ඔබේ ශරීරය නිසි පරිදි ක්‍රියා නොකරන බව හඟවන සංඥා 10 ක්

health tips

ශරීරය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන විට විවිධ ශාරීරික වෙනස්කම් මඟින් අපට එම ගැටලු හෝ රෝග පීඩාවන් ගැන යම් යම් ඉඟි ලබාදෙයි. උදාහරණයක් ලෙස ශරීරයේ ස්වභාවයන් වෙනස් වීම, පැහැයන් වෙනස් වීම, සංවේදනා සම්බන්ධ වෙනස්කම් ඇති වීම සහා ඔබේ ආශාවන් වල ඇති වන වෙනස්කම් ආදී ආසාමාන්‍ය වෙනස්වීම් කෙරෙහි සාවධානයෙන් සිටීම ඔබේ නීරෝගි බව ‍රැකගැනීම සඳහා වඩාත් වැදගත් වේ.

ඔබේ ශරීරයේ නිරීක්ෂණය කල හැකි අමුතු වෙනස්වීම් මඟින් ඔබේ සිරුරේ ගැටලු  ගැන ඉඟි කරනවා විය හැකි බැවින් ඒ කෙරෙහි සැලකිලිමත් වන්න යැයි අප ඔබට ආදරයෙන් සිහිපත් කරන්නෙමු. පහතින් දක්වා ඇත්තේ එවැනි සංඥා කිහිපයකි.

  1. පාද නලියනවාක් මෙන් හෝ හිරිවැටී ඇති ස්වභාවයක් මෙන් දැනීම

ඔබේ පාද වල සහ යටි පතුල් වල මස් නලියන ගතිය, හිරිවැ‍ටුණු හා පාද චලනය කිරීම සඳහා බලවත් ආශාවක් දැනේ නම් එය Restless leg syndrome හෙවත් පාද වල අධික වෙහෙසකර බව නිසා ඇතිවන සින්ඩ්‍රෝම තත්වයේ පූර්ව රෝග ලක්ෂණයක් විය හැකියි. මෙම රෝග තත්වය දිගුකාලීනව පවතින (නිදන්ගත) තත්වයක් වන අතර බොහෝ විට රාත්‍රී කාලයේ ඔබ විවේකය ගන්නා අතරේදී වේදනා-කැක්කුම් මතුවීමට පටන්ගනියි.

  1. සමේ තද බවක් දැනීම

චර්ම ගැටලු කිසිසේත්ම නොසළකා හැරීම හෝ සුලු කොට තැකීම සිදුනොකල යුතුයි. සම ඝනකම් වීම සහ සමේ කසන සුලු ගතියක් ඇති වී තිබීම බොහෝ විට සිරුර අභ්‍යන්තරයේ ගැටලු ‍රැසක් ගැන ඉඟි කිරීමක් විය හැකියි.හෝර්මෝන ආශ්‍රිත ගැටලුවක්, එක්සිමා (පණු කැවිලි දද  ) තත්වයක් නිසා, හෝ යම් ආසාත්මිකතා හේතුවෙන් මෙවැනි ලක්ෂණ පහළ විය හැකියි. රුධිර පරීක්ෂාවක් සිදුකරගැනීම හරහා ඔබට යම් ගැටලුවක් ඇති වී තිබේ දැයි පරීක්ෂා කරගත හැකිය.

  1. අත් අකුරු වල වෙනස්වීම්, ගඳ සුවඳ නොදැනීම, උද්වේගකාරි සිහින දැකීම (intense dreams)

ගැස්ම, මන්දගාමීව චලනයන් සිදුකිරිම, නපුරු සිහින දැකීම නිසා නින්දට බාධා වීම සහ ප්‍රමාණාත්මක නින්දක් නොලැබීම, කථනයේ සහ ලිවීමේ වෙනස්කම් ඇතිවීම වැනි ලක්ෂණ  බොහෝ දුරට මතුවන්නේ පාකින්සන් රෝගයේ පූර්ව රෝග ලක්ෂණ  විය හැකි බව වෛද්‍යවරුන් පෙන්වාදෙති.

  1. කෝපය සහ ආක්‍රමණශිලි හැසිරීම්

ප්‍රකෝපකාරී හැසිරීම සැමවිටම පෞරුෂත්ව ලක්ෂණයක් ලෙස සැලකිය නොහැක. එය ඇතැම් විට විෂාදය තත්වයේ ලක්ෂණයක් ලෙස යම් සම්බන්ධතාවක් පෙන්නුම් කරනවා විය හැකි බව ඇතැම් පර්යේෂකයින්ගේ මතයයි. ඔවුන් පවසන ආකාරයට විෂාදය යනු සැම විටම දුක්මුසු ස්වභාවයකට පත්වී සිටීම හෝ කිසිඳු ජවයක්-ශක්තියක් නොමැතිව අප්‍රාණික ලෙසින් සිටීම වැනි ලක්ෂණ පෙන්නුම් කරන තත්වයක් පමණක් යැයි නොසිතිය යුතු බවයි. විෂාදය රෝගීන් ප්‍රකෝපකාරී-ආක්‍රමණශීලි ලෙස හැසිරීමේ සම්භාවිතාවය ද ඇත.

  1. අධික ලෙස නින්දයාම

මෙය ‘Hypersomnia’ නම් රෝග තත්වය වේ (දහවල් කාලය පුරාවට අධික ලෙස නිදිමත දැනෙන ස්වභාවයයි). මෙය හටගන්නේ සිරුරේ වෙහෙසකර බවට වඩා වැඩි බලපෑමක් සහිත හේතුන් නිසා බව වෛද්‍යවරු පෙන්වාදෙති (ස්වතන්ත්‍ර ස්නායු පද්ධතිය අකර්මන්‍ය වීම, අනිසි ලෙස මත්ද්‍රව්‍ය-මත්පැන් භාවිතය, මධ්‍ය ස්නායු පද්ධතියට සිදුවු අනතුරක බලපෑමක් ලෙස, හිසේ ගැටිති පිළිකා වර්ධනය වීමක් නිසා ආදී හේතු මෙම රෝග තත්වය වර්ධනය වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපෑම් කරයි). ස්වභාවිකව ඇතිවන ප්‍රතිශක්තිකරණ රෝග  හේතුවෙන් තැනක් නොතැනක් නැතිව නිතරම නිදාගැනීමේ අවශ්‍යතාව දැනෙන්නට පටන්ගනියි. එමෙන්ම නින්දට පෙර මද්‍යසාර අඩංගු බීම වර්ග පානය කිරීම නිසාත් මෙවැනි ගතියක් දැනිය හැකියි.

  1. ඇස් වල වර්ණයේ ඇතිවන වෙනස්කම්

ඇසේ කනිනිකාව වටා සුදු හෝ අලු පැහැති රවුමක් ආකාරයේ ස්වභාවයක් ඇති වී ඇත්නම්, එය බොහෝ දුරට සිරුරේ ඉහළ කොලෙස්ටරෝල් මට්ටමක් ඇතිවි තිබෙන බව හඟවන ලක්ෂණයක් බවත්, වයස අවුරුදු 45 ට අඩු පුද්ගලයින් තුල හඳුනාගත හැකි තත්වයක් බවත් වෛද්‍යවරු පවසති. ඇස වටා ඇතිවන මෙම ලක්ෂණය ඇසට හානිකාරී එකක් නොවන අතර බාහිරව පෙනෙන ලක්ෂණයක් පමණි.

  1. ලුණු ආහාර කෑමට දැඩි ආශාවක් ඇතිවීම

අසාමාන්‍ය ලෙස ලුණු යෙදූ ආහාර කැමේ ප්‍රියතාවයක් ඇතිවී ඇත්නම් හෝ එය පාලනය කරගත නොහැකි තරමට ලුණු ආහාර පමණක්ම අනුභව කිරීමට දැඩි අවශ්‍යතාවක් දැනේ නම් එය ඔබේ සිරුරේ යකඩ ඌනතාව, නිරක්තිය හෙවත් ලේ අඩුකම, සිරුර විජලනයට පත්වි තිබීම හෝ පූර්ව ඔසප් සින්ඩ්‍රෝම තත්වය (pre-menstrual syndrome) වැනි තත්වයන් නිසා ඇති විය හැකි ලක්ෂණයක් බව වෛද්‍ය මූලාශ්‍ර වල දැක්වේ.

  1. අමතකවීම, වෙහෙසකර බව සහ ලිංගික ආශාව අඩු වී යාම (low libido)

වෙහෙසකර බව, සියල්ල එපා වීම සහ දේවල් මතක තබාගැනීමට තරම් ශක්තියක් නොමැතිකම වැනි ලක්ෂණ බොහෝ දෙනා විෂාදය (මානසික අවපීඩනය) නම් තත්වය යැයි වැරදි අවබෝධයක් ඇතිකරගනිති. වෛද්‍යවරු පවසන ආකාරයට මෙවැනි ලක්ෂණ නොසලකා හැරීම කිසිසේත්ම නුසුදුසුය. ඊට හේතුව වන්නේ මෙම ලක්ෂණ ඔබේ සිරුරේ තයිරොයිඩ් හෝර්මෝන ආශ්‍රිත ගැටලුවක් නිසා මතුවි ඇති ලක්ෂණ විය හැකි වීම නිසයි. එවන් ගැටලුවක් නම් ඔබේ සිරුරේ බර වැඩිවීම සහ නිතර දැඩි ශීතලක් දැනීම වැනි තත්වයන් ඇතිවිය හැකියි.

  1. නිතරම දැඩි පිපාසයක් දැනීම

විශේෂඥයින්ගේ මතයට අනුව නිතර ඇතිවන පිපාසය සාමාන්‍ය තත්වයක් සේ සැලකිය නොහැකිය. ඇතැම් විට එසේ දැඩි පිපාසයක් දැනිමට යම් ආහාර වර්ග පරිභෝජනය කිරීම ද හේතුවකි (මිරිස් සැර අධික/ලුණු අධික ආහාර වර්ග). අධික ලෙස පිපාසය දැනීම දියවැඩියා රෝගයේ ලක්ෂණයක් විය හැකියි. එමෙන්ම එය ගැබ්ගෙන තිබීම හඟවන ලක්ෂණයක් ද වේ.

  1. අයිස් කැට සැපීමට දැඩි ආශාවක් ඇතිවීම

අයිස් කැට සැපීමේ ආශාවක් ඇතිවීම සාමාන්‍ය පුරුද්දකට එහා ගිය බලපෑමක් සහිත තත්වයක් විය හැකියි. මෙම අසාමාන්‍ය ආශාව ඇතිවිම කෙරෙහි යකඩ ඌනතාවක් හටගෙන තිබීම හෝ නිරක්තිය  හෙවත් ලේ අඩුකම වැනි තත්වයක් හේතු සාධක විය හැකි බව ඇතැම් පර්යේෂණ අධ්‍යයන මඟින් පෙන්වාදී ඇත.  පෝෂණ අතිරේක (supplements) ලබාගැනීම සිදුකිරීමට පෙර වෛද්‍යවරයෙකු යටතේ විශේෂ රුධිර පර්යේෂණයක් සිදුකිරීම අවශ්‍ය දැයි හෝ අනවශ්‍ය දැයි නිසි නිර්දේශයක් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *