විශබීජ කියන්නේ පුද්ගලයෙකු ලෙඩ කරවා මරණය කරා ගෙනයාමට තරම් ප්‍රබල දෙයක්. අපි ගන්නා ආහාරවල, පානය කරන ජලයේ, ආශ්වාස කරන වාතයේ වගේම අපි ස්පර්ශ කරන සෑම භාණ්ඩයකම විෂබීජ පවතිනවා. ඒ හැරුණාම අපි ගන්නා ආහාරවේලක ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ නොමැති වුණාම විෂ ද්‍රව්‍ය ශරීරය තුළ ගොඩනැගෙනවා. ඉතින් අපේ ශරීරයට යම් විෂ ද්‍රව්‍යයන් ඇතුල් වුණාම ඒවා ඉවත් කරන්නට අපේ අක්මාව, වකුගඩු වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියත් ක්‍රියා කරනවා. නමුත් මේ ඉන්ද්‍රියන්ට මේ විෂ ඉවත් කිරීමේ හැකියාව ඉක්මවා ගිය විට ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට අප ක්‍රියා කරනාතුරු ඒවා ශරීරයේ ගබඩා කරගනු ලබනවා. ඒ ආකාරයට කාලයක් තිස්සේ මේ විෂ තැන්පත්වීමෙන් අවසානයේ ප්‍රමාණාත්මකව වැඩිවීමෙන් ඉතාම බරපතල ගණයේ රෝගී තත්ත්වයන් ඇති වෙනවා. ඒ නිසා ශරීරයේ අනවශ්‍ය ලෙස විෂ පිරී ඇති බව දැන ගන්නා එක බොහෝ ලෙඩ රෝගවලින් මිදෙන්නට අපිට උපකාරී වෙනවා. ඒ නිසාම අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ ශරීරයේ විෂ පිරී ඇති බව හඳුනා ගන්නට හැකි ලක්ෂණ මොනවාද කියන කාරණාව පිළිබඳවයි.

මලපහ පිට කිරීමේ අපහසුතාවය අපේ ශරීරයේ විෂ මට්ටම ඉතා ඉහළ බව පෙන්වන ප්‍රධානම ලක්ෂණයක් ලෙස මේ මලපහ පිට කිරීමේ අපහසුතාවය දක්වන්නට පුළුවන්. දිනපතාම ශරීරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ආහාරවේලේ ප්‍රතිඔක්සිකාරක නොමැතිවීම නිසා සෑමදිනකම බඩවැල් චලනයක් නොමැති නම් එවිට විෂ රුධිරයට අවශෝෂණය කර ගන්නට පටන් ගන්නවා. මෙහිදී වියළි මලපහ සහ ඒවා පිට කිරීමේදී වේදනාවක් ඇතිවීම සිදු වෙනවා. මේ තත්ත්වයෙන් මිදෙන්නට නම් කාබනික ආහාර වැඩි වශයෙන් අනුභව කිරීමත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමත් ඉතා වැදගත්.එවිට මල බද්ධය, බඩ පිපීම වගේම විෂ ද්‍රව්‍ය රුධිරයට අවශෝෂණය කිරීමත් වළක්වා ගන්නට පුළුවන්.
මාංශපේශී සහ සන්ධිවල වේදනාව දවස පුරාම කිසිදු මහන්සි වන කටයුත්තක නිරත නොවී ව්‍යායාමයක නිරත නොවී මාංශපේශීවල වේදනාවක් හෝ සන්ධිවල වේදනාවක් ඇති වෙන්නේ නම් එයත් සිරුරේ විෂ අධික බව කියාපාන තවත් එක් සංඥාවක් වන්නට පුළුවන්.
හිසේ බර ගතිය හෝ නොපැහැදිලි බව සුව නින්දක් ලබා ගැනීමෙන් පසුවත් හිසේ බර ගතියක්, කරකැවිල්ලක් ඇති නම් එයින් කියවෙන්නේ ඔබේ ශරීරයේ විෂ මට්ටම ඉහළ ගොස් ඇති බවයි. මේ විෂ ශරීරයේ අත්‍යවශ්‍ය පෝෂක සහ විටමින් වියළා දමනවා.එබැවින් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්.
සිරුරෙන් දුගඳක් හැමීම ඉතාම හොඳින් ස්නානය කර පිරිසිදු වුණාට පසුවත් ශරීරයෙන් දුගඳක් හමනවා නම් දහදිය අධික ලෙස දුර්ගන්ධයකින් යුක්ත නම් නිතරම දුගඳ හමන වායුව සහ මලපහ පිටවෙනවා නම් එයින් කියවෙන්නෙත් සිරුරේ විෂ මට්ටම වැඩිවෙලා කියන කාරණයයි. අක්මාව සහ බඩවැල අධික විෂ සහිත බරක් ඉවත් කරන්නට අරගල කරන බවටයි එයින් හඟවනු ලබන්නේ.සිරුරේ ඇති විෂ මගින් විවිධ වායුන් නිදහස් කරනු ලබනවා. ඒ වායූන් දහදිය පිටවන සිදුරුවලින් පිටතට එනවිට මෙවැනි අසාමාන්‍ය දුගඳක් හමනවා.
සිරුරේ ඇතිවන රතුවීම් සහ බිබිලි ශරීරයේ අලුතෙන් බිබිලි, කුරුලෑ, කැසීම්, රතුවීම් ඇති වන්නේ නම් එයත් ශරීරගත විෂවල බලපෑමක් වන්නට පුළුවන්. අපි නිරන්තරයෙන් භාවිතා කරන ෂැම්පු කන්ඩිෂනර් ආදියෙත් ඉතා ඉහළ රසායනික සාන්ද්‍රණයක් අන්තර්ගත වෙනවා. ඒවා ශරීරයට ඇතුළු වීමෙන් විවිධ ආසාත්මිකතා ඇති වෙන්නට පුළුවන්.
නින්ද නොයාම ශරීරයේ විෂ වැඩි වන විට ශරීරයට දැනෙන තෙහෙට්ටුව ආදිය වැඩි වෙනවා.එය නින්දට හේතුවන කෝටිසෝල් මට්ටම අසමතුලිත කරන්නට බලපානවා. නින්ද නොයාම නිසා වෙනත් රෝග බොහොමයක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා එවැනි තත්ත්වයක් ඇත්නම් විෂහරණය සඳහා වූ පිළියම් අනුගමනය කළ යුතුයි.

බර අසාමාන්‍ය ලෙස වැඩිවීම කොතරම් වැඩ කටයුතු කළත් ව්‍යායාම් කළත් බර අඩු වෙන්නේ නැත්නම් සහ අසාමාන්‍ය ලෙස බර වැඩි වන්නේ නම් එයට හේතුව ශරීරයේ ඇති විෂ වන්නට පුළුවන්. ඒ සඳහා බොහෝවෙලාවට ශරීරයේ මේදය තුළ ගබඩාව තියෙන ලිපොෆොලික් කියන ද්‍රව්‍ය හේතුවෙනවා. ලිපොෆිලික් විෂවල පළිබෝධ නාශක හා ඩයොක්සින් අඩංගු වෙනවා. එයින් ශරීරය තුළ වැඩි මේද සෛල නිපදවීමට කටයුතු කරන නිසා ඒ විෂ ඉවත් කරගන්නා තුරු ශරීරයේ බර අඩු කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මුඛයේ දුර්ගන්ධයක් ඇතිවීම අපි ගනු ලබන ආහාර නිසිපරිදි ජීර්ණය නොවීම නිසා මුඛයෙන් දුර්ගන්ධයක් පිට වෙන්නට පුළුවන්. ආහාර ජීර්ණය නොවීමට ප්‍රධාන හේතුවක් වන්නේ අක්මාවට විශාල විෂ ප්‍රමාණයක් ශරීරයෙන් ඉවත් කරන්නට සිදුවීම.ඒ නිසා කාබනික ආහාර වැඩියෙන් ගැනීමට අවධානය යොමු කළ යුතුයි.
නියපොතු ඉරිතැලීම ශරීරයේ ඇති විෂ ගුරුත්වාකර්ශණයත් සමඟ පහළට ඇද ගනු ලබනවා. මේ විෂ සහ දීලීර සමඟ එකට ක්‍රියා කිරීමත් සමඟ දෙපාවල නියපොතු ආසාදනයට ලක්වෙලා ඒවා කැඩී ඉරිතැලී යන්නට පටන් ගන්නවා.\
හිසකෙස් ගැලවී යාම සෑම විෂ වර්ගයක් නිසාම හිසකෙස් ගැලවී යන්නේ නැහැ. ඒ සඳහා වැඩි වශයෙන් බලපාන්නේ ආසනික් සහ සිගරැට් දුමේ අඩංගු පැලියම් ආදී විෂ වර්ගවලින්. මේ විෂ වර්ග මරණය දක්වාම හේතුවන්නට හැකි නිසා මේ ලක්ෂණය සුළුවට ගන්නට එපා.
හේතුවක් නැති හිසරදය විෂ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යාම නිසා මෙවැනි අහේතුක හිසරදයක් ඇති වෙන්නට පුළුවන්.ඇස්පාර්ටේම් සහ මොනොසෝඩි ග්ලූටමේඩ් ආදී මොළයට බලපෑ හැකි විෂ ද්‍රව්‍ය අඩංගු ආහාර අනුභවයෙන් දිගින් දිගටම හිසරදය ඇති වෙන්නට පුළුවන්.
ඔබටත් මේ ලක්ෂණවලින් කිහිපයක් හෝ තියෙනවා ඒ පිළිබඳව සැලකිලිමත් වී ඔබේ ආහාරවේල වෙනස් කරගෙන වැඩිපුර පානය කරන්න.ව්‍යායාම්වල නිරත වන්න. එය ඔබේ ශරීරයේ විෂහරණය කරගන්නට බෙහෙවින් හේතු වෙනවා.