සයනසයිටීස් හෙවත් හිස්කබලේ සෙම පිරීමේ රෝග තත්ත්වය වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට පවතින රෝග තත්ත්වයකි. එනම් මෙම රෝග තත්ත්වය ඇතිවූ විට දැඩි හිසරදයක් ඇතිවේ. එනම් ශ්වසන මාර්ගයේ ඉහළ කොටස තුල ඇතිවන ආසාදනයකදී නිපදවන සෙම හිස්කබලේ කුහරවල තැන්පත් වී මෙම රෝග තත්ත්වය ඇතිවේ.
- එනම් එම කුහර නාසයට සම්බන්ධ වී පවතී එම කුහර සයින්ස් කුහර ලෙස හඳුන්වන අතර සයින්ස් කුහර වර්ග තුනක් හඳුනාගත හැකිවේ.
- එත්මොයිඩල් සයින්ස් – නාසය ඇතුළතින් පිහිටා තිබේ.
- මැක්සිලරි සයින්ස්- නාසයට පහලින් නාසය දෙපස උඩු දත් ඇන්දට ඉහළින් පිහිටා තිබේ.
- ෆ්‍රන්ටල් සයින්ස් -ඇසට ඉහළින් නළල ප්‍රදේශයේ පිහිටා තිබේ.
මේ ආදී වශයෙන් එම කුහර හඳුනාගත හැකි අතර ශ්වසන මාර්ගයේ ඉහළ කොටස තුළ ඇතිවන සෙම් සොටු ආදිය මෙම කුහරව තැන්පත් විය හැකිය. එවිට එම කුහර වැසී සයනසයිටීස් රෝගය ඇති වනු ලැබේ.
සයිනසයිටීස් රෝගය ඇතිවීමට බලපාන හේතු.

- සයනසයිටීස් හෙවත් හිස්කබලෙ සෙම පිරිම රෝග තත්වය ඇතිවීමට හේතු රාශියක් බලපානු ලබයි.
- ශීත ආහාර නිතර නිතර භාවිතා කිරීම.
- දුම් සහ දූවිලි අග්‍රාහණය වීම.
- පීනස රෝගය පැවතීම.
- රාත්‍රි කාලයේ ස්නානය කිරීම.
- නාසයේ මස් දළු පැවතීම.
- සෙම්ප්‍රතිශ්‍යාව පැවතීම.
එනම් මෙවැනි හේතූන් මත සෙම් ,සොටු ඇති වී ඒවා බැහැර නොකිරීමෙන් එනම් එළියට සූරා නොදැමීමෙන් එම සෙම් ,සොටු නහස් කුහර තුළ එකතු වී පසුව සයින්ස් කුහර වල තැන්පත් වී කාලයක් ගත වුවාට පසු බැක්ටීරියා ආසාදන ඇතිවී පැසවීමට ලක්වී සයනසයිටීස් රෝගය ඇති වනු ලැබේ.
සයනසයිටීස් රෝගයේ රෝග ලක්ෂණ.
- හිසරදය ඇතිවීම.
- එනම් සයනසයිටීස් රෝගය ඇත්නම් හිසෙහි හා නළල ආශ්‍රිතව දැඩි වේදනාවක් හා හිසෙහි බර බවක් දැනීම.
- දහවල් කාලයේදී ඇස් ඇරගෙන සිටීමටඅපහසු වීම.
- සිටගත් පසු කලන්තය කැරකිල්ල ඇතිවීම.
- සවස් කාලයේ උණ ගතියක් දැනීම.
- නොරුස්සන ස්වභාවය
- තහවුරු කරගත නොහැකි අසනීප තත්ත්වයක් පැවතීම හා තද නිදිමතක් දැනීම. මේ ආදී වූ රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.
මෙම රෝගය සමනය කිරීම සඳහා කළ හැකි ප්‍රතිකාර. මෙම රෝග තත්ත්වය පවතින විටෙක පළමුව කළ යුත්තේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි. එනම් පවතින රෝග ලක්ෂණ වෛද්‍යවරයාට සඳහන් කළ යුතුය. එවිට වෛද්‍යවරයා ලබාදෙන උපදෙස් සහ ප්‍රතිකාර නිවැරදිව භාවිතා කළ යුතුය. එනම් ඉන් මෙම රෝගය සුව කරගත හැකිය.

උණුවතුර පානය කිරීම නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා නිතිපතා උණු වතුර පානය කිරීම වඩාත් වැදගත්වේ. එනම් බොහෝ දෙනකුට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයන් පවතින විටෙක උණු වතුර පානය කිරීමෙන් එම සෙම් කොටස් එකතුවීම වැළකී එම රෝගය ඉක්මනින් සුව කරගත හැකිවේ.
හුමාලය අග්‍රාහණය කිරීම.හුමාලය ඇල්ලීම මගින් මෙම රෝග තත්ත්වය යම් තාක් දුරට සමනය කර ගත හැකිය. එනම් දිනපතා හුමාලය ඇල්ලීම මගින් එකතු වූ සෙම් කොටස් බුරුල් වී සොටු දියර ලෙස පිටවී යාම සිදුවේ. එම නිසා ස්භාවිකව මෙම රෝගය සුව කර ගැනීමට මෙම ප්‍රතිකාරය භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. සෙම්ප්‍රතිශ්‍යාව , කැස්ස සමනය කරන පාන වර්ග භාවිතා කරන්න.
කොත්තමල්ලි පානය කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයන් ඇති විටෙක එම රෝග සමනය කිරීම සඳහා භාවිතා කළ හැකි ස්වභාවික ඖෂධයක් ලෙස කොත්තමල්ලි හැඳින්විය හැකිය. එනම් මේ සඳහා කළ යුත්තේ කොත්තමල්ලි ස්වල්පයක් ගෙන කබලේ බැද හොඳින් කුඩුකර උණුවතුරට දමා පානය කිරීමයි. එනම් මෙමගින් සෙම්ප්‍රතිශ්‍යාව,කැස්ස වැනි රෝගයන් ඉක්මනින් සුව කර ගත හැකිය. සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස ඇති කුඩා දරුවන්ට පාවට්ටා, කටුවැල්බටු, වෙනිවැල්ගැට, වැල්මී යන ඖෂධ ගුණදායකය.

ඉඟුරු සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස හිසරදය වැනි රෝග තත්ත්වයන් ඇති විටෙක ඉඟුරු භාවිතා කිරීම මගින් එම රෝග සුවකර ගත හැකිය. එනම් තේ පානය කරන විට ඊට ඉඟුරු කැබැල්ලක් තලා එකතු කරගෙන පානය කිරීම මගින් එම රෝග තත්ත්වයන් සමනය කරගත හැකිය. මීට අමතරව හිසරදය ඇඟපත වේදනාව පවතින්නේ නම් කොත්තමල්ලි, තිප්පිලි, පත්පාඩගම්, වෙනිවල් ගැට ,ඉඟුරු යන පස් පංගුව භාවිතා කර තම්බා පානය කිරීම ද සුදුසුවේ. එමෙන්ම කොත්තමල්ලි, තිප්පිලි ,පත්පාඩගම් තම්බා පෙරා පානය කිරීම මගින් උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග සමනය කර ගත හැකිය.
විටමින් සී අඩංගු එළවළු පළතුරු භාවිතා කිරීම.කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව පවතින විට වැඩි වශයෙන් විටමින් සී අඩංගු එළවළු පලතුරු පලාවර්ග ධාන්‍ය වර්ග භාවිත කළ යුතුය. එනම් එමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ප්‍රතිශක්තිකරණය දුර්වල වීමෙන් ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස වැනි රෝග ඇතිවීම වලක්වා ගත හැකිය. ඒ නිසා විටමින් c අඩංගු ආහාර පාන වැඩි වශයෙන් භාවිතා කිරීම මෙහිදී වඩාත් සුදුසුවේ.
මීට අමතරව සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ආදී රෝග තත්ත්වයන් ඇත්නම් ශීතකළ ආහාර වර්ග පාන වර්ග භාවිතා නොකළ යුතුය.නියමිත වේලාවට ඖෂධ භාවිතා කළ යුතුය. එනම් එමගින් ඉක්මනින් මෙම රෝගය සමනය කර ගත හැකිය.