අක්මාවේ තෙල් පැය 24 න් නැත්තටම නැති කරන කැඳ වට්ටෝරුවක්

health tips

සැපවත් ජීවිතයක් ගත කරනවා කියන්නේ දිව පිනවන, කනට මිහිරි, ඇසට ප්‍රිය කෑම බීම ගෙන කුස පුරවා ගැනීම නම් නෙවෙයි. සැපවත් ජීවිතයක් කියලා කියන්නේ කායිකවත්  මානසිකවත්  නිරෝගී සුවයක් අපිට අත් කරගන්නට හැකියාවක් තියෙනවා නම් පමණයි. ඒත් දිව පිනවීම අරමුණු කරගෙන ගන්නා ඇතැම් ආහාර සහ විවිධ චර්යා රටාවේ අඩු අඩුපාඩු හේතුකර කරගෙන ඇතිවන නොයෙකුත් ලෙඩ රෝග අතුරින් අක්මාවේ තෙල් කියන රෝග තත්ත්වය සුලබ තත්ත්වයක්.

 ශරීරයේ වෙනත් ස්ථානවල තෙල් තැන්පත් වෙනවාට වඩා අක්මාවේ තෙල් තැන්පත් වෙන එක අපේ ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකරයි. මොකද අක්මාව අපේ ශරීරයේ යහපැවැත්ම වෙනුවෙන්  සුවිශාල කාර්යභාරයක් ඉටු කරන නිසා. 

ආහාර අරුචිය, ඇඟට දැනෙන තෙහෙට්ටුව, ශරීරයට දැනෙන අප්‍රාණික බව, උදරයේ ඉදිමුම, උදරයේ  දකුණු පස වේදනාව, ඇතැම්විට පාදවල වලලුකර ඉදිමීම, ශරීරයේ කැසීම් ඇතිවීම කියන රෝග ලක්ෂණ ඇති වෙද්දි ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙලා අදාල පරීක්ෂණ කර ගත්තොත් ඔබට දැනගන්නට පුළුවන් ඔබේ අක්මාවේ පැවතිය යුතු තෙල් ප්‍රමාණය ඉක්මවා තෙල් තැන්පත් වී ඇතිද නැද්ද කියන වග.

සමහර වෙලාවට මේ ලක්ෂණ ඇති නොවී අක්මාව අක්‍රිය වනතුරුම අපට හඳුනාගන්නට නොහැකි වෙන්න වුණත් පුළුවන්. ඒ නිසා අපි අද ඔයාට කියන්න යන්නේ හෙළ ඔසු  භාවිතා කරලා අක්මාවේ තෙල්  ඉවත් කළ හැකි ගුණදායක ඖෂධීය කැඳ වර්ග දෙකක් පිළිබඳව. 

අද හැම ලෙඩකටම බටහිර වෙදැදුරන් සොයා යන ලාංකීය අපිට දේශීය වෙද හෙදකම් ගැන අමතකව ගියත් සෑම ලෙඩකටම අපූරු පිළියම් මේ හෙළ වෙදකමේ තියෙනවා. ඉතින් අපි බලමු  අතුරු ආබාධයක් නැති ගුණදායක මේ කැඳ වර්ග මොනවද කියලා. 

1.අවශ්‍ය   ද්‍රව්‍ය

මුස්සැන්ද කොළ ලංකාවේ දේශීය ශාකයක් වන මුස්සැන්ද ශාකය ප්‍රාදේශීය වශයෙන් වෙල් බුත්සරණ විදිහටත්  තවත් සමහරුන් වල් බුත්සරණ විදියටත් හඳුන්වනවා. කොහොම වුණත් හිරු එළියට වඩාත් ප්‍රියකරන ඖෂධීය වටිනාකමින් ඉතා ඉහළ මේ ඖෂධය සෙංගමාලය, දැවිල්ල, ඇදුම, උණ, උදරාබාධ, මකුළු දෂ්ඨ කිරීම්, ස්නායු පද්ධතියේ රෝග, ක්ලාන්තය, උන්මාදය, ලාදුරු, පාන්ඩුව ආදී මෙකී නොකී රෝග බොහොමයක් සුවපත් කරන්නට භාවිතයට ගැනෙනවා. විශේෂයෙන්ම අක්මාවේ රෝග තත්ත්වයන් සඳහා බහුලවම භාවිතයට ගන්නා මේ ඖෂධය අක්මාව  අකර්මණ්‍ය වූ විට ප්‍රතිකාර සඳහාත්  භාවිතයට ගැනෙනවා .

බක් මී පොතු විශාල පත්‍ර සහිතව අතු පැතිරී වැඩෙන මීටර් තිහක් පමණ උසැති බක්මී ශාකයේ ඉදුණු ගෙඩි පලතුරක් විදිහට ආහාරයට භාවිතයට ගැනෙනවා. බක් මී ශාකයේ  කොළ, පොතු ආදියත් විවිධ ප්‍රතිකාර සඳහා භාවිතයට ගැනෙනවා. වා පිත් සෙම් යන තුන්දොස දොස් සමනය ඇතුළුව ආහාර ජීර්ණය, වමනය, දත් කැක්කුම, ජලභීතිකාව, සර්පවිෂ, මුත්‍රා ගල්, සෙංගමාලය, අක්ෂි රෝග, හෘද රෝග, ක්ෂය රෝග ආදී රෝග තත්ත්වයන්වලදීත් මේ ශාකය භාවිතයට ගැනෙනවා. ඖෂධ පිණිස බක් මී පොතු ලබාගැනීමේදී බක් මී පොතු වෙනුවට බකිනි පොතු වරදවා ගැනීමෙන් අසනීප තත්ත්ව ඇතිවිය හැකි නිසා සැලකිලිමත්ව ඒවා තෝරාගන්න.

හාතවාරිය අල කොළ කැඳ සාදා ගැනීමේදී හාතවාරිය අල වගේම කොළත් අපි නිතර භාවිතයට ගන්නවා. සරලවම කිව්වොත් හාතවාරිය කියන්නේ දිව ඔසුවක්. හාතවාරියවල ගුණ රාශියක්ම තියෙනවා. ඒවායින් ලෙඩ රෝග බොහොමයක් සුවපත් කරන්නට හැකියාව තියෙනවා. කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝග, ආහාර ජීර්ණය ආශ්‍රිත රෝග ඇතුළු රෝග බොහොමයක් සුවපත් කරන්නට ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කරන්නට පිළිකාවලින් ආරක්ෂා වෙන්නට සහ තරුණ බව රැක ගන්නටත් හාතවාරිය කියන්න සුවිශේෂී ඔසුවක්.

එළ පිටවක්කා කොළ ආයුර්වේදයේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන එළ පිටවක්කා ශාකයේ කොළ, මල්, ඇට වගේම ගස සහමුලින්ම භාවිතයට ගන්නවා. ආහාර රුචිය වර්ධනය, පීනස, කැස්ස, ඇදුම, සෙංගමාලය, ක්ෂය රෝගය, විසප්පු, අක්මා රෝග, චර්ම රෝග, මලබද්ධය, අමිල පිත්තය සහ ගර්භාෂ රෝග ආදී නොයෙකුත් රෝග සඳහා මේ ශාකය භාවිතයට ගැනෙනවා. විශේෂයෙන්ම අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සඳහාත් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයටත් කෘෂ බව දුරු කිරීම සඳහාත් මේ පිටවක්කා ශාකය හොඳ ඔසුවක්. 

  • හීනටි සහල්
  •  කිතුල් හකුරු

 සාදාගන්නා ආකාරය ඉහත සඳහන් කළ කොළ වර්ගවලින් මිටක් බැගින්  වන සේ ගෙන සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසු ඒවා කොටා යුෂ ලබාගෙන හීනටි සහල් ලිප තබා හොඳින් තැම්බුන පසුව එයින් කැඳ උයා දින තුනක් කිතුල් හකුරු සමඟ පානයට ගන්න.

2. අවශ්‍ය ද්‍රව්‍ය 

  •  මුස්වැන්ද කොළ
  •  හීන් බෝවිටියා

අක්මාව දුර්වල වුණ පුද්ගලයන්ට අනිවාර්යෙන්ම ලබාදෙන සුවිශේෂී ඔසුවක් තමයි හීන් බෝවිටියා කැඳ. දවසක් හැර දවසක් වගේ හීන් බෝවිටියා කැඳ ලබා ගැනීම අක්මාවට ඉතාම ගුණදායකයි. ඒ හැරුනහම දියවැඩියාවට, පිළිකා මර්දනයට, කොලෙස්ටරෝල් පාලනයට, අර්ශස් රෝග සමනයට, ප්‍රතිශක්තිකරණය  වර්ධනයට ආදී නොයෙකුත් රෝග සඳහා හීං බෝවිටියා ශාකයේ කොළ පොතු මුල් ආදිය සියල්ලම භාවිතයට ගැනෙනවා. 

කරවිල කොළ ඖෂධීය ගුණ බොහොමයකින් සපිරි කරිවිලවල කොළ, ඇට, මුල් ආදී සියල්ල ඖෂධ වශයෙන් භාවිතයට ගන්නවා. විශේෂයෙන්ම කරවිල කොළ පණු රෝග සඳහා රුධිරයේ සීනි මට්ටම අඩු කර ගැනීම සඳහා රුධිරයේ කොලෙස්ටරෝල් අඩුකිරීමටත්, අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයටත් ඉතාම ගුණදායකයි. ඒ  වගේම ප්‍රතිශක්තිකරණය වර්ධනය, ආහාර රුචිය වර්ධනය, හදවත සුරැකීම, මලබද්ධයට ගුණ දායක වීම සහ  දිලීර ආසාදන සුව කිරීම ඇතුළු බොහොමයක් ප්‍රතිලාභ ලබාදෙන ඖෂධීය ශාකයක් තමයි කරිවිල කොළ .

ගැට තුඹ කොළ ගැට තුඹ ගෙඩි වගේම එහි කොළ මැල්ලුමක් වශයෙන් හෝ  ව්‍යංජනයක් වශයෙන් ද ආහාරයට එකතු කර ගැනීමෙන් විවිධ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ආහාර අරුචියට, කුසගිනි මදිකමට, දේහයේ විශ හරණය, උදුගොව්වා කෑමට, සර්පවිෂට, පිස්සු බලු විෂට, කරකැවිල්ලට, චර්ම රෝගවලටත්  ඉතාමත් ගුණදායකයි. ඒ වගේම පණු රෝග සඳහා අතීසාරයට, තරබාරුව අඩු කිරීම ආදියටත් මේ ගැට තුබ ශාකය හරිම වැදගත්.තිබුණ නම් ඉතාම හොදයි .

 සියල්ලම සමාන ප්‍රමාණවලින් ගෙන කොටා ගත් යුෂ හීනටි සහල් හෝ රතු කැකුළු සහල් භාවිතයෙන් පිස අනුභව කිරීම අක්මාවේ මේදය දියකර හැරීමට ඉතාම ගුණදායකයි .

 මේ කැඳ දිනපතාම පානයට නොගෙන සතියකට දෙතුන්  වතාවක් හෝ ගන්නට හැකියාව ලැබෙනවා නම් එය අක්මාවේ තැන්පත් වෙලා ඇති තෙල් නැති කරන්නට වගේම අක්මාව පිරිසිදු කරන්නටත්  සමත් වෙනවා..