ඇස් පෙනීම වැඩි දියුණු කරන සීනී අනෝදා 

health tips

අනෝදා වර්ග බොහොමයක් ඇති අතර සීනි අනෝදා යනු ඒ අතර වැඩි පැණි රසයකින් යුතු අනෝදා වර්ගයයි. එනම් ලොකු කුඩා සෑම දෙනාටම ගුණ දෙන සීනි අනෝදා වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. 

  • විටමින් සී, බී
  • කාබෝහයිඩ්‍රේට්
  • මැග්නීසියම්
  • පොටෑසියම්
  • රයිබොප්ලේවීන්
  • ෆ්ලේවනොයිඩ
  • කැල්සියම්
  • සෝඩියම්
  • පොටෑසියම්
  • යකඩ
  • තන්තු ආදී ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. මේ නිසා සීනි අනෝදා ආහාරයට එක් කර ගැනීම ගුණදායකය.

වර්තමානය වන විට සීනි අනෝදා යුෂ පානයක් ලෙස,ස්මූති, අයිස්ක්‍රීම් ආකාරයෙන් ද  ආහාරයට එක් කර ගත හැකිය. සීනි අනෝදා ආහාරයට ගැනීමෙන් අත්කරගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ. 

ශරීරගත ඉදමුම් වේදනා සමනය කරයි.වයස්ගත වීමත් සමග හෝ විටමින් ඌනතා මත ඇතිවන ආතරයිටීස්, ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝග තත්ත්වයන් හේතුකොට ගෙන ඇතිවන ශාරීරික වේදනා ඉදිමුම් සමනය කරගැනීමට පලතුරක් ලෙස සීනි අනෝදා ආහාරයට ගැනීම වඩාත් ගුණදායකය. එනම් සීනි අනෝදා වල අඩංගු මැග්නීසියම් ,කැල්සියම් එවැනි රෝග තත්ත්වයන් හේතුවෙන් ඇති වන රෝග සංකූලතා සමනය කර අස්ථි ශක්තිමත් කිරීමට උපකාරී වේ.  

අක්ෂි දුර්වලතා සමනය කරගෙන ඇස් පෙනීම වර්ධනය කර ගත හැකිය.බොහෝ දෙනකුට වයස්ගත වීමත් සමග හෝ විටමින් ඌනතා මත ඇස් පෙනීමේ දුර්වලතා ඇති වනු ලැබේ. එවැනි දුර්වලතා මගහරවාගෙන ඇස් පෙනීම වැඩි දියුණු කරගැනීමට සීනි අනෝදා ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් සීනි අනෝදා වල අඩංගු විටමින් සී, රයිබොප්ලෙවින් වැනි පෝෂ්‍ය පදාර්ථ අක්ෂි රෝග සමනය කර ඇස් පෙනීම වැඩි දියුණු කිරීමට ඉවහල් වේ. 

පිළිකා ඇතිවීම වළක්වනු ලබයි.වර්තමානය වන විට වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට පවතින මාරාන්තික පිළිකා රෝගය ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම ඇතිවූ පිළිකා මර්දනය කර ගැනීමට සීනි අනෝදා ආහාරයට ගැනීම ගුණදායකය. එනම් සීනි අනෝදා වල අඩංගු විටමින් සී,ෆ්ලේවනොයිඩි,ඇල්කලෝයිඩ් සහ ඇසිටොජෙනින් පිළිකා ඇතිවීම වළක්වනු ලබයි. 

සම පැහැපත් කරයි. සීනි අනෝදා වල අඩංගු විටමින් සී වැනි ප්‍රතිඔක්සිකාරක සමෙහි කොලජන් වර්ධනය කර සමෙහි ඇති අවපැහැ ගැන්වීම, රැලි වැටීම් සමනය කර සම පෝෂණය කර සම පැහැපත් කිරීම සිදුකරයි. එමෙන්ම වයස් ගත වීම වලක්වා ගැනීමට ද සීනි අනෝදා ආහාරයට ගැනීම ගුණදායකය. 

මනස ශක්තිමත් කරයි.බොහෝ දෙනෙකුට ඇතිවන මානසික ආතතිය, කාංසාව, විෂාදය වැනි මානසික පීඩනය ගෙන දෙන රෝග තත්ත්වයන් සමනය කිරීමට සීනි අනෝදා ආහාරයට ගැනීම ගුණදායකය. එනම් සීනි අනෝදා වල අඩංගු විටමින් බී මොළයේ නියුරෝන රසායනික මට්ටම පාලනය කිරීමට ඉවහල්වේ. මේ නිසා මානසික රෝග තත්ත්වයන් ද ඇතිවීම වලක්වා ගත හැකිය. 

රක්තහීනතාවය සමනය කරයි.රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීම හේතුවෙන් රක්තහීනතාවය ඇතිවනු ලැබේ. එනම් රුධිරය පුරා ඔක්සිජන් ගෙන යාමට රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩි දායකත්වයක් සපයන අතර රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වූ විට එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවේ. මෙම තත්ත්වය සමනය කර ගෙන රක්තහිනතාවය සමනය කර ගැනීමට සීනි අනෝදා ආහාරයට එක් කර ගැනීම ගුණදායකවේ. එනම් සීනි අනෝදා වල අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහීනතාවය සමනය කිරීම සිදු කරනු ලැබේ. 

රක්තවාතය සමනය කරයි. නොයෙක් රෝග තත්ත්වයන් නිසා ඇතිවන රක්ත වාතය සමනය කිරීමට සීනි අනෝදා ආහාරයට ගැනීම ගුණදායක වන බව කරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු කරගෙන තිබේ. එනම් ආතරයිටිස් වැනි රෝග තත්ත්වයන් නිසා ඇතිවන රක්ත වාතය සමනය කරගැනීමට සීනි අනෝදා ආහාරයට එක්කර ගැනීම වඩාත් සුදුසු වේ. 

මේ ආදී වූ ගුණයෙන් අනූන සීනි අනෝදා පලතුරක් ලෙස ආහාරයට එක්කර ගැනීමෙන් බොහෝ රෝග සමනය කරගත හැකිය. නමුදු කිසියම් රෝග තත්ත්වයන් සදහා අධිමාත්‍රාවෙන් සීනි අනෝදා ආහාරයට ගැනීම නොකළ යුතුය. එනම් ඉන් විවිධ රෝග තත්ත්වයන් ඇති විය හැකිය.