ඈත අතීතයේ සිටම ආහාරයට ගත් බටු වර්ග අතර රසයෙන් මෙන්ම ගුණයෙන් ද අනූන බටු වර්ගයක් ලෙස තිබ්බටු හඳුනාගත හැකිය. එනම් Solanaceae කුලයට අයත් තිබ්බටු ඕනෑම ආකාරයකට සකස් කර ගත හැකිය. එනම් උම්බලකඩ , හාල් මැස්සන් මිශ්‍ර කර බාල මහලු සෑම දෙනාටම පාහේ තිබ්බටු ආහාරයට එක් කර ගත හැකිය. එසේ ත තිබ්බටු ආහාරයට එක්කර ගැනීමෙන් ශරීර ගත බොහෝ රෝග සුව කර ගත හැකිය. එනම් ඊට හේතුව තිබ්බටු වල ශරීරයට ගුණදායක පෝෂපදාර්ථ බොහොමයක් අඩංගු වීමයි එනම්. විටමින් බී, කාණ්ඩයට අයත් විටමින් වර්ග, ප්‍රෝටීන් කැල්සියම්,යකඩ, පොටෑසියම්… ආදී පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් තිබ්බටු වල අඩංගුවේ. එනම් කරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ තිබ්බටු වල මාංශමය ආහාර වල අඩංගු ප්‍රෝටීන් විටමින් බොහෝ ප්‍රමාණයක් අඩංගු වන බවය. මේ නිසා නිර්මාංශ පුද්ගලයින්ට ද විටමින් ඌනතාවයන් සපුරා ගැනීමට තිබ්බටු ආහාරයට එක්කර ගැනීම ගුණදායකය.
වර්තමානය වන විට නගරබද වෙළෙඳපොළ තුළ පවා තිබ්බටු මිලදී ගැනීමට පහසුකම් සලසා තිබේ. එනම් තිබ්බටු උම්බලකඩ හෝ හාල්මැස්සන් සමඟ පිසූ විට ඉන් ආහාර රුචිය වැඩි කර ගත හැකිය.
රසවත් තිබ්බටු බැදුමක් සකස් කර ගන්නා ආකාරය

- සෝදා තලා පිරිසිදු කර ගත් තිබ්බටු කෝප්ප එකක්
- උම්බලකඩ ස්වල්පයක්
- ලියලා ගත් ලොකු ලූණු ගෙඩි එකක්
- කෑලි මිරිස් ස්වල්පයක්
- තුනපහ කුඩු ස්වල්පයක්
- කහ ස්වල්පයක්
- ලුණු ස්වල්පයක්
- කරපිංචා ඉත්තක්
බඳුනක් ලිප තබා තෙල් ස්වල්පයක් එක් කොට තෙල් රත් වු පසු ලියලා ගත් ලූණු, කරපිංචා, උම්බලකඩ සියල්ල මිශ්‍ර කර බැද ගන්න. පසුව සෝදා පිරිසිදු කරගත් තිබ්බටු ටික මිශ්‍ර කර පසුව රස පදමට ලුණු,තුනපහ,කහ කෑලි මිරිස් එක් කොට හොඳින් පිසගන්න.
මෙය බාල මහළු සෑම දෙනාටම පාහේ ආහාර රුචිය වැඩි කරන රසවත් ආහාරයකි. එමෙන්ම තිබ්බටු ආහාරයට ගැනීමෙන් ශරීගත බොහෝ රෝග සමනය කර ගත හැකිය. එපමණක් නොව තිබ්බටු වල ඖෂධීය ගුණ ආයුර්වේදය තුළ නොයෙක් රෝගයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ද භාවිතා කරයි.
හෘද රෝග ඇති වීම වළක්වනු ලබයි.තිබ්බටු ආහාරයට ගැනීම හෘද රෝගීන්ට වඩාත් සුදුසු වේ. එනම් තිබ්බටු ආහාරයට එක්කර ගැනීමෙන් එහි අඩංගු පොටෑසියම් රුධිර නාළ හැකිළීම මෙන්ම රුධිරය කැටි ගැසීම වළක්වා හෘද රෝග ඇතිවීමට හේතු වන අධි රුධිර පීඩනය ඇතිවීම පාලනය කරමින් රුධිරය ක්‍රමවත්ව හෘදයට සැපයීම සිදුකරයි. මේ නිසා හෘද රෝග ඇති වීම වළක්වා ගැනීමට තිබ්බටු ආහාරයට එක්කර ගැනීම ගුණදායකය.
මලබද්ධය ඇති වීම වළක්වනු ලබයි මල බද්ධය හෙවත් මළ පිට කිරීමට අපහසු වීම සමනය කරගැනීමට තිබ්බටු ආහාරයට එක්කර ගැනීම ගුණදායකය. එනම් තිබ්බටු ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු මලබද්ධය ඇතිවීම වැළැක්වීම මෙන්ම ඇතිවූ මල බද්ධය සමනය කිරීම ද සිදු කරනු ලැබේ. මේ නිසා මලබද්ධය පමණක් නොව මල බද්ධය උත්සන්න වීමෙන් ඇති වන අර්ශස් රෝගීන්ට ද තිබ්බටු ආහාරයට ගැනීම ගුණදායක ය.

ගැස්ට්‍රයිටීස් රෝගීන්ට ගුණදායකය. වර්තමානය වන විට වයස් භේදයකින් තොරව බොහෝ දෙනකු ගැස්ට්‍රයිටීස් රෝගීන් බවට පත්ව තිබේ. එවැනි රෝගීන්ට ඇතිවන රෝග සංකූලතා සමනය කිරීමට තිබ්බටු ආහාරයට එක්කර ගැනීම යෝග්‍යවේ. එනම් තිබ්බටු ආහාරයට ගැනීමෙන් උදරගත ආම්ලිකතාවය අවම කොටගෙන ඉන් ඇතිවන බඩ දැවිල්ල ආදී වූ රෝග සංකූලතා සමනය කර ගත හැකිය.
ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගයන්ට සුවය සලසා දේ. ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ඇදුම පීනස වැනි රෝග තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම ඇතිවූ රෝග සමනය කිරීමට තිබ්බටු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එමෙන්ම වර්තමානය වන විට බොහෝ දෙනෙකුට පවතින පෙනහළු ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම අවම කර ගැනීමට ද තිබ්බටු ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ.
අක්ෂි රෝග සමනය කරයි.වයස්ගත වීමත් සමඟ හෝ විටමින් ඌනතා මත අක්ෂි රෝග තත්වයන් ඇති වේ. එනම් රාත්‍රී අන්ධතාවය වැනි රෝග තත්ත්වයන් සමනය කිරීමට තිබ්බටු මගින් සකස් කරන කායම ගුණදායක වන බව ඈත අතීතයේ සිට ම පිළිගෙන තිබේ.
හිසරදයට සහනය ගෙනදේ.වේදනා ගෙන දෙන හිසරදය පවතින බාල මහළු සෑම පුද්ගලයෙකුටම තිබ්බටු ආහාරයට ගැනීම ගුණදායකය. එනම් ඉන් හිසරදය සමනය කරගත හැකිය.
ශරීරගත ඉදමුමට සහ වේදනාවන්ට සහනය සලසා දේ. ආතරයිටීස් වැනි රෝග තත්ත්වයන් නිසා ඇතිවන ශරීරගත ඉදමුම් ,වේදනා එමෙන්ම ඇඟිලි හිරිවැටීම ,තුනටියෙ ඇතිවන වේදනාවන් සමනය කරගැනීමට තිබ්බටු ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම ගුණදායකය. එනම් ඉන් එම රෝග තත්ත්වයන් සුව කරගත හැකිය.
- පිළිකා ඇතිවීම වැළැක්වීමට
- ශරීරය සිසිල් කර ගැනීමට
- දන්ත රෝග සමනය කිරීමට.
- මතක ශක්තිය වර්ධනය කිරීමට
- ආර්තව චක්‍රය ක්‍රමවත් කර ගැනීමට
- රක්තහීනතාවය සමනය කිරීමට
- පණු රෝග සමනය කිරීමට
- උඳුගොව්වන් කෑමේ රෝගයට
- අධිරුධිර පීඩනය ඇතිවීම වැළැක්වීමට මේ ආදී වූ ශරීරගත නොයෙක් රෝග තත්ත්වයන් සමනය කිරීමට තිබ්බටු ව්‍යංජනය සකස් කර ආහාරයට ගැනීම ගුණදායක ය.