්න්‍යාශය පිහිටා තිබෙන්නේ බඩේ වම් පැත්තෙනි.එහි හැඩය මාලුවෙකුට සමානයි.එය හිස, ග්‍රීවය, කඳ සහ වල්ගය වශයෙන් කොටස් හඳුන්වයි.හිස කොටස පිහිටා ඇත්තේ ආමාශයේ දකුණු පස සහ කුඩා අන්ත්‍රය අතරයි.කඳ ආමාශයට පිටුපසින් පිහිටයි.වල්ගය ආමාශයේ වම් පස ප්ලීහාව අසල පිහිටයි.
අග්න්‍යාශයේ බාහිරාසර්ග (exocrine) සහ අන්තරාසර්ග (endocrine) සෛල පවතියි. බාහිරාසර්ග ග්‍රන්ථි සහ ප්‍රණාල (ducts) සැකසී ඇත්තේ බාහිරාසර්ග සෛල වලිනි.මෙම ග්‍රන්ථි වල ස්‍රාවයන් මඟින් ආහාර වල මේද කොටස් බිඳ දමමින් ජීර්ණය කරනු ලබනවා.මෙම ග්‍රන්ථි වල කුඩා ප්‍රණාල අග්න්‍යාශයික ප්‍රණාලයට සම්බන්ධයි.එය තවදුරටත් පිත ස්‍රාවය කෙරෙන අක්මාව තුළ පිහිටි පිත්ත ප්‍රණාලයට සම්බන්ධ වී පවතියි. බහිරාසර්ග සෛල වලට වඩා අන්තරාසර්ග සෛල ප්‍රමාණය ඉතා අවමයි.රුධිරය නියාමනය කිරීමට අවශ්‍ය වන ග්ලූකගන් සහ ඉන්සියුලින් වැනි හෝර්මෝන නිපදවීම ඒවායේ කාර්යයි.
සෛල වර්ධනය පාලනය කළ නොහැකි ලෙස වැඩිවී ගැටිති වර්ධනය වීමත් සමඟ එය පිළිකා අවදානම ලෙස හඳුනාගැනෙයි.අග්න්‍යාශයික පිළිකාව යනු මෙම බාහිරාසර්ග හෝ අන්තරාසර්ග සෛල වල අධි වර්ධනයත් සමඟ ඇතිවන රෝගයකි. මේ අතරින් බාහිරාසර්ග පිළිකා වඩාත් බහුලයි.
අග්න්‍යාශයික පිළිකා අවදානම් වැඩිකරවන සාධක මොනවාද?

- අග්න්‍යාශයික පිළිකා වලින් පෙලෙන්නන්ගෙන් 25%ක් දෙනා ඊට ගොදුරු වී ඇත්තේ දුම්කොළ දුම්වැටි (සිගරට්) භාවිතය නිසයි.
- ස්ථූතාවය මෙම පිළිකා අවදානම වැඩිකරවන තවත් හේතුවක්.BMI අගය 30 හෝ ඊට වැඩියි නම් ඔබ සිටින්නේ අවදානමකයි.
- සැකසුම් ක්‍රියාවලියට ලක්කළ ආහාර (processed food), සංතෘප්ත මේද බහුල ආහාර, අධික මත්පැන් පානය, ක්‍රියාශීලිබව අඩුකම මෙම අවදානම ඉහළ දමන තවත් හේතු කිහිපයකි.
- ආමාශයේ සහ අක්මාවේ ඇතිව ආසාදන
- අධික කෝපි පානය (මෙය තවමත් පර්යේෂණ සිදුවන මතයකි)
- දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගීන්
මෙම සාධක නීරෝගී සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන රටාවකට හුරුවීම හරහා වෙනස්කරගත හැකියි. එහෙත් ඇතැම් සාධක අපගේ පාලනයෙන් තොරයි.
- පවුලේ මින් පෙර අග්න්‍යාශයික පිළිකා රෝගින් සිටියේ නම් එම රෝගය ඔබ තුළ වර්ධනය වීමට යම් අවදානම් ද තිබිය හැකියි.
- වයස අවුරුදු 45 ඉක්මවීමත් සමඟ මෙම රෝග අවදානම වැඩිවිය හැකියි (පුරුෂයින් අතර බහුලයි).
- අග්න්‍යාශයේ ප්‍රදාහය (දැවිල්ල සහිත ඉදිමුම) නිදන්ගත අග්න්‍යාශදාහය (chronic pancratitis) තත්වයට තුඩු දිය හැකියි. මෙය මත්පැන් සහ දුම්වැටි භාවිත කරන අය අතර වඩාත් බහුලය.
සෙමින් සෙමින් අනෙකුත් අවයව වලට ද ව්‍යාප්ත වන නිසා නිහඬ ඝාතක රෝගයක් ලෙසයි මෙය හඳුන්වන්නේ.මෙම රෝගය මාරාන්තික වුව ද කල් තියා රෝග ලක්ෂණ හඳුනාගැනීමෙන් මෙම පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේ හැකියාව වැඩි බව වෛද්‍යවරුන් පෙන්වාදෙනවා. පහත සඳහන් වන්නේ අග්න්‍යාශයික පිළිකාවක් වර්ධනය වෙමින් පවතින බව අවදානම හඟවන පූර්ව රෝග සංඥා සහ ලක්ෂණ කිහිපයකි. ඔබේ සිරුරේත් මෙවැනි ලක්ෂණ අත්දකින්නට ලැබේ නම් කිසිසේත්ම ඒවා නොසලකා හරින්න එපා! වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවි ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්නට සැලකිලිමත්වන්න.
- සමේ පැහැයේ ඇතිවන වෙනස්කම් ඇසේ සුදු ඉංගිරියාව සහ සම කහ වීම ජෝන්ඩිස් තත්වය නිසා විය හැකියි.මීට අක්මාවේ ප්‍රදාහය සහ අග්න්‍යාශයික පිළිකා සමඟ ඇතිවන වෙනත් රෝග තත්වයන්ගේ බලපෑම් එල්ල විය හැකියි.සිරුර තුළ රහසේම අග්න්‍යාශයික පිළිකාවක් වර්ධනය වෙමින් පවතින බව සංඥා කරන මූලිකම ලක්ෂණයක් ලෙස ජෝන්ඩිස් තත්වය හඳුන්වයි.විදුරුමස් සහ තොල් වල මෘදු පටක පවා කහ වීමට පටන්ගත හැකියි.මීට හේතුව රුධිරය තුළ බිලිරුබින් නම් කහ පැහැති වර්ණක බහුල වීමයි. අග්න්‍යාශයේ හිස කොටසින් පිත නාළයට එන්සයිම වෑස්සෙන අතර අක්මාවේ නිපදවෙන පිත මෙහිදී හිස්වෙයි.පිළිකා සෛල අධි වර්ධනය නිසා බලපෑමට අග්න්‍යාශයේ හිසට ඇතිවන බලපෑමින් පිත්ත නාළය අවහිර වී යයි.මේ නිසා පිත යුෂ ආපස්සට ගලයි. එහිදි සිරුරේ බිලිරුබින් මට්ටම ඉහළ යයි.
- මූත්‍රා තද දුඹුරු පැහැයක් ගැනීම රුධිර ඩෙසිලීටරයක බිලිරුබින් සීරම් මිලිග්‍රෑම් 2.5ට වඩා තිබීම අවදානම් තත්වයකි.වැඩිහිටි පුද්ගලයෙකු තුළ තිබිය යුතු නීරෝගී මට්ටම නම් ඩෙසිලීටරයකට මිලිග්‍රෑම් 1ට අඩු ප්‍රමාණයකි.බිලිරුබින් මට්ටම අධිකවීම hyperbilirubinemia තත්වයයි. ඩෙසිලීටරයට බිලිග්‍රෑම් 3.5ක් දක්වා වැඩිවීමත් සමඟ මෙම බිලිරුබින් මට්ටම මූත්‍රා පද්ධතියට බලපෑම් ඇතිකිරීමට පටන්ගනියි.මූත්‍රා වල දුඹුරු පැහැය වැඩිවීම බිලිරුබින් මට්ටම් ඉහළ යමින් පවතින බවට පැහැදිලි සංඥාවකි. රුධිරය තුළ බිලිරුබින් සාන්ද්‍රණය වැඩි නිසා වකුගඩු තුළ මූත්‍රා පෙරීමේදී ඒවා මූත්‍රා වලට එක්වීමෙන් මෙම පැහැය වෙනස්වීම සිදුවෙයි.විජලනය නිසා ද මූත්‍රා තද පැහැයක් ගත හැකි වුවත් හොඳින් වතුර පානය කිරීමෙන් එය දුරුවී යයි. කොතරම් වතුර පානය කළත් මේ තත්වය දුරුවි නොයයි නම් ඔබේ අග්න්‍යාශයේ යම් ගැටලුවක් පවතිනවා විය හැකියි.

- අසාමාන්‍ය මලපහ පිත මඟින් ආහාර වල ඇති මේද ජීර්ණය කළ පසු ඒවා මලද්‍රව්‍ය සමඟ බඩවැල් හරහා තල්ලු කර දමනවා.පිළිකා සෛල වර්ධනය නිසා පිත්ත නාළය අවහිර වීමේදී ආහාර වල මේද ජීර්ණය කිරීමට අවශ්‍ය පිත ගලා ඒම සිදුනොවෙයි.මෙම නිසා මලද්‍රව්‍ය වල තෙල් ගතිය සහ ලා පැහැයක් ඇතිවෙයි.ලාටු මෙන් ඇලෙන ස්වභාවයක් මෙන්ම අධික දුගඳක් හමයි.
- දරාගත නොහැකි සමේ කැසිල්ලතෙතමනය අඩුකම,කෘමි දෂ්ට කිරීම් හෝ ආසාත්මිකතා වගේ හේතු නිසාත් සම වියළීම,කොරල පැල්ලම් ඇතිවීම හා සම රතුවීම සිදුවිය හැකියි.සම සහ ඇස් කහ වීමත් සමඟ සති ගාණක් ගත වුණත් මේ කැසිල්ල සමනය වී නොයයි නම් බොහෝ විට එය අග්න්‍යාශය ආශ්‍රිත ගැටලුවක් නිසා විය හැකියි.වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න. සම වැරෙන් කැසීමෙන් වළකින්න.සීතලෙන් තැවීම සහ මොයිෂ්චරයිසිං ක්‍රීම් ගැල්වීමෙන් සමේ අපහසුතාව යම් දුරකට සමනය කරගත හැකි වේවි.
වෙනත් රෝග ලක්ෂණ
- ව්‍යායාම හෝ ඩයට් නොකලත් සිරුරේ බර වේගයෙන් අඩුවීම අග්න්‍යාශයේ පිළිකාවක් වර්ධනය වන විට ආමාශයට ඉන් ඇතිවන්නේ දරුණු පීඩනයක්.ආමාශයේ ආහාර දරාගැනීමේ ධාරිතාව අඩුවන නිසා පොඩි ආහාර ප්‍රමාණයකින් ගනිද්දිම ඉක්මනින් බඩ පිරෙයි.ආහාරයට ගන්නා කැලරි ප්‍රමාණය ඉතා අඩු නිසාසිරුරේ කෙට්‍ටු පෙනුමක් ඇතිවෙයි.අග්න්‍යාශයික පිළිකාවක් ඇතිවිට ආහාර ජීර්ණයට අවශ්‍ය ස්‍රාවයන් නිකුත්වීම නතරවෙයි. එම ආමාශයික යුෂ නොමැතිව ආහාර පාන වල ඇති පෝෂක සිරුරට උරාගැනීමේ හැකියාව නොලැබී යයි.මෙය සිරුරේ ඌනපෝෂණයට හේතුවෙයි.
- යටිබඩ වේදනාව අජීර්ණය සහ ආමාශයේ තුවාල (වණ) හේතුවෙන් ද යටිබඩ වේදනාව මතුවිය හැකියි.අග්න්‍යාශයික පිළිකාවක් ඇතිවූ විට උදරය ආශ්‍රිත ප්‍රදේශ වල පීඩාකාරී ලෙස වේදනාව දැනෙයි.අවට අවයව සහ ස්නායු තෙරපගෙන පිළිකා ගැටිති විශාලව වර්ධනය වීම මීට හේතුවෙයි.මෙම වේදනාව තුනටිය දක්වා පැතිරිය හැකියි.
- විශාදය හා කාංසාව සිරුර තුළ අග්න්‍යාශයික පිළිකා අවදානම වැඩිවීම කෙරෙහි බලපෑ හැකි බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා. එම නිසා ඔබේ ආතති මට්ටම් ගැන ද සැලකිලිමත්වන්න.

- පැණි රස ආහාර පාන නොගත්තත් සිරුරේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම ද අග්න්‍යාශයික පිළිකා අවදානම පෙන්නුම් කරන ලක්ෂණයකි.මෙම පිළිකා මඟින් ඉන්සියුලින් නිපදවන සෛල විනාශ කරන නිසා රුධිර සීනි මට්ටම බොහෝසෙයින් ඉහළ යයි.අධික පිපාසයක් මෙන්ම නිතර මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවද ඔබට ඇතිවිය හැකියි.ඔබේ රුධිර සීනි මට්ටම් ගැන නිතර අවධානයෙන් ඉන්න.
- පැහැදිලි හේතුවක් නැතිව නිතර ඇතිවන ඔක්කාරය ද තවත් ලක්ෂණයක්. ඇතැම් ගඳ සුවඳ වර්ග, ආහාර පාන, අධික ලෙස මහන්සිවීම, හිරු එළියට අධිකව නිරාවරණය වීම, අජීර්ණය,ගැබිනිබව වගේ හේතු නිසා ඔක්කාරය සහ වමනය වැනි තත්වයන් ඇතිවිය හැකියි.නමුත් මෙවැනි කිසිඳු හේතුවක් නොමැතිව ඔක්කාරය දිගින් දිගටම පවතියි නම් ඔබේ සිරුරේ යම් ගැටලුවක් මතුවී ඇති බවට සැකයක් නැහැ.අග්න්‍යාශයික පිළිකා වර්ධනය වීමෙන් බොහෝවිට අර්ධ ලෙස හෝ ආමාශය අවහිර වෙයි.ඉන් ජීර්ණ මාර්ගය තුළ ආහාර ගමන් කිරීම ඇණහිටියි. ඔක්කාරය හා වමනයට ඇතිවන්නේ අග්න්‍යාශයික පිළිකා තත්වයක් නිසා නම් බොහෝ විට ආහාර පාන ගත් විගස මෙම ලක්ෂණ උත්සන්න වෙන නිසා ඒ බව හඳුනාගත හැකියි.
- පිත්තාශය ඉදිමීම කායික රෝග ලක්ෂණ පරික්ෂාව සහ වෙනත් පරික්ෂණ මඟින් පිත්තාශය ඉදිමී ඇතිබව හඳුනාගනියි.මෙය අක්මාව අසල පිහිටා ඇති කෝෂයක් බඳුයි.පිත නාළය අවහිර වීමෙන් එහි පිත එකතුවීමට පටන්ගනියි.මෙහිදී එය ප්‍රමාණයෙන් විශාල වෙයි.
- අධික රුධිර කැටිති අග්න්‍යාශයික පිළිකා බලපෑමින් නහර තුළ රුධිරය කැටිගැසීමට පටන්ගනියි.මෙය රුධිර සංසරණ පද්ධතියට ද ඉලක්ක වෙන බලපෑමකි.කකුල් වල නහර අවහිර විය හැකියි.මෙය deep vein thrombosis (DVT) තත්වයයි. කකුල් ඉදිමීම,රතුවීම සහ සම සත්වීම සහ මද වේදනාවක් දැනීම ලක්ෂණයි.කකුල් ආශ්‍රිතව මෙවැනි ලක්ෂණ ඇති වී ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.