විෂබීජ වලින් ආරක්ෂා වී පිරිසිදුව සිටීමට නිරතුරුව ස්නානය කිරීම හොඳ පුරුද්දක්. නමුත්, ඇතැම් දිනවලදී කාර්යබහුලකම නිසා වගේම කාල වේලාව නොමැතිකම නිසා ස්නානය කිරීමටවත් නිදහසක් නොලැබෙන අවස්ථා තිබෙනවා. එවැනි දිනවල ඔබේ සිරුර දුඟඳකින් තොරව නැවුම්ව තබාගැනීමට භාවිතා කල හැකි උපක්‍රම කිහිපයක් තමයි මේ.
- සුවඳ තෙල් වර්ග භාවිතා කරන්න (Body oils)

සුවඳ විලවුන් වලට වඩා සුවඳ ගැන්වූ තෙල් භාවිතය ප්‍රතිඵල සහිතයි. ඊට හේතුව තමයි විලවුන් වලට වඩා බොහෝ කාලයක් සුවඳ තෙල් ඔබේ සම මත රැඳී තිබිමෙන් හොඳ සුවඳක් ඔබ දෙසින් වහනය වීම. හොඳ ස්වභාවික සුවඳකින් යුත් සුවඳකාරකයක් (aroma) සහිත ශරීරයේ ගල්වන තෙල් වර්ගයක් තෝරාගනිමින් ඔබේ සමේ හොඳින් ආලේප කරගන්න.
- බේබි වයිප්ස් (පිසදැමීමට භාවිතා කරන සුවඳවත් කල කඩදාසි) භාවිතා කරන්න.

ඔබේ සම පිරිසිදු කරගැනීම සඳහා ද මේවා භාවිතා කල හැකියි. මේවා මඟින් දුඟද ඇතිකරන බැක්ටීරියා ඉවත්කිරීම සිදුකරයි.
- වැඩිපුර ‘ඩියොඩ්‍රන්ට්’ ප්‍රමාණයක් ආලේප කරන්න.

දහදිය දුඟද ඇතිවීම් වැළැක්වීමට භාවිතා කරන ‘ඩියොඩ්‍රන්ට්’ එකක් ඔබේ කිහිලි වල වාර කිහිපයක් වැඩිපුර ආලේප කරගන්න. මෙසේ අමතර තට්‍ටු කිහිපයක් ආලේප කරගැනීම නිසා බැක්ටීරියා විනාශ වී දුඟඳ ඇති නොවීමෙන් දවස පුරා නැවුම්ව සිටිය හැකියි.
- යට ඇඳුම් මාරු කරන්න.

දැඩි උණුසුම් බව නිසා යට ඇඳුම් දහදියෙන් තෙත්වීමට ඇති ඉඩකඩ වැඩියි. ඔබේ යට ඇඳුම් මාරු කරගැනීම මඟින් දහදිය නිසා හමන දුඟඳ අවම කරගත හැකියි.
- මේස් මාරු කිරීම.

ඔබේ පාද වලින් ද වැඩිපුර දහදිය පිට විය හැකියි. ඒ නිසා ඔබ දෙසින් දහදිය දුඟඳක් අන් අයට දැනීමට ඉඩ තිබෙනවා. දිනපතා අලුත් මේස් පැලඳීම වඩාත් හිතකර පුරුද්දක් වන්නේ මේ නිසයි. දින ගණනාවක්ම එකම මේස් කුට්ටම පැලඳීමෙන් එහි බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අධික වී අප්‍රසන්න දුඟඳක් හැමීමට පටන් ගන්නවා. හැකිනම් ඔබ පලඳින අලුත් මේස් කුට්ටමට “ටැල්කම් පවුඩර්” ස්වල්පයක් දමන්න.
- ලූණු, සුදුලූණු සහා කුළු බඩු යෙදූ ආහාර ගැනීමෙන් හැකිතාක් වැළකී සිටින්න.

මෙම ආහාර වර්ග පරිභෝජනය කිරීමෙන් ඔබ දෙසින් හමන දුඟද තවත් වැඩි විය හැකියි. විශේෂයෙන්ම, අප්‍රසන්න ලෙස මුඛ දුර්ගන්ධය ඇති වීමට ඉඩ තිබෙනවා.මේ ආහාර මගහරිමින් වෙනත් එලවළු සහා පලතුරු ආහාරයට ගැනීමට උත්සාහ කරන්න.
- හිර ඇඳුම් භාවිතා කිරීමෙන් වැළකී සිටින්න.

හිර ඇඳුම් නිසා ඔබේ සිරුර වඩාත් උණුසුම් වීම සිදුවෙනවා. එනිසාම අධික ලෙස දහදිය දමමින් එහි බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ආරම්භ වී ඔබ කෙරෙන් දුඟද වහනය වීමට ඇති ඉඩකඩ වැඩියි. එම නිසා හැකිතාක් ලිහිල් , සැහැල්ලු ඇඳුම් භාවිතා කිරීමට හුරුවෙන්න. එය ඔබට දවස පුරා නැවුම්ව සිටීමට උපකාරයක් වේවි.
- වියළි ෂැම්පූ වර්ගයක් භාවිතා කිරීම.

වියළි ෂැම්පූ මඟින් ඔබේ හිස කෙස නැවත ප්‍රාණවත් කරමින් එහි තෙල් සහිත ස්වභාවයක් ඇති වීම වළක්වයි. මේවා භාවිතයෙන් ඔබේ හිස කෙස් නැවුම්ව හා සුවඳවත්ව තබාගැනීමට හැකිවේ. එමෙන්ම හිසකෙස් ප්‍රමාණය වැඩිකර පෙන්වමින් ඔබේ හිසකෙස් වල පෙනුම වැඩිකරයි.
- කොණ්ඩා පටි සහි බූල් භාවිතා කිරීම

හිස කෙස් සෝදා පිරිසිදු කරගන්නට නොහැකි වූ අවස්ථාවලදී ඝන කොණ්ඩා පටියක් හෝ බූල් භාවිතයෙන් කොණ්ඩය විසිරී නොයන සේ සකසා ගන්න. සුදුසු කොණ්ඩා විලාසිතාවක් භාවිතා කරමින් අපිරිසිදු සහා දුඟඳක් ඇති වී තිබෙන හිසකෙස් ආවරණය කරගැනීමට හැකිනම් එය වඩාත් සුදුසු වේ.
- සමේ තෙතමනය හොඳින් පවත්වාගැනීම

සිරුරේ සජලතාව නැතිනම් තෙතමනය සහිත බව පවත්වාගැනීම මඟින් ඔබට සුවඳවත්ව නැවුම්ව සිටීමට හැකියි. ඒ සඳහා ඔබ හොඳින් ජලය පානය කලයුතු වෙනවා. ඒ වගේම තෙතමනය ආරක්ෂා කරන ක්‍රීම් වර්ගයක් භාවිතා කිරීමත් ඔබට හොඳ ප්‍රතිඵල ලබා දේවි.