ඇදට වැටුණු ගමන් ඉක්මනින් නින්ද යන්නේ හරිම සීමිත පිරිසකට විය යුතුයි. ඒ වගේ ඉක්මනින් නින්ද නොයන සමහරු නින්ද යන තුරු තමන්ගේ දෙපතුල් ඇතිල්ලිම සිදුකරනවා. ඉන් ඉතා ඉක්මනින් නින්දට පත්විය හැකි බවයි ඇතැම් අය විශ්වාස කරන්නේ. මෙම මාතෘකාව ගැන අන්තර්ජාලයේ විවිධ පුද්ගලයින් විසින් විවිධාකාරයේ අදහස් දක්වා තිබුණා.මෙම පුරුද්දට බලපාන හේතු මොනවාද? අපි මේ ගැන සොයා බැලුවා.
- එය නින්ද ආශ්රිත රෝග තත්වයක් (sleep disorder) පිළිබඳ සංඥා කිරීමක් විය හැකියි.

Periodic limb disorder නමින් හඳුන්වන පාදයේ කලින් කලට පිට පිටම මතුවන මස් පිඬු පෙරලීම් සහ ගැස්මට ලක්වීමේ රෝග තත්වය නිසා ඔබේ සිරුරට තරමක සෘණාත්මක බලපෑම් ඇති වෙන්නට ඉඩ තිබෙනවා. ඒ හේතුවෙන් බොහෝ විට දහවල් කාලය පුරාවට තදබල නිදිමත ගතියක් දැනිය හැකියි. ඇඳේ වැතිරි සිටින විට ඔබේ පාද යම් රිද්මයකින් චලනය වීම සහ එකිනෙක ඇතිලීම නිරායාසයෙන්ම වේ නම් මෙම රෝග තත්වය ඊට බලපා ඇති හේතුව විය හැකියි.
- වෙනත් රෝග තත්වයක බලපෑමක් නිසා විය හැකියි

මෙවැනි තත්වයක් ඇතිවීමට බලපාන තවත් බරපතල හේතුවක් තිබෙයි. ඇඳේ වැතිර සිටින විට ඔබේ පාද වලට විවිධ සංවේදනා දැනේ නම්, පාද ඇතිල්ලීම හෝ එහා මෙහා චලනය කරන විට පමණක් ඔබට යම් සුවයක් දැනේ නම් , එය බොහෝ දුරට restless legs syndrome හෙවත් පාද වල අධික තෙහෙට්ටු බව නිසා ඇති වන සින්ඩ්‍රෝම තත්වය වැලඳි තිබිම නිසා විය හැකියි. එය ස්නායු රෝග තත්වයක් වන නිසා ඔබට හොඳ විවේකයක් ලබාගැනීම අපහසු විය හැකියි. එවැනි පීඩාකාරී තත්වයක් ඔබට වැලඳී තිබේ දැයි රෝග නිශ්චය කරගැනීම සඳහා වෛද්‍යවරයෙකු හමුවීමට කටයුතු කරන්න!
- එය අවිඥානිකව (නොදැනුවත්වම) සිදුවන ස්වයං-සන්සුන් වීමක් වැනිය

පතුල් එකිනෙක ඇතිල්ලීමෙන් සමට සමීප ස්පර්ෂයක් දැනෙන නිසා අපට හොඳ සැහැල්ලු බවක් හැඟෙයි. බාහිර උත්තේජක වලට සම ඉතා සංවේදී වෙයි. එය ආතතියෙන් පිරුණ කාර්යබහුල දවස අවසානයේ හොඳ විවේකයක් ලබාගැනීමට හැකියාව ලබාදේ.
- එය සාමාන්‍යයෙන් පුරුද්දකට මෙන් සිදුවෙනවා විය හැකියි.

එය අනිවාර්යෙන්ම කිසිඳු කායික රෝග ලක්ෂණයක් හෝ සංසිද්ධියක් කියාම කියන්නට බැහැ. එය නින්දට යාම සඳහා උපකාරී වන සාමාන්‍ය පුරුද්දක් ලෙස ද හැඳින්විය හැකියි. ඇතැම් අය නිදාගැනීමට ඇඳට ගිය විට එසේ දෙපතුල් එකිනෙක මත අතුල්ලනවා දකින්නට පුළුවන්. ඇතැම් විට ඉහත සඳහන් කුමන හෝ හේතුවක් නිසා මේ දේ සිදුවෙන්න පටන්ගත්තත්, ක්‍රමයෙන් එය සරල සාමාන්‍ය පුරුද්දක් බවට පරිවර්තනය වී වී තිබෙනවා වෙන්නට ද බැරි නැහැ.