හිස් කබලේ සෙම පිරීම රෝගී තත්ත්වය අද බොහෝ දෙනෙකුට පවතින රොග තත්වයකි. එනම් දිනෙන් දින වැඩි වන වෛරස් හා විෂ දූවිලි සහ වායු අංශු ශරීර ගත වූ විට ඒවායෙන් වන හානියෙන් මිනිසා ආරක්ෂා කිරීම සඳහා ශරීරය තුළ සෙම වැඩි වශයෙන් නිෂ්පාදනය කරයි. ඒවා නිසි පරිදි බැහැර නොවීමත් සමග හිස් කබලේ සයිනස් කුහර තුළ සෙම පිරීම සිදුවෙයි. කාලයක් පුරාවට මෙසේ සෙම එක්රැස්ව පැසීමට හා බැක්ටීරියා ආසාදනයට ලක්වීමෙන් සයනසයිටීස් හෙවත් හිස් කබලේ සෙම පිරීම නම් රෝගය ඇතිවේ.
- හිස් කබලේ නාසයට සම්බන්ධ වන කුහර තුනකි. ඒවා පිහිටා තිබෙන්නේ,
- ඇස් වලට ඉහළින් නලල ප්‍රදේශයේ එක් කුහරයක් පිහිටා ඇත.
- ඇස් වලට පහළින් උඩු දත් ඇන්ඳට ඉහළින් නාසය දෙපස එක් කුහරයක් පිහිටා ඇත.
- නාසය ඇතුළතින් එක් කුහරයක් පිහිටා ඇත.

මෙම කුහර ත්‍රිත්වය තුළ ක්‍රම ක්‍රමයෙන් ශ්වසන මාර්ගයේ ඉහළින් නිෂ්පාදනය කරන සෙම හා සොටු කොටස් තැන්පත් වේ. මෙසේ සෙම තැන්පත් වීම සඳහා බලපාන ලද හේතු සාධක කිහිපයකි.
- උපතින්ම පවතින පීනස වැනි රෝගී තත්ත්වයන් වලදී උදෑසන කාලයේදී වැඩි වශයෙන් සොටු දියර ගලන අතර ඒවා සූරා ඉවත් නොකිරීම නිසා කුහර වල තැන්පත් වේ.
- විෂ වායු වලට, දුම් වලට හා දූවිලි වලට නිරාවරණය වීම තුළින් කිවිසුම් යාම හා සෙම ඇවිස්සීම සිදුවේ.
සෙම්ප්‍රතිශ්‍යාව රෝගයෙන් පීඩා විඳීම තුළ සෙම ඇවිස්සීම සිදුවේ.
- නාසය තුළ හට ගන්නා මස් දළු හා පීනස් ගෙඩි නිසාවෙන් ද කුහර තුළ සෙම තැන්පත් වීම සිදුවේ.
- රාත්‍රි කාලයේදී ස්නානය කිරීම, තෙත් සහිත හිසකෙස් සමග නිදා ගැනීම හා නිතර නිතර සීතල ජලය පානය කිරීම වැනි තත්ත්වයන් වලදීද සෙම වැඩි වශයෙන් ඇතිවීම සිදුවේ.
ඉහත දක්වා ඇති හේතු සාධක වල බලපෑමෙන් හිස් කබලේ සෙම තැන්පත් වීමේ රෝගය ඇතිවිය හැකි අතර මෙම රෝගයේ රෝග කිහිපයක් හඳුනාගත හැකිය.
- හිස, ඇස්, නාසය හා නළල දෙපස ඇතිවන දැඩි වේදනාව
- හිස පහලට කරගෙන සිටීමේදී අපහසුතාවක් ඇතිවීම සහ නැවත නැගී සිටීමේදී කරකැවිල්ලක් සහ විසි වීමක් සිදුවීම
- හිසෙහි අධික බර ගතියක් දැනීම
- අධික වේදනාව හේතුවෙන් අන් අයව නුරුස්සනා ගතියක් හා දැඩි කේන්තියක් ඇති වීම
- සවස් කාලයේ දී උණ තත්ත්වයක් පැවතීම
- දැඩි නිදිමතක් දැනීම
- දහවල් කාලයේ දී ඇස් ඇරගෙන සිටීමේ අපහසුවක් දැනීම
මෙම රෝග ලක්ෂණ වලට අමතරව ස්වසන මාර්ගයට සම්බන්ධ වන කුහර තිබෙන ස්ථාන ඇඟිලි වලින් තද කළ විට දැඩි වේදනාවක් දැනේ නම් මෙම රෝගය ඇති වීමේ ප්‍රවණතාවක් පවතී. හිස් කබලේ සෙම පිරීම නමැති රෝගී තත්වයෙන් පීඩාවිඳින පුද්ගලයින් හට කළහැකි ප්‍රතිකාර ක්‍රම කිහිපයක් පවතී.

වතුර ලීටර් භාගයකට කොත්තමල්ලි කුඩු මේස හැදි අටක් සහ ඉඟුරු කුඩු මේස හැන්දක් එක්කර හොඳින් මිශ්‍ර කර මද වේලාවක් තිබෙන්නට හැර පානය කිරීමෙන් සෙම ආශ්‍රිතව ඇතිවන්නා වූ සෑම රෝගයක් ම සුව කර ගත හැකිය.
හොඳින් නටන උණු වතුරට පිට පොත්ත ඉවත් කරන ලද සුදු ළූණු බික් හතරක් පහක් එක්කර හුමාලය පිටතට නොඑන සේ වසා සම්පූර්ණ හිසද ආවරණය වන සේ වසාගෙන එම හුමාලය ආඝ්‍රණය කිරීමෙන් හිස් කබලේ පවතින සෙම සහ ශ්ලේෂ්මල කොටස් ද බැක්ටීරියා පාලනය ද ඉතා හොඳින් සිදු කරගත හැකිය.
පිරිසිදු පොල්තෙල් පොල් තෙල් මේස හැන්දක් පමණ මුඛය තුලට දමා එය උගුර දිව දත් ඇතුළු මුළු මුඛය පුරාම ගමන් කරන පරිදි විනාඩි පහළොවක් හෝ විස්සක් අතර කාලයක් හොඳින් සොලවා ඉවත දැමිය යුතුය. අනතුරුව පිරිසුදු ජලයෙන් හොඳින් මුඛය සෝදා හැරිය යුතු අතර මෙම ක්‍රමය මඟින් මුඛය තුළ ඇති වන බැක්ටීරියා ආසාදනයන් සහ ශ්ලේෂ්මල නිෂ්පාදනය පාලනය වේ.
හොඳින් උතුරුවා නිවාගත් ජලය වීදුරුවකට අයඩින් මිශ්‍ර නොවූ ලුණු මේස හැන්දක් සහ බේකින් සෝඩා ස්වල්පයක් එක්කර හොඳින් මිශ්‍ර කර ගත යුතුය. මෙම මිශ්‍රණය සිරින්ජරයක් ආධාරයෙන් නාස් පුඩු අතරින් යවා නාසය පිරිසිදු කරගැනීමෙන් ද මෙම හිස් කබලේ සෙම පිරීම යන රෝගය සුවකර ගත හැකිය.
උනු වතුර වැඩි වශයෙන් පානය කිරීම මගින් ද මෙම රෝගය පාලනය කරගත හැකි අතර ආහාර ගැනීමෙන් පසුවත්, උදෑසනට අවදි වූ පසුවත්, ස්නානයෙන් පසුවත් ආදී වශයෙන් හැකි සෑම අවස්ථාවකදීම මඳ උණුසුම් ජලය පානය කිරිම යෝග්‍යවේ. එසේ උනු වතුර පානය කිරීමෙන් සෙම ඉතා පහසුවෙන් ඉවත් වේ.
ලෙමන් යුෂ, දෙහි යුෂ, රතු ලූනු, සුදු ලූනු, අන්නාසි, වට්ටක්කා, පැඟිරි කුලයේ පළතුරු, නිවිති, බතල වැනි ආහාර පාන වැඩි වශයෙන් පරිභෝජනය කිරීම යෝග්‍ය වේ.
කිරි ආහාර පරිභෝජනය කිරීම අවම කළ යුතු වේ.
ඉඟුරු, කහ, ගම්බිරිස්, එනසාල්, කුරුදු වැනි කුළුබඩු භාවිතය සිදුකළ යුතුය.
නිසි පරිදි ව්‍යායාමවල යෙදිය යුතුය.
හිස මදක් එසවෙන පරිදි නිදා ගැනීම කළ යුතුය.
උදෑසන හා රාත්‍රී කාලයේ ස්නානය කිරීම අවම කළ යුතුය.
මද උණුසුම් ජලයේ පෙඟවූ තුවායකින් සයිනයිස් කුහර ආශ්‍රිත ප්‍රදේශ තැවීම් සිදු කළ යුතුය.
සෙම ඉහලට නොඇදිය යුතු අතර නිසි පරිදි බැහැර කළ යුතුය.
මෙම ක්‍රමෝපායන් අනුගමනය කිරීම් මගින් හිස් කබලේ සෙම පිරීම නැමැති රෝගී තත්ත්වය සුවපත් කර ගැනීමට හැකියාව ලැබේ.