කුළුබඩුවක්, පලතුරක් සහ දිව්‍ය ඖෂධයක් ලෙස පෝෂ පදාර්ථ 10ක් පමණ අඩංගු සියඹලා ශාකය ගැන ඔබ නොදත් දේ

health tips

බොහොමයක් දෙනෙකු ආහාරයට ගැනීමට ප්‍රිය කරන ඇඹුල් රසැති කරල් ආකාර ඵලයක් සහිත සියඹලා දකුණු අප්‍රිකාවට හා දකුණු ආසියාවට ආවේණික ශාකයකි. ටැමරින් ඉන්ඩිකා යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් සියඹලා හදුන්වයි. මෙරට වියළි කලාපීය ප්‍රදේශවලද සාරවත්ව වැවෙන දැකුම්කළු සදාහරිත වෘක්ෂයකි. අඩි 80 – 100 ක් පමණ උසට වර්ධනය වන මෙම ශාකයේ කුඩා පොකුරු වශයෙන් කහ පාට මල් හට ගනී.

නිවර්තන කලාපීය සදාහරිත පැබසියෝ කුලයට අයත් ශාකයක් ලෙස සියඹලා හදුනා ගත හැකිය. සියඹලා පෙරදිග රටවල කුළු බඩුවක් ලෙස බහුලව භාවිත කරනු ලබයි. සියඹලා ආහාරයට ගැනීමෙන් නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථ අප ශරීරයට ලබා ගත හැකිය. 

  1. ශක්තිය 
  2. කාබෝහයිඩ්‍රේට් 
  3. ප්‍රෝටීන් 
  4. යකඩ
  5. කැල්සියම් 
  6. මැග්නීසියම් 
  7. ඛනිජ ලවණ 
  8. කෙදි
  9. නියසීන්
  10. විටමින් ඒ

එපමණක් නොව සියඹලා මිනිසාට හටගන්නා නොයෙකුත් ව්‍යාධීන් සුවපත් කරන වටිනා ඖෂධයක් වේ. සියඹලා ශාකයේ පත්‍ර , කරල්, පොතු ආදී සියලු කොටස් විවිධ රෝග සදහා ප්‍රතිකාර කිරීමේදී භාවිත කරනු ලබයි. 

සියඹලා ශාකයේ ඖෂධීය ගුණ 

• මලබද්ධය සදහා ගුණදායක වේ.

සියඹලාවල පවතින කෙදි හොඳින් මල පිට කිරීම සදහා උපකාරී වන බැවින් සියඹලා මලබද්ධය සදහා ගුණදායක ඔසුවක් වේ. ආහාර නිසා ශරීරයට එක්වන විෂ සමග මෙම කෙදි එකට බැදී මහා අන්ත්‍රය ඇතුළත ආරක්ෂා කරනු ලබයි. මෙම කෙදි පිත ලවණ සමග හොඳින් බැදී පිත මහා අන්ත්‍රයෙන් නැවත අවශෝෂණය අඩු කර ගනී. 

• අන්ත්‍ර ශූල වේදනා සමනය කරනු ලබයි.

සියඹලා පොතු ස්වරසය මේ සදහා ගුණදායක වේ. 

• අව්වේ සිටීමෙන් ඇතිවන ශරීර පීඩාව, රෝග සමනය කරයි.

• සියඹලා කුඩා දරුවන්ට අනගි විරේක ඔසුවකි.

• අර්ශස් සදහා ගුණදායක වේ.

මේ සදහා සියඹලා මල් මිරිකා ගත් යුෂ පානය කිරීම සදහා ලබා දෙනු ලබයි. 

• ප්‍රදාහ කාරක රෝග සදහා ගුණදායක වේ.

ප්‍රදාහකාරක රෝග සදහා සියඹලා මල් අඹරා ආලේප කරනු ලබයි. 

• මහා අන්ත්‍රයේ පිළිකා ඇතිවීම වැළැක්වීම සදහා සියඹලා ඉතා ගුණදායක ඔසුවකි.

• සියඹලා හෘදයට ඉතා ගුණදායක පළතුරකි.

• පිළිස්සුණු තුවාල සුවපත් කරයි.

සියඹලා ඇට කුඩුකර ආලේප කිරීමෙන් පිළිස්සුණු තුවාල ඉතා ඉක්මනින් සුවපත් කර ගත හැකිය. 

• විවිධ කෘමීන් දෂ්ඨ කළවිට එයට ප්‍රතිවිසක් ලෙසින් සියඹලා ඇටවල චූර්ණය ආලේප කළ හැකිය. මේ සදහා සියඹලා පානය කිරීම සදහා ලබා දීමද ගුණදායක වේ. 

• අතීසාරය සදහා ගුණදායක වේ.

සියඹලා මල් හා දලු ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීම ගුණදායක වේ. සියඹලා බීජයේ රතුපැහැ කුරුට්ටේ අතීසාර නාශක ගුණ පවතී. 

• උගුරේ ආබාධ සදහා ඔසුවක් වේ.

සියඹලා පත්‍ර මගින් සකස් කර ගන්නා කෂාය උගුරේ ආබාධ ඇති විට උගුර සේදීම සදහා භාවිත කරනු ලබයි. උගුර ආශ්‍රිතව ඇතිවන විවිධ ආසාදන සදහා සියඹලා දියකරගත් ජලයෙන් උගුර සේදීම ද ගුණදායක වේ. 

• වෛරස් උණ ,කහ උණ සදහා වඩාත් ගුණදායක ඔසුවක් වේ.

සියඹලා උණ සහ තුවාල ඇති පුද්ගලයන්ට වඩාත් ගුණදායක ඔසුවක් වේ. සියඹලා කොළ භාවිතයෙන් සාදා ගන්නා ග්‍රීන් ටී වෛරස් උණ සදහා ඉතා ගුණදායක වේ. මුඛයේ ඇතිවන තුවාල සදහා කොත්තමල්ලී තැම්බූ ජලය සමග සියඹලා වතුර පානය කිරීම වඩාත් ප්‍රතිඵලදායක වේ. 

• ශරීරයේ ඇති අපිරිසිදු රුධිරය පිරිසිදු කිරීමේ සුවිශේෂී ගුණයක් ද සියඹලා සතු වේ.

• දරුවන්ගේ සුව නොවන පණු රෝග වලදී සියඹලා කොළ කෂාය ඉතා ගුණදායක වේ.

• පිලාවේ ඉදිමුම් සදහා සියඹලා භෂ්ම ගුණදායක වේ.

• සියඹලා පොතු භෂ්ම ජීර්ණ පද්ධතියේ රෝග වලදී ඖෂධයක් ලෙස භාවිත කරනු ලබයි.

• දියවැඩියාව රෝගීන් සදහා ගුණදායක වේ.

ආහාර ගත් විගස සීනී වැඩි වීම සියඹලා ආහාරයට ගැනීමෙන් වළක්වා ගත හැකිය.

• විටමින් සී ඌණතාවය නිසා ඇතිවන රෝග සදහා ඔසුවක් වේ.

විටමින් සී ඌණතාවය නිසා හටගන්නා රෝග වලදී සියඹලා බොර සීනී යොදා සකස් කර ගනු ලබන සිරප් දෙහි යුෂ මිශ්‍ර කර පානය කිරීම මේ සදහා ගුණදායක වේ. 

• කුෂ්ඨ ,දැවිලි ආදිය සදහා ඔසුවකි.

සියඹලා පත්‍ර අමුකහ සමග තම්බා ගත් ජලය මෙම කුෂ්ඨ ,දැවිලි ආදිය සේදීම සදහා භාවිත කරනු ලබයි. 

• වාත වේදනා සදහා සියඹලා කොළ තැවිල්ල සදහා වඩාත් ගුණදායක වේ.

• ශරීරගත වන විෂ වර්ග වලට ප්‍රති ව්‍යංජනයක් ලෙසින් සියඹලා ක්‍රියා කරනු ලබයි.

• මධ්‍යසාරවලට ඇබ්බැහි වූවන්ට ද ඉතා ගුණදායක ඔසුවක් වේ.

• ආතරයිටීස් රෝගීන්ගේ අත්පාවල විවිධ සන්ධිවල ඇතිවන ඉදිමුම් සදහා සියඹලා කොළවල ඉස්ම සමග ඖෂධ ආලේප කිරීම ගුණදායක වේ. 

මේ අනූව සියඹලා බොහොමයක් දෙනෙකු භාවිත කරන කුළුබඩුවක්, පළතුරක් මෙන්ම නොයෙකුත් රෝග සුවපත් කරන වටිනා ඖෂධයක් වේ