ට්‍රිකෝ සැන්කස් කුකුමරිනා යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පතෝල යනු ආහාරමය ඖෂධයකි. එනම් අතීතයේ සිටම ආයුර්වේදය තුල මෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාව තුළ පතෝල ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ.
පතෝල යොදාගෙන කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ පතෝල වල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වන බවයි. ඒ නිසා පතෝල ව්‍යංජනයක් ලෙස පානයක් ලෙස , සලාදයක් ලෙස සකස් කර භාවිතා කරන්නේ නම් ඉන් බොහෝ රෝග සමනය කරගත හැකිය.
- විටමින් A,B6,C,E,
- යකඩ
- අයඩීන්
- කැල්සියම්
- පොස්පරස්
- මැග්නීසියම්
- පොටෑසියම්
- කාබෝහයිඩ්‍රේටි
- මේදය
- ජලය වැනි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් බොහෝ ප්‍රමාණයක් පතෝල වල අඩංගු වේ.
ශ්‍රී ලංකාවේ පතෝල වර්ග කිහිපයක් හඳුනාගත හැකිය.

1.තින්න වේලි පතෝල
2.කොට්ට පතෝල
යනුවෙන් ප්‍රධාන පතෝල වර්ග දෙකක් ශ්‍රී ලංකාවේ හඳුනාගත හැකිය. එනම් පතෝල වැලක් ලෙස ආධාරකයක් උපයෝගී කරගෙන වැඩෙන අතර වැලෙහි සිහින් බූවා දැකගත හැකිය. දන්තාකාර පත්‍ර ඒකාන්තරව පිහිටා තිබේ. සුදු පැහැති පුල්ලි පවතින ඵලය දිගු කරලක්වේ. එනම් එහි අඩංගු බීජ මගින් ශාක ව්‍යාප්තිය සිදු කරගත හැකිය.
එනම් වයස් භේදයකින් තොරව පතෝල ඕනෑම පුද්ගලයකුට ආහාරයට ගැනීම සුදුසු වන අතර පතෝල ව්‍යංජනයක් ලෙස සලාදයක් ,යුෂ පානයක් ලෙස සකස් කර ආහාරයට ගත හැකිය. එනම් පතෝල ආහාරයට ගැනීමෙන් රෝග බොහොමයක් සුව කර ගත හැකිය.
දියවැඩියාව සඳහා-පතෝල වල අඩංගු තන්තු රුධිරයට සීනි උරාගැනීම ප්‍රමාද කර දියවැඩියාව ඇති වීම වළක්වනු ලබයි. එනම් මේ නිසා දියවැඩියා රෝගීන්ට පතෝල ව්‍යාංජනයක්, සලාදයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම ගුණදායකය.
චර්ම රෝග සඳහා-සම මත ඇතිවන දද, කුෂ්ඨ, බිබිළි , පිළිස්සුම් සුවකර ගැනීම සඳහා පතෝල වලින් ලබාගන්නා ජෙල් සාරය භාවිතා කළ හැකිය. එනම් එම ජෙල්වල අඩංගු විටමින් E සමෙහි රෝග සමනය කිරීමට උපකාරී වේ.
උණ සමනයට-බාල මහලු සියලු දෙනාටම වැළඳෙන උණ රෝගය සමනය කිරීමට පතෝල ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා පතෝල කොළ තම්බා පානය කිරීම හෝ පතෝල ව්‍යාංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
ආර්තව වේදනාව සඳහා-පතෝල ව්‍යංජනයක්, සලාදයක් ලෙස ආහාරයට ගන්නේ නම් ඉන් ආර්තව වේදනාව සමනය කර ගත හැකිය. එනම් පතෝලවල අඩංගු යකඩ පෝෂ්‍ය පදාර්ථය ආර්තවය පහසු කිරීමට උපකාරී වේ.
ශරීර විජලනය සඳහා-උෂ්ණාධික කාල සීමාවන් වල ඇතිවන ශරීර විජලනය වීම වළක්වා ගැනීමට පතෝල යුෂ පානයක් ලෙස, ව්‍යාංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. එනම් පතෝල වල අඩංගු ජලය විටමින් E, C ශරීරය විජලනය වීම වලක්වා සමෙහි තෙතමනය රැක ගැනීමට උපකාරී වේ.
ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා-පතෝල ව්‍යංජනයක් ලෙස සලාදයක් හෝ යුෂ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා ගත හැකිය. එනම් පතෝල වල අඩංගු විටමින් C පෝෂ්‍ය පදාර්ථ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ඇති වීම ද වලක්වනු ලබයි.
වකුගඩුවල ගල් සඳහා-වේදනා ගෙන දෙන වකුගඩු වල ගල් ඇති වීම වළක්වා ගැනීමට මෙන්ම ඇතිවූ ගල් දියකර හැරීම සඳහා පතෝල ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. එනම් පතෝල යුෂ පානයක් ලෙස හෝ ව්‍යාංජනයක් ලෙස සකස් කර දිනපතා භාවිතා කිරීම මගින් වකුගඩු ගල් ඉවත් කර ගත හැකිය. එමෙන්ම ඇති වූ ගල් දියකර හැරිය හැකිය.
මේදය දහනය කිරීම සඳහා-පතෝල තන්තු බහුල එළවළුවකි. එනම් පතෝල ව්‍යංජනයක් ලෙස හෝ සලාදයක් ලෙස දිනපතා ආහාරයට ගන්නේ නම් එමගින් ශරීර පරිවෘත්තිය ක්‍රියාවලිය හොඳින් ක්‍රියාත්මක වී මේදය දහනය වීම සිදුවේ.
හෘද රෝග සඳහා-හෘද රෝගීන් සදහා සුදුසු එළවළුවක් ලෙස පතෝල හැඳින්විය හැකිය. එනම් හෘද රෝග ඇති වීම වළක්වා ගැනීමට පතෝල සම්බෝලයක් ,සලාදයක් ලෙස ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම වඩාත් ගුණදායක වේ. එනම් පතෝල වල අඩංගු පොටෑසියම් අධිරුධිර පීඩන තත්වයන් ඇතිවීම වළක්වා හෘදයට රුධිරය ක්‍රමවත්ව සැපයීම සිදුකරයි. එනම් මේ නිසා හෘද රෝග ඇති වීම පාලනය වේ.

මලබද්ධය සඳහා-මල බද්ධය සමනය කිරීම සඳහා පතෝල ආහාරයට ගැනීම ගුණදායකය. එනම් පතෝල වල අඩංගු ජලය, තන්තු ආහාර හොඳින් ජීර්ණය කර මලපහ පිට කිරීම පහසු කරයි. එනම් පතෝල ව්‍යාංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම මේ සඳහා වඩාත් සුදුසුවේ.
- ඇදුම රෝගයට
- හිසකෙස් වැඩීමට
- මානසික ආතතියට
- වකුගඩුවල හා අක්මාවේ විෂ ඉවත් කිරීමට
- බර අඩු කර ගැනීමට
- මස්පිඩු පෙරළීමට
මේ ආදී වූ රෝග ගණනාවක් සුව කර ගැනීමට පතෝල ආහාරයට ගැනීම යෝග්‍ය වේ.