බර අඩු කරන අමුමිරිස් සතු ගුණ 8 ක්

health tips

Solanaceae නම් ශාක කුලයට අයත් අමු මිරිස් යනු පඳුරක් ලෙස වැඩෙන කුඩා අතු බෙදුනු ශාකයකි. එනම් ආහාර පිසීමේදී සැර වැඩි කර ගැනීමට මෙන්ම නොයෙක් රෝග සමනය කිරීමට අමු මිරිස් ආහාරයට ගැනීම ගුණදායකය. එනම් අමු මිරිස් වර්ග 200 ක් පමණ දැනට හඳුනාගෙන ඇති අතර නිජ භුමිය මෙක්සිකෝව වුවත් වර්තමානයේ ලොව පුරා අමු මිරිස් බහුලව වගා කරනු ලැබේ. විශේෂයෙන් ම අමු මිරිස් වල අඩංගු කැප්සයිසින් නම් ප්‍රබල සක්‍රීය සංඝටකය නොයෙක් රෝග සමනය වීමට හේතුවන බැවින් අමු මිරිස් ආහාරයට එක් කර ගැනීම ගුණදායකවේ. ඊට අමතරව අමු මිරිස් වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. තන්තු, විටමින් ඒ, බී, සී, ඊ සහ පී ,යකඩ, මැග්නීසියම්, පොටෑසියම්, සෝඩියම්… ආදී පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගුවේ. 

එනම් අමු මිරිස් ව්‍යාංජනයක් පිසින විට සලාද, අච්චාරු සකසන විට වැඩි වශයෙන් භාවිතා කරනු ලැබේ. එසේ මිරිස් ආහාරයට ගැනීමෙන් ශරීරගත බොහෝ රෝග සමනය කර ගත හැකිය. 

ඇස් පෙනීම වැඩි දියුණු කරයි.වයස්ගතවීමත් සමඟ විටමින් උනතා මත ඇතිවන ඇස් පෙනීමේ දුර්වලතා මඟහරවා ගෙන ඇස් පෙනීම වැඩි දියුණු කර ගැනීමට අමු මිරිස් ආහාර වලට එකතු කර ගැනීම යෝග්‍ය වේ. එනම් අමු මිරිස් වල අඩංගු විටමින් ඒ, ඇස් පෙනීම වැඩි දියුණු කර ඇසෙහි සුද ඇතිවීම ආදී අක්ෂි රෝග සමනය කිරීම සිදුකරයි. 

ශරීරයේ බර පාලනය කරයි.බොහෝ දෙනෙකුට ගැටලුවක්ව පවතින ශරීරගත බර පාලනය කර ගැනීම සඳහා අමු මිරිස් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් අමු මිරිස් වල කැලරි අඩංගු නොවේ. එමෙන්ම අමුමිරිස් වල අඩංගු තන්තු ශරීර පරිවෘත්තිය ක්‍රියාවලිය මැනවින් ක්‍රියාත්මක කර මේදය දහනය කිරීමට ද ඉවහල් වේ. මේ නිසා ශරීරයේ බර පාලනය වේ. 

ඉදමුම් ,වේදනා සමනය කරයි.ආතරයිටීස් ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝග තත්ත්වයන් නිසා ඇතිවන වේදනා ඉදිමුම් වැනි ප්‍රදාහ තත්ත්වයන් සමනය කිරීමට අමුමිරිස් ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ.. 

ශ්වසන පද්ධතියට හිතකර වේ.බොහෝ දෙනෙකුට ඇතිවන ස්වසන පද්ධතිය ආශ්‍රිත ආබාධ තත්ත්වයන් එනම් කැස්ස ඇදුම සෙම්ප්‍රතිශ්‍යාව ආදී ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග සමනය කිරීමට අමුමිරිස් ආහාරයට ගැනීම යෝග්‍යය වේ. එනම් අමුමිරිස් වල අඩංගු පෝෂක ගුණයන් ස්වසන මාර්ගය ලිහිල් කර මෙවැනි රෝග තත්ත්වයන් නිසා ඇතිවන රෝග සංකූලතා සමනය කිරීම සිදුකරයි. 

ආසාදනයන් සමනය කරයි.මහ බඩවැල් ආශ්‍රිතව ඇති විය හැකි ආසාදනයන් එනම් හර්පීස් ,ජොස්ටර් වැනි ආසාදන තත්වයන් ඇතිවීම වලක්වාගැනීමට අමුමිරිස් ආහාරයට ගැනීම යෝග්‍යය වේ. එනම් අමුමිරිස් වල අඩංගු වන ප්‍රති බැක්ටීරියා ගුණ එම රෝග තත්ත්වයන් ඇති වීමෙන් ආරක්ෂාව සලසනු ලැබේ. ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි අමුමිරිස් ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කර ගත හැකිය. එනම් අමුමිරිස් වල අඩංගු තන්තු ආහාර අස්ථි හොඳින් ජීර්ණය කර බඩවැල් හොඳින් චලනය කිරීමට ඉවහල් වේ. එනමි ඉන් හොඳින් ආහාර ජීර්ණය වීම සිදුවේ. 

මානසික රෝග ඇතිවීම වළක්වයිබොහෝ දෙනෙකුට ඇතිවන මානසික ආතතිය, කාංසාව ,විෂාදය වැනි රෝග තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට අමු මිරිස් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් අමුමිරිස් ආහාරයට ගැනීමෙන් එහි අඩංගු කැප්සායිසින් හිතකර එන්ඩොර්ෆින් මුදා හරින අතර ඉන් මානසික ආතතිය දුරු කර මනස ධනාත්මකව තබා ගැනීමට ඉවහල් වේ. 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.අමුමිරිස් ආහාරයට ගැනීමෙන් ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගත හැකිය. එනම් අමුමිරිස් වල අඩංගු විටමින් සී සහ බී වැනි ප්‍රතිඔක්සිකාරක ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් ඇතිවිය හැකි සෙම්ප්‍රතිශ්‍යාව…ආදී රෝග තත්ත්වයන් ඇති වීම ද වළක්වනු ලබයි.   

ප්‍රතිඔක්සිකාරක ගුණයන් අඩංගු වේ.අමු මිරිස් වල ශරීරයට හිතකර බොහෝ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගුවේ. එනම් විටමින් ඒ,බී,සී, ඊ…. ආදී ප්‍රතිඔක්සිකාරක මිනිස් සිරුරේ බොහෝ රෝග සුව කිරීමට ඉවහල්වේ. එනම් පිළිකා බඩවැල්,පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇතිවීම වැළැක්වීමට , හෘද රෝග ඇති වීම වැළැක්වීමට රුධිරය කැටි ගැසීම වැලැක්වීමට මෙම ප්‍රතිඔක්සිකාරක වැඩි දායකත්වයක් සපයනු ලැබේ. මේ නිසා හෘද රෝග පිළිකා ඇතිවීම වලක්වාගැනීමට අමුමිරිස් ආහාරයට එක්කර ගැනීම ගුණදායකය. 

අස්ථි හා දත් ශක්තිමත් කිරීම සිදුකරයි.වයස්ගතවීමත් සමඟ හෝ විටමින් ඌනතා මත ඇතිවන අස්ථි හා දන්ත රෝග  සුව කර ගැනීමට අමුමිරිස් ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් අමු මිරිස් වල අඩංගු කැල්සියම් අස්ථි  ශක්තිමත් කර පටක වර්ධනය කිරීමට ඉවහල් වේ. එමෙන්ම දත් දිරා යාම… ආදී දන්ත ගැටලු සමනය කිරීමට ද අමු මිරිස් ආහාරයට එක් කර ගැනීම යෝග්‍ය වේ. 

සම පැහැපත් කරයි.සම පැහැපත් කර ගැනීම සඳහා අමුමිරිස් ආහාරයට එක් කර ගැනීම සුදුසු වේ. එනම් අමු මිරිස් වල අඩංගු විටමින් සී විටමින් ඒ,ඊ … ආදී පෝෂ්‍ය පදාර්ථ සමෙහි කොලජන් වර්ධනය කර සම රැලි වැටීම, සමෙහි අඳුරු බව දුරුකර සම පැහැපත් කිරීමට හේතුවේ. 

  • සමේ රෝග සුව කරයි.
  • ඉරුවාරදයට සහනය ගෙන දේ 
  • දියවැඩියාව ඇතිවීම පාලනය කරයි.
  • හිසකෙස් වර්ධනය කරයි. 

කෙතරම් ගුණදායක වූවද අමුමිරිස් වැඩි වශයෙන් භාවිතා කිරීමෙන් බඩදැවිල්ල සමේ ආසාදන ගුද මාර්ගය ආශිත දැවිල්ල ආදී රෝග තත්ත්වයන් ඇති විය හැකිය. මේ නිසා ප්‍රමාණය ඉක්මවා අමුමිරිස් ආහාරයට ගැනීමෙන් වලකින්න.