සමේ සුන්දරත්වය හා තරුණබව ආරක්ෂා කරගැනීමට බොහෝ දෙනා විවිධ සත්කාර ක්‍රම, අතිරේක පෝෂක වගේ දේවල් භාවිත කරනවා. ඒවගේම සම හිරු කිරණින් ආරක්ෂා වීමට හොඳ සන්ක්‍රීම් එකක් භාවිත කිරීම, නිතිපතා හොඳින් වතුර පානය කිරීම, එළවළු පලතුරු වැඩි වශයෙන් පරිභෝජනය කිරීම, නිතිපතා ව්‍යායාම අභ්‍යාස වල යෙදීම වගේ ක්‍රියාකාරකම් හරහා ද අපේ සමට ඉහළ මට්ටමේ ප්‍රතිලාභ හිමිවෙනවා.
සම තමයි සිරුරේ පිහිටා ඇති විශාලතම අවයවය වන්නේ.සම ලස්සන කරගැනීමට ඇතැම් අය නොයෙකුත් ආකාරයේ රසායනික ආලේපන හා බාහිර සත්කාර ක්‍රම අනුගමනය කරනවා.සමේ තරුණබව හා ස්වභාවික දීප්තිය රැකගැනීමට නම් එවැනි රසායනික ද්‍රව්‍ය නොමැති කාබනික එහෙමත් නැත්නම් ස්වභාවික සත්කාර නිෂ්පාදන යොදාගැනීම තමයි වඩාත්ම හොඳ විකල්පය වන්නේ.ඒවායින් සමට කිසිඳු හානියක් නොවීම මෙහිදී ඔබට ලැබෙන ලොකු වාසියක්.
ඉතින් අපි බලමු අපේ සම ලස්සන තරුණ පෙනුම රැකගැනීමට ප්‍රතිලාභ දෙන ,ඔබේ මුළුතැන්ගෙයින් සොයාගන්න පුළුවන් එවැනි ස්වභාවික අමුද්‍රව්‍ය මොනවාද කියලා!

- එළකිරි උදෑසන ආහාර වේලට ඇතැම් අය එළකිරි වීදුරුවක් පානය කරන්න පුරුදුවෙලා ඉන්නවා. කිරි වල සමට හිතකර විටමින් B6B12 සහ විටමින් D වැනි පෝෂක බහුලයි.දිනකට දෙවරක් කිරි වලින් මුහුණ සේදීම හෝ කිරි වලින් සම පිසදැමීමෙන් සමේ අවපැහැය දුරුවෙයි;සමට හොඳ තෙතමනයක් සලසයි.වියළි සමක් ඇති අයට මෙය වඩාත් සුදුසුයි.හොඳ ප්‍රතිඵල සඳහා නිතිපතා මෙය අනුගමනය කරන්න.
- අලිගැට පේර අලිගැට පේර යනු කොලැජන්,ප්‍රතිඔක්සිකාරක,හිතකර මේද සහ විටමින් C බහුල ආහාර මූලාශ්‍රයක්.සමේ නීරෝගි තරුණ පෙනුම ආරක්ෂා කරගැනීමට මෙම පලතුර බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ.ඉදුණු අලිගැට පේර මද හොඳින් පොඩි කර මුහුණේ ආලේප කරන්න.ඒ වෙනුවට නින්දට පෙර දිනපතා රාත්‍රීයේදි අලිගැට පේර තෙල් ස්වල්පයක් ඔබේ මුහුණේ ගල්වන්න
- මී පැණි මී පැණි වල අරුම පුදුම සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් පවතින බව අධ්‍යයන මඟින් පවා පෙන්වාදෙනවා. ඒ අතරින් සමට ලැබෙන ප්‍රයෝජන ප්‍රමුඛයි.සමේ තෙතමනය එතුළ රඳවා තැබීමේ විශේෂ ගුණය මී පැණි වල තිබෙයි.නිතිපතා සම මත මී පැණි ගැල්වීමෙන් සම මෘදු මොළොක් වේ; රැළි වැටීම වැළකී අකලට වියපත් පෙනුමක් ඇතිවීම පාලනය වේ.ප්‍රතිප්‍රදාහක ගුණ ඇති නිසා සම ප්‍රාණවත් කර හොඳ දීප්තියක් සමට එක්කරයි.
- ඔලිව් තෙල් බොහෝ ක්ලෙන්සර් වර්ග හා මොයිෂ්චරයිසිං ක්‍රීම් වල ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස ඔලිව් තෙල් භාවිතා කෙරෙයි.ඔලිව් තෙල් බිංදු කිහිපයක් සම මත ගැල්වීමෙන් සමට හොඳ තෙතමනයක් ලැබේ. සමේ තෙල් ගතියක් ඉතිරි නොවන නිසා භාවිතය වඩාත් පහසුයි.ඔලිව් තෙල් සහ ලුණු කුඩු මිශ්‍ර කර සම ස්ක්‍රබ් කිරීමෙන් මැරුණු සෛල හොඳින් ඉවත්කරගත හැකියි.ඔලිව් තෙල් වල ප්‍රතිඔක්සිකාරක බහුල නිසා සම රැළිවැටීම අවම වේ.
- දොඩම් යුෂ විටමින් C බහුල පානයක් නිසා මෙය විෂහරණ පානයක් ලෙසත් ප්‍රචලිතයි.දොඩම් ආහාරයට ගැනීම සිරුරට වගේම ඔබේ සමට ද ඉතා ගුණදායකයි.සම අභ්‍යන්තරයෙන්ම පෝෂණය කර සම ප්‍රාණවත් කරයි.දොඩම් පොතු රෝස වතුර සමඟ අඹරා මුහුණේ ගැල්වීමෙන් කුරුලෑ දුරු වීම හා සම සවිමත් බව වැඩි වීම සිදුවේ.
- වදකහ සම සුරකින ප්‍රබල ඖෂධයක් ලෙස වදකහ හඳුන්වනු ලබයි.කඩල පිටි සහ එළකිරි සමඟ වදකහ ස්වල්පයක් මිශ්‍ර කර සාදාගන්නා පේස්ට් එක සබන් වෙනුවට ඔබට භාවිත කළ හැකි විකල්පයක්.ඉන් සමේ මැරුණු සෛල ඉවත්කර, සමට හොඳ තෙතමනයක් සලසයි.චර්ම ගැටලු සහ තුවාල සුවපත් වීමට වදකහ සහ මී පැණි මිශ්‍ර කර ගල්වන්න.මෙම ප්‍රතිකාරයේ බැක්ටීරියානාශක හා ප්‍රතිප්‍රදාහක ගුණ බහුලයි.
- ආමන්ඩ් නිතිපතා ආමන්ඩ් ආහාරයට ගැනීම සම රැළි වැටීම පාලනය වීමට ප්‍රතිලාභ දෙන බව අධ්‍යයන මඟින් පෙන්වාදේ.ඔමේගා-3 මේද අම්ල,විටමින් E, ප්‍රතිඔක්සිකාරක ඇතුළුව සමට හිතකර ඛනිජ ලවණ වලින් බහුල නිසා සමේ තරුණ පෙනුම රැකදෙයි.ආමන්ඩ් තෙල් ගල්වා නිතිපතා සම සම්බාහනය කිරීමෙන් සමේ දීප්තිමත් බව වැඩිදියුණු වී සමේ රැළි හටගැනීම වළකියි. පෙඟෙන්නට හැර එළකිරි සමඟ අඹරාගත් ආමන්ඩ් පේස්ට් එක මුහුණේ ගැල්වීමෙන් සමේ තරුණ පෙනුම වැඩිදියුණු වේ.
- සීනි සමේ නීරෝගී බව ගැන කතා කරද්දී අධික ලෙස සීනි ආහාරයට ගැනීම ඉතාම අහිතකර දෙයක් බව මතක් කළ යුතුමයි. නමුත් අමුද්‍රව්‍යක් ලෙස ගත්තොත් සීනි කියන්නේ සම ගැඹුරින් පිරිසිදු කර මැරුණු සෛල ඉවත්කරන හොඳ සත්කාරයක්.සමේ වියළි කොරල ගතිය දුරුකරගැනීමට, යෝගට් සහ සීනි මිශ්‍ර කර මුහුණේ ගල්වන්න.මිශ්‍රණය සම මත ස්ක්‍රබ් කරන විට මැරුණු සෛල වඩාත් පහසුවෙන් ඉවත් වී සමට හොඳ ප්‍රාණවත් බවක් ඇතිවේ.
- කෝමාරිකා කෝමාරිකා ජෙල් හෝ මද වල සම සුවපත් කරවන ගුණාංග බහුලයි.නැවුම් කෝමාරිකා පත්‍රයකින් සූරා ඉවත් කරගත් මදය සමේ ගැල්වීම මඟින් සමේ කොලැජන් නිෂ්පාදනය වැඩිවීම , සම මෘදු මොළොක් වීම සහ තරුණ පෙනුම වැඩිදියුණු වීම වැනි ප්‍රතිලාභ සමට ලැබේ.සමේ සවිමත් බව වැඩිකර සමේ රැළි ඇතිවීම පාලනය කරන්නේ කොලැජන් මඟිනි.කෝමාරිකා මඟින් සමට හොඳ තෙතමනයක් ලැබේ. ඉන් සමේ වියළිබව දුරුවේ.

- පිපිඤ්ඤා පිපිඤ්ඤා වල 90%ක්ම ඇත්තේ ජලයයි. ඒ නිසාම එය සමට හිතකර එළවළුවක් ලෙස ද හඳුන්වයි.සිසිලන ගුණය බහුල නිසා ඇස් වල ඉදිමුණු ස්වභාවය සමනය කිරීමට, පිලිස්සුම් හෝ සමට සිදුවූ හානි තුවාල සමනය වීමට මේවා සත්කාරයක් ලෙස භාවිත කෙරේ.පෙති ලෙස කපා ෆේස් මාස්ක් එකක් ලෙස භාවිත කිරීම මඟින් සමට සිසිලසක් මෙන්ම හොඳ පෝෂණයක් ලැබේ.හිරු එළියට සම පිලිස්සී ඇති තැන් සහ කුරුලෑ වැනි ගැටලු සමනය කරයි.
- දිඹුල් අත්තික්කා ලෙස ද හඳුන්වන මේවා ප්‍රතිශක්තිය වඩන ආහාරයකි. සමේ වස විෂ ඉවත්කළ හැකි ප්‍රබල ගුණයක් මේවායේ ඇති බව සඳහන්.ඉදුණු දිඹුල් ගෙඩි 2-3ක් ලෙමන් යුෂ හෝ එළකිරි ස්වල්පයක් සමඟ අඹරා මුහුණේ ගල්වන්න.සතියකට වාර 3ක් පමණ මෙය කිරීමෙන් සමේ දීප්තිමත් බව වැඩිදියුණු කරගැනීමට හැකියි.ගල්වා සම ස්ක්‍රබ් කිරීමෙන් සමේ මැරුණු සෛල ඉවත් වී සමේ සිදුරු හොඳින් පිරිසිදු වේ.
- පැපොල් සම නීරෝගී කරවන සහ සුන්දර කරවන පැපේන් නම් සංඝටකය මේවායේ බහුලයි.ඒවායින් සමට ඉහළ මට්ටමේ ප්‍රතිලාභ රැසක් ලැබේ. පැපොල් මද මාස්ක් එකක් ලෙස මුහුණේ ගැල්වීමෙන් සමේ රතු ලප හා පැල්ලම් මෙන්ම කැලැල් දුරු වී සම පැහැපත් වේ. පොඩිකරගත් පැපොල් හැඳි දෙකක් ලෙමන් බිංදු කිහිපයක් සහ මී පැණි හැන්දක් සමඟ මිශ්‍ර කර මුහුණේ ගල්වන්න. මින් සමේ පිග්මන්ටේෂන් (අඳුරු ස්ථාන) දුරු වී ස්වභාවික දීප්තියක් සමට ලැබේ. වියළි හා මැරුණු සම ඉවත් වී යයි.
- ලෙමන් සම වෙනුවෙන් සකසා ඇති බොහෝ නිෂ්පාදන වල ලෙමන් ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස එක්කර තිබෙනවා දකින්නට පුළුවන්. විටමින් C වැනි ප්‍රතිඔක්සිකාරක ගුණ සහ සිට්‍රික් අම්ල බහුල නිසා සමේ ගැල්වීමෙන් වඩාත් ඉහළ මට්ටමේ ප්‍රතිලාභ ලබාගත හැකියි. සමේ කොලැජන් නිෂ්පාදනය ඉහළ යාම, සමේ නම්‍යතාව වැඩිදියුණු වීම, සමේ දීප්තිය වැඩිවීම වැනි ප්‍රතිලාභ ඒ අතරින් කිහිපයකි.සමට තෙතමනය ලබාදීම වගේම සම ස්වභාවිකව පැහැපත් කිරීම ද සිදුකරයි.බැක්ටීරියානාශක ගුණ ඇති නිසා කුරුලෑ සහ වෙනත් ආසාදන වළකයි.සම සඳහා සකසන මාස්ක් සත්කාර වලට අමුද්‍රව්‍යක් ලෙස ලෙමන් බිංදු කිහිපයක් එක්කරගැනීමෙන් ඒවායේ ප්‍රතිඵලය තවත් වැඩිකරගන්නට ඔබට හැකියි. එමෙන්ම නැවුම් ලෙමන් යුෂ පානය කිරීමත් සිරුරට මෙන්ම සමට ඉතා ගුණදායකයි.
- යෝගට් ලැක්ටික් අම්ල බහුල නිසා සමට ඉතා හිතකර සත්කාරයක් යෝගට් මඟින් ලැබේ.හිරු කිරණින් සමට සිදු වූ හානි සහ සමේ අඳුරු ලප කැලැල් දුරුවීමට උපකාරී වේ.එමෙන්ම සම අකලට වියපත් වීම වළකයි.යෝගට්, මී පැණි සහ ඕට්ස් මිශ්‍ර මාස්ක් සත්කාරය සමේ ගැල්වීමෙන් සමේ කුරුලෑ ඇතිවීම වළක්වාගත හැකියි; සමේ පිලිස්සුම් කැලැල් සමනය වේ.
- ඕට්ස් විටමින් හා ඛනිජ ලවණ බහුල නිසා සමට ඉතාමත් හිතකර ආහාරයකි.මාස්ක් එකක් ලෙස භාවිත කිරීමෙන් සම අවපැහැ වීම වළක්වාගත හැකි අතර සමේ මැරුණු සෛල ඉවත් වී යයි.සින්ක් බහුල නිසා සමේ අධික තෙල් ස්වභාවය උරාගෙන කුරුලෑ වලට එරෙහිව ක්‍රියාකරයි.වියළි සහ කසනසුලු සමට ගැඹුරින් තෙතමනය සලසයි.සම සුමුදු කරවයි.ඕට්ස්, යෝගට් සහ ලෙමන් බිංදු කිහිපයක් මිශ්‍ර කර සාදාගත් මාස්ක් එකෙන් සමට හොඳ ගුණයක් ලබාගත හැකියි.