ශ්වසන මාර්ගයේ ඉහළ කොටස තුල ඇතිවන ආසාදනයකදී නිපදවන සෙම හිස්කබලේ කුහරවල තැන්පත් වීම මගින් සයනසයීටීස් හෙවත් හිස්කබලේ සෙම පිරීමේ රෝග තත්ත්වය ඇති වනු ලැබේ. එනම් ලොකු කුඩා සෑම දෙනාම පාහේ මෙම රෝගය ඇතිවීම හේතුවෙන් පීඩා විඳී. එනම් මෙම රෝගයට ගොදුරු වූ විට දැඩි හිසරදයක් ඇතිවනු ලැබේ.එනම් හිස්කබලේ කුහර තුනක් ඇති අතර ඒවා නාසයට සම්බන්ධ වී තිබේ. මෙම කුහර සයින්ස් කුහර ලෙස හඳුන්වන අතර සයින්ස් කුහර වර්ග තුනකි.
- ෆ්‍රන්ටල් සයින්ස් -ඇසට ඉහළින් නළල ප්‍රදේශයේ පිහිටා ඇත
- මැක්සිලරි සයින්ස්- නාසයට පහලින් නාසය දෙපස උඩු දත් ඇන්දට ඉහළින් පිහිටා ඇත
- එත්මොයිඩල් සයින්ස් – නාසය ඇතුළතින් පිහිටා ඇත.
මේ ආදී ලෙස සයින්ස් කුහර වර්ග තුනක් හඳුනාගත හැකිය. එනම් ශ්වසන මාර්ගයේ ඉහළ කොටස තුළ ඇතිවන සෙම් සොටු ආදිය මෙම කුහරව තැන්පත් විය හැකිය. එවිට එම කුහර වැසී සයනසයිටීස් රෝගය හෙවත් හිස් කබලේ මෙම පිරීමේ රෝගය හටගනු ලැබේ.
සයිනසයිටීස් රෝගය හේතු.

- සයිනසයිටීස් හෙවත් හිස්කබලෙ සෙම පිරිමේ රෝගය ඇතිවීමට බොහෝ හේතු බලපානු ලබයි.
- රාත්‍රි කාලයේ ඇල් ජලය ස්නානය කිරීම.
- නාසයේ මස් දළු ලෑම.
- දුම් සහ දූවිලි අග්‍රාහණය වීම.
- පීනසය පැවතීම.
- සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස
- ශීත ආහාර වර්ග වැඩි වශයෙන් භාවිතා කිරීම.
සයනසයීටීස් හෙවත් හිස්කබලේ සෙම පිරීමේ රෝගය ඇති වීමට ඉහත කාරණා බලපානු ලබයි. මේ නිසා සෙම් සොටු ඇත්නම් ඒවා එළියට සූරා ඉවත් කළ යුතුය. නොමැති නම් නහස් කුහර තුළ එම සෙම් සොටු තැන්පත් වී බැක්ටීරියා ආසාදන ඇතිවී පැසවා මෙම රෝගය ඇති විය හැකිය.
සයනසයිටීස් රෝගයේ රෝග ලක්ෂණ.
- සවස් කාලයේ උණ ගතියක් දැනීම.
- සිටගෙන සිටින විට කලන්තය කැරකිල්ල ඇතිවීම.
- හිසරදය ඇතිවීම.
හිසෙහි හා නළල ආශ්‍රිතව වේදනාවක් ඇතිවීම හා හිස බරින් යුතු වීම. - හඳුනාගත නොහැකි අසනීප තත්ත්වයක් පැවතීම හා තද නිදිමතක් ඇතිවීම.
- ආලෝකය ඇතිවිට දහවල් කාලයේදී ඇස් ඇරගෙන සිටීමට අපහසු වීම.
- නොරුස්සන ස්වභාවය
- මෙම රෝග ලක්ෂණ සයනසයීටීස් රෝගයේ රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැකිය.
සයිනසයිටීස් රෝගයට කළ හැකි ප්‍රතිකාර අනෙක් රෝග වල දී මෙන්ම මෙම රෝගය ඇතිවූ විට ද පළමුව වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගත යුතුය.
ශීත ආහාර පාන ගැනීමෙන් වැළකී සිටිය යුතුය.සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ආදී රෝග ඇත්නම් එවැනි රෝගීන්ට ශීතකළ ආහාර පාන ලබාදීමෙන් වැළකී සිටිය යුතුය. නියමිත වේලාවට ආහාර පාන ගැනීම මෙන්ම දිනකට දෙවරක් හෝ තුන්වරක් හුමාලය අග්‍රාහණය කිරීම වඩාත් සුදුසුවේ.
උණුසුම් වතුර පානය කළ යුතුය.සෙම් රෝග පවතින පුද්ගලයින්ට උණුසුම් වතුර පානය කිරීම යෝග්‍ය වේ. එනම් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ඇති විටෙක උණු වතුර පානය කළ යුතුය. එනම් ඉන් සෙම් කොටස් එකතුවීම වලක්වා ගෙන එම රෝග ඇතිවීම වලක්වා ගත හැකිය.
හුමාලය අග්‍රාහණය කළ යුතුය.මෙම රෝගය සමනය කිරීම සඳහා හුමාලය අග්‍රාහණය කිරීම වඩාත් සුදුසුවේ. එනම් දිනපතා හුමාලය ඇල්ලීම මගින් එකතු වූ සෙම්කොටස් බුරුල් වී සොටු දියර ඉවත් කර ගත හැකිය.
විටමින් සී බහුල එළවළු, පළතුරු ආහාරයට එක් කර ගත යුතුය.කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව පවතින විට වැඩි වශයෙන් විටමින් සී අඩංගු එළවළු පලතුරු පලාවර්ග ධාන්‍ය වර්ග භාවිත කළ යුතුය. එනම් එමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ප්‍රතිශක්තිකරණය දුර්වල වීමෙන් ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස වැනි රෝග ඇතිවීම වලක්වා ගත හැකිය.

කොත්තමල්ලි පානය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන කැස්ස ,සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග සඳහා කොත්තමල්ලි පානය කිරීම වඩාත් සුදුසුවේ. එනම් කොත්තමල්ලි ස්වල්පයක් ගෙන කබලේ බැද හොඳින් කුඩුකර උණුවතුරට දමා පානය කිරීම මගින් සෙම්ප්‍රතිශ්‍යාව,කැස්ස සුව කර ගත හැකිය.එමෙන්ම කුඩා දරුවන්ට පාවට්ටා, කටුවැල්බටු, වෙනිවැල්ගැට, වැල්මී කුඩු කර පානය කිරීමට ලබා දීම යෝග්‍ය වේ.
ඉඟුරු ඉඟුරු යනු ශ්වසන රෝග එනම්සෙ ම්ප්‍රතිශ්‍යාව ,කැස්ස, හිසරදය සමනය කිරීමට භාවිතා කළ හැකි ගුණදායක ඖෂධයකි. එනම් ශ්වසන රෝග ඇති විටක ඉඟුරු කැබැල්ලක් තලා දමා තේ පානය කිරීම මගින් සෙම බුරුල් කර ගත හැකිය.
එමෙන්ම හිසරදය ඇඟපත වේදනාව ඇති විටකකොත්තමල්ලි, තිප්පිලි, පත්පාඩගම්, වෙනිවල් ගැට ,ඉඟුරු යන පස් පංගුව භාවිතා කර තම්බා පානය කිරීම ද සුදුසුවේ.පත්පාඩගම්, කොත්තමල්ලි, තිප්පිලි ,තම්බා පෙරා පානය කිරීම මගින් උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග සමනය කර ගත හැකිය.