පුද්ගලයෙකුගේ සුන්දර බව මුහුණ මත පමණක් රඳා පවතින්නේ නැහැ. ශරීරයේ සෑම අංගයකම වගේ නිරෝගී බව, පැහැපත් බව සහ පිරිසිදු බව තවත් අයෙකුගේ අවධානයට හේතු වෙනවා.අපේ මුහුණ කොතරම් පැහැපත් වුණත් අපි කොතරම් ලස්සන ඇඳුම් ඇන්දත් ශරීරයේ තදට අවපැහැ ගැන්වූ ස්ථාන බාහිරට දිස්වෙන එක අපේ සුන්දරත්වයට බාධාවක්. දණහිස්, වැලමිට, බෙල්ල, අත් යට ආදී ස්ථාන අඳුරු නම් අනිවාර්යෙන්ම ඔබ එයින් අපහසුතාවයට පත්වෙනවා.
සෛල හොඳින් අලුත්වැඩියා නොවීම, මැරුණු සෛල නිසි පරිදි ඉවත් නොවීම, විවිධ සනීපාරක්ෂක ගැටලු, ජානමය ගැටලු, විවිධ ඖෂධ, හෝමෝන අසමතුලිතතා සහ හිරු එළිය ආදී පාරිසරික සාධක ආදියත් දණහිස් වැලමිට ආදී ප්‍රදේශ අවපැහැ ගන්නට හේතුවක් වෙනවා. රේසර් කිරීම, වැරදි රූපලාවණ්‍ය සත්කාර ආදියත් ඉහත කරුණුවලට අමතරව මේ ගැටළුවට බලපානවා. වැඩි වශයෙන් මේ තත්වය කාන්තා පාර්ශවය අතර වයස අවුරුදු 35 – 40 ඉක්මවන විට දකින්නට ලැබෙනවා.
මේ ගැටළුව නිසා පීඩාවට පත්වෙලා ඉන්න ඔබට මේ සත්කාර භාවිතයෙන් සාර්ථක ප්‍රතිඵල අත්විදින්නට පුළුවන්. නමුත් මේ සඳහා ඔබට ඉව්සෛඉමෙන් බලා සිටින්නට වෙන බව නම් සඳහන් කළ යුතුමයි.
1 ලෙමන් සහ සීනි
ලෙමන් යුෂ තේ හැදි දෙකක්
සීනි හැන්දක්
පිරිසිදු භාජනයක් ගෙන මේ ද්‍රව්‍යයන් දෙක එයට දමා හොඳින් මිශ්‍ර කර අවපැහැ ප්‍රදේශවල ආලේප කර විනාඩි පහක කාලයක් තබා ගන්න. ඉන්පසු විනාඩි තුන හතරක කාලයක් නැවත වක්‍රාකාරව සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
2.කෝමාරිකා සහ පොල්තෙල්
කෝමාරිකා ජෙල් මේස හැන්දක්
පොල් තෙල් මේස හැන්දක්
මේ ද්‍රව්‍යයන් 2 එකතු කර හොඳින් මිශ්‍ර කර සාදාගත් ආලේපනය අවපැහැ ගැන්වූ ස්ථානවල ආලේප කර හොඳින් සම්බාහනය කර වියළෙන්නට තබා සෝදා හරින්න.
3.තක්කාලි සහ සඳුන් කුඩු

සඳුන් කුඩු තේ හැඳි දෙකක්
තක්කාලි යුෂ තේ හැඳි දෙකක්
මී පැණි හැන්දක්
භාජනයක් ගෙන මේ සියල්ල එකතු කර හොඳින් මිශ්‍ර කර ආලේපනයක් සකසා ගන්න. ඉන්පසුව එය අවපැහැ ගැන්වී ඇති ස්ථානවල ඝන ස්ථරයක් ලෙස ආලේපකර වියළෙන්නට තබා අනතුරුව සෝදා හරින්න.
4.ඇපල් සයිඩර් විනාකිරි
ඇපල් සයිඩර් විනාකිරි
ජලය
ඇපල් සයිඩර් විනාකිරි ජලයේ තනුක කර ගන්න. ඉන්පසුව පුළුන් කෑල්ලක්භාවිතා කරමින් එය අඳුරු පැහැ ස්ථානවල ආලේප කර විනාඩි 15 ක කාලයක් තබා සෝදා හරින්න. මේ සත්කාරය සම පැහැපත් කිරීමේ හැකියාවකින් ද යුක්තයි.
5.පියුමික් ගල්
මේ පියුමික් ගල් රූපලාවන්‍ය භාණ්ඩ වෙළඳසැල්වලින් ඔබට පහසුවෙන්ම මිලට ගන්නට පුළුවන්. මේ පියුමික් ගල් භාවිතයෙන් මැරුණු සම සහ කුණු ඉතා පහසුවෙන් ඉවත් කරගන්නට හැකියාව ලැබෙනවා. එය දණහිස් ආදී ප්‍රදේශවල ඇති කළු පැහැ ස්වභාවය නැති කරන්නට උදව් වෙනවා. මුලින්ම උණුසුම් ජලය ස්නානය කරන්න. මේ පියුමික් ගල තරමක වේලාවක් පෙගෙන්නට තබා දණහිස් සහ වැලමිට ආදි ප්‍රදේශවල මෘදු ලෙස රවුමට අතුල්ලන්න. ඉන් පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න.
6.ලෙමන්
ලෙමන් යුෂ ස්වල්පයක් අවපැහැ ගැන්වූ ප්‍රදේශවල ගල්වා විනාඩි කිහිපයක් සම්භාහනය කරන්න. ඉන්පසුව මේ සත්කාරය සිදු කරන්න.

ලෙමන් ගෙඩියක යුෂ
මී පැණි මේස හැඳි එකක්
මේ ද්‍රව්‍යයන් 2 හොඳින් කලවම් කර අවපැහැ ප්‍රදේශවල ගල්වා විනාඩි විස්සක් පමණ තබා සෝදා හරින්න.
7.බේකින් සෝඩා සහ කිරි
කිරි තේ හැඳි එකක්
බේකින් සෝඩා තේ හැඳි එකක්
මේ ද්‍රව්‍යයන් 2 හොඳින් මිශ්‍රකර අවපැහැ ස්ථානවල හොඳින් ආලේප කර මිනිත්තු දෙක තුනක් මෘදු ලෙස වක්‍රාකාරව අතුල්ලන්න. ඉන්පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න.
බේකින් සෝඩා කොටස් තුනක් වතුර කොටස් දෙකකට මිශ්‍රකර තලපයක් සේ සකසාගෙන අඳුරු පැහැ ස්ථානවල ගල්වා විනාඩි කිහිපයකින් පසුව සෝදා හරින්න. මේ සත්කාරය සතියකට දෙවරක් සිදු කිරීම ප්‍රමාණවත්.
8.අර්තාපල්
අර්තාපල් යුෂ
ලෙමන් යුෂ
ග්‍රේට් කරගත් අර්තාපල් ගෙඩියකින් යුෂ ලබාගෙන එය ලෙමන් යුෂ සමඟ හොඳින් මිශ්‍ර කරගන්න. ඔබේ ශරීරයේ අඳුරු පැහැ ස්ථානවල හොඳින් ආලේප කර විනාඩි 20 ක කාලයක් තිබෙන්නට හැර අයිස් වතුරෙන් සෝදා හරින්න.
8. පිපිඤ්ඤා සහ කහ
පිපිඤ්ඤා යුෂ
දෙහි යුෂ
කහ ස්වල්පයක්
පිපිඤ්ඤා ගෙඩියක් හොඳින් බ්ලෙන්ඩර් කර එහි යුෂ ලබාගන්න. මේ පිපිඤ්ඤා යුෂවලට දෙහි යුෂ සහ කහ එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
මේ ආලේපය අඳුරු පැහැ ස්ථානවල හොඳින් ආලේප කර විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.
9.සීනි
සීනි
ඔලිව් තෙල්
මේවා සමාන ප්‍රමාණවලින් ගෙන ආලේපනයක් විදිහට සකසාගෙන රවුම් ආකාරයට විනාඩි 5ක් පමණ අතුල්ලමින් වැලමිට සහ දණහිස්වල ආලේප කර මද වේලාවකින් උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙය දිනපතාම සමේ පැහැය අඩුවන තුරු සිදු කරන්න.
10.කෝමාරිකා
නැවුම් කෝමාරිකා ජෙල් අවශ්‍ය ප්‍රමාණයට අරගෙන ඒවා වැලමිට දණහිස් ආදී ප්‍රදේශවල හොඳින් ආලේප කරන්න. මෙය විනාඩි 15-20 ක් දක්වා කාලයක් තබා ඉන් පසුව ඇල්මැරුණු ජලයෙන් සෝදා හරින්න.
11.කිරි
මේ සඳහා කිරිවලින් සාදාගත් මාස්ක් එකක් භාවිතා කරන්නට පුළුවන්. ඒ සත්කාරය සිදු කරන්නේ කිරි තරමක් උණුකර එහි ඇති මේද කොටස ගෙන එයට දෙහි යුෂ ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන අඳුරු පැහැ ස්ථානවල ආලේප කිරීමෙන්. මෙය විනාඩි 15-20ක් පමණ කාලයක්. තිබෙන්නට හැර සෝදා හරින්න