පිළිකාව කියන්නේ ඉතා භයානක රෝගයක්.අද ලෝකයේ සිදුවන මරණවලට ප්‍රධානම හේතුකාරකය පිළිකාව වීම මත අපිටත් නිරන්තරයෙන්ම මේ පිළිබඳව කතාබහ කරන්නට සිදුව තියෙනවා. මානව දේහයේ ඕනෑම අවයවයක පිළිකාවක් වර්ධනය වීමේ ඉඩකඩ පවතිනවා. සම කියන්නේ අපේ ශරීරයේ ඇති විශාලතම ඉන්ද්‍රිය. මේ සම සෛල වර්ග කිහිපයකින් සමන්විත ස්ථර දෙකකින් සමන්විත වෙනවා. මිනිස් සමේ පැහැය තීරණය කරන මෙලනින් වර්ණකය නිපදවීම් සිදු කරන මෙලනසයිට් ලෙස හඳුන්වන සෛල වර්ගත් මේ සමේ පිහිටා තියෙනවා.ඒවායේ මෙලනින් ශ්‍රාවය වීම පාලනය වන්නේ අන්තරාසර්ග පද්ධතිය මගින්. ඉතින් මේ සම ආශ්‍රිතවත් බහුල වශයෙන් පිළිකාවන් වර්ධනය වෙනවා. නමුත් ඒවා හඳුනා ගැනීමේ අපහසුව නිසා ඒ පිළිකා ශරීරයේ බොහෝ ප්‍රදේශයකට පැතිරීයාමට හැකියාව පවතිනවා. එබැවින් චර්ම පිළිකාවක් කල්තියා හඳුනා ගන්නට උපකාරී වන ලක්ෂණ පිළිබඳව දැන සිටීම ඉතා වැදගත්. ඒ නිසාවෙන් අද අපි කතා කරන්නට සූදානම් වන්නේ මේ චර්ම පිළිකාවක් කල්තියා හඳුනා ගෙන ඒවා සුවකරගත හැකි ආකාරය පිළිබඳවයි.
මුලින් සඳහන් කළ ආකාරයට පෙනහළු, පියයුරු, බඩවැල් ආදී ඉන්ද්‍රියන් වගේම සමත් පිළිකා ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින ඉන්ද්‍රියක්. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට මේ චර්ම පිළිකාවක් ඇති වන්නට පුළුවන්. නමුත් ක්‍රමයෙන් වයස වැඩිවෙත්ම එහි අවදානමත් ක්‍රමයෙන් වැඩි වෙනවා.චර්ම පිළිකා පහත ආකාරයට ප්‍රධාන වශයෙන් බෙදා දක්වන්නට පුළුවන්.

- Basal Cell Carcinoma මේ පිළිකාව බොහෝවිට සමෙන් එළියට නෙරා ගිය තද පැහැති ඝනවීමක් ලෙස දැක ගන්නට පුළුවන්.ඒ වගේම ඒ එහි මැද කොටස ඉබේම හෝ යම් ගැටීමක් නිසා හෝ තුවාල වී රුධිරය ගැලීමක් ද විය හැකියි. මේවායින් වැඩි ප්‍රමාණයක වර්ධක කළු පැහැයක් ගත්තත් 10% ක් පමණ පිළිකා වර්ණ රහිතව දකින්නට පුළුවන්.මේ පිළිකා වර්ගය ප්‍රධාන වශයෙන් දකින්නට ලැබෙන්නේ හිස,නාසය, කන්පෙති, ඇස් වට ප්‍රදේශය හා අත්වල පිටි පැත්ත ප්‍රදේශවලයි. ඒ හැරුණාම අත්ලේ, යටි පතුලේ ආදී රෝම කූප නොමැති ප්‍රදේශවල මේ පිළිකාව දකින්නට ලැබෙන්නේ නැහැ. වෙනත් ස්ථානවලට ව්‍යාප්තවීමක් දකින්නට නොලැබෙන මේ පිළිකාව නොසලකා හැරීමෙන් සම අභ්‍යන්තරයේ අස්ථි දක්වාම ගමන් කළ හැකියි.
- Souamous Cell Carcinoma මේ පිළිකාවත් සමෙන් ඉදිරියට වර්ධනය වූ ආකාරයකින් දකින්නට පුළුවන්. යම් සැක සහිත වර්ධනයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වෙනවා.මේ හැරුණාම සමේ ඇතිවන පිළිකා වර්ග ගණනාවක් පවතිනවා. නමුත් එක් එක් වර්ගයේ ස්වරූපය එකිනෙකට වෙනස් වෙනවා. පිළිකාව වැළදෙන පුද්ගලයාගේ මේ සෞඛ්‍ය තත්ත්වය අනුවත් එහි ස්වරූපය වෙනස්වීමකට ලක්වෙනවා.
කොහොමනමුත් යම් විටෙක සම මතුපිට පමණක් නොව ඇස ඇතුළත, මුඛය සහ යෝනි මාර්ගයේ ශ්ලේශ්මල පටල මෙන්ම නියපොතුවලට ඇතුළතින් පවා මේ පිළිකාව හමුවෙන්නට පුළුවන්. ඒ වගේම තද පැහැ සමක් ඇති අයට වඩා පැහැපත් සමක් ඇති පුද්ගලයන්ට මේ චර්ම පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් පවතිනවා.
සමේ පිළිකා ඇති වෙන්නට බලපාන හේතු
- හිරු එළියට වැඩි වශයෙන් නිරාවණය වීම හිරු එළියේ පාරජම්බූල A සහ පාරජම්බූල B ලෙස ඇති කිරණ වර්ග දෙකෙන්ම සමට හානි සිදු වෙනවා. නමුත් චර්ම පිළිකා ඇතිවීමට එකම හේතුව හිරු එළියට නිරාවරණය පමණක් නොවෙයි.
- විකිරණවලට නිතර නිරාවරණය වීම
චර්ම පිළිකාවක් හඳුනාගත හැකි ලක්ෂණ

- සමේ ඇති සුව නොවන තුවාල හා ඒ තුවාලවලින් රුධිරය වහනය වීම හෝ මතුපිට කබොලක් සෑදී තිබීම
- සමේ පැහැයට වඩා වෙනස් තද පැහැයට හැරෙමින් පවතින ලප
- අක්‍රමවත් මතුපිටක් හෝ අක්‍රමවත් දාරයක් සහිත ඝන කැළැලක්
- සම මතුපිට හෝ සමේ කැළලක් මතුපිට පවතින වර්ධනයක් හෝ ගැටිත්තක් මෙය තද පැහැති හෝ කලු පැහැති එකක් විය හැකි අතර මේ ගැටිත්ත දිළිසෙන සුළු මතුපිටකින් සමන්විත විය හැකියි.
- දිළිසෙන සුළු හෝ සිනිදු මතුපිටක් සහිත ගැටිත්තක් හෝ රතු හෝ තද පැහැයක් ගත් ගෙඩියක්.
- අත්ලේ හෝ පතුලේ අඳුරු පැහැ ලපයක්
- ක්‍රමයෙන් විශාල වන උපන් ලප හෝ වෙනත් ලප
- පෙර නොවූ කැසීමක් සමේ ඇතිවීම
- නියපොතු තද පැහැති පටියක ආකාරයේ පිහිටා තිබීම
චර්ම පිළිකාවක් ඇතිවීමට වැඩි අවදානම සහිත කාණ්ඩ
- ආසනික්වලට වැඩි වශයෙන් නිරාවරණය වීම (කෘමිනාශක සහ ලිං ජලයේ ආසනික් අඩංගු විය හැකියි )
- සමේ තුවාල සහ කැළැල් පවතින පුද්ගලයන්
- ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන ඖෂධ සහ රෝගවලින් පෙළෙන පුද්ගලයන් (ඒඩ්ස් )
- සමේ සංවේදීතාවය ඉහළ දමන ඇතැම් සමේ රෝග හා ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන පුද්ගලයන්
සාමාන්‍යයෙන් සමේ ඇතිවන ලපවලින් බොහොමයක් පිළිකා නොවන ලප වුණත් යම් සැකසහිත ලපයක් ගැටිත්තක් නැත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවී එය පිළිකාවක් ද යන්න පරීක්ෂා කරවා ගත යුතුයි.මොකද මේ පිළිකාව මුල්කාලීනව හඳුනා ගතහොත් සම්පූර්ණයෙන් ප්‍රතිකාර මගින් සුවකර ගැනීමට හැකියාව පවතින නිසාවෙන්. එබැවින් එවැනි පූර්ව ලක්ෂණ පිළිබඳව ඔබ අවධානයෙන් පසුවීම වැදගත් වෙනවා.